Jump to content

මිසොසෝර්

විකිපීඩියා වෙතින්
Mesosaurs
කාලීන ව්‍යාප්තිය: 299–280 Ma
Early Permian
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: Reptilia
උපවර්ගය: Anapsida
ගෝත්‍රය: Mesosauria
කුලය: Mesosauridae
Baur, 1889
Genera

Brasileosaurus?
Stereosternum
Mesosaurus

"අතර මැදි කටුස්සන් " යන අර්ථයෙන් යුත් මිසොසෝර් පර්මීය යුගයේ මුල් භාගයේ ජිවත් වූ කුඩා මුහුදු උරග ගණයකි.ගොඩබිම ජිවය පරිනාමය වූ පසු නැවත ජලජමය ජිවන රටාවකට යොමු වූ පළමු ජලචර උරග විශේෂය මිසොසෝරස් ය.

මිසොසෝරස්

[සංස්කරණය]

හොඳින්ම දන්නා මිසොසෝර් මිසොසෝරස් වෙයි. මෙම සත්වයාගේ ෆොසිල නැම්බියාව, අප්‍රිකාව [1] සහ බ්‍රසීලය, උරුගුවේ , ආජන්ටිනාව හා පැරගුවේ යන දකුණු ඇමෙරිකාවේ කොටස් වලින් හමු වී ඇත.[2] පෘථිවි සිතියමක එකිනෙක බද්ද කල හැකි හැඩයකින් යුත් මහාද්වීප වන අප්‍රිකානු හා දකුණු ඇමෙරිකානු මහාද්වීප වල මෙම ෆොසිල වල පුළුල් ව්‍යාප්තිය මහාද්වීපික ප්ලාවිතය පිලිබඳ මතය තහවුරු කිරීමට උපකාර විය. [3][permanent dead link]

මිසොසෝරස් කුඩා කිඹුලෙකුට ආසන්න වශයෙන් සමාන කම් දැක්වුවද සුලබව හමුව ඇති නිදර්ශක දිගින් සෙ.මී. 40 ක් පමණක් වෙයි. නමුත් සොයාගෙන ඇති විශාලතම නිදර්ශකයේ දිග ආසන්න වශයෙන් මීටර් 2 කි. බොහෝ විට එකල විසු විශාලතම මුහුදු උරගයා මෙසොසෝරස් විය හැක. මත්ස්‍යයින් හෝ ඇතැම් විට ක්‍රස්ටේශියාවන් මත යැපෙන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. මේ සඳහා නුතන තල්මසුන් මෙන් දත් පෙරනයක් මෙන් භාවිතා කරන්නට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=මිසොසෝර්&oldid=592971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි