Jump to content

මාරි අම්මන්

විකිපීඩියා වෙතින්
මාරි අම්මන්
වර්ෂාවට අධිපති දේවිය
ගොනුව:Mariamman2.jpg
Goddess Mariamman/ Goddess Mariathal
වෙනත් නම්මාරිඅම්මා, මාරි අම්මන්,වට්ටාපලෙයි අම්මන්,චෙල්ලාතා මාරිඅතා,මාරි
Venerated inතමිල්නාඩු
ආයුධයත්‍රිශූලය, උඩැක්කිය, කපාලය සහ කඩුව
වාහනයසිංහයා

මාරි අම්මන් යනු තමිල්නාඩුවේ ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රමුඛතම වර්ෂාවට අධිපති හින්දු දේවියයි. ඇගේ උත්සව තමිල්නාඩු කලාපය පුරා "ආඩි" මාසයදි පවත්වනු ලැබේ, විශාලතම උත්සවය ආදි තිරුවිලා වේ. ඇගේ නමස්කාරය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ වර්ෂාව ගෙන ඒම සහ කොලරාව, වසූරිය සහ පැපොල වැනි රෝග සුව කිරීම සඳහා ය. මාරි අම්මන් ග්‍රාම දේවතාවියක ලෙස දේශීය සම්ප්‍රදායන්ට අනුව නමස්කාර කර ඇත. ඇය දකුණු ඉන්දියාවේ වෙසෙන බොහෝ අය විසින් ආරක්ෂක දෙවියන් (කවල් දේවියම්) ලෙස සලකනු ලැබේ.

සම්භවය[සංස්කරණය]

මාරි අම්මන් සහිත ත්‍රිශූලයක්, 1 වන සියවස, චෝළ යුගය, තමිල්නාඩු, ඉන්දියාව

මාරි අම්මන්ගේ වන්දනය ආරම්භ වූයේ පූර්ව වෛදික යුගයෙදි විය හැකිය. ඇය තමිල්නාඩුවේ ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් දමිළ ජනතාවගේ මව් දේවතාවියයි. මාරී හින්දු දේවතාවියන් වන පාර්වතී, [1] කාලි සහ දුර්ගා [2] මෙන්ම උතුරු ඉන්දියානු වන්දනයක් වන ශීතලා දේවිය සහ නැගෙනහිර ඉන්දියානු වන්දනයක් වන ඔලායි චන්ඩී සහ බටහිර ඉන්දියානු වන්දනයක් වන මොගල් මාතාව සමඟ සම්බන්ධතාවක් පවති.

මාරි (උච්චාරණය: / මාරි /) යන වචනයට සංගම් දෙමළ සම්භවයක් ඇති අතර එහි අර්ථය “වර්ෂාව” වන අතර අම්මන් යන දෙමළ වචනයේ තේරුම “අම්මා” යන්නයි. පුරාණ ද්‍රවිඩ වැසියන් වර්ෂාව ගෙනෙන තැනැත්තිය ලෙසත්, සමෘද්ධිය ගෙනෙන තැනැත්තිය ලෙසත් ඇයට වන්දනාමාන කර ඇත. මාතෘ දේවතාවියගේ නමස්කාරය ස්ත්‍රීත්වයට ගරු කරන සමාජයක ඇඟවීමක් ලෙස සලකනු ලැබේ. ප්‍රධාන වශයෙන් මදුරෙයිහි සංගම් දිනවල දේවස්ථාන වල දේවියට පූජකවරුන් සිටි බව පෙනේ. සංගම් සාහිත්‍යයෙහි, කුරුවා පූජකවරිය විසින් සිදු කරන ලද චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් පලමුතිර්චෝලායි දේවස්ථානයේ ඇත.

වන්දනය[සංස්කරණය]

මාරි අම්මන්ගේ රථ යාත්‍රාව
මරියම්මන්ගේ සිතුවමක් වර්: 1820

ඇයගේ වන්දනා ක්‍රම බොහෝ විට විවිධ ආකාරයේ ජන නැටුම් සමඟ සම්බන්ධ වේ. [3] උත්සව සමයේදී මැටි භාජන භාවිතයෙන් පිසින ලද පොන්ගල් වැනි පූජා ද සිදු කෙරේ. ගිනි පෑගීම සහ මුඛය හෝ නාසය විදීම වැනි චාරිත්‍ර වාරිත්‍ර ද ක්‍රියාත්මක වේ.

සමයපුරම්හී පිහිටා ඇති සමයපුරම් මාරි අම්මන් දේවස්ථානයේ සෑම වර්ෂයකම අප්‍රේල් මාසයේ දෙවන සතියෙහි දින දහයක පූජෝත්සවයක් සංවිධානය කරනු ලබයි. ඇතැමුන් දිගින් දිගටම පැරණි ග්‍රාමීය නමස්කාර ක්‍රමයට දේවිය උදෙසා ​​කුකුළන් හා එළුවන් පූජා කරති. සතුන් තවදුරටත් බිලි නොදෙන නමුත් පූජා කිරීමෙන් පසු විකුණනු ලැබේ. දේවියගේ ප්‍රධාන නමස්කාරය සිදුවන්නේ දේවමාළිගාවෙන් සැතපුමක් හෝ දෙකක් දුරින් පාරේ ය. කඩිමුඩියේ ඇවිදීමින් හා නර්තනය යෙදෙමින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් දේවමාළිගාවට යන පාර ඇවිද යයි. එහි බොහෝ දෙනෙක් නිරාහාරව, හිස මුඩු කොට, දේවියට ​​පූජනීය වන දීප්තිමත් කහ වස්ත්‍ර ඇඳ සිටිති. කාන්තාවන් සහ දරුවන් කොහොඹ වළං හිස මත තබාගෙන යන ආකාරය දක්නට ලැබේ. විශාල පුරුෂයන් හා ස්ත්‍රීන් අඟුරු සහිත ගිනි භාජන රැගෙන යති. ඇතැමුන් පූජනීය දිව්‍යමය ආභරණ ආදියෙන් තම කම්මුල් වල හෝ දිවවල් සිදුරු කරගෙන සිටී.[4] මෙම නමස්කාරයන් තුළින් එක් එක් පුද්ගලයා සංසාරය පිළිබඳව ස්වයං අවබෝධය සහ දැනුවත්භාවය ලබමින් මෝක්ෂය ලබා ගන්නා බව ඔවුන් විශ්වාස කරයි .

මුලයිකොට්ටු[සංස්කරණය]

මුලයිකොට්ටු යනු තමිල්නාඩු ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශ වල විශේෂයෙන් මදුරෙයි, සිවගංගයි, දිංදුගුල්, රාමනාදපුරම් ආදි ප්‍රදේශ වල සිදු කරන පූජා උත්සවයකි. එයින් දේවිය ආශිර්වාදයෙන් හොඳ අස්වැන්නක් සඳහා ප්‍රමාණවත් වර්ෂාවක් ලබාගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

පුරාවෘත්තය[සංස්කරණය]

මාරි අම්මන් ගේ ආරම්භය පිළිබඳ එක් කතාවක් ජනශ්‍රැතියේ දක්නට ලැබේ. පාණ්ඩවයන්ගේ පතිනිය වන ද්‍රෞපදි දේවිය ශක්ති ස්වරූපයකි. මේ පිළිබඳව දැන සිටියේ ශ්‍රී කෘෂ්ණ පමණි. ඇය ශක්තී ස්වරූපයක් වූවද ජීවත්වූයේ සාමාන්‍ය ස්ත්‍රියක් මෙනි. වරෙක පාණ්ඩවයක් නිදි අතරතුර ඇය උග්‍ර ස්වරූපයෙන් වන්නියර් ග්‍රාම වලට පැමිණි බවත්, වන්නියර්වරු ඇයට නමස්කර කොට ඇයව සතුටු කිරීමට බාර්ලි පිරිනමා ඇත. කාලයාගේ ඇවෑමෙන් ඇය මාරි අම්මන් ලෙස ප්‍රසිද්ධියට පත්වූ අතර වන්නියර් ග්‍රාමයන් තුළ ජනප්‍රිය වුවාය.

ඇගේ සම්භවය ගැන තවත් කතාවක් ඇති අතර එය නම් මෙසේය.දිනක් මාරි අම්මන් පේන කියන්නියකගේ ස්වරූපයක් ගෙන සූර්ය දෙවියන්ගේ විමානයට ගිය අතර ඇයව නොසලකා හැරීම නිසා කෝපයට පත්ව තම නියම ස්වරූපය ගෙන ඔහුගේ ප්‍රභාව නැතිවන බව ශාප කළ අතර මේ නිසා ඔහු ඇගෙන් සමාව ඉල්ලූ අතර මසකට දෙවරක් ඇගේ තිරුවේර්කාඩු ප්‍රධාන කෝවිලේ ඇගේ පිලිමයකට තම රශ්මිය යොමු කිරීමට පොරොන්දු විය.
තවත් කතාවක් වනුයේ ශිව දෙවියන්ගේ කීම පිට පාර්වතිය දිව්‍යමය කාර්‍යයන් සතකට වේර්කන්නි(කරුමාරි),අන්ගායර්කන්නි,බ්‍රහ්මකන්නි,කාංචි කාමාක්ෂි,කාසිහි විශාලක්ෂි,මදුරෙයි මීනක්ෂි යන ස්වරූප තමා තුලින් මවා ගත් බවයි.

මතු යන දමිළ වදනේ අරුත වන්නේ මුතු කැට යන්නයි. පුරාණ භාවිතයේ දී 'මුතු මාරි' වැහි බිංදු සඳහා කාව්‍යමය රූපකයක් වූ අතර වර්ෂා බිංදු සොබාදහමේ දේවියගේ තෑගි ලෙස පිරිනමන ලද වටිනා මුතු හා සමාන විය. මාරි අම්මන් මුතු මාරිඅම්මන් ලෙසින්ද හඳුන්වන අතර එයින් අදහස් වන්නේ සමෘද්ධිමත් වර්ෂාවක් ලබාදෙන දේවිය යන්නයි.

ප්‍රතිමාශිල්පය[සංස්කරණය]

මාරි අම්මන් සාමාන්‍යයෙන් නිරූපණය කරන්නේ රතු පැහැයෙන් යුත් මුහුණක් සහිත රතු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටින රූමත් තරුණියක් ලෙසය. ඇතැම් විට ඇය බොහෝ ආයුධ වලින් නිරූපණය කර ඇති අතර එමගින් ඇයගේ බොහෝ ශක්තීන් නියෝජනය කරයි. නමුත් බොහෝ නිරූපණයන්හි ඇය සතුව ඇත්තේ අත් දෙකක් හෝ හතරක් පමණි.

ඇය බොහොවිට ත්‍රිශූලයක්, උඩැක්කියක්, අසිපතක් සහ කුංකුම පිරුණු කපාලයක් අතින් දරා සිටි. ඇතැම් ප්‍රතිමා තුළ අභය සහ මුද්‍රාවද නිරූපණය කරයි.

වෛද්‍යකර්මයට අධිපති දේවිය ලෙස[සංස්කරණය]

මාරි අම්මන් පැපොල, කුශ්ඨ ආදි තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග සමනය කරයි. දකුණු ඉන්දියාවේ ගිම්හාන මාසවලදී (මාර්තු සිට ජූනි දක්වා) මිනිසුන් සරම්ප හා පැපොල වැනි රෝගවලින් මිදීම සඳහා කහ සහ කොහොඹ මිශ්‍ර කළ වතුර භාජන රැගෙන සැතපුම් ගණනක් ඇවිදිති. මේ නිසාම මාරි අම්මන් ශිතලා දේවියගේම දකුණු ඉන්දියානු ප්‍රතිරූපයක් බව කිව හැකිය.

සරුභාවයට අධිපති දේවිය ලෙස[සංස්කරණය]

මාරි අම්මන් රෝග සුව කිරීම සඳහා පමණක් නොව බැතිමතුන් ඇයව සාරවත් දරු ගැබක් ලබා ගැනීම වැනි කාරණා වෙනුවෙන්ද වන්දනා කරනු ලබයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "ஆயி உமையானவளே ஆதிசிவன் தேவியரே" (Oh Mother Uma, Consort of Siva!) - Mariamman Thalattu, Goddess Mari Prayer.
  2. "The truthful Kali who guarded the homesteads sat with her, The Kali sat together with Durga continuously with her". Mariamman Lullaby
  3. M. K. V. Narayan, Exploring the Hindu Mind: Cultural Reflection and Symbolism, Readworthy, 2009, p. 93
  4. Younger, Paul. "Journal of the American Academy of Religion." A Temple Festival of Māriyamman (1980): 493-513. ATLA Religion Database. Web. 28 Sept. 2014.
"https://si.wikipedia.org/w/index.php?title=මාරි_අම්මන්&oldid=487109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි