මායා රෝගය

විකිපීඩියා වෙතින්

මායා රෝගය (Hysteria)  යනු මැඩ පැවැත්විය නොහැති චිත්තවේගී පුතිචාරයක් ලෙස සාම්ප්‍රධායිකව හඳුන්වයි.මෙහිදී රෝගියා තමාට විවිධ ආබාධ ඇතිබව පවසතත් ඒහා බැඳුන කිසිදු ශාරීරක හේතුවන් සායනිකව නොපෙන්වයි.මෙම රෝගය සම්පූර්ණයෙන්ම මනෝ මූලික හේතූන් මත හටගන්නා රෝගයකි.

ඉංග්‍රීසි බසින් මායා රෝගය හදුන්වන හිස්ටීරියා (hysteria) යන වචනය ග්‍රීක බසින් ගර්භාෂය හැදින්වීමට භාවිත කරන  hystera යන වචනයෙන් බිඳී ආවකි.මෙම රෝගය කාන්තාවන්ට පමණක් වැළදීමත් විශේෂයෙන් අවිවාක ස්ත්‍රීන්ට මෙය වැළදීම හා බොහෝවිට විවාහයෙන් පසුව රෝග ලක්ෂණ ඉවත්වීයාම යන හේතු මත අතීතයේ මෙම රෝගය හා ගාර්භාෂය අතර සම්භන්දයක් ඇතැයි පැරැන්නන් විශ්සිවාස කළහ.[1] මෙහි රෝග ලක්ෂණ ලෙස කාංසාව,හුස්ම ගැනීමේ අපහසුතා,ක්ලාන්තය,නින්ද නොයාම,සැක කිරීම ආදී විවිධ ආබාධ පෙන්වයි.[2] මෙම රෝග ලක්ෂණ ඇතිවීම කෙරේ බලපාන කිසිදු කායික විද්‍යාත්මක හේතුවක් වෛද්‍යවරුන්ට සොයාගත නොහැක. විසිවන සියවස දක්වා මායා රෝගය මානසික හා කායික ආබාධවල එකතුවක් ලෙස පිළිගත්තද පසුව ඒය සම්පූර්ණයෙන්ම මනෝමූලික ආබාධයක් බව හඳුනාගත්හ.[3]

18 සහ 19 වැනි සියවස්වල යුරෝපය පුරා ඉතා බහුල ලෙස මායාරෝගී කාන්තාවන් හමුවිය.මෙම තත්වය එකල වෛද්‍යවරුන්ටද ප්‍රබල හිසරදයක්වී පැවතිණ.කායික වශයෙන් කොපමණ ප්‍රතිකාර කලද ඔවුන්ට සුවපත් කිරීම අපහසුවිය.මේ අතර ප්‍රාන්ස් මෙස්මර් නම් වෛද්‍යවරයා විසින් චුම්භක ප්‍රතිකාරයක් ලෙස නව ප්‍රතිකාර ක්‍රමයක් සොයාගත් අතර එයින් බොහෝ මායා රෝගී ස්ත්‍රීන් සුවය ලැබීය.එහෙත් මෙම ප්‍රතිකාර ක්‍රමයේ විද්‍යාත්මක පදනම මෙස්මර් හරිහැටි දැන නොසිටි අතර මෙම ප්‍රතිකාරය අවිද්‍යාත්මකබව විද්‍යාඥයන් පෙන්වා දුන්හ.පසුව මෙම ක්‍රමය ස්වාප්න ප්‍රතිකාරය හෙවත් මෝහන ප්‍රතිකාරය බව ජින් මාටින් චාගොට් වැනි වෛද්‍යවරුන් පෙන්වා දුන්හ.පසුව මායාරෝගයට ඉතා සාර්ථකව ස්වාප්න ප්‍රතිකාරය භාවිත කළහ.පසුව සිග්මන් ෆ්‍රොයිඩ් හා පියරේ ජෙනට් වැනි මනෝ විද්‍යාඥයන් මෙම ප්‍රතිකාර තවදුරටත් වර්ධනය කළහ.ස්ත්‍රීන්ට පමණක් නොව පුරුෂයන්ටද මායාරෝගය වැළදෙනබව සිග්මන් ෆ්‍රොයිඩ් පෙන්වා දුන්හ.නිදහස් සංඝටනය නම් නව ප්‍රතිකාර ක්‍රමයක්ද මායා රෝගීන් සදහා පළමුවෙන්ම අත්හදා බැලුවේද ඔහුය.

මායාරෝගය සදහා සම්ප්‍රධායිකව විවිධ ප්‍රතිකාර පවතී.මෙම ප්‍රතිකාර බොහෝමයක් ආගමික හා අභිචාර ලෙස පවතී.මායා රෝගය යනු ශාරීරික හේතුවක් නොමැතිව මානසික හේතුමත ඇතිවන ආබාධ නිසා මෙම අභිචාර ක්‍රම මගින් සුවය ලැබිමේ හැකියාව වැඩිය.අමනුෂ බලපෑම් මගින් මෙම රෝග ඇතිවන්නේය යන්න සාම්ප්‍රධායික සමාජවල පිළිගැනීමයි.උදාහරණ ලෙස කලුකුමාර දෝෂය තනිකම් දෝෂ ආදිය දැක්විය හැක.

හිස්ටීරියාව හෙවත් මායා රෝගයට හේතුව ලෙස සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වා දුන්නේ ආගමික හා සංස්කෘතික හේතුමත පුද්ගලයාගේ ලිංගික ආවේගයන් නිදහස් කිරීමට ඉඩ නොදී යටපත් කිරීම නිසා බවයි.මෙසේ බලහත්කාරයෙන් යටපත් කරගන්නා ලිංගික ආවේගයන් අවිඥානය තුල තැන්පත්වේ.මෙම ආවේගයන් මගින් විඥානය වෙත ඍණාත්මක යෝජනා ඉදිරිපත් කරනු ලබයි.එමගින් විවිධ ශාරීරික ආබාධයන් හටගනී.මෙම ආබාධයන් ශාරීරික හේත මත නොව මනෝමූලිකවම හටගනී.එබැවින් කිසිදු භෞතිකමය ඖෂධීය ප්‍රතිකාරයකින් මෙම රෝගය සුවපත් කල නොහැකිවේ.මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර මගින් පමණක් සුවකල හැකිය.

ඉතිහාසය[සංස්කරණය]

අතීත ඊජිත්තු වාසින් විශ්වාස කළේ ගර්භාෂය එක් ස්ථානයක පවතින ඉන්ද්‍රියක් නොව ශරීරය පුරා ගමන් කරන අවයවයක් බවයි.විවාහයෙන් පසු එය නිවැරදි ස්ථානයේ ස්ථානගත වන බවයි.[4] මීට සමාන අදහසක් අතීත ග්‍රීකවරුන් අතරද පැවතිණ.ග්‍රීක දාර්ශනික ප්ලේටෝ පවා කියා සිටියේ ස්ත්‍රීන්ගේ ගර්භාෂය ශරීරය තුල වෙන්ව පවතින බවයි. පැරණි ක්‍රීකයන්ගේ මතයක්වූයේ ගර්භාෂය ශරීරය පුරා ගමන් කරන අවයවයක් බවත් ලිංගික සංසර්ගයේදී යෝනියට යෙදෙන පීඩනය මත එය නිවැරදි ස්ථානයට පැමිණෙන බවයි.එමගින් දරු උපතකට සුදුසු අයුරින් ගර්භාෂය සැකසෙන බවයි.

ගර්භාෂය සිරුර පුරා ගමන් කරන්නේය යන මතය හිපොක්‍රටීන් ප්‍රතික්ෂේප කර ඇත.කෙසේ වෙතත් ලිංගික සංසර්ගයෙන් පසු මෙම මායා රෝගය සුවපත්වන බව ඔහුද පිළිගෙන ඇත.[5]

මධ්‍යතන යුගය[සංස්කරණය]

මධ්‍යතන යුගයේද ස්ත්‍රීන්ගේ ගර්භාෂය ශරීරය පුරා ගමන් කරන්නේය යන මතය පිළිගැනුණි.ඒ මතය තුල පිහිටා ප්‍රතිකාර නියම කෙරිණි.ඒ අනුව මායා රෝගී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් ස්‍රාවයන් පිටවීම මගින් ගර්භාෂය නිවැරදිව ස්ථානගත වනබව විශ්වාස කළහ.මේ සදහා මායා රෝගී කතුන්ට ස්වං වින්දනයේ නිරතවන ලෙස උපදෙස් ලැබිණ.එහෙත් ඇතැම්විට ස්වං වින්දනය ආගමික හා සාම්ප්‍රධායික මත හා ගැටුන අවස්ථ ඇත.මේ අනුව ස්වං වින්දනය මේ සදහා ප්‍රතිකාරයක් ලෙස පිළිගැනීමට සාම්ප්‍රධායික සමාජ ප්‍රතික්ෂේප කළහ.ඔවුන් ඉක්මනින් විවාහකරදීම වඩාත් සුදුසු බව සාම්ප්‍රධායික මතය විය.ඇතැම් ආගම්වල ස්වං වින්දනය පාපයක් ලෙස හදුන්වා ඇත.එහෙත් ඇතැම් වෛද්‍යවරු මේසදහා විකල්ප වෛද්‍යක්‍රම අනුගමනය කරඇත.[6]

මායා රෝගය සදහා නට්‍යමය ප්‍රතිකාර ක්‍රමද පැවතිණ.මෙම රෝග යක්ෂයන් විසින් ඇතිකරන රෝග බවත් එම අමනුෂ්‍ය බලවේගයන් පලවා හැරීම මගින් සුවය ලැබියහැකි බවත් ඇතැම් සංස්කෘති තුල විශ්වාසයන් පැවතිණ.අමනුෂ්‍ය බලවේග පලවා හැරීම සදහා විවිධ ආගමික හා අභිචාර ක්‍රම පැවතිණ.ඇතැම් අභිචාර මනෝ විද්‍යාත්මක ක්‍රමවෙද සාර්ථකව යොදා ගනිමන් සකස්කරගෙන තිබිණ.මායා රෝගය යනු මානසික බලපෑම් මත ඇතිවන රෝගයක් බැවින් මෙවැනි අභිචාර මගින් පහසුවෙන් සුවය ලැබීය.

16 හා 17 වන සියවසයන්හිද මායා රෝගයට හේතුව ගර්භාෂය ශරීරය පුරා ගමන් කිරීම බව පිළිගත්හ.නිරන්තරයෙන් යෝනි මාර්ගයෙන් තරලයන් පිටවීම.ලිංගික ආසාවන් ඉටුකර ගැනීමට නොහැකිවීම මෙයට හේතු ලෙස සළකන ලදී.විවාහයෙන් පසු ලිංගික සංසර්ගයේදී යොනි මාර්ගයට ඇතිවන පීඩනය හරහා ගර්භාෂය නිසි පරිධි ස්ථානගත වන බවත් පුරුෂයන්ගේ ශුක්‍රාණු මායා රෝගයට ඖෂධයක් ලෙස ක්‍රියාත්මකවන බවත් පැරැණ්නන් විශ්වාස කළහ.ස්ත්‍රිය සුරාන්තයට පත්වීම මගින් පිටවන යෝනි ස්‍රාව මගින් මායා රෝගයට සුවය ලැබෙන බවත් විශ්වාසයක් පැවතිණ.එහෙත් ඇතැම් වෛද්‍යවරු පුරුෂයන්ගේ ශුක්‍රාණු මායා රෝගය සුවවීමට හේතු නොවන බව පැවසූහ.කෙසේ වෙතත් ආගමික හේතුමත මයා රෝගී කාන්තාව වැන්දඹුවක් හෝ කන්‍යා සොයුරියක් නම් ඇයට නැවත විවාහ වීමට හෝ විවාහයක් සිදුකර ගැනීමට නොහැකිවිය.එම නිසා වෛද්‍යවරුන්ට විකල්ප ප්‍රතිකාර සොයා ගැනීමට සිදුවිය.ආගමික විශ්වාසයන් මත විවාහ පූර්ව ලිංගික සම්භන්දතා හෝ විවාහක පුරුෂයා මියගිය ස්ත්‍රීන්ට හෝ කන්‍යා සොයුරියන්ට ලිංගික සතුට ලැබීම තහංචි විය.කෙසේ වෙතත් මෙවැනි ස්ත්‍රීන් වැඩි වශයෙන් මායා රෝගයට ගොදුරුවිය.වික්ටොරියානු සංස්කෘතිය පැවති 16 හා 17 වන සියවස් තුල ඉතා සුලභ රෝගයක් ලෙස මායා රෝගය දක්නට ලැබිණි.එයට හේතුව ලෙස පසුකාලීන මනෝ විද්‍යාඥයන් වූ ජින් මාටින් චාගොට් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වැනි මනෝ විද්‍යාඥයන් පෙන්වා දුන්නේ එකළ කාන්තාවන්ට දැඩිලෙස තම ලිංගික ආසාවන් යටපත් කරගැනීමට ආගමික හා සංස්කෘතික අංශයෙන් ඇතිවූ බලපෑම බවයි.

ලිංගිකව තෘප්තිමත් නොවීම හිස්ටීරියාව හෙවත් මායා රෝගයට ප්‍රමුඛ හේතුවකි.යම් ස්ත්‍රියක් ලිංගික ඇසුර නොලැබීම හෝ ඇය නිසි පරිදි සුරාන්තයට පත් නොවන විට මයා රෝගය වැළදීමේ ප්‍රවණතාව වැඩිවේ.

කාර්මික යුගය[සංස්කරණය]

18 හා 19 වන සියවස් වලදී මායා රෝගයට නිසි ප්‍රතිකාර සොයා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබිණ.[7] පියරේ රූස්වෙල් හා ජීන් ජැක්ෂන් රූසෝ වැනි දාර්ශනිකයන් ස්ත්‍රීත්වය හා ඇගේ චිත්තාවෙගයන් වල ස්වභාවය පෙන්වා දුන්හ.ඔවුන් ලිංගික ආවේගයන් යනු ස්වාභාවික හේතු බවත් එම ආවේග අනවශ්‍ය ලෙස යටපත් කිරීමට පෙළඹවීම නුසුදුසු බවත් පෙන්වා දුන්හ.බටහිර යුරෝපයේ සාම්ප්‍රධායික කතොලික ආගම බිදවැටී ප්‍රොතෙස්තන්තවාදය වර්ධනය වීමත් පැවති වැඩවසම් සමාජ ක්‍රමය බිදවැටී ධනවාදී අර්ථ ක්‍රමය බිහිවීමත් සමග යම් කිසි ආකාරයකින් දැඩි ආගමික විශ්වාස තරමක් ලිහිල්විය.මෙම අවධියේදී හිස්ටීරියා රෝගී කතුන්ට ස්වං වින්දනය සිදු කිරීමට ඇතැම් වෛද්‍යවරු අනුමත කළහ.මීට අමතරව ඇතැම් කාන්තාවන් තම සිරුරේ සුවද විලවුන් තවරා ගැනීම සිදු කළහ.එමගින් ගර්භාෂය නිසි පිහිටීමට ස්ථාපනය වන බව විශ්වාස කළහ.මෙම මතය හිපොක්‍රටිස් නම් දාර්ශනිකයාද පෙන්වාදී තිබිණ.

කාර්මික යුගයේ ප්‍රතිකාර[සංස්කරණය]

කාර්මික යුගයේදී මායා රෝගය සදහා සම්භාහන ප්‍රතිකාරය ජනප්‍රිය විය.ඇතැම් වෛද්‍යවරු සම්භාහනය සදහා යොදාගතහැකි කම්පනයවන යන්ත්‍ර භාවිත කර ඇත.මීට අමතරව අධි පීඩන ජල ප්‍රහාරයක් උදරයට එල්ල කිරීම වැනි ප්‍රතිකාරද පැවතින.මෙම ප්‍රතිකාරද අතීතයේ පැවති ගර්භාෂය සිරුර පුරා ගමන් කරන්නේය යන මතය අනුව ගොඩ නැගී තිබිණ.මෙම ප්‍රතිකාර මගින් ගර්භාෂය නිසි ස්ථානයට ස්ථානගතවීම සිදුකලහැකි බව විශ්වාස කළහ

වර්තමාන තත්වය හා කාන්තාවාදී න්‍යාය[සංස්කරණය]

ප්‍රංශ ජාතික ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ජීන් මාටින් චාකොට් ඇන්ටන් මෙස්මර් විසින් හදුන්වාදුන් චුම්භක ප්‍රතිකාර ක්‍රමය පිළිබද පර්යේෂණ සිදුකරමින් මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් සිදු වන්නේ මනසට පණිවුඩ යැවීම මගින් ප්‍රතිකාර කිරීම බවත් මෙම ප්‍රතිකාරය ස්වාප්න හෙවත් මෝහන ප්‍රතිකාරය ලෙස හදුන්වා දුන්හ.ස්වාප්න ප්‍රතිකාර ක්‍රමය භාවිත කරමින් මායා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඔහුට නිරීක්ෂනය කිරීමට හැකිවූයේ මායා රෝගය හෙවත් හිස්ටීරියාවට හේතුව යටපත් කරගත් ලිංගික ආශයන් බවයි.මෙම මායා රෝගය මුළුමනින්ම කායික හේතු මත නොව මානසික හේතූන්මගින් ඇතිවනබව ඔහු පෙන්වා දුන්නේය.චාගොට්ගේ සිසුවකුවූ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තවදුරටත් මෙම මායාරෝගය පිළබද පර්යේෂණ පවත්වමින් හිස්ටීරියාව යනු ස්ත්‍රීන්ට පමණක් නොව පුරුෂයන්ටත් වැළදෙන බව පෙන්වා දුන්නේය.තම ලිංගික ආශාවන් බලවත් ලෙස යටපත්කර ගැනීම හේතුවෙන් මෙම රෝගය හටගක්නාබව ෆ්‍රොයිඩ්ද පෙන්වා දුන්හ.[8] සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මායා රෝගය හා ලිංගික ආශාවන් අතර සම්බන්දය පෙන්වා දීමට ඊඩිපස් සංකීර්ණය හා ඉලෙක්ට්‍රා සංකීර්ණය වැනි න්‍යායන් ඉදිරිපත් කළේය.පූර්ව ලිංගික අවධින් තුලදී තෘප්තිමත් නොවූ ආශයන් හේතුවෙන් වැඩිහිටි වියේදී අසාමාන්‍ය චර්‍යාවන් පෙන්වන බව ෆ්‍රොයිඩ් පෙන්වා දෙයි.උදාහරණ ලෙස මුඛ ලිංගික අවධියේදී නිසියාකාර තෘප්තියක් නොලබව දරුවා වැඩිහිටි වියේදී නියපොතු සැපීම,දුම්පානය වැනි චර්‍යා වලට අවිඥානිකවම යොමුවේ.ලිංග රූප අවධියේදී නිසියාකාරව තෘප්තිමන් නොවද දරුවන් වැඩිහිටි වූවිට තම ලිංගික අවයව අන් අයට ප්‍රදර්ශනය කිරීමට හෝ අන් අයගේ ලිංගික අවයව දෙස හොරෙන් බැලීමට හුරුවිට හැක.නව යෞවන අවධියේදී ගැහැණු දරුවන් පිරිමි දරුවන් වෙතත් පිරිමි දරුවන් ගැහැණු දරුවන් වෙතත් ආකර්ශනය වේ.විරුද්ධ ලිංගිකයන් සමග කතා කිරීම ඔවුන්ගේ අසුරේ වඩි වේලාවක් සිටීමට ඔවුන් හා ක්‍රීඩා කිරීමට ආසාවක් ඇතිවේ එහෙත් ආගමික හා සංස්කෘතික බාධක නිසා තම ආශාව් යටපත් කරගැනීමට ඇතැම් විට සිදුවේ.ලිංගික ආශයන් යටපත් කරගැනීමේ ප්‍රථිපලයක් ලෙස මායා රෝගය හැතිවේ.ගැහැණු දරුවන්ට මෙය ශාරීරික ආබාධ ලෙසත් පිරිමි දරුවන්ට අසාමාන්‍ය ලිංගික චර්‍යාවන් ලෙසත් ඇතිවේ.

හිස්ටීරියාව හෙවත් මායා රෝගය සදහා සාර්ථකම ප්‍රතිකාර ක්‍රම සොයාගනු ලැබුවේ මනෝවිශ්ලෙෂණවාදී මනෝ විද්‍යා ගුරුකුලය මගිනි.ෆ්‍රොයිඩ් විසින් ඇනා නමින් හැඳින්වූ හිස්ටීරියා රෝගී තරුණියක් සුවපත් කර ගැනීමට හැකිවිය.එය ඔහු විසින් මුල්වරට නිදහස් සංඝටනය නම් ප්‍රතිකාරය අත්හදා බැලූ ප්‍රථම අවස්තාවයි.මීට අමතරව ඩෝරා එළිබෙත් වොන් ආර් වැනි සිද්ධි අධ්‍යනයන්ද ෆ්‍රොයිඩ්ගේ අධ්‍යනයන් අතර ප්‍රමුකය.මේ ආකාරයෙන් හිස්ටීරියා රෝගීන් රැසක් ෆ්‍රොයිඩ්ගේ ප්‍රතිකාර හමුවේ සුවය ලබා ගත්හ.

This 19th century definition of femininity has far reaching implications in modern thought as it cements the idea of woman as child bearer, and denotes women who do not conform to the established norms of sexuality and psychoanalysis, as wrong or defective. This definition of femininity as motherhood came at a time when women were fighting for more rights and a larger role in society. Hysteria was often used as a political tool in the media to impede these women’s rights movements and invalidate their arguments and desire for equal rights.

The most vehement negative statements associating feminism with hysteria came during the militant suffrage campaign.

Insert the text of the quote here, without quotation marks.

In the 1980s, feminists began to reclaim hysteria, using it as a symbol of the systematic oppression of women and reclaiming the term for themselves. The idea stemmed from the belief that Hysteria was a kind of pre-feminist rebellion against the oppressive defined social roles placed upon women. Feminist writers such as Catherine Clément and Hélène Cixous write in The Newly Born Woman from a place of opposition to the theories proposed in psychoanalytical works, pushing against the notion that socially constructed femininities and hysteria are natural to being female. Feminist social historians of both genders argue that hysteria is caused by women’s oppressive social roles rather than by their bodies or psyches, and they have sought its sources in cultural myths of femininity and in male domination.’

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Gilman, Sander L.; King, Helen; Porter, Roy; Rousseau, G.S.; Showalter, Elaine (1993). Hysteria Beyond Freud. Los Angeles: University of California Press. {{cite book}}: More than one of |first1= and |first= specified (help); More than one of |last1= and |last= specified (help)
  2. Maines, Rachel (1999). The technology of Orgasm: ‘Hysteria’, the Vibrator, and Women’s Sexual Satisfaction. Baltimore: The Johns Hopkins University Press.
  3. Carta, Mauro Giovanni; Fadda, Bianca; Rappeti, Mariangela; Tasca, Cecilia (October 19, 2012). "Women and Hysteria In Mental Health". 8: 110–9. doi:10.2174/1745017901208010110. PMC 3480686. PMID 23115576. {{cite journal}}: Cite journal requires |journal= (help); More than one of |DOI= and |doi= specified (help); More than one of |PMC= and |pmc= specified (help); More than one of |PMID= and |pmid= specified (help); More than one of |first1= and |first= specified (help); More than one of |last1= and |last= specified (help)
  4. Merskey, Harold; Potter, Paul (1989). "The womb lay still in ancient Egypt". British Journal of Psychiatry. 154: 751–753. doi:10.1192/bjp.154.6.751 – via JSTOR.
  5. Flemming, Rebecca (2000). Medicine and the Making of Roman Women. Oxford University Press. ISBN 0199240027. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  6. Schleiner, Winfried (1995). Medical Ethics in the Renaissance. Georgetown University Press. p. 115.
  7. {{cite web}}: Empty citation (help)
  8. {{cite web}}: Empty citation (help)

Gilman, Sander L., Helen King, Roy Porter, G.S. Rousseau and Elaine Showalter. Hysteria Beyond Freud. Los Angeles University of California Press, 1993. Print.

Devereux, Cecily. Hysteria, Feminism, and Gender Revisited: The Case of the Second Wave. University of Alberta/ https://ejournals.library.ualberta.ca/index.php/ESC/article/download/24855/18313 Web. Retrieved October 28, 2016.

Carta, Mauro Giovanni, Bianca Fadda, Mariangela Rappeti and Cecilia Tasca. Women and Hysteria In Mental Health. Clin Pract Epidemiol Ment Health. 2012; 8: 110–119. Published online 2012 Oct 19. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3480686/. Retrieved October 27, 2016.

වැඩිදුර කියවීම්[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මායා_රෝගය&oldid=419594" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි