මයෝකාඩියම
Jump to navigation
Jump to search
Cardiac muscle | |
---|---|
![]() | |
![]() | |
තොරතුරු | |
ලතින් | Textus muscularis striatus cardiacus |
කොටසක් | Myocardium of the heart |
හඳුන්වනයන් | |
TH | H2.00.05.2.02001, H2.00.05.2.00004 |
FMA | 14068 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මයෝකාඩියම (ඉංග්‍රීසි: Myocardium) යනු හෘත් බිත්තියේ ස්තර තුනෙන් (3) එකකි.
හෘද බිත්තියේ මධ්‍ය ස්තරය මයෝකාඩියම නම්වේ. මෙය හෘත් පේශියයි. මෙය කොලැජන් සැකිල්ලකින් වටවූ අනිච්ඡානුග විලිඛිත පේශි පටකයකි. මෙම හෘත් පේශි රටාව දර්ශනීය සහ සංකීර්ණ ය. පේශි සෛල හෘදයේ කුටීර වටා සුළි ලෙස සර්පිලාකාරව සකස්වන අතර, පිටත පේශි කර්ණිකා වටා සහ මහා රුධිර වාහිනීවල පාදම වටා 8 ඉලක්කමේ හැඩයට සකස් වී ඇත. ඇතුළු පේශි ද කෝෂිකා දෙක වටා 8 ඉලක්කමේ ආකාරයට සකස් වී අග්‍රය දෙසට යොමුවී ඇත. මෙම සංකීර්ණ සුළි ආකාර රටාව හේතුවෙන් හෘදයට රුධිරය වඩාත් කාර්යක්ෂමව පොම්ප කිරීමට හැකියාව ලැබී ඇත.[1]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ බෙට්ස්, ජේ. ගොර්ඩ්න් (2013). ඇනටමි ඇන්ඩ් ෆිසියොලොජි. පිටු 787–846. ISBN 1-938168-13-5. http://cnx.org/content/m46676/latest/?collection=col11496/latest. Retrieved 11 අගෝස්තු 2014.