භූමී පේඩ්නේකර්
භූමි පේඩ්නේකර | |
|---|---|
පේඩ්නේකර් සෝන්චිරියා හි ප්‍රවර්ධන උත්සවයක දී 2019 | |
| උපත | 18 ජූලි 1989 බොම්බේ, මහරාෂ්ට්‍ර, ඉන්දියාව |
| වෘත්තිය | නිළිය |
| සක්‍රීය වසර | 2015–වර්තමානය |
භූමි පේඩ්නේකර් (උපත 1989 ජූලි 18) යනුවෙන් හැඳින්වෙන්නෙ හින්දී චිත්‍රපටවල පෙනීසිටින නිළියකි. සය වසරක් යශ් රාජ් ෆිල්ම්ස් හි සහකාර නළුවරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමෙන් පසු ඇය රංගනයට පිවිසියේ එම සමාගමේම ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපටයක් වූ ඩම් ලගා කේ හඊශා (2015) හි තරබාරු මනාලියකගේ චරිතය තුළිනි. ඒ සඳහා ඇයට හොඳම කාන්තා ප්‍රවිෂ්‍ටය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.
පේඩ්නේකර් ප්‍රසිද්ධියට පත්වූයේ ප්‍රහසන නාට්‍ය චිත්‍රපටවල ඇය නිරූපණය කළ ශක්තිමත් කාන්තා චරිත නිසායි. මේ අතරට [[ටොයිලට්: එක් ප්‍රේම් කථා]] (2017), ශුභ් මංගල් සාව්ධාන් (2017), සෝන්චිරියා (2019), බාලා (2019), සහ පති පත්නී ඕර් වෝහ් (2019) වැනි චිත්‍රපට අයත් ය.[1] සාන්ද් කී ආන්ඛ් (2019) චිත්‍රපටයේ ඇය නිරූපණය කළ චන්ද්‍රෝ තෝමාර් නම් වියපත් චරිතය සඳහා ඇයට හොඳම නිළිය සඳහා වූ ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය හිමිවූයේ තාප්සී පන්නු සමඟ සමව ය.[2]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ Dubey, Rachana (16 ඔක්තෝබර් 2019). "Bhumi Pednekar: I don't mind being the face of small-town India, it is home to beautiful stories". The Times of India. 16 මාර්තු 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 දෙසැම්බර් 2019.
- ↑ "65th Amazon Filmfare Awards 2020 live updates". The Times of India. 15 පෙබරවාරි 2020. සම්ප්‍රවේශය 15 පෙබරවාරි 2020.
බාහිර සබැඳි
[සංස්කරණය]- නිල ට්විටර් ගිණුම
- භූමී පේඩ්නේකර් සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
- භූමී පේඩ්නේකර් සඳහා බොලිවුඩ් හංගාමා හි ඇති තොරතුරු