මහාබෝධි විහාරය, බුද්ධගයා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(බුද්ධගයා විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
බුද්ධ ගයාවේ විහාර සංකීර්ණය
ලෝක උරුම ලැයිස්තුවෙහි දක්වා ඇති පරිදී නම
මහාබෝධි විහාරය
රට ඉන්දියාව
වර්ගය සංස්කෘතික
නිර්ණායක (i)(ii)(iii)(iv)(vi)
ආශ්‍රය 1056
යුනෙස්කෝ කලාපය ආසියා-ශාන්තිකර
ඛණ්ඩාංක 24°41′46″N 84°59′29″E / 24.696004°N 84.991358°E / 24.696004; 84.991358ඛණ්ඩාංක: 24°41′46″N 84°59′29″E / 24.696004°N 84.991358°E / 24.696004; 84.991358
ශිලාලේඛන ඉතිහාසය
ශිලාලේඛන 2002 (26වන සැසිය)
Lua දෝෂය in Module:Location_map at line 323: Minutes can only be provided with DMS degrees for longitude.

බුද්ධගයා හි පිහිටාඇති මහාබෝධි විහාරය (බුද්ධගයා විහාරය ලෙස ශ්‍රී ලංකාවේ භාවිතාවේ) යනු බුදුරජාණන් වහන්සේවූ සිද්ධාර්ථ ගෞතමයන්, බුද්ධත්වයට පත්වූ ස්ථානයවූ බුද්ධගයාවෙහි පිහිටි බෞද්ධ විහාරයකි. බුද්ධ ගයාව පිහිටා ඇත්තේ ඉන්දියාවේ, බිහාර ප්‍රාන්තයේ, පට්නා නගරයේ සිට කිමී 96 (සැතපුම් 60) පමණ ඈතිනි. විහාරය පසෙකින්, එහි බටහිර පසට වන්නට, පූජනීය බෝධි වෘක්ෂය පිහිටා ඇත. පාලි ත්‍රිපිටකයෙහි, මෙම ස්ථානය හැඳින්වෙන්නේ බෝධිමන්ද ලෙසින් වන අතර,[1] එහි ඇති ආරාමය බෝධිමන්ද විහාරය වේ.

මහාබෝධි විහාර භූමිය පිළිබඳ බෞද්ධ ජනප්‍රවාද[සංස්කරණය කරන්න]

බෞද්ධ අටුවා ලියවිලි අනුව, බුද්ධගයාවෙහි බෝධි වෘක්ෂය පිහිටි ස්ථානය සියළු බුදුවරුන් සඳහා පොදු වෙයි[2]. ජාතක කථාවන් අනුව, එය පෘථිවියෙහි නාභිය නිර්මාණය කරන අතර [3], බුද්ධත්වයට පත්වීමෙහි මහා බරපතල බව වෙන කිසියම් ස්ථානයකින් හෝ දරා ගැනුමට නොහැකි බව කියැවේ[4].

මෙම ස්ථානයෙහි බෝ වෘක්ෂයක් නොවැඩෙන අවස්ථාවකදී, බෝධි වෘක්ෂය අවට රාජකීය ක්‍රොෂ් එකක දුරක් වන තුරු කිසිම පැලෑටියක්, තණ ගසක් හෝ නොවැවෙන බවත්, සුමුදු වැලි වලින් පිරි රිදී තැටියක් වැනිව සුමුදු වනු බවත් පැවසේ. මෙම භූමි භාගය වට කොට තණ, වැල් සහ වෘක්ෂ පමණක් පවතින බවත් පැවසේ. මෙම පෙදෙසට මෑත අහසින් වුවද කිසිවෙකුට ගමන් කල නොහැකි බවද ශක්‍රයාට වුවද එසේ කල නොහැකි බවද කියැවේ [5].

කල්පාන්තයෙහිදී ලෝකය විනාශවන කල්හී, අවසානයට අතුරුදහන් වන ස්ථානය බෝධිමන්ද වේ; ලෝකය නැවත පැවතීමට ආරම්භ වන විට, හටගන්නා පළමු දෙයද එය වේ. එය දර්ශනපථයට ගෙන ඒම සඳහා, එහි නෙළුමක් මතු වන අතර, එවන විට ඇරඹුනු කල්පයෙහි බුදු කෙනෙකු ඉපදීම සිදුවීමට තිබේ නම්, බුදුවරුන් ගණන අනුව, නෙළුම පුෂ්ප දරන බව කියැවේ [6].

ගෞතම බුදුරජාණන් වහන්සේ විෂයෙහි, එතුමාණන්ගේ බෝධි වෘක්ෂය එතුමාණන් උපත ලද දිනයෙහිදී පැණ නැග ඇත [7].

ඉතිහාසය[සංස්කරණය කරන්න]

බුද්ධාගමෙහි උන්නතිය[සංස්කරණය කරන්න]

සාම්ප්‍රදායික කතාන්තර වලට අනුව, ක්‍රියුපෙ 530, ගෞතම බුදුරජාණන් වහන්සේ, තවුසකු ලෙසින් චාරිකාවෙහි යෙදෙමින් සිටියදී, ඉන්දියාවෙහි ගයා නගරය අසල, ෆල්ගු නදිය ආශ්‍රිත ආරණ්‍ය ගං තෙරට පිවිසි සේක. එහිදී පීපුල් (ෆිකස් රිලිජිඕසා හෝ පූජනීය ඇහැටු), පසුව බෝධි වෘක්ෂය ලෙසින් හැඳින්වීමට ඇරඹුනු, වෘක්ෂයක් යට එතුමා භාවානුයෝගීව වැඩසිටියේය. බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්ට අනුව, තුන් දිනකට හා තුන් රාත්‍රියකට පසුව, සිද්ධාර්ථ ගෞතමයන් ‍බුද්ධත්වයට එළඹ එතුමන් පිළිතුරු අපේක්‍ෂා කල ගැටළු වලට විසඳුම් වටහා ගත්හ. මහාබෝධි විහාරය තැණුනේ එම ස්ථානය සණිටුහන් කරනු වස්ය.

මහාබෝධි විහාරය පිළිබද මතභේදය[සංස්කරණය කරන්න]

මහාබෝධි විහාරයේ භාරකාරත්වය හා කළමනාකාරිත්වය පිළිබඳ හින්දු හා බෞද්ධාගමිකයන් අතර කීපවරක්ම මතභේද හට ගැනිනි. 2005 අගෝස්තු මාසයේ ‍ මහාබෝධි විහාරයේ ඇතුළත පිහිටි පූජාසනයක ශුද්ධ ජලය පූජා කීරිම සඳහා ඇතුල් වීමට තැනු භාරතීය ජනතා පක්ෂ (BJP) සමාජීකයන් පිරිසක් පොලීසිය විසින් නවත්වන ලදී. BJP සමාජීකයන් පැවසුවේ විහාරය තුළ ඇති පූජාසනය ශිව ලිංගයක කොටසක් විය හැකි බැවින්, හින්දුන්ට පන්සලට ඇතුල් වී වැඳුම් පිඳුම් කිරීමට අවසර ලබා දිය යුතු බවය. නමුත් මහාබෝධි විහාරික භික්ෂුන් වහන්සේලා පැවසුවේ මෙම සිද්ධිය බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරය බවට ඇති හින්දු මතය නිසා විහාරයේ බලය ලබා ගැනීමට සිදු කරන හින්දු ජාතිවාදයේ කොටසක් බවයි. තවදුරටත් උන්වහන්සේලා පැවසුවේ ශීව ලිංගයක් ලෙස හඳුන්වන කොටස සැබවින්ම බුද්ධ ප්‍රතිමාවක කැඩි ගිය පාදමක් බවයි.

2006 දී බෝධි වෘක්ෂයේ අත්තක් ඉවත් කර එය තායිලන්තයේ ධනවත් ගැණුම්කරුවෙකු විහාරයේ ‍ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සහයද ඇතුව විකුණු බවට චෝදනාවක් එල්ල විය. විහාරයේ හිටපු ලේකම්වරයෙකු වන කාලිචරන් යාදෙව් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මෙම අත්ත විහාරයේ උද්භිද විද්‍යාඥයන්ගේ උපදෙස් පරිදි සිදුකරන ලද කප්පාදුවකට අනුව මීට බොහෝ කලකට පෙර ඉවත් කරන ලද්දක් බව පැවසීය. රාජ්‍ය නියෝජිතයෝ ද වෘක්ෂයේ පෙර වසරවල සිට ඡායාරූප ඉදිරිපත් කරමින් බෝධි වෘක්ෂය අලුතින් කපා දැමීමකට හෝ හානියකට ලක්වී නැති බවට ප්‍රකාශ කළෝය. තවදුරටත් බිහාර් ප්‍රාන්තයේ ලේකම්තුමාට බෝධි වෘක්ෂය පරික්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලදී.

අරුප් බ්‍රහ්මචාරී නම් හින්දු පූජකතුමා විහාරයේ කළමනාකාරිත්වය දරන්නන්ගේ පෞද්ගලික මුල්‍ය තත්වය හා විහාරයේ ගිණුම් පරික්ෂා කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළේය. ඔහු විහාරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ දුෂණ හා අක්‍රමිකතා සිදුවන බවට චෝදනා කළේය. ඉන්දීය භික්ෂු සංගමයේ භාණ්ඩාගාරික, ප්‍රඥාදීප් විහාරයට පරිත්‍යාග ලෙස ලැබෙන මුදල්වල භාවිතය හා විහාරයේ ගිණුම පරික්ෂා කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළේය.

2007 සැප්තැම්බර් මසදී විහාර කළමනාකාරී කමිටුවේ තුන් අවුරුදු කාලය අවසන් වු අතර නව කමිටුවක් පත් කිරීම වෙනුවට බිහාර් ආණ්ඩුව විහාර කමිටුවේ හිටපු සමාජිකයෙක් වන ගයා දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා පන්සලේ තනි පාලකයා බවට පත් කළේය. 2008 මාර්තු වන විටත් නව කමිටුව පත්කර නොතිබු අතර මෙය හින්දු හා බෞද්ධාගමිකයන් දෙපිරිසගේම විවේචනයට ලක්විය. සමහර බෞද්ධයන්ගේ චෝදනාව වුයේ මෙය විහාර පාලනයට බෞද්ධ මැදිහත් වීම වැලැක්වීමට ගත් උපක්‍රමයක් බවයි.


ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. පාලියෙහි, රෝම අකුරෙන් දැක්වෙන උච්චාරණ සළකුණු භාවිතා කරමින්, මෙම වචනය උසුරුවනුයේ Bodhimaṇḍa. පාලි ත්‍රිපිටිකයෙහි, මෙම පදය බුද්ධවංශය පුරා දක්නට ඇති අතර, ජාතක කථා (Ja iv.238) හි එක් තැනක හමු වේ. හෝනර් (2000) විසින් Bodhimaṇḍa පරිවර්තනය කරනුයේ "අවබෝධතා වෘක්ෂයෙහි පෝරුව" ලෙසිනි (නි.ද., පිටු. 15 v. 65, 25 v. 183, passim).
  2. BuA.247
  3. J.iv.233 (පුතුවිනාභි)
  4. J.iv.229
  5. J.iv.232f
  6. DA.ii.412
  7. DA.ii.425; BuA.248

ඛණ්ඩාංක: {{{dms-lat}}} 85°02′E / 24.683°N 85.033°E / 24.683; 85.033