පෘථිවිය මත මූලද්‍රව්‍යවල සුලභතාව

විකිපීඩියා වෙතින්

පෘථිවිය නිර්මාණය වූ‍යේ ද සූර්යා නිර්මාණය වූ පදාර්ථ වළාකුලෙන්මය. නමුත් ග්‍රහලෝක නිර්මාණයේදී හා සෞරග්‍රහ මණ්ඩල පරිණාමයේ දී විවිධ සංයුතීන් ලබා ගෙන ඇත. පෘථිවියේ විවිධ ප්‍රදේශවල මූලද්‍රව්‍ය විවිධ සාන්ද්‍රණ වලින් තිබීමට පෘථිවියේ ඉතිහාසය හේතු වී ඇත.


පෘථිවි පෘෂ්ඨය මත මූලද්‍රව්‍ය සුලභතාවය[සංස්කරණය]

මෙම ප්‍රස්ථාරය පෘථිවියේ ඉහළ මහාද්වීපික තටාකයේ පෘෂ්ඨය මත සුලභතාවය පෙන්නුම් කරයි.

පෘථිවියේ ඉහළ මහාද්වීපික තටාක පෘෂ්ඨයේ මූලද්‍රව්‍ය සුලභතාව පරමාණුක ක්‍රමාංකයේ ශ්‍රිතයක් ලෙස

සටහනේ දක්වන ලද බහුතරයක් මූලද්‍රව්‍ය (ස්වල්ප වශයෙන් එකට යන) වර්ගීකරණය කොට ඇත.


  1. ) පාෂාණකාරක මූලද්‍රව්‍ය (ප්‍රධාන මූලද්‍රව්‍ය කොළ පැහැති පෙදෙස තුළ ඛනිජ මූලද්‍රව්‍ය ලාකොළ පැහැති පෙදෙස තුළ)
  2. ) විරල පාංශු මූලද්‍රව්‍ය (ලැන්තනයිඩ , La – Lu සහ Y නිල් පැහැයෙන් සටහන් කොට ඇත)
  3. ) ප්‍රධාන කාර්මික මූලද්‍රව්‍ය (සමස්ත නිෂ්පාදනය >  3 x 107kg / වසරකට දක්වා ඇත)
  4. ) මහගු ලෝහ (ඉටැලික් )
  5. ) දුලබකම මූලද්‍රව්‍ය 9 - ප්ලැටිනම් පවුලේ මූලද්‍රව්‍ය 6, අමතරව Au , Re , Te (ලෝහාලෝහයකි)


අස්ථායී මූලද්‍රව්‍ය 2ක් වන ටෙක්නීසියම් (පරමාණුක ක්‍රමාංකය 43) ඝන ප්‍රොමිතියම් (පරමාණුක ක්‍රමාංකය 61) ඉදිරියේ වන බිද වැටීම් නිරීක්ෂණය කරන්න. මේවා ඉතා දුබල වන අතර මේවා ඉතා විකිරණශීලී මූලද්‍රව්‍ය විඛණ්ඩනය වීමෙන් පමණක් නිපදවේ. උදාහරණයක් වශයෙන් යුරේනියම් සහ තෝරියම් මෙම මූලද්‍රව්‍ය යුගලයම තාරකාවල වායුගෝල වර්ණාවලීක්ෂ නීරීක්ෂණයෙන් සොයාගෙන ඇත. එය ඉදිරියට යන න්‍යෂ්ටික සංස්ලේෂණයේදී නිපදවේ. තවත් කැඩීම් දක්නට ලැබේ. ඒවා නම් නිෂ්ක්‍රීය වායු වන අතර ඒවා විකිරණශීලී මූලද්‍රව්‍ය ක්ෂය වීමේ ක්‍රියාවලීන් බැවින් එය ඇතුළත් කොට නැත. ඉතා දුලභ , අධික ලෙස විකිරණශීලි මූලද්‍රව්‍ය 6 (පොලෝනියම්, ඇස්ටටීන් , ෆ්‍රැන්සියම් , රේඩියම් , ඇක්ටීනියම් සහ ප්‍රෝ‍ටැක්ටීනියම් අන්තර්ගත කොට නැත. මක්නිසාද යත් ඒවායේ ස්වාභාවික සුලභතාව ඉතා අඩු බැවින් නිරවද්‍යව මැනිය නොහැකි බැවින්,

ඔක්සිජන් හා සිලිකන් සැලකිය යුතු තරම් සුලභ වේ. ඒවා සිලිකේට පාෂාණ කිහිපයක ඇත.

විරල පාංශු මූලද්‍රව්‍යය සුලභතාවය[සංස්කරණය]

විරල පාංශු මූලද්‍රව්‍යය යනු අතීතයේ යෙදූ නොගැලපෙන නමකි. නමුත් යෙදුම් පැවැත්ම හුරු නොවීමට වඩා ඇති දුලභත්වය විදහා දක්වයි. වඩාත් සුළභ විරල පාංශු මූලද්‍රව්‍ය කාර්මික කටයුතු සදහා යොදන මූලද්‍රව්‍ය වේ. ඒවා නම් ක්‍රෝමියම් , නිකල් , කොපර්, සින්ක් , මොලිබ්‍ඩිනම් , ටින් , ටන්ග්ස්ටන් හෝ ලෙඩ් . අඩුවෙන්ම ඇති විරල පාංශු මූලද්‍රව්‍ය දෙක ද (Tm , Lu) රත්රන්වලට වඩා 200 ගුණයක් සුලභව ඇත. කෙසේ නමුත් කාර්මික ලෝහ සහ වටිනා ලෝහ වර්ග මෙන් නොව විරල පාංශු මූලද්‍රව්‍ය නිධි වශයෙන් සාන්ද්‍රණ වී ඇති අවස්ථා ඉතා විරල වේ.ලෝකයේ විරල පාංශු මූලද්‍රව්‍ය ලැබෙනුයේ අතලොස්සක් වන ප්‍රභවයන් කිහිපයකිනි. ඉහළ මහාද්වීපික තටාක පෘෂ්ටයේ පිහිටි මූලද්‍රව්‍යයක් සුලභතාවයේ පෙන්වන වෙනස්කම් අධිස්ථාපනය වූ ක්‍රියා 2ක් පෙන්නුම් කරයි. එකක් න්‍යෂ්ටික හා භූ රසායනිකයන් වේ. පලමු කරුණ වන්නේ එකිනෙකට යාබදව පිහිටි විරල පාංශු මූලද්‍රව්‍ය අතුරින් ඉරට්ටේ පරමාණුක ක්‍රමාංක සහිත ඒවා (58Ce , 60Nt) ඔත්තේ පරමාණුක ක්‍රමාංක සහිත ඒවා(57La , 59Pr) ට වඩා විශ්වීයව මෙන්ම පෘථිවිය තුලද වැඩි සුලභතාවකින් යුතුව හමුවීමයි. දෙවනුව සැහැල්ලු විරල පාංශු මූලද්‍රව්‍ය බොහෝ සෙයින් අසංගත වන අතර (ඒවාට විශාල අයනික විකිරණශීලතාවයක් ඇති හෙයින්) වඩාත් ප්‍රභල වශයෙන් මහාද්වීපික පෘෂ්ටයේ බරින් වැඩි මූලද්‍රව්‍යවලට වඩා සාන්ද්‍රගත වී ඇත. විරල පාංශු නිධිවලින් බොහෝමයක පළමු විරල පාංශු මූලද්‍රව්‍යය La , Ce , Pr සහ Nt වන අතර එය මුළු කොටසින් 80% සිට 99% දක්වා වේ.


සාගරය[සංස්කරණය]

පෘථිවියෙහි සාගර ජලයෙහි මූලද්‍රව්‍යය සංයුතිය (ස්කන්ධය අනුව)
මූලද්‍රව්‍යය ප්‍රතිශතය මූලද්‍රව්‍යය ප්‍රතිශතය
ඔක්සිජන් 85.84 සල්ෆර් 0.091
හයිඩ්‍රජන් 10.82 කැල්සියම් 0.04
ක්ලෝරින් 1.94 පොටෑසියම් 0.04
සෝඩියම් 1.08 බ්‍රෝමින් 0.0067
මැග්නීසියම් 0.1292 කාබන් 0.0028

මෙහි දැක්වෙන්නේ ස්කන්ධ අනුව මුහුදු ජලයේ ඇති මූලද්‍රව්‍ය සුලභතාවයි. කෙසේ නමුත් යම් හෙයකින් මවුලික තාව (මවුලභාග) අනුව මෙම ලැයිස්තුව පිලියෙල කලේනම් පලමු මූලද්‍රව්‍ය 4හි අනුපිලිවෙල වෙනස්වනු ඇත. තවත් පැහැදිලිව කියතොත් සියළු පල අනු සඳහා සංඝටක පරමාණු 3න් 2ක් හයිඩ්‍රජන් පරමාණු වන බැවින් මුහුදු ජලයේ ඇති පරමාණු අතුරින් 2/3 ක් පමණම හයිඩ්‍රජන් පරමානු වනු ඇත.

වායුගෝලය[සංස්කරණය]

පරිමා භාගය අනුව වායු ගෝල‍ය තුළ වන මුලද්‍රව්‍ය පෙළ ගැස්වූ විට (ආසන්න වශයෙන් මවුල භාගයට ද මෙයම වේ) නයිට්‍රජන් 78.1% , ඔක්සිජන් 20.9% , ආගන් 0.96% අනුගත පිළිවෙලට පසු කාබන් සහ හයිඩ්‍රජන්, එසේ වනුයේ ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඩ් නිසාවෙනි. මෙම මූලද්‍රව්‍ය දෙක වායුගෝලයේ නිරතුරුව විචල්‍ය සංරචක ලෙස පවතින මූලද්‍රව්‍ය වේ. සල්ෆර්, පොස්පරස් සහ අනෙකුත් සියලු මූලද්‍රව්‍ය ඉතා අඩු ප්‍රමාණවලින් පවතී.

ඉහත සටහනට අනුව වායුගෝලයේ ප්‍රධාන සංඝටකයක් ලෙස සැලකිය හැකි ආගන් පෘථිවි කබොල්ලේ අන්තර්ගත නොවන තරම් වේ.මීට හේතුව වන්නේ කබොලට සාපේක්ෂව වායුගෝලයේ ස්කන්ධය ඉතා කුඩා වීමත් කබොලෙහි පවතින ආගන් ප්‍රමානය මගින් මවුල භාගයට ලබා දෙන දායකත්වය ඉතා අවම වීමත්ය. කෙසේ නමුත් වායුගෝලය තුල එක්රැස්ව ඇති ආගන් ප්‍රමාණය සැලකිය යුතු තරම් අගයක් වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Abundance_of_the_chemical_elements#Abundance_of_elements_on_Earth