පරිශීලක:Angamharamba/ශ්‍රී ලාංකික සටන් ක්‍රම
ලෝකයේ විවිධ රටවල ඒ ඒ රටවලට ආවේණික සටන් ක්‍රමයක් පවතී. ඇතැම් සටන්කුම ආත්මාරක්ෂක සටන් ක්‍රම වශයෙන්ද ඇතැම් ඒවා යුධ සටන් ක්‍රම වශයෙන්ද අතීතයේ පැවතී තිබේ. ඒ ඒ රටවල් තම රටවල අනන්‍යතාව පෙන්වීම සඳහා මෙම සටන් කුම භාවිතයට ගනියි.
මේ සෑම රටකටත් එපිට ගිය වසර 30000කට එපිට මහා සම්මත මනු රජතුමා දක්වා ඉතිහාසයකට උරුම කම් කියන අපි කතරගම මහසෙන් රජතුමා, දුටුගැමුණු රජතුමා, මහාසේන රජතුමා, පළමුවන රාජසිංහ රජතුමා (ටිකිරි කුමාරයා) වැනි ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ මෙන්ම දස මහා යෝධයෝ වැනි සටන්කරුවන්ගෙන්ද සැදුම්ලත් ඉතිහාසයකට උරුමකම් කියන ඉතිහාසයක් අප මවුබිමට උරුම වී තිබිණ.
එවන් පසුබිමක් යටතේ ලංකාවට අනන්‍යවූ සටන් ක්‍රමය කුමක්ද එවන් සටන් ක්‍රමයක් තිබුණේද නැද්ද, තිබුණා නම් එයට අදවන විට සිදු වූයේ කුමක් ද යන්න සොයා අපගේ අනන්‍යතාව මතුකර ගැනීමට කටයුතු කළ යුතු ය. අපේ අභිමානය ලෝකයට ම කියා පෑමට කටයුතු කළ යුතු ය.
විමසුම
[සංස්කරණය]ලංකා ඉතිහාසය දෙස බැලීමේ දී එය පූර්ණ වශයෙන්ම යුධ ඉතිහාසයක් බව මැනවින් පැහැදිලි වේ. පෙරදිග මෙන්ම අපරදිල ජාතින්ගේ නිරන්තර පීඩාවන්ට ලක් වීම හේතුවෙන් නිරන්තර අරගලවලින් පිරුණු ඉතිහාසයක් දැකිය හැකි ය. චෝල, පාණ්ඩ්‍ය, දෙමළ මෙන්ම චීන ආක්‍රමණයන්ද පරංගි, ලන්දේසි හා ඉංග්‍රීසි ආදි බරහිර ජාතීන්ගේ ආක්‍රමණයන්ද නිරන්තරයෙන් දැකිය හැකි ය.
මෙම විවිධ ආක්‍රමණ සිදුවන අවස්ථාවලදී ලංකාවේන පැන නැගුණ දක්ෂ ජන නායකයෙකු විසින් සියලු සේනා සංවිධානය කර යුධ කරන ලද බවත් එසේ සිදු කර පරසතුරු ආක්‍රමණ මැඩ පවත්වා රට නිදහස් කරන ලද බවත් දැකිය හැකි ය.
අදටත් අප සමාජය තුළ දැකිය හැකි හේවාගම් කෝරළය, හේවා හැට, කඩුවෙල, දුණු ගමුව වැනි ග්‍රාම හා ප්‍රදේශ නාම වලින් මෙන්ම රණසිංහ මුදියන්සේ,තුවක්කු සේප්පු ආරච්ච වැනි පුද්ගල පෙලපත් නාම වලින්ද එම රණකාමී ඉතිහාසය මනාවට ගම්‍ය වේ.
පැරණි ලංකාවේ යුද්ධ ආයුධ
[සංස්කරණය]පැරණි ලංකාවේ යුද්ධ ආයුධ පිළිබඳව නිසියාකාර අධ්‍යයනයක් මේ වන විට කර ඇත්ද යන්න සැක සහිත ය. සිංහලයන්ගේ පැරණි රණශූරත්වය මැනවින් පෙන්නුම් කරන ලද විවිධාකාර ආයුධ රාශියක් මෙන්ම ස්ව ආයුධ නිර්මාණය කිරීමේ අපුර්ව තාක්ෂණ වේදයන්ද පැවති බව සඳහන් කළ යුතු ය. පැරණි ඊතල පැරණි පොරෝ කිහිපයක්
සාක්ෂි
[සංස්කරණය]පැරණි ලංකාවේ පැවති යුධ දක්ෂතාවන් පිළිබඳව වාර්තාවන අවස්ථා රාශියක් අපට හඳුනාගත හැකි ය. සිංහලයන් සටන් අපරාජිතවූ බවත් ති දක්ෂ යුධ හමුදාවක් සිටි බවටත් අපමණ සාක්ෂි දැකිය හැකි ය. විශේෂයෙන්ම බටහිර ජාතීන්ගේ ආගමනයත් සමග ඔවුන් විසින් තබන ලද සටහන් රාශියකින් මේ පිළිබඳ තොරතුරු හෙලි වේ.
අංගම් සටන් කලාව
[සංස්කරණය]පැරණි ඉතිහාස අධ්‍යයනය කිරීමේදී විවිධාකරා ආක්‍රමණ හමුවේ අපරාජිතව සිටීමට නම් යම් කිසි නිසියාකාරව සකස් කරන ලද සටන් ක්‍රමයක් පැවතිය යුත්‍ර බවට නිගමනයකට එලැඹීමට අපහසු නැත. එසේ නොමැති නම් මෙවන් ආකාර ආක්රමණයන්ට මුහුණ දීමට හැකියාවන් තිබිය නොහැකි ය.
මුල් කාලීනව පැවති සටන් ශිල්පය කුමක්ද යන්න සොයා බැලීමට අවශ්‍ය සාක්ෂි ඇත්තේ ඉතා අල්ප වශයෙන් වුවත් කැටයම් සිතුවම් ආදියේ පවතින සටන් ශාස්ත්‍රය පිළිබඳ ඉඟිවලින් යම් නිගමනයකට එළැඹිය හැකි ය.
කෙසේ වෙතත් දැනට වර්තමානයේ ප්රකටව පවතින අංගම්පොර යනුවෙන් ප්‍රකට සටන් ක්‍රමය පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. එසේම ලංකාවේ යම් ප්‍රමාණයකට ප්රකටව පැවති වෙනත් සටන් ක්රමයන් කීපයක් කෙරෙහිද අවධානය යොමු කිරීම තුළින් අංගම් කලාවේ අනන්‍යතාව ආරක්ෂා කළ යුතු වේ.
හේවාකම් අංගම්පොර යුදයේ දූ කෙළි අං කෙළි මේ හැම යුදයේ පංච කලා පස් දෙන ජය ගනියේ තුන් ලොවටම ඇවු ලී මෙම දිපයේ[1] (පැරණි ජන කවියක්...)
මහාසම්මත මනු යුගයෙන් එපිටදී සට මෙම සටන් ශාස්ත්‍රය පැවතුන බවට සාක්ෂි ඇත. එනම් අවුරැදු 33,000 කට එපිට යුගයයි. මෙම ශාස්ත්‍රය නිර්මාණය කරන ලද්දේ යක්ක (යක්ෂ) ගෝත්‍රික සෘජිවරැන් යයි පාරම්පරික සටන් ශිල්පීන්ගේ විශ්වාසයයි. ලංකාවේ රදල පෙළපතට ආවේණික වූ ශාස්ත්රයකි. රාවණා යුගය යනු සටන් ශාස්ත්රයේ ස්වර්ණමය යුගයකි. මෙය රාම රාවනා යුද්ධයේදී භාවිතා විය. මෙයට අමතරව පණ්ඩුකාභය, එලාර දුටුගැමුණු යුද්ධය, විජයබාහු රජු, ගජබා රජු, නීලමහා යෝධයා, ටිකිරි කුමාරයා (සීතාවක රාජසිහ රජු), වීදිය බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, දෙවන රාජසිංහ, ලෙව්කේ දිසාව, රත්වත්තේ දිසාව, ගලබඩ දිසාව, බූටෑවේ රටේ රාළ, කොහුකුඹුරේ රටේ රාළ, කැප්පෙටිපොල දිසාව, කිවුලේගෙදර මොහොට්ටාල, ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන්අප්පු වැනි යුගයන් හා සටන් ශිල්පීන් මෙම පූජනීය ශාස්ත්‍රය භාවිතා කළ ප්රස්තූතයන් ලෙස ඉතිහාසය සාක්ෂි දරයි. මෙම සටන් ශිල්පය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය තුළ දී තහනමට ලක් වෙයි.
අංගම්පොර තහනමට ලක් වීම
[සංස්කරණය]සොලී ආක්‍රමණ, පෘතුගීසි ආක්‍රමණ, ලන්දේසි ආක්‍රමණ වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් අංගම්පොර සටන් ශිල්පීන් මරා දමා ඇත. එපමණක් නොව පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් වැනි පරදේශක්කාර ආක්රමණිකයින් අංගම්මඩු, වෙහෙර විහාර, පොත්පත් ආදිය මහා පරිමාණයෙන් විනාශ කළ බවට ද අපේ ඉතිහාසය සාක්ෂි දරයි. ඉංග්‍රීසීන් 1818 දී අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික රහස්‍ය ශිල්පයක් ලෙස පවත්වාගෙන යාමට පාරම්පරික සටන් ශිල්පීන්ට සිදු විය. එම හේතුව නිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් වී තම පරම්පරාවට පමණක් උගන්වට තත්ත්වයට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ලක්ෂණ බද්ධ කොට නර්තන අංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයන් දක්නට ඇත.
තහනම් සමයේ වෙනත් සටන් ක්‍රම පැමිණීම
[සංස්කරණය]ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමත් සමඟ රටේ සටන් ශිල්පීන්ගේ දැඩි නිහඬතාවයක් ඇතිවන්නට වීමත් සමඟ සටන් ශාස්ත්‍රයක් හැදෑරීමට අවශ්‍ය අයෙකුට සටන් ශිල්පයන් නොමැතිවීමේ රක්තකය තුළට වෙනත් සටන් ක්‍රම ආගමනය වීමට පටන් ගනී. මෙහිදී විශේෂයෙන් කොළඹ කොටුව ආශ්රිත ප්‍රදේශවල තිබූ දැඩි මිශ්‍ර සමාජ ක්‍රමය තුළට ඉතාමත් ලෙහෙසියෙන් විදේශීය සටන් ක්‍රමවල අනුගාමිකන් සංක්‍රමණය විය. එවැනි සටන් ක්‍රම ලෙස පහත ඒවා දැක්විය හැකි ය.
- චීන චෙම්පූ
- ඉන්දියාවේ මාත්තියාර් මිනිසුන්ගෙන් ලැබුණ මලයාලම් සටන් ක්‍රම
- ඉහත දෙක එකත්‍රවී සෑදුණු චීන පුඩි හෙවත් චීනඩි සටන් ක්‍රමය
- මලයාඩි නැතිනම් වත්මන සිලාට් නැමැති මැලේ සටන් ක්‍රමය
- ඉන්දියාවේ සිලම්බාඩි හා කලරි පයාට්ටු සටන් ක්‍රම
- නූතන කරාටේ, වූෂු, ටයිකොන්ඩෝ ප්‍රධාන චීන හා ජපන් සටන් ක්‍රම
මෙවැනි සටන් ක්‍රම කීපයක් මෑත කාලීන ලංකාවේ පැවති බව පෙනේ. මෙම සටන් ක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමකදී අංගම්පොර ලංකාවේ සටන් ක්‍රමයක් බවත් චීනඩි චීන වෙළෙදුන් මාර්ගගයන් පැමිණි යටන් ක්‍රමයක් බවත් මලයාලම් ඉන්දියාවෙන් පැමිණි සටන් ක්‍රමයක් බවත් හදුනාගත හැකි ය.
අංගම්පොර නමින් වෙනත් සටන් ක්‍රම කරළියට පැමිණීම
[සංස්කරණය]දඩුමස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජයට මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව නැවත සිහිගැන්වීමක් සිදු කෙරේ. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගත්තේ ය. පවතින විවෘත්ත ආර්ථික ක්‍රමය හමුවේ මෙහි ඇති මුල්‍යමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් (ඉහත සඳහන් කළ) හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැන ව්‍යාජ අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදී ආයතනවලට ගොස් තමන් පාරම්පරික අංගම්පොර ශිල්පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.
මෙසේ ලියාපදිංචි වූ ඔවුන් අද පවසන්නේ තමන් මෙසේ ලියාපදිංචි වීම නිසා තමන් අංගම්පොර සටන් ශිල්පියෙක් බවයි. එසේනම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එක් ප්‍රශ්නයක් පමණි. ක්‍රීඩා හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ කවුරු විසින් කෙදින කුමන අංගම්පොර කෙල පැමිණියෙක් ඉදිරියේ ඔහුගේ කලාව පරීක්ෂණයකට භාජනය කලාද යන්නයි. අංගම්පොර පිළිබඳව කිසිවක් නොදන්නා නිළධාරීන් දුන් සහතිකය අන්ධයන් සතර දෙනෙකු අලියා පිළිබඳව දුන් අර්ථකථනයට සමාන වේ. මෙකළ මුදල් විසි කරන්නේ නම් අමාත්‍යාංශයක ලියාපදිංචි වීම පමණක් නොව ගරු නම්බුනාම, ආචාර්ය පදවි ලබා ගත හැකි බව කාහටත් රහසක් නොවේ.
සැබෑ සටන් ශිල්පීන් ඉතිරිව සිටීද?
[සංස්කරණය]සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේ ද යන්න ඕනෑම අයෙකුට නැගෙන ප්රශ්නයකි. අවුරුදු 300කට ආසන්න කාලයක් පූර්ණ තහනමකට ලක්ව තිබූ මෙම ශිල්පය තහනම් යුගයේදී නීති විරෝධී ලෙස යටත්විජිත පාලනය විසින් තැන තැන මරා දැමූ සටන් ශිල්පීන්ගේ ඉතිහාසය ඇසූ වත්මන් සමාජය එවැනි තිරණයකට එළැඹීම පුදුම සහගත නොවේ.
එසේ වුවද අදටත් නොනැසී මෙම ශාස්ත්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේ. ඉතාමත්ම අප්රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරාවන් බොහෝ විට අදටත් නර්තන සම්ප්‍රදායන් හා බද්ධව මෙය පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මේ වන විට ප්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත්රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන් කරුවන් මෙහිදී අමතක කළ නොහැකි ය.
කොරතොට අංගම්පොර සම්ප්රදාය
[සංස්කරණය]අදින් වසර 33000කට පමණ පෙර මේ ලක් දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග්‍රහණයට මුල් වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන මෙම අංගක්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තා තානාත්තර ලත් ගෞරවාන්විත සම්ප්රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප්රදාය රුකගෙන නොනැසී පවත්වාගෙන යාම ජාතියේ මහත් වාසනාවක් බව සඳහන් කළ යුතු ය.
ආශ්රිත ග්රන්ථ හා ලිපි
[සංස්කරණය]- ^ ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා, ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා - පී.එම්. සේනාරත්න