කොරතොට අංගම්පොර සම්ප්‍රදාය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කොරතොට අංගම්පොර සම්ප්‍රදායේ විරුවන්
කොරතොට අංගම් මඩුව
රාසින් නිරිඳු වැඩලා රණ කෙලි තොටට ඉලංගමට හේවාකම් දුන් කලට පස්ස පොරොත්තුව පැනලා කොටන්නට . කොරතොට ආරච්චිල ගියෙ පෙරට පතිනිගෙ දොන් සමග[සංස්කරණය]

දෙවපෙලට


පත්තිනිගේ අංගම්[සංස්කරණය]

රණකෙලියට ප්‍රකට වූ නිසා කෙලි තොට වී පසුව එය ජන වහරෙන් කොරතොට වී ඇත.මෙහි කොරතොට නවගමුව ඇඹුල්ගම තම නිජ් භූමියකරගත් අංගම්පොර පරම්පරා 2කි ඒ පත්තිනිගේ හා කොරතොට ආරච්චිය .රාජ්සිංහ රජ සමයේ සිදු වූ ප්‍රශ්නයකින් පසු පත්තිනිගේ පරපුර ඇඹුල්ගම තම නිජ් භූමිය කරගෙන ඇත.තමා මේ කලාව දන්නා බව කිසිවෙකුට නොහගවන මෙම පිරිස පසු කලක ඉංග්‍රීසීන්ටද උදවු කර ඇත එම නිසා ඔවුන්ට පත්තිනිගේ දොන් ලෙස තව නාමයක් එක් විය.(කොරතොට රාජ් මහා විහාරයේ පුස්කොළ පොතකට අනුව)තවත් විශේෂ කරුනක් නම් දැනට ලෝකයෙන් තුරන් වී ඇතැයි විශ්වාස කරන රාක්ෂස අංගම් කලාව මොවුන් තවමත් තම පරපුරේ පවත්වාගෙන් යයි.එවක රජ වරු පවා දණ නැමූ මේ පත්තිනිගේ දොන් පරපුර් බොහෝ පිරිහී ගොස් ඇත.එමෙන්ම පරම්පරා3කින් එක් අයකුට ලැබෙන විශේෂ ලී වැඩ කිරීමේ හැකියාවක් ඇත්.

කොටුවක් ලෙසද පසු කාලීනය වලගම්භා රජුුගේ යුද පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද පසුව ටිකිරි කුමරැගේ ප්‍රධාන අංගං සටන් මධ්‍යස්ථානය ලෙසට ද පැවත ඇත[තහවුරු කරන්න]. මේ කරැණු එයි ලියැවී ඇති සෙල්ලිපි වලින් පවා සනාථ වේ. ටිකිරි කුමරුන් සමඟ මුල්ලේරියා මහා සංග්‍රාමයට එක්වී එය ජයග්‍රහනය කිරීමේ භා්‍ග්‍යය මේ පරම්පරාවට හිමි වේ[තහවුරු කරන්න]. මේ පරම්පරාව අදටද ජීවත් වනුයේ සටන් විජයග්‍රහනය ලැබූ හේවාගම් කෝරලයේ නින්දගම් භූමියේ ය. වර්තමානයේ මෙම සටන් පෙළපතේ මුහන්දිරම් වරයා වන්නේ නම් සටන් ශිල්පියා ය[තහවුරු කරන්න].

කොරතොට බැලුම් ගල[සංස්කරණය]

ලංකාවට ප්‍රබල ලෙස බලපෑම් කිරීමට සමත් වූ ඉංග්‍රිසි ජාතිකයින් සමග අතීත රජවරු දීරිඝ කාලීන සටන් වලට යොමු වී ඇත. මෙම සටන් වලදී මෙම බැලුම් ගල නම් කොරතොට කන්ද කේන්ද්‍රස්ථානයක් ලෙස යොදා ගෙන ඇත. මෙම කොරතොට කන්ද අංගම් පොර ශිල්පය ආරම්බ කල බවත් කොරතොට සත් පත්තිනි දේවාලය ද එහි කේන්ද්‍රස්ථානයක් බව විද්වතුන් පවසයි. මෙම කන්ද මත සිට මුලු කොළඹම නැරඹිය හැක. සිංහල බටයින් මෙම කන්ද මත සිට ඔත්තු බැලූ බැවින් බලපු ගල හෙවත් බැලුම් ගල විය. වර්ථමානයේ මේමතට නැගීම සදහා යකඩ පඩි පෙළක් නිර්මාණය කර ඇත.

දිවුරුම් මධ්‍යස්ථාන[සංස්කරණය]

කොරතොට රජමහා විහාරය
  • කොරතොට රජමහා විහාරය
  • රන් කඩු පත්තිනි දේවලය
  • නවගමු පත්තිනි දේවාලය
  • කැළණි විහාරය
  • ඇඹුල්ගම රාජ මහා විහාරය.(පත්ට්ත්තිනිගේ දොන් පරම්පරවේ )

ආදිය කොරතොට සම්ප්‍රදායේ අංගං ශිල්පීන්ගේ ප්‍රධාන දිවිරුම් මධ්‍යස්ථානයන් ය.

අංගං සටන් විරුවෝ[සංස්කරණය]

ටිකිරි කුමාරයා
  • කොරතොට කරුප්පු ආරච්චි
  • කොරතොට සෝභිත හිමි
  • මුල්ලේගම සෙනෙවි
  • නවරත්න මැණික
  • පත්තිනිගේ දොන්

ආදීන් කොරතොට අංගං සටන් පරම්පරාවේ මුතුන් මිත්තන් ය.

අතීතයේ පටන් සටන් පුහුණු කළ කොරතොට ආරච්චිවරුන් 18 දෙනාගෙන් ප්‍රධාන වූ පරම්පරාව පත්තිනිගේ දොන් පරම්පරාවයි. මේ පරම්පරාව විසින් අදට ද පුරාතන අංගම් මඩු තුළ අප නිර්මල ශාස්ත්‍රය පුහුණු කරමින් සිටියි.


ලේඛනගත පරම්පරා ඉතිහාසය[සංස්කරණය]

"රාජසිංහ රජ රණ කෙළි කෙල ජයගෙන කොරතොට ආරච්චිවරුන් ළඟට ගෙන්වා ත්න්න මාන්න දී හේවාකම් කර ජයගත් නිසා හේවාගම් කෝරලය යයි නම් තබා ඇත." - රාජාවලිය
"කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොහින් මුල්ලේරියා වෙල මැද සිටිනා පුතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ." - රාජාවලිය

කොරතොට ආරච්චිවරුන් හා මුල්ලේරියා යුද්ධය සම්බන්ධ ඉතිහාසය රාජාවලිය පමණක් නොව පෝල් ඊ පීරිස් මහතාගේ පෘතුගීසි යුගය ග්‍රන්ථයෙන්ද ”කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප‍්‍රවීණ ඉලංගක්කරුවෝ ද ඉලංගං සටන් පුහුණු වු පනික්කි සටන්කරුවෝ ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේ දී පෘතුගිසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දීමට වුහ. රාජසිංහ තෙමේ ම පෙරමුණේ සිට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප‍්‍රහාර එල්ල කළේය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදු විය.” යනුවෙන් සඳහන් වේ.

මෙයට අමතරව සීතාවක උරුමය, සීතාවක පුර යුගය, සීතාවක හටන වැනි කෘතීන් තුළද සාධක හමුවේ.

(නමුත් පත්තිනිගේ පරපුරේ ඉතිහාසය පිලිබදව වැඩියෙන් සඳහන්ව ඇත්තේ ඇඹුල්ගම රාජමහා විහාරයේ පුස්කොල පොත් වලය )

වැඩිදුර කියවීම්[සංස්කරණය]

අධෝලිපි[සංස්කරණය]