නෙබුකැඩ්නෙසර් II
නබූ-කුඩුරි-උසර් | |
---|---|
බැබිලෝනියාවේ රජ | |
![]() II වන නෙබුකැඩ්නෙසර්ගේ රුව සමග ඔනික්ස් පාෂාණයක කැටයම් කළ අභිලේඛනයක්. ඇන්ටන් නයිස්ට්‍රෝම්, 1901.[1] | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 605 – 562 පමණ |
පූර්වප්‍රාප්තිකයා | නැබොපොලැසර් |
අනුප්‍රාප්තිකයා | අමෙල්-මාර්ඩුක් |
උපත | ක්‍රි.පූ. 634 පමණ |
මරණය | ක්‍රි.පූ. 562 පමණ (71 හෝ 72 වියැති) |
පියා | නැබොපොලැසර් |
නෙබුකැඩ්නෙසර් II (i/ˌnɛbj
ʊkədˈnɛzər/; සැකිල්ල:Lang-arc; හීබෲ: נְבוּכַדְנֶצַּר Nəḇūḵaḏneṣṣar; පුරාතන ග්‍රීක: Ναβουχοδονόσωρ Naboukhodonósôr; අරාබි: نِبُوخَذنِصَّر nibūḫaḏniṣṣar; ක්‍රි.පූ. 634 – ක්‍රි.පූ. 562 පමණ) යනු ක්‍රි.පූ. 605 – 562 පමණ කාලයේ රාජ්‍ය කළ නව-බැබිලෝනියානු අධිරාජ්‍යයේ කැල්ඩියන් රජ කෙනෙකි. බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන ඉදිකිරීම මෙන්ම ජෙරුසලමේ දේවස්ථානය විනාශ කිරීම ද සිදුකළේ ඔහු විසින් යැයි සැලකේ. ඔහු පිළිබඳ ඩැනියෙල්ගේ ග්‍රන්ථය සහ බයිබලයේ පොත් කිහිපයක ද සඳහන් වේ.
අක්කාඩියානු නමක් වන නබූ-කුඩුරි-උසර් යන්නෙහි අර්ථය "නබු නබු දෙවියනි, මගේ පළමු පුත්‍රයා රැකගන්න" යන්නයි. මාර්ඩුක් දෙවියන්ගේ පුත්‍රයා වන නබු බැබිලෝනියානු ප්‍රඥාවේ දේවතාවා ද වේ. අභිලේඛනයක නෙබුකැඩ්නෙසර් තමන්ට ආමන්ත්‍රණය කොටගෙන ඇත්තේ නබුගේ "ආදරණීයයා" සහ "ප්‍රියතමයා" යන නාමයෙනි.[2][3] මුලින් ඔහුගේ නම "නබු, මාගේ කුඩුරු රැකගන්න" ලෙස වරදවා අර්ථ දක්වා තිබිණි.[4] එවිට කුඩුරු යනු දේපළවල අභිලේඛිත පාෂාණමය ඔප්පුවක් බඳු දෙයකි. කෙසේනමුත් පාලකයාගේ නමෙහි යෙදෙන විට කුඩුරු යන්නෙන් ආසන්න වශයෙන් "පළමුව උප්න පුත්‍රයා" හෝ "වැඩිමහල්ම පුත්‍රයා" යන්න අරුත් ගැන්වේ.[5] හීබෲ නාමයේ ප්‍රභේද අතරට සැකිල්ල:Hebrew සහ සැකිල්ල:Hebrew (Nəḇuḵaḏreṣṣar) යන නම් ද ඇතුළත් වේ. ඔහුව බඛාත් නසර් යනුවෙන් ද හැඳින්වෙන අතර එහි අර්ථය "දෛවය ජයගන්නා" යන්නයි.
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Anton Nyström, Allmän kulturhistoria eller det mänskliga lifvet i dess utveckling, bd 2 (1901)
- ↑ Harper, R. F. quoted in Peet, Stephen Denison (editor). 1900. “Editorial Notes,” The American Antiquarian and Oriental Journal. New York: Doubleday, vol. XXII, May and June, p. 207.
- ↑ Lamb, Harold. 1960. Cyrus the Great. New York: Doubleday, p. 104.
- ↑ Schrader, Eberhard. 1888. The Cuneiform Inscriptions and the Old Testament. London: Williams and Norgate, p. 48 (footnote).
- ↑ Chicago Assyrian Dictionary sub Kudurru Ca5'
වැඩිදුර කියවීමට[සංස්කරණය]
- Chapter 23, "The Chaldaean Kings" in Georges Roux, Ancient Iraq (3rd ed.). London: Penguin Books, 1992. ISBN 0-14-012523-X
- ABC 5: Chronicle Concerning the Early Years of Nebuchadnezzar
- Nabuchodonosor on the Catholic Encyclopedia
- සැකිල්ල:Eastons
- සැකිල්ල:Catholic
- Stefan Zawadski, "Nebuchadnezzar's Campaign in the 30th Year (575 BC): A Conflict with Tyre?" in Mordechai Cogan and Dan`el Kahn (eds), Treasures on Camels' Humps: Historical and Literary Studies from the Ancient Near East Presented to Israel Eph'al (Jerusalem, Magnes Press, 2008).
- T. E. Gaston, Historical Issues in the Book of Daniel, Oxford: Taanathshiloh, 2005
බාහිර සබැඳි[සංස්කරණය]


- නෙබුකැඩ්නෙසර්ගේ අභිලේඛනය. බැබිලෝනියානු සහ ඇසිරියානු සාහිත්‍යය – පැරණි පරිවර්තනය
- නෙබුකැඩ්නෙසර් ඉෂ්තාර් දොරටු අභිලේඛනය
- නෙබුකැඩ්නෙසර් පිළිබඳ යුදෙව් විශ්වකෝෂය
- කෙබුකැඩ්නෙසර් II සඳහා පුරාතන ඉතිහාස විශ්වකෝෂයේ ඇති තොරතුරු
පූර්වප්‍රාප්තිකයා නැබොපොලැසර් |
බැබිලෝනියාවේ රජ ක්‍රි.පූ. 605 – ක්‍රි.පූ. 562 |
අනුප්‍රාප්තික අමෙල්-මාර්ඩුක් |