නාරිද්වේෂය

විකිපීඩියා වෙතින්

නාරිද්වේෂය යනු කාන්තාවන්ට හෝ ගැහැණු ළමුන්ට එරෙහිව පවතින වෛරය, අවඥාව හෝ ඔවුන්ව අගතියට පත් කිරීම යි. නාරිද්වේෂය යන්න සමාජීය නිෂේධනය, ලිංගික විවේචනය, විරෝධය, පුරුෂාධිපත්‍යය, පීතෘමූලිකත්වය, කාන්තාවන් නොසළකා හැරීම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, සහ ලිංගික වෛෂයීකරණය ඇතුළු බොහෝ මාර්ග වලින් ප්‍රකාශ වේ.[1][2] නාරිද්වේෂය බොහෝවිට ආගම්වල පූජනීය ග්‍රන්ථ සහ පුරාණෝක්ති වල ද හමුවන අතර විවධ වැදගත් බටහිර දාර්ශනිකයන් සහ චින්තකයන් නාරිද්වේෂියන් ලෙස හදුන්වා ඇත.[1][3]

නිර්වචන[සංස්කරණය]

සමාජ විද්‍යාඥ ඇලන් ජී ජොන්සන්ට අනුව නාරිද්වේෂය යනු සංස්කෘතික කාරණයකි.බොහෝ සංස්කෘතීන්තුල ස්ත්‍රිය කෙරෙහි වෛරය ද්වේෂය හා පිළිකුල්සහගත ඍණාත්මක ආකල්ප ඇතිකරවන ඉගැන්වීම් අන්තරගතය.සමාජ විද්‍යාඥ මිචෙල් ෆ්ලඩ් ද නාරිද්වේෂය යනු කාන්තාව කෙරේ ඍණාත්මක ද්වේෂ සහගත ආකල්ප බව පවසයි[4][5][6] මෙයට ස්ත්‍රින් අවිශ්වාස කිරීම ද ඇතුලත්ය..[7].

එෙතිහාසික භාවිතයන්[සංස්කරණය]

සාම්ප්‍රධයික ග්‍රීසිය[සංස්කරණය]

Euripides

ජේ ඩබ්ලිව් රෝබට් පෙන්වා දෙන ආකාරයට බොහෝ ග්‍රීක මිත්‍යා කතා සාහිත්‍ය නිර්මාන තුල නාරිද්වේෂය පිළිබද සංකල්ප ගැබ්ව පවතී..[8] ඉංග්‍රීසි බසින් නාරිද්වේෂය හගවන misogyny යන වචනය ග්‍රීක භාෂාවේ misogunia (μισογυνία), යන වචනයෙන් බිදී ආවකි.

ඇන්ටිපැවර් නම් ග්‍රීක දාර්ශනිකයා සදහන් කරන්නේ විවාහය රජ්‍යෙය් පදනම වන බවයි.දේව කැමැත්ත අනුව විවාහය සිදුවන අතර පුරුෂයා විසින් ස්ත්‍රිය පාලනය කිරීමේ බලය දේව කැමැත්ත අනුව පුරුෂයාට ලබා දේ.විවාහය මගින් ස්ත්‍රියගේ ස්වාධීනත්වය අහෝසිවේ.එක් අතකින් පුරුෂයා පාලක පැලැන්තියත් ස්ත්‍රිය පාලිත පැලැන්තියන් නියෝජනය කරන්නේය යන්න කිව හැකිය.දේව කැමැත්ත අනුව සිදුවන විවාහයේ දී ස්ත්‍රියට තම අයිතිවාසිකම් පිළිබද අරගල කිරීමට අවසර නොමැත.. [9][10]දේවවාදී අවධින්තුල පාලකයා පත්වීම දේව කැමැත්තට අනුව සිදුවන බවත් පලකයාගේ කැමත්ත දේව කැමැත්ත බවත් පාලකයා විසින් කොපමණ ආකාරයකින් ජනයා පීඩනයට පත් කලද දේව කැමැත්තට එරෙහිව අරගල කිරීමට පාලිතයන්ට අවසර නොවීය.එසේම පීතෘ මූලික සමාජයක විවාහයට පත්වූ කාන්තාවට තම අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගීමට නොහැකිය.මන්ද විවාහය දේව කැමැත්ත අනුව සිදුවන දෙයක් බැවිනි.

නාරිද්වේශය ග්‍රීක දාර්ශනිකයන් විසින් ඇතැම් අවස්ථාවල රෝගයක් ලෙසද නම්කරයි.."[11] [12]

ඇරිස්ටොටල් ද ස්ත්‍රීන් පුරුෂයන්ට වඩා පහත් බව දක්වයි the Routledge philosophy guidebook to Plato and the Republic, නම් ග්‍රන්තය මගින් නිකලොස් පැපාස් විසින් නාරිද්වේෂය හා රජය පිළිබද විස්තර කරයි.

සති පූජා අවස්ථාවක්

ග්‍රීක දාර්ශනික සිසරෝ සදහන් කරන්නේ නාරිද්වේෂය ස්ත්‍රීන් කෙරේ ඇතිනව බිය හා අකමැත්ත ප්‍රකාශ කරන බවයි..[13]

  • එකම කාන්තාවකට දෙනෙකු ආදරය කිරීමට හෝ විවාහ වීමට හෝ ලිංගික සම්භන්ධතා පැවැත්වීමට උස්සාහ කිරීමේ දී ඔවුන් අපේක්ෂාභන්ගත්වයට පැමින කාන්තාවන්ට වෛර කරන පුද්ගලයන් බවට පත්විය හැක..[14]
  • ග්‍රීත දේවකතාවන්නට අනුව වීනස් දෙවුදුව කොතරම් යහපත් වුවද සැටර්න් දෙවියන් ඇගේ රූපශීයට වෛර කළේය.[15][16]
  • මම ප්‍රත්‍යක්ෂ කරනවා මෙම ගුරුවරයා කාන්තාවන්ට වෛර කරන්නා කිසිදින නිදියහනේ සුව නොවිදිනබව යනුවෙන් ඇසිෆන් පවසයි.[17]

සාමාන්‍යයෙන් ග්‍රීක දාර්ශනික මතයන්ට හා සාහිත්‍යට අනුව නාරිද්වේෂය යනු රෝගයකි.බිරිදක් වශයෙන් කාන්තාවකගේ අගය පසුව බිහිවූ ග්‍රීක සාහිත්‍ය තුල ගැබ්ව ඇත.[10]

ආගම[සංස්කරණය]

වෛදික යුගය[සංස්කරණය]

භාරත දේශයේ වෛදික යුගය යනු නාරිද්වේශ සංකල්පය බහුලව පැවති යුගයකි.වෛදික චින්තනය තුල ස්ත්‍රියට හිමිව තිබූ ස්ථානය ඉතා අවාසනාවන්තය.කෙසේ වෙතත් වෛදික යුගයට පෙර පැවති පූර්ව වෛදික යුගයේ දී ස්ත්‍රිය ගෞරවාන්විත තැකැත්තියක් විය.ඉන්දු නිම්න හා මොහැන්දොජාරෝ හරප්පා ශිෂ්ටාවාරවලින් මතුවූ ලෝහමය ස්ත්‍රී නළගන රූප ස්වර්ණමය ස්ත්‍රී නිර්වත්‍ර රූප මගින් කාන්තාව දේවත්වයේ තබා ගෞරවයට පාත්‍ර කරඇතිබව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.කෙසේ වෙතත් වෛදිය යුගයත් සමග මෙම ක්‍රමය වෙනස්විය.බ්‍රාහ්මණ දහම තුල ස්ත්‍රියට වේදය ඉගැනීම තහනම් විය.ආගමික කටයුකු සදහා අත්‍යවශ්‍යම මොහොතක හැර ගෙන්වනු නොලැබීය.ස්ත්‍රිය පුරුෂයාගේ ලිංගික තෘප්තිය උදෙසාත් දරුවන් හදාවඩා ගැනීමත් පුරුෂයාට බැලමෙහෙවර කිරීමටත් පමණක් යොමුවිය යුතුවිය ඇයට ස්වාධීනව විසීම තීරණ ගැනීම තහනම්විය.බ්‍රාහ්මණ දහමේ ආගමික ග්‍රන්තයක් වන මනුස්මෘතියේ දැක්වෙන්නේ මෙසේය.
˘බාල්‍යෙපීතුවශෙනිෂ්ඨෙත් ප්‍රාණිග්‍රාහස්‍ය යෞවනේ පුත්‍රනංභර්ගරී ප්‍රේෙත් නබජේස්ත්‍රී ස්වතංත්‍රතාහ්˘
එනම් කුඩා කාලයේදී තම පියා යටතේද තරුණ කාලයේදී තම සැමියා යටතේද මහළු කාලයේදී තම පුතා යටතේද කාන්තාව සිටිය යුතුය ඇයට කිසිම අයුරකින් ස්වාධීන වීමට ඉඩ නොහැරිය යුතුය යනුවෙන් මනුස්මෘතිය පවසයි.එසේම විවාහවීමෙන් පසු තම සැමියා මියගියහොත් වැන්දඹු භාර්‍යාව අනිවාර්‍යෙයන්ම සැමියා දවන දරසෑයට පැන සියදිවි නසාගතයුතුවිය.මෙම සංතල්පය සතිපූජාව යනුවෙන් සළකයි.මෙය 19 වන සියවසය දක්වාද ඉන්දියාවේ පැවතුන අතර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් මෙය තහනම් කලහ.වර්තමානයේද ඉන්දියානු රජය විසින් සතිපූජාව මිනීමැරුමක් ලෙස සළකා එයට නීතිමය දඩුවම් ලබාදිය හැකි වනසේ දණ්ඩ නීති සංග්‍රහය සකසා ඇත.අතීතයේ මෙම සතිපූජා චාරිත්‍රය තරමක් ලිහිල්ව පැවතිව.බ්‍රාහ්මනයන්ට වඩා රජ්‍යපාලන බලතල දැරූ ක්ෂත්‍රිය රජවරුන් බ්‍රාහ්මණයන් ගේ ඇතැම් තහංචි ලිහිල් කලහ.උදාහරණ ලෙස යමකු ආරක්ෂක සේවයේ යෙදී සිටියදී යුධ පිටියේදී මියගිය හොත් එම පුරුෂයාගේ භාර්‍යාවට සතිපූජාව සිදුකිරීම අනිවාර්‍ය නොවීය.තවද ඉතා කුඩා අවධියේදී මහළු පුරුෂයෙකට ආවාහ කරදුනහොත් එම පුරුෂයා මියගිය පසු ළදරු වයසේ පසුවන භාර්‍යවකටද සතිපූජාව අනිවාර්‍ය නොවීය.තවද නටිකාංගනාවන් හා වෛශ්‍යවන්ට සතිපූජාව අදාල නොවීය.වේද යුගයේදී ස්ත්‍රියක් මරා දැමීම මැඩියකු මරාදැමීම තරම් සුළු ක්‍රියාවක් බවත් එයින් පාපයක් නොවන බවත් බ්‍රාහ්මණ ඉගැන්වීම විය.

පුරාණ ග්‍රීක මත[සංස්කරණය]

නාරිද්වේෂය ලෝකයේ පැරණිතම අගතිදායක සංකල්පයකි.ජැක් ඩොලාඩ් දක්වන පරිදි නාරිද්වේෂය පිළිබද සාක්ෂි ආසියානු හා ග්‍රීක පුරාවෘත්ත වල දක්නට ලැබෙන බවයි, ග්‍රීක පුරාවෘත්ත අනුව දෙවියන් විසින් ගැහැණිය මැවීමට පෙර මානව වර්ගයා ඉතා සාමකාමී ස්වතන්ත්‍ර යහපත් දිවියක් ගතකළහ.ප්‍රොමෙතියස් ගින්දර පිළිබද රහස සොරාගැනීමට අදහස්කලවිට සේසුස් කෝපාවිෂ්ටවී යක්ෂයාගේ ප්‍රසාදය උදෙසා මානව වර්ගයා දඬුවමකට යටත් කලයුතු බව තීරණය කළේය.යක්ෂයාට අයත්වූ දෙයක්වූයේ පැන්ඩෝරාවයි.එනම් ක්‍රියාත්මක කළවිට පාලනය කරගත නොහැකි ප්‍රශ්න ඇතිකරවන දෙයකි.ලොව ප්‍රථම ගැහැණියට මෙම පැන්ඩෝරාව විවෘත නොකරන ලෙස ප්‍රොමෙතියස්ගේ සොහොයුරාවූ එමෙතියස් දැනුම්දී තිබිණ.එහෙත් හිතුවක්කාර ලෙස මෙම ලොව ප්‍රථම ගැහැණිය මෙම පැන්ඩෝරාව විවෘත කළාය.එතැන් සිට යක්ෂයාට ලෝකය පාලනය කිරීමේ බලය ලැබිණ.යක්ෂයා විසින් ලෝකයට ලෙඩවීම ජරාවට පත්වීම මරණය උරුමකර දුන්නේය.[18]

බෞද්ධ[සංස්කරණය]

මහාචාර්‍ය බර්නාඩ් ගේ The Power of Denial: Buddhism ග්‍රන්තයේ දක්වන ආකාරයට පාරිශුද්ධත්වය(කිල්ල) ලිංගිකත්වය මත කාන්තාව කෙරේ විරෝධාකල්ප නොසළකා හැරීම් පහත් කිරීම් පවතින බවයි.එසේම ජාතක කතා පොත තුල වැඩිමනක් ජාතක කතාවල ස්ත්‍රිය පිළිබඳ ඍණාත්මක ආකල්ප වර්ධනය වනසේ ලියා ඇත.එසේම ඇතැම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්තවල හා සංස්කෘතික උස්සව අභිචාර වලදී කාන්තාව පිළිබද ඍණාත්මක අදහස් මතු කරන අවස්ථා දක්නට ලැබේ.කෙසේ වෙතත් බුදු දහම බිහිවීමට පෙර පැවති බ්‍රාහ්මණ ඉගැන්වීම් හා සසදා බැලීමේදී බුදු දහම පහල වීමත් සමග එකල කාන්තාව විශාල විමුක්තියක් ලැබූ බව පෙනේ.බෞද්ධ සංස්කෘතික අංග වල හා සාහිත්‍ය පොතපතට ලැබුණු හින්දු හා බ්‍රාහ්මණ ආභාෂයන් හේතුකොට මේවාට ස්ත්‍රී විරෝධී ඍණාත්මක මත ඇතුලත්වූ බව බොහෝ විචාරකයන්ගේ මතයවී ඇත.

බී.සී ලෝ නම් කතුවරයා විසින් රචිත Women in buddhist literature නම් කෘතියේදී මෙහෙණි සස්නේ ආරම්භය පිළිබද දක්වා ඇත.මහා පුජාපතී ගෝතමිය හෙවත් බුදුන්වහන්සේගේ සුළු මෑණියන් තවත් කාන්තාවන් 500 සමග පාගමනින්ම පැමිණ බුදුන්වහන්සේගෙන් පැවිදිවීමට කාන්තාවන්ටද අවසරදෙනලෙස ඉල්ලා සිටියහ.එහෙත් බුද්න්වහන්සේ තුන් වතාවක්ම ප්‍රජාගතී ගෝතමියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.මෙයින් පසුබට නොවූ මහා ප්‍රජාපතී ගෝතමිය තම අදහස බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ට සැළ කළහ.ආනන්ද හිමියන්ද බුදුන් වහන්සේගෙන් ස්ත්‍රීන්ටද පැවිද්ද ලබාදෙනලෙස ඉල්ලා සිටියහ.එවරද බුදුන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.අවසානයේ ආනන්ද හිමියන් ඒ සම්බන්ධව බුදුන් වහන්සේ සමග තර්ක කරන්නට විය.කාන්තාවක් සිය කැමැත්තෙන් මහණ වී නිසි පිළිවෙත් පිරුවහොත් ඔවුන්ට මාර්ගඵල ලබා නිවන් අවබෝධ කරගත නොහැකිදැයි ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කළේය.එයට පිළිතුරු ලෙස බුදුන් වහන්සේ මෙසේ වදාළහ.එසේය ආනන්ද කාන්තාවන්ටද මාර්ගඵල ලබා නිවන් අවබෝධ කරගත හැකිය.යි වදාළහ.මෙයින් පසු බුදුන් වහන්සේ විසින් මහා ප්‍රජාපතී ගෝතමියට පැවිද්ද ලබා දෙමින් මෙහෙණි සස්න ආරම්භ කළහ.කෙසේ වෙතත් මෙම පැවිදි උපසම්පදාව ලැබීමට පෙර කාන්තාවන්ට අෂ්ඨ ගරු දර්ම නම්වූ විශේෂ සිල්පද අටක් සමාදම්වීමට සිදුවිය.එම භීක්ෂුණීන්ට අනිවාර්‍ය වූ සිල්පද අට මෙසේය.

  • සියක් වස් පිරුණු භික්ෂුණියක් වුවද නවක භීක්ෂුවකට පවා නමස්කාර කලයුතුය.
  • භික්ෂු ආරාමයක් තුල භික්ෂුණියකට වස් සමාදන්විය නොහැකිය.
  • මසකට දෙවරක් භික්ෂුන් වහන්සේ හමුවී කමටහන් ගත යුතුය.
  • තමන් අතින් සිදුවූ සුළු වරද පවා වස් පවාරණයේදී සමාකරවා ගතයුතුය.
  • වසර දෙකක් ශීලය පුහුණු වීමෙන් උපසම්පදාව ඉල්ලා සිටිය හැකිය.
  • භික්ෂූන්ගේ නුගුණ කතා කිරීමෙන් වැළකිය යුතුය.
  • භික්ෂුවක හා පිළිසදරේ නොයෙදිය යුතුය.
  • විනය කඩවන සෑම අවස්තාවකදීම සමාකරවාගත යුතුය.

එසේම භික්ෂුන්ට වඩා වැඩි විනය ශික්ෂාපද ප්‍රමාණයක් භික්ෂුණීන්ට පණවා ඇත.එම ඇතැම් ශික්ෂාපද මගින් කාන්තාවන්ගේ මානව අයිතිවාසිම් පවා උල්ලංගණය වන බව බී.සී ලෝ පවසයි.එවන් ශික්ෂාපද 46 ඔහු තම කෘතියේ දී පැහැදිළි කරයි.

බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ත තුලද කාන්තාව හෙලා දැකීම බොහෝ දුරට දක්නට ලැබේ.රණස්සල්ලේ හිමියන් විසින් රචිත ලෝකෝපකාරය නම් උපදේශනාත්මක කාව්‍ය ග්‍රන්තයේ ස්ත්‍රිය පිළිබද ඍණාත්මක අදහස් ගැබ්ව ඇත.

‘වැදුවත් දරුවන ළඳුන් සෙනෙහස සැබෑ නොකරවු සිළුමිණිහි බබලන උරඟ විස සඟවා කෙළින වැනි’ යන කව්‍ය යෙන් ස්ත්‍රිය යනු විශ්වාස නොකලහැකි අය බවත් ඔවුන් විෂ සඟවාගෙන සිටින නාගයින්ට සමාන බවත් බවසයි. “”සඟ මොක් දෙකට යන මඟ අතුලි මාවත නිරා යන විස මුසු අමා යුරු ලියෝ මායම් පිරූ බඳනකි“” මෙම කාව්‍ය මගින් ස්ත්‍රිය යනු ස්වර්ග මෝක්ෂ යන දෙකට යන මග අවුරන ලෙස දමා අති අඟුලකට සමාන කරයි.එසේම ස්ත්‍රිය යනු අපායට ගමන් කරන මහමගක් වැනියයිද විෂ මිශ්‍ර අමෘතයක් යැයිද හඟවයි.මේ ආකාරයෙන් බොහෝ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්තතුල ස්ත්‍රිය පිළිබද ඍණාත්මක ආකල්ප ප්‍රකාශ කරයි.

මීට අමතරව බෞද්ධ නට්‍ය නාඩගම් ආදී කාලා කෘති තුලද ස්ත්‍රිය පිළිබද ඍණාත්මක ආකල්ප දක්නට ලැබේ.උදාහරණ ලෙස චුල්ල ධනුද්ධර ජාතකය ඇසුරින් නිර්මිත මනමේ නාට්‍ය දැක්විය හැක.මෙම නාට්‍ය තුලින් මනමේ කුමරියගේ චරිතය පති දෝහී චපල ස්ත්‍රියක් ලෙස නිරූපනය වූබව සරත්වදු නම් නාට්‍ය වේදියා පෙන්වා දෙයි.එදිරිවීර සරත්වද්‍රයන් විසින් පසුව මෙම ගැමි නාට්‍ය ඇසුරින් මානමේ නාඩගම නිර්මානය කළේය.ඔහු මෙම නාට්‍ය නිර්මානය මගින් පැවත් ගැමි නාට්‍ය සමප්‍රධායේ වූ ස්ත්‍රිය පිළිබද ඍණාත්මක ආකල්පය ඉවත් කර ගැහැණිය දෙස අනුකම්පාවෙන් බැලීමට යොමුකල බව සරස්වද්‍රයන් පවසයි.

ක්‍රිස්තියාකි[සංස්කරණය]

ඒව සර්පයා මත සිට තහනම් ගහේ ගෙඩි කැඩීම (ලීච් අභේ දෙවස්තානය 13 වන සියවස)

ස්ත්‍රිය පිළිබද සාම්ප්‍රධායික අදහස් හා ශුද්ධ බෛබලයේ එන අර්ථ දැක්වීම් අතර වෙනසක් ක්‍රිස්තියානි හා කතෝලික ආගමෙහි දක්නට ලැබේ .

ඇතැම් ස්ත්‍රීවාදී ලේඛකයින් කතොලික දහම තුල ස්ත්‍රී විරෝධී අදහස් ඇතිබව තර්ක කරයි'."[19]ශද්ධ බෛබලයට අනුව පුරුෂයා මුලින්ම මවා ඔහුගේ ඉළඇට පෙළෙන් ඇටයක් ගෙන එය මාංශයෙන් ආවරණය කර ස්ත්‍රිය මැවූබව දැක්වේ.එසෙම ශුද්ධ බෛබලයට අනුව ස්ත්‍රිය(ඒව) විසින් තහනම් ගහේ ගෙඩි කෑමට පුරුෂයා(ආදම්) ළෙඹවූ නිසා කෝපයට පත් දෙවියන් වහන්සේ ඇයට ශාප කරයි.එම ශාපය නිසා ස්ත්‍රියට දරුවන් වැදීමේ දී ප්‍රසූත වේදනාව අධික විය.එසේම ස්ත්‍රිය තහනම් ගහේ ගෙඩිකෑමට පෙළඹවූ සර්පයා ස්ත්‍රියගේ පරම හතුරාවිය.

ඇතැම් විද්වතුන් ගේ තර්කය වන්නේ කතොලික දහමතුල ස්ත්‍රී චිරෝධී ආකල්ප ජනනය වියහැකි මූලධර්මයන් නැතිබවයි.ඩෙවිඩ් එම් ස්කොලා(David M. Scholer) ශද්ධ බෛබලයේ එන 3:28 වන ගීතිකාවේ(the verse Galatians 3:28) මෙසේ සදහන් වේ යුදෙව් හො ග්‍රිකයන් වහලුන් හෝ නිදහස් වැසියන් ගැහැණු හෝ පිරිමි වශයෙන් නොව ඔබ සියල්ලෝම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට එකය.එනම් මේ සියල්ලොම ජේසුස් වහන්සේ ඉදිරියේ සමය. කතොලික දහම තුල ස්ත්‍රිය හා පුරුෂයා සමානය ."[20][21]

කාන්තාවන්ට ද්වේෂ කරන කතොලික හා ක්‍රිස්තියානි ආගමික ඇතැම් පුරුෂයන් පරික්ෂා කළ මාග්‍රට් ජේ රින්ක් දක්වන්නේ ක්‍රිස්තියානි හා කතෝලික සංස්කෘතිය තුල ඉගැන්වෙන ස්ත්‍රී වරෝධී ආකල්ප හේතුවෙන් ඔවුන් එම තත්වයට පකත්වී ඇතිබවයි..[22] කෙසේ වෙතත් කතොලික දහම අනුව පුරුෂාධිපත්‍ය දෙවියන් වහන්සේගේ කැමැත්තට වරුද්ධ වීමක් බවත් එය පාපයක් බවත් ක්‍රිස්ටෝපර් වෙස්ට් නම් විද්වතා පවසයි.[23]

ලෙවික්ටිකස් නැමැති පරණ තෙස්තමේන්තුවේදී පුරුෂයාගේ වටිනාකම රිදී කාසි 20කටත් ස්ත්‍රියගේ වටිනාකම ඉන් භාගයක් වන රිදී කාසි දහයක් බව දෙවියන්වහන්සේ නියමකර ඇතිබව පවසයි.මෙම ආකල්පය මුල්කර ගනිමින් අතීත බටහිර සමාජයේ පුරුෂ සේවකයෙකුට ගෙවන වැටුපෙන් භාගයක් පමණක් ස්ත්‍රී සේවිකාවකට ගෙවීය.

යුද්ධයකදී කන්‍යාවන් පැහැර ගැනීමට දෙවියන් වහන්සේ මෝසෙප්ට උපදෙස්දුන් සේක.පුරුෂයන් සේවනය නොකල දැරියන් ඔබ සදහා නොමරා තබාගන්න.(number 31.18).ඊශ්‍රාෙයල් භූමියෙන් අල්ලාගැනීමට එහි ස්වදේශිකයන්ට විරුද්ධව මෝසෙප් මෙහෙයවූ යුද්ධයකින් පැහැරගන්නා කන්‍යා ස්ත්‍රීන් දෙදහස් තිහක් දෙවියන් වහන්සේගේ ඉල්ලීම පරිදි මෝසෙප් දෙවියන් වහන්සේට පූජාකළ සේක.(number 32.35)

යෙහෝවා මෙසේ පැවසීය භාර්‍යාවරුනි ඔබේ ස්වාමිපුරුෂයන්ට යටහත්ශීලී වන්න(peter.2.21).කාන්තාවන් නිහඩව හා යටහත්ශීලීව පුරුෂයන් දෙන උපදෙස් පිළිපැදිය යුතුය.කාන්තාවන්ට ඉගැන්වීම් කටයුතු කිරීමට හෝ ආධිපත්‍යයෙන් කටයුතු කිරීමට මම අවසර නොදෙමි.ඔවුන් කලයුත්තේ නිහඩව සිටීම පමණි.(Timothсy 2.11.12)

ඉස්ලාම්[සංස්කරණය]

ඉස්ලාමම් ආගමේ අල් කුරාණයේ හතරවන පරිඡ්චේදයේ සුරාව 34 අනුව පුරුෂයො ස්ත්‍රීන් කෙරෙහි පරිපාලකයෝය.[24] ස්ත්‍රිය පුරුෂයාට අයත් වස්තුවකි.යහපත් ස්ත්‍රීන් තම පුරුෂයාට කීකරුවිය යුතුයˑපුරුෂයාව ආරක්ෂා කළයුතුය.ස්ත්‍රියක් අකීකරුවූයේ නම් පළමුව උපදෙස් දෙව.තවදුරටත් පුරුෂයාට අකීකරුව සිටීනම් අත්හරදමා යනුˌහුදෙකලා කරනු.යහනින් ඈත් කරනු.පහර දෙනු.යනුවෙන් ශද්ධ කුරාණය උපදෙස් දෙයි.

තවදුරටත් නබි නායකතුමා අනුශාසනා කරන්නේ මිනිසකුට තවත් මිනිසකු නැමදීමට මා අණ කරන්නේද ස්ත්‍රියට තම පුරුෂයා නැමදීමට අණ කරමි.එසේම ස්වාමියා තම ලිංගික අවශ්‍යතාවය සදහා ස්ත්‍රිය කැදවන්නේද ඇය කොහි සිටියද තම සැමියාට අවනතවිය යුතුය යනුවෙන් අනුසාසනා කරති.

අල් කුරානයට අනුව පුරුෂයා ස්ත්‍රීන් දෙදෙනකුගේ වටිනාකමින් යුක්තය.නබි නයකතුමා මෙසේද අනුශාසනා කරති.කාන්තාවන්ට හොදින් සළකන්න මන්ද ඔවුන් ඔබ විසින් ඇතිකරණ ගෘහ සතුන් වැන්න.වරක් නබිතුමගේ ප්‍රියතම භාර්‍යාවූ අයීෂා පවසා ඇත්තේ ඔබ අප බල්ලන් හා බූරුවන්ට සමකර ඇති බවයි.

ඉස්ලාමීය නීතිය අනුව දරුවන්ට දේපළ පැවරීමේ දී පුතාට තම 2/3 ක්ද දියණියට 1/3 ද පැවරිය යුතුයඉස්ලාමීය රටවල පවතින ෂාරියා නීතිය මගින්ද ස්ත්‍රිය දැඩිලෙස පීඩාවට පත්කරනු ලබයි.එසේම මුස්ළිම් විවාහ නීතිය තුලද දැඩි ලෙස පුරුෂාධිපත්‍ය බලය තහවුරු වනසේ සැකසී ඇත.ඉස්ලාම් දහම තුල බහු ස්ත්‍රී සේවනය අනුමත කර ඇත.ඉස්ලාම් කාන්තාවගේ පුරුෂ අැසුර නිර්දය ලෙස සීමා කර ඇත.තවද ඉස්ලාමීය තාන්තාවට මහජන සම්භන්ධතා සහිත රැකියා තහංචිය.එසේම ස්ත්‍රියට තම සිරුර ආවරණය වනසේ ඇදුම් ඇදීම තහනම්ය

Popular Islam and Misogyny: A Case Study of Bangladesh, නම් ග්‍රන්තයේ දී ඉස්ලාමීය සංස්කෘතිය තුල සුත්‍රිය කොතරම් පීඩනයකට ලක්වන්නේද යන්න පහදාදෙයි.:

No god but God, නම් ග්‍රන්තයේ දී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රේසාඅස්ලාන්(Reza Aslan) ඉස්ලාමීය සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය විවරණය කරයි.[25]

ඉස්ලාමීය ෂාරීයා නීතිය මගින් දරුණු ලෙස ගැහැණිය පීඩාවට පත් කරයි.ගැහැණියට ඇවිසින් සිදුකරන ලද වැරදි සදහා ඉතා බරපතල දඩුවම් ලබාදෙයි.ඒ අතර හිසගසා මරා දැමීම ගල්ගසා මරා දැමීම වැනි දඩුවම් ක්‍රම දැක්විය හැක.ඉස්ලාමීය විවාහ නීතිය අනුව පුරුෂයෙකුට ස්ත්‍රියක් එපාවූවිට එම පුරුෂයා කලයුත්තේ ඇය ඉදිරියේ තලාක් කියා තනුවරක් ප්‍රකාශ කිරීම පමණි.එවිට ඔවුන් දික්කසාදවූවාසේ පිළිගනී.ඊට සාක්ෂි දරන්නේ අල්ලා දෙවියන් පමණි.එහෙත් ස්ත්‍රියකට පුරුෂයාගෙන් කොපමණ වෙනස්කම් සිදුවුවද ස්ත්‍රියගේ කැමත්තට දික්කසාදයක් සිදුකල නොහැකිය.

දාර්ශනික මතවාද(17වන සියවස සිට 20වන සියවස දක්වා)[සංස්කරණය]

මෙම යුගයේ බිහිවූ දාර්ශනිකයන් බොහෝමයක් නාරිද්වේෂ සංකල්පය පොෂණය කළබව බොහෝ කාන්තාවාදී විශ්ලේෂකයන් විසින් චෝදනාවට ලක්කරන ලදී,මොවුන් අතර ඇරිස්ටෝටල්,රේනේ ඩේකාඩ්, තොම්සන් හොබර්,ජෝන් ලොක්, ඩේවිඩ් හ්‍යුම්, ජීන් ජැක්සන් රූසෝ, G. W. F. හේගල්, ආතර් ස්කොපන්හර්,ෆ්‍රෙඩ්රිච් නිට්ෂේ,චාර්ල්ස් ඩාවින්, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, ඔටෝ විනිංගර්, ඔස්වල්ඩ් ස්පෙන්ගර්,සහ ජෝන් ලූකස්යන දාර්ශනිකයන්ද විය.[3]

අන්තරජාල නාරිද්වේෂය[සංස්කරණය]

අන්තරජාලය මගින් ස්ත්‍රී විරෝධී මතවාද පතුරුවා හැරීම අදවනවිට බොහෝටිට සිදුවේ.විශේෂයෙන් මේ තත්වය සමාජ සමාජ මාධ්‍යතුල බහුලබව සමාජ විදාඥයන් ප්‍රකාශකරයි.[26][27]

2016 වසරේදී ටැන්ක් ඩෙමොන් සිදුකළ පර්යේෂණයට අනුව මෙසේ ට්විටර් නම් සමාජ ජාල වෙබ් අඩවිය හරහා ස්ත්‍රී විරෝධී බලපෑම් සිදුකර ඇත්තේ 50% ම කාන්තාවන් විසින්ම බවයි.[28]

පරිණාමවාදී මත[සංස්කරණය]

සංස්කෘතිය[සංස්කරණය]

බොහෝ සංස්කෘතීන් තුල ස්ත්‍රී විරෝධී ආකල්ප ප්‍රබලව පවතී.

අදහස් හා විවේචන[සංස්කරණය]

නාරිද්වේෂයට විරුද්ධව අදහස් පළකිරීමේදී වැඩි වශයෙන්ම විවේචන එල්ල වන්නේ ආගමික අංශයෙනි.කාන්තාවන්ට නිසි පිළිගැනීමක් ගෞරවයක් ලබා නොදීමට බොහෝ ආගමික හා සංස්කෘතික මතවාද හරස්වෙයි.එබැවින් අපරදිග සමාජයට වඩා පෙරදිග රටවල කාන්තාවන්ගේ තත්වය අවාසනාවන්තය.බොහෝ සංස්කෘතීන් තුල ස්ත්‍රියට ඇයගේ අයිතිවාසිකම් ලබාදීම වරදක් ලෙස සිතයි.ආගමික හා සාම්ප්‍රධායික සංස්කෘතික ලක්ෂණ ප්‍රබලව පවතින පෙරදිග සමාජයන්හි මේ තත්වය බහුලව පවතී.මෙම සාම්ප්‍රධායික සංස්කෘතීන් තුල ස්ත්‍රිය පුරුෂයාට යටත්ව සිටිය යුතු බව හා ඇයට ස්වාධීන තීරණ ගැනීමට අයිතිය නොදියයුතුබව අවධාරණය කරයි.ස්ත්‍රිය යනු පුරුෂයන්ට අයත් ලිංගික භාණ්ඩයක් මෙන්ම දරුවන් උපදවන මැෂිමක් ලෙස පෙරදිග සමාජය සිතනබව කාන්තාවාදී විද්වතුන් පවසයි.ආගමික හා සංස්කෘතික ඉගැන්වීම් මත ස්ත්‍රීන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය පවා පෙරදිග රටවල කාන්තාවන්ට අහිමිව පැවතිණ.ආගම්ක හා සංස්කෘතික බලපෑම් මත ස්ත්‍රිය දැඩි ප්‍රචණ්ඩත්වයකට ලක්විය.තම සැමියාගේ කෘෘර වදහිංසා ඉවසමින් දැඩි පීඩනයක් යටතේ ජීවත්වීමට පෙරදිග කාන්තාවට සිදුවිය.විවාහය බිඳ වැටීමක් සිදුවුව හොත් එහි දෝෂාරෝපණය එල්ලවූයේ ස්ත්‍රියටය.ප්‍රේම සම්බන්දයකදී පවා දෝෂාරෝපනවලට ලක්වන්නේ ස්ත්‍රීන්ය.එහෙත් කාන්තාවාදී ව්‍යාපාර පෙරදිග ප්‍රබලවීමත් ආගම අභිබවා විද්‍යාව දියුණුවීමත් සමග කාන්තාවට යහපත් කාලයක් උදාවෙමින් පැවතියද තවමත් ආගම විසින් කාන්තාවාදී ව්‍යාපාරවලට ඇතිකරන බලපෑම අඩුවී නැත.

ලිබරල් කාන්තාවාදය[සංස්කරණය]

ලිබරල්වාදීන් විශ්වාස කරන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් සමාජයේ පවතින බෙදීම අඩුවන තරමට කාන්තාවට ඇතිවන අසාධාරණකම් අඩුවන බවයි.ලිබරල්වාදීන් සැමවිටම කාන්තාවට සම තැන ලබාදීම සදහා අරගල කළහ.ආගම හා සංස්කෘතිය විසින් කොන්කර දැමූ කාන්තාව බලගතු කර ආත්ම අභිමානය ස්වාධීනත්වය තහවුරුකර ඇයට හිමි මානව අයිතිවාසිකම් නිසි පරිදි භුක්ති විදීමට ලිබරල්වාදීන් කාන්තාව ශක්තිමත් කළහ.ලිබරල්වාදී කාන්තාවාදය ශක්තිමත් කිරීමට ඇතැම් දාර්ශනික මතවාද උපකාරවිය.ඒ අතර මනෝවිශ්ලෙෂණවාදය චර්‍යවාදය ගෙස්ටොල්වාදය වැනි මනෝ විද්‍යා ගුරුකුලවලින් ලැබු පන්නරයට විශේෂය.මෙම මතවාද සාමාජ හා දේශපාලනික නැඹුරුවකින්ද ඉස්මතුවිය.ලිබරල්වාදී කාන්තාවදය බටහිර යුරෝපා රටවල ප්‍රබලව ගොඩනැගිණ.එහෙත් ආගම හා සාම්ප්‍රධායික සංස්කෘතීන් ගරුකරන පෙරදිග සමාජවලට මෙය ඉතා සෙමින් ව්‍යාප්ත වූබව සමාජ විද්‍යාඥයන් පවසයි.ලිබරල්වාදී කාන්තාවාදය මගින් ආගම හා සංස්කෘතිය විසින් සමාජය මත පටවා තිබූ ස්ත්‍රි විරොධී ආකල්ප අවම කොට ස්ත්‍රියට යහපත් දිවි පැවැත්මක් ලබාදීමට හැකිවිය.

සංස්කෘතික කාන්තාවාදය[සංස්කරණය]

සංස්කෘතික කාන්තාවාදය මගින් සමාජය සංස්කෘතිය මගින් අසාධාරණයට කොන් කිරීමට හා මර්ධනය කිරීමට ලක්ව ඇති කාන්තාව බලගැන්වීම සිදුකරයි.සංස්කෘතිය ආගම හා දැඩි සම්භන්දයක් පවතී.ආගමික මත සංස්කෘතිය තුල මුල්බැගෙන ඇති නිසා මෙම මතයන් සමාජයෙන් බැහැර කිරීම ඉතා අපහසු කරුණකි.උදාහරණ ලෙස බෛබල් පුරාවතෘයේ එන පරිදි ගැහැණිය මවන්නේ පුරුෂයා මවා ඉතිරිවූ ඇට කැබැල්ලකිනි.පුරුෂයා පාපයට නැඹුරු කරනේද ගැහැණිය විසිනි.බුදුන් වහන්සේ මෙහෙණි සස්න ආරම්භ කිරීමට කීප විටක්ම අකමැතිවෙයි.මහණකමින් හෝ වයසින් වසර 100 ඉක්මවූ මෙහෙණියකට පවා එදිනම මහණවූ සාමනේර හිමියන්ට වැඳීමට සිදුවේ.මුස්ළිම් කාන්තාවන්ට පල්ලියට යාම තහනම්ය.තම ලිංගයේ අති සියුම් ස්ථාන සුන්නත් කරගැනීමට මුස්ළිම් තරුණියන්ට සිවේ.මෙසේ සෑම ආගමක් තුලම ගැහැණිය පීඩාවට පත්කර ඇත.මෙම කොන් කිරීම් නිසා ඇතැම් සංස්කෘතීන් තුල ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලැමේ අයිතිය නැති කිරීම ඇයට ලිංගික නිදහස අහිමි කිරිම ස්වාධීන තීරන ගැනීමේ අයිතිය නැති කිරීම සිදුකර ඇත.සංස්කෘතිය තුලින්ම කාන්තාවන්ට ගරු කරන සමාජයක් බිහිකිරීම සංස්කෘතින කාන්තාවායේ අරමුණයි.

රැඩිකල් කාන්තාවාදය[සංස්කරණය]

රැඩිකල් කාන්තාවාදය මගින් ගැහැණු පිරිමි වශයෙන් පවතින සමාජ ස්ථරායනය ඉවත් කර සැමට සමාන අවස්ථාවන් ලබාදීම වෙනුවෙන් පෙනී සිටියි.ගැහැණු පිරිම් භේදය නැති කිරීම,සමානව සැළකීම හා චර්‍යාත්මක වශයෙන් හා ආකල්පමය වශයෙන් ද භේදය තුරන් කලයුතුය යන්න රැඩිකල් කාන්තාවාදීන්ගේ අරමුණයි.කාන්තාවන්ට තම ලිංගිකත්වය,විවාහවීම හෝ නොවීම,ප්‍රජනන අයිතිවාසිකම් පිළිබද ස්වං තීරණ ගැනීමේ අයිතිය මෙන්ම පීතෘ මූලික සාම්ප්‍රධායික සමාජයේ පැලපදියම්වී ඇති පුරුෂාධිපත්‍යයේ කාන්තාවන්ටද ලබාදීම රැඩිකල් කාන්තාවාදීන් විසින් උස්සාහ දරයි.කාන්තා හිංසනය,ගෘහස්ත ප්‍රචණ්ඩත්වය,දේපල හිමිවීමේදී කාන්තාවන්ට අඩු සැළකිල්ලක් දැක්වීම,ඇතැම් රැකියාවලට කාන්තාවන් යොදා නොගැනීම කාන්තාව නිවසට කොටුකර තැබීම යන කාරණා මගින් ඇතිවන කාන්තා හිංසනයන් වළකාලීමද රැඩිකල් කාන්තාවාදීන්ගේ අරමුණයි.එසේම ආගම හා සංස්කෘතිය විසින් ඇඳුම් පැළදුම් ඇඳීම පිළිබද යොදා ඇති තහංචි ඉවත් කිරීම ද රැඩිකල් කාන්තාවාදීන් විසින් සිදුවිය.කෙසේ වෙතත් මෙම රැඩිකල් කාන්තාවාදය බටහිර සමාජයේ ඉතා වේගයෙන් පැතිරුනද පෙරදිගදී මේයට නැගී සිටීමට ආගමමික සංස්ථාවෙන් ඇතිවූයේ දැඩි විරෝධයකි.එහ නිසාම මෙය දැඩි පසුබෑමකට අරාබි හා දකුණු ආසියාතික සමාජතුල ලක්විය.

සමාජවාදී කාන්තාවාදය[සංස්කරණය]

සමලිංගික කාන්තාවාදය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 Code, Lorraine (2000). Encyclopedia of Feminist Theories (1st ed.). London: Routledge. p. 346. ISBN 0-415-13274-6.
  2. Kramarae, Cheris (2000). Routledge International Encyclopedia of Women. New York: Routledge. pp. 1374–1377. ISBN 0-415-92088-4.
  3. 3.0 3.1 Clack, Beverley (1999). Misogyny in the Western Philosophical Tradition: A Reader. New York: Routledge. pp. 95–241. ISBN 0-415-92182-1. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  4. The New Shorter Oxford English Dictionary on Historical Principles (Oxford: Clarendon Press (Oxford Univ.
  5. The American Heritage Dictionary of the English Language (Boston, Mass.: Houghton Mifflin, 1992 (ISBN 0-395-44895-6)) ("[h]atred of women").
  6. Webster's Third New International Dictionary of the English Language Unabridged (G. & C. Merriam, 1966) ("a hatred of women").
  7. Random House Webster's Unabridged Dictionary (N.Y.: Random House, 2d ed. 2001 (ISBN 0-375-42566-7)).
  8. Roberts, J.W (2002-06-01). "City of Sokrates: An Introduction to Classical Athens". ISBN 978-0-203-19479-9. {{cite journal}}: Cite journal requires |journal= (help); More than one of |ISBN= and |isbn= specified (help)
  9. 38-43, fr. 63, in von Arnim, J. (ed.
  10. 10.0 10.1 A recent critical text with translation is in Appendix A to Will Deming, Paul on Marriage and Celibacy: The Hellenistic Background of 1 Corinthians 7, pp. 221–226.
  11. Teun L. Tieleman, Chrysippus' on Affections: Reconstruction and Interpretations, (Leiden: Brill Publishers, 2003), p. 162.
  12. Ricardo Salles, Metaphysics, Soul, and Ethics in Ancient Thought: Themes from the Work of Richard Sorabji, (Oxford: Clarendon Press, 2005), 485.
  13. Marcus Tullius Cicero, Tusculanae Quaestiones, Book 4, Chapter 11.
  14. γυναικομανεῖς ἐν ταὐτῷ καὶ μισογῦναιοι.
  15. Ptolemy, 'Of the Quality of the Soul', in Four Books, edited by Joachim Camerarius (Nuremberg, 1535), Latin translation by Philipp Melanchthon, reprinted (Basel, 1553): p. 159.
  16. {{cite web}}: Empty citation (help)
  17. τὸν διδάσκαλον τουτονὶ τὸν μισογύναιον.
  18. Holland, J: Misogyny: The World's Oldest Prejudice, pp. 12-13.
  19. Ruthven, K. K (1990). "Feminist literary studies: An introduction". ISBN 978-0-521-39852-7. {{cite journal}}: Cite journal requires |journal= (help); More than one of |ISBN= and |isbn= specified (help)
  20. {{cite web}}: Empty citation (help)
  21. Hove, Richard.
  22. Rinck, Margaret J. (1990). Christian Men Who Hate Women: Healing Hurting Relationships. Zondervan. pp. 81–85. ISBN 978-0-310-51751-1. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  23. Weigel, Christopher West ; with a foreword by George (2003). Theology of the body explained : a commentary on John Paul II's "Gospel of the body". Leominster, Herefordshire: Gracewing. ISBN 0-85244-600-4. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)CS1 maint: multiple names: authors list (link)
  24. "Verse 34 of Chapter 4 is an oft-cited Verse in the Qur'an used to demonstrate that Islam is structurally patriarchal, and thus Islam internalizes male dominance."
  25. Nomani, Asra Q. (October 22, 2006). "Clothes Aren't the Issue". Washington Post.
  26. Jane, Emma Alice (2014). "'Back to the kitchen, cunt': speaking the unspeakable about online misogyny". Continuum: Journal of Media & Cultural Studies. 28 (4): 558–570. doi:10.1080/10304312.2014.924479. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  27. Philipovic, Jill (2007). "Blogging While Female: How Internet Misogyny Parallels Real-World Harassment". Yale Journal of Law and Feminism. 19 (2): 295–303.
  28. Twitter abuse - '50% of misogynistic tweets from women', BBC

මූලාශ්‍ර[සංස්කරණය]

  • Boteach, Shmuley. Hating Women: America's Hostile Campaign Against the Fairer Sex. 2005.
  • Brownmiller, Susan. Against Our Will: Men, Women, and Rape. New York: Simon and Schuster, 1975.
  • Clack, Beverley, comp. Misogyny in the Western Philosophical Tradition: a reader. Basingstoke: Macmillan, 1999.
  • Dijkstra, Bram. Idols of Perversity: Fantasies of Feminine Evil. New York: Oxford University Press, 1987.
  • Chodorow, Nancy. The Reproduction of Mothering: Psychoanalysis and the Sociology of Gender. Berkeley: University of California, Berkeley, 1978.
  • Dworkin, Andrea. Woman Hating. New York: E. P. Dutton, 1974.
  • Ellmann, Mary. Thinking About Women. 1968.
  • Ferguson, Frances and R. Howard Bloch. Misogyny, Misandry, and Misanthropy. Berkeley: University of California Press, 1989. ISBN 978-0-520-06544-4
  • Forward, Susan, and Joan Torres. Men Who Hate Women and the Women Who Love Them: When Loving Hurts and You Don't Know Why. Bantam Books, 1986. ISBN 0-553-28037-6
  • Gilmore, David D. Misogyny: the Male Malady. 2001.
  • Haskell, Molly. From Reverence to Rape: The Treatment of Women in the Movies. 1974. University of Chicago Press, 1987.
  • Holland, Jack. Misogyny: The World's Oldest Prejudice. 2006.
  • Kipnis, Laura. The Female Thing: Dirt, Sex, Envy, Vulnerability. 2006. ISBN 0-375-42417-2
  • Klein, Melanie. The Collected Writings of Melanie Klein. 4 volumes. London: Hogarth Press, 1975.
  • Marshall, Gordon. 'Misogyny'. In Oxford Dictionary of Sociology. Oxford University Press, 1998.
  • Johnson, Allan G. 'Misogyny'. In Blackwell Dictionary of Sociology: A User's Guide to Sociological Language. Oxford: Blackwell Publishing, 2000.
  • Millett, Kate. Sexual Politics. New York: Doubleday, 1970.
  • Morgan, Fidelis. A Misogynist's Source Book.
  • Patai, Daphne, and Noretta Koertge. Professing Feminism: Cautionary Tales from the Strange World of Women's Studies. 1995. ISBN 0-465-09827-4
  • Penelope, Julia. Speaking Freely: Unlearning the Lies of our Fathers' Tongues. Toronto: Pergamon Press Canada, 1990.
  • Rogers, Katharine M. The Troublesome Helpmate: A History of Misogyny in Literature. 1966.
  • Smith, Joan. Misogynies. 1989. Revised 1993.
  • Tumanov, Vladimir. "Mary versus Eve: Paternal Uncertainty and the Christian View of Women." Neophilologus[permanent dead link] 95 (4) 2011: 507-521.
  • von Arnim, J. (ed.). Stoicorum veterum fragmenta Vol. 3. Leipzig: Teubner, 1903.
  • World Health Organization Multi-country Study on Women's Health and Domestic Violence against Women* 2005.

සිංහල මූලාශ්‍ර[සංස්කරණය]

අබේපාල රෝලන්ඩ් (2014) කාන්තා මනෝවිද්‍යාව හා කාන්තාවාදී උපදේශනය සාර ප්‍රකාශන අතුරුගිරිය පාර කොට්ටාව

සරච්චද්‍ර එදිරිවීර (2006) මනමේ නාටකය ඇස් ගොඩගේ සහ සහෝදරයෝ මරදාන පාර කොළඹ 10

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නාරිද්වේෂය&oldid=592401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි