ගණිකාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගණිකාව

මුදල් හෝ ආර්ථික වටිනාකමින් යුත් ද්‍රව්‍යයක් හිමිකර ගැනීම උදෙසා හඳුනන හෝ නො හඳුනන පුද්ගලහෙකු සමඟ භාවාත්මක හැඟීමකින් තොරව ලිංගික චර්යාවෙහි යෙදෙන්නි ගණිකාවකි. මේ පිළිබඳ "THE ENCYEIOPDIE OF BRITANCE" නම් ග්‍රන්ථයේ විල්සම් බෙන්ටම්''' විසින්ද අදහස් දක්වා තිබේ."

අතීතය[සංස්කරණය කරන්න]

ගණිකා වෘත්තිය පිළිබඳ ඉතිහාසය දෙස බැලිමේදි සමාජයේ ආරම්භය තෙක්ම දිවයන්නක් බවට පෙනේ. ලිංගික සදාචාර ධර්ම නො තිබුණු මුල් කාලින සමාජයේ ලිංගිකත්වය පිළිබඳ පැවති අරාජිකත්වය මත ලිංගික නිදහසක් පැවතුනි. සමුහ වශයෙන් ජිවත් වු එම සමාජයේ පුරුෂයන් තුල ගැහැණිය පිළිබඳ පුර්ණ අයිතිය පුරුෂයා සතු බවත් , තමන්ගේ සතුට වෙනුවෙන් ස්ත්‍රියගේ ලිංගික අවයවයන්ට ඔහු කැමති දෙයක් කළ හැකි බවත් ඔවුන්ගේ දෘඪ මතය විය. එපමණක් නොව ඔවුන් එක් ගැහැණියකගෙන් පමණක් අවශ්‍යතාවයන් සපුරා ගෙන නිහඩ නොවිය.


මුල් කාලිනව මෙම වෘත්තිය ව්‍යාප්ත වුයේ ආගමික මුහුණුවරක්ද සමඟය. යම් යම් දෙවිවරුන් වෙනුවෙන් කාන්තාවන් පුජා කිරීම ආගමික කටයුත්තක් බවට පත් විය.එවැනි කාන්තාවන් දේව ඇඹනියන් බවට පත් වු අතර ඔවුන් දාසියන් බවට පත් වුයේ දේවාල භාර කපු මහතාටය. ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා මෙම ෙද්වඇඹණියන් මාර්ගයෙන් සපුරා ගන්නා ලදි.නමුත් මෙම කාර්යයේ යෙදෙන දේව දාසියන්ට කිසියම් ශ්‍රද්ධාවක්ද ලැබුණි. ඒ අනුව ඔවුන් පාරිශුද්ධ ගණිකාවන් ලෙස හදුන්වති.

ඉන්දියාව,බටහිර අප්‍රිකාව මෙන්ම මධ්‍යධරණී රටවලින් මෙවැනි පාරිශුද්ධ ගණිකාවන් පිළිබඳ තොරතුරු හමුවේ. මෙම වර්ගයේ ගණිකාවන් ගැන මුලින්ම සඳහන් වන්නේ බැබිලොනියානු ශිෂ්ටාචාරයයෙන්ය. ඒ වීනස් දෙවඟන වෙනුවෙන් සෙවය කිරිම පිණිස ගිල්ගමේෂ් ඉෂ්වැර් නම් දෙවඟන ගණිකාවන්ට අධිපතීත්වය උසුලන බැවින් ඇය වෙනුවෙන් කැප වී මුළු ජිවිතයම ගණිකාවන් ලෙස ජිවත් වු කතුන්ද වුහ.


Ph8.jpg

ග්‍රීසියේ ගණිකා ව්‍යාපාරයේ ආරම්භය සිදු වුයේ ක්‍රි:පූ: 6 වන සිය වසටත් පෙර සිටය. එහි ලිංගික තෘප්තිය විවාහයෙන් පරිභාහිර දෙයක් ලෙස සැලකිම ගණිකා වෘත්තියේ ව්‍යාප්ත විමට හේතු විය. රෝමයේද ගණිකා වෘත්තියෙහි ඉතහාසය දීර්ඝ විය. එහිදි ද ගණිකාවන්ට අධපති දෙවඟන වුයේ වීවස් දෙවඟනයි. ඉන්දියානු ගණිකා වෘත්තියට ද දිගු කාලින ඉතිහිසයක් වේ. එහිදි ගණිකාවන් අතර ප්‍රමුඛ වුයේ බුද්ධ කාලින භාරතයේ ජිවත් වු අම්බපාලීය.

එහෙත්,ලංකාවේ ප්‍රබල ආගමික, සමාජයිය පසුබිමක් මත හෝ රාජ්‍ය අනුග්‍රහය මත හෝ ගණිකා වෘත්තිය පැවති බව ඉතිහාසය දෙස බැලු විට හෙලි නොවන අතර එය සැඟවුනු වෘත්තියක් ලෙස පැවතුනි. ඒබවට සාක්ෂියක් ලෙස "රොබට් නොක්ස්ගේ" "එදා හෙළදිව" කෘතියෙහි අන්තර් ගත කථා පුවතින් හෙලි වේ.

එසේම 05 වන කාශ්‍යප රජ දවස ගණිකාවන් සිටි බව එහි ඇති සීගිරි ගී වලින් ව්‍යාංගාර්ථ වන බව "මහාචාර්ය සෙනරත් පරණවිතාන" මහතා ප්‍රකාශ කර ඇත. පුරාණ සිංහල කාව්‍ය බොහෝමයක දක්නට ඇති මඟ වැනුම්, පුර වැනුම් ආදි වාර්තාවන් හිදි ගණිකාවන් පිළිබඳ විවරණයන්ද අදාල වී ඇත.ගණිකා වෘත්තියේ ප්‍රභවය ඈත අතිතයේ සිටම පැවත එන්නක් බවත් ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති බවත් මෙම විග්‍රහයෙන් පැහැදිලි වේ.

Ph13.jpg

ගණිකා ප්‍රභේද[සංස්කරණය කරන්න]

ගණිකා වෘත්තිය පිළිබඳව කතා කිරිමේදි ඍජු අවධානය කාන්තාවන් කෙරෙහි යොමු වුවද පුරුෂයන් ද ගණිකා වෘත්තියේ නියැලේ. ඒ අනුව,

  1. ස්ත්‍රී ගණිකාවන්
  2. පුරුෂ ගණිකාවන්
  3. නපුංසක ගණිකාවන් වශයෙන් ප්‍රභේද 3ක් යටතේ දැක්විය හැක.
Ph14.jpg

ගණිකා ව්‍යපාරය පැවතිමට හේතු[සංස්කරණය කරන්න]

නීතිමය තත්වය[සංස්කරණය කරන්න]

බොහෝ රටවල ගණිකා වෘත්තිය සමාජ ප්‍රශ්ණයක් ලෙස සලකමින් නීති ගත කර ඇති අතර තවත් රටවල ලිංගික ශ්‍රමිකයන් ලෙස එම වෘත්තිය නීති ගත කර තිබේ.නෙදර්ලන්තය, ඇමරිකාව,ඕස්ට්‍රේලියාව වැනි රටවල ගණිකා වෘත්තිය නීති ගත කර තිබේ.සවුදි අරාබිය, ඉන්දියාව,ශ්‍රී ලංකාව වැනි රටවල නීතියෙන් තහනම් වුවත් වැඩි වශයෙන් වෘත්තියක් ලෙස පවති. මෙය වහාම නැවැත්විය යුතුය.

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය සම්බන්ධව පවතින නීතිමය තත්වය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය මඟින් ව්‍යංගව ගණිකා වෘත්තිය නීති විරෝධී බවට දනවයි.මෙහි 360 (අ ) යටතේ ස්ත්‍රීන් සැපයුම් පිළිබද දක්වා තිබේ.

නඩුවේදි ගණිකා මඩම් පවත්වා ගෙන ගිය සිද්ධියක් සම්බන්දව ප්‍රශ්න ගත වු අවස්ථාවක් විය. Official Legal Information Network of Sri Lanka මේ අනුව නීතිය මඟින් කෙතරම් තහනම් කලද සමාජය තුල නොවැලැක්විය හැකි වෘත්තියක් ලෙස ගණිකා වෘත්තිය අඛණ්ඩව පවති.

Ph9.jpg

මේ අඩවියත් බලන්න[සංස්කරණය කරන්න]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය කරන්න]

  • ජයසුරිය නිලංකා, ගණිකා වෘත්තියේ සැබෑ මුහුණුවර
  • ද සිල්වා ඥානසිරි, දර්ශනය හා කාන්තාව
  • ලංකාදීප ඉරිදා සංග්‍රහය, 2006 ඔක්තොබර් මස 22 වන දින
  • Horton B.paul and Leslie R.Gerlad, The sociology of social problems, 1970

මේ ලොව තුල මොවුන් බහුලව සොයා ගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ගණිකාව&oldid=335493" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි