න්‍යෂ්‍ටික තාක්‍ෂණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බොහෝ දෙනාට ඉතා හුරුපුරුදු න්‍යෂ්ටික තාක්ෂණය වන්නේ නේවාසික දුම් පරීක්ෂකයයි

න්‍යෂ්ටික තාක්ෂණය යනු පරමාණුක න්‍යෂ්ටිවල ප්‍රතික්‍රියා හා සම්බන්ධ වන තාක්ෂණයයි. දුම් පරික්ෂකයේ සිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය දක්වා එහි යෙදීම් පවතී. තුවක්කු කුරුමානම් කිරීමේ පටන් න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය දක්වාද මෙම තාක්ෂණය ප්‍රයෝජනයට ගැනේ. න්‍යෂ්ටික තාක්ෂණයෙන් කළ හැකි දෑ පිළිබඳව ජනතාව තුල විශාල අවධානයක් පවතී. න්‍යෂ්ටික තාක්ෂණයේ සෑම යෙදීමක්ම ‍බොහෝ සැලකිල්ලෙන් සිදුකරයි.

ඉතිහාසය සහ විද්‍යාත්මක පසුබිම[සංස්කරණය]

සොයාගැනීම[සංස්කරණය]

1896 දී හෙන්රි බෙකරල් (Henri Becquerel) විසින් විකිරණශීලතාව (radioactivity) නමැති නව සංසිද්ධිය සොයා ගන්නා ලදී.ඒ ඔහු විසින් යුරේනියම් ලවණ වල Phosphorescence තිබේදැයි පරීක්ෂා කරනවිට දීය.මෙම සංසිද්ධිය පිළිබඳව සෙවීම මුල්වරට ආරම්භ කරන ලද්දේ පියර කියුරි (Pierre curie) සහ මාරි කියුරි (Marie Curie) යන දෙපළ විසිනි. මෙම පර්යේෂණවලදී විකිරණශීලි රේඩියම් වෙන්කර තබා ගැනිණි.එහිදී තීව්ර ලෙසින් හා, විවිධාකාර වූ ක්‍රම වලින් විනිවිද යන කිරණ සමූහයක් නිරීක්ෂණය කරනට හැකි විය. ඒවා ඇල්ෆා (Alpha)කිරණ, බීටා (beta) කිරණ හා ගැමා (Gama) කිරණ ලෙස හඳුන්වන ලදි. මේවායින් සමහරක් විකිරණවලට සාමාන්‍ය පොදු ද්‍රව්‍ය තුළින් ගමන් කළ හැකිය. මේ විකිරණවලට නිරාවරණය වීමෙන් දරුණු විපත් සිදුවිය හැකිය. එකල විකිරණශීලි මූලද්‍රව්‍යය ආශ්‍රිතව පර්යේෂණවල නියැළි සියලුම පර්යේෂකයින් විවිධාකාර වූ විකිරණ පිලිස්සීම් අව්වට පිළිස්සීම් වැනි වූ විකිරණ පිළිස්සීම්වලට ගොදුරු වූහ .නමුත් ඔව්හු ඒ පිළිබඳව එතරම් අවධානය යොමු නොකළහ. Quack ඖෂධ නිෂ්පාදකයන් විසින් විකිරණශිලීතාව පිළිබඳ නව සංසිද්ධියක් සොයාගන්නා ලදි. (ඒවන විටදී විද්‍යුතය හා චුම්භකත්වය සොයා ගෙන තිබූ නිසා) මේ අනුව ඔවුන් විසින් විකිරණ අඩංගු ඖෂධ හා ප්‍රතිකාර ඉදිරියට ගෙන යන ලදි. විකිරණශීලී ද්‍රව්‍ය ක්ෂයවීම උපයෝගි කර ගනිමින් නිපදවන විකිරණ දිගු කාලීන නරක ප්‍රතිඵල අත්කර දුන්නද, පිලිස්සීම් වීමට තරම් දරුණු නොවන බව ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කර ගැනිණි. එකල විකිරණශීලී පරීක්ෂණවල නිරත වූ විද්‍යාඥයින් බොහෝ ‍දෙනා එම විකිරණවලට නිරාවරණය වීමෙන් පිලිකා සෑදී මිය ගියහ. ඒ සමග විකිරණශිලී ඖෂධ වර්ග බොහෝ දුරට භාවිතයෙන් දුරස්විය. නමුත් රේඩියම් ලවණ වැනි විකිරණශීලී මුලද්‍රව්‍යවල අනෙක් භාවිතයන් එලෙසම පැවතුණි.

පරමාණුව පිළිබඳව හොඳින් තේරුම් ගැනීමත් සමඟම, විකිරණශීලී ද්‍රව්‍යවල ස්වාභාවය පැහැදිලි විය. ඇතැම් පරමාණුක න්‍යෂ්ටි අස්ථාවරය.එම පරමාණුක න්‍යෂ්ටි ශක්තිය මුදාහරිමින් බිඳීමට ලක්විය හැක.ඒ ගැමා කිරණ සහ අධි ශක්ති ප්‍රෝටෝන ලෙසිනි. (ඇල්ෆා අංශු, ප්‍රෝටෝන යුගල සහ නියුට්‍රෝන යුගල සහ බීටා අංශු, අධි ශක්ති ඉලෙක්ට්‍රෝන)


න්‍යෂ්ටික විඛණ්ඩනය[සංස්කරණය]

විකිරණශිලිතාවය සාමාන්‍යයෙන් සෙමින් සිදුවන, පාලනයට අපහසු, අවි නිෂ්පාදනයට නොසුදුසු ප්‍රභවයකි. කෙසේ නමුත් විදුලි බල උත්පාදනය වැනි කාර්යයනට මෙම තාක්ෂණය භාවිතය වේ. සමහර අස්ථායි පරමාණුක න්‍යෂ්ටි පිපිරීම් වලට භාජනය වී කුඩා න්‍යෂ්ටි දෙකක් ඇති වේ.එවිට ශක්තිය මුදාහරින අතරම, සමහරවිට ‍වේගවත් නියුට්‍රෝනද මුක්ත කරයි. මෙවැනි අධිවේගි මුක්ත ඛන්ඩ නියුට්‍රෝන පරමාණුවක න්‍යෂ්ටිය කරා එවීමෙන් එම න්‍යෂ්ටි විඛණ්ඩනයට ලක්කළ හැකිවේ.මෙවැනි ක්‍රියාවලි න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියා ඇතිවීමට බලපායි. එවැනි න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවලින් කෙටි කාලයක දී විශාල ශක්තියක් මුක්ත කරයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු බොහෝ රටවල් න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය ගැන අත්හදා බැලීම් සිදුවිය. මෙහිදී ජනනය වන ශක්තිය රසායනික පිපිරීම් වලින් මුක්ත වන ශක්තියට වඩා අතිශයින් වැඩිය. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා කැනඩාව ඒක්වී Manhattan ව්‍යාපෘතිය මඟින් න්‍යෂ්ටික ආයුධ තාක්ෂණය දියුණු කරනු ලැබිණි.දියුණු කරන ලද එම ආයුධ ජපානයට එරෙහිව වර්ෂ 1945 දී යොදාගනු ලැබිණි. මෙම ව්‍යාපෘතිය නිසා ප්‍රථම වරට න්‍යෂ්ටික විඛන්ඩන ප්‍රතික්‍රියක දියුණු වුණි.එයින් ප්‍රාථමික ආයුධ නිෂ්පාදනය ද දියුණු වූ අතර ශක්තිය නිපදවීමට විකිරණශීලි මූලද්‍රව්‍ය යොදා ගැනුණි.


න්‍යෂ්ටික විලයනය[සංස්කරණය]

දෙවන ලෝක යුද සංග්‍රාම ආරම්භයේ දී න්‍යෂ්ටික සංයෝජන තාක්ෂණය  සෛද්ධාන්තික මට්ටමේ පැවතිණි. නමුත් Manhattan ව්‍යාපෘතිය මඟින් න්‍යෂ්ටික සංයෝජන තාක්ෂණය, ශක්ති සංයෝජන ප්‍රතික්‍රියාවල සිට ජ්වලන සංයෝජන ප්‍රතික්‍රියා දක්වා අත්හදා බලා ඇත. ක්‍රි.ව.1952 දී හයිඩ්‍රජන් බෝම්බය පිපිරීම තෙක් මේ පර්යේෂණ සිදුකෙරිණි. ඒ සඳහා හයිඩ්‍රජන් වල සමස්ථානික වන ඩියුටීරියම් හා ට්‍රිටියම් උපයෝගී කර ගන්නා ලදි. සංයෝජන ප්‍රතික්‍රියාවලදී විශාල ලෙස ශක්තිය මුක්ත වේ. එය දාම ප්‍රතික්‍රියා වල ජ්වලන සංයෝජනයේ ජ්වලනයට වඩා අපහසුය.

1990 වර්ෂයේ සිට සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ශක්ති උත්පාදනයට න්‍යෂ්ටික සංයෝජනය යොදා ගැනීම සම්බන්ධ පර්යේෂණ ආරම්භ කෙරිණි.එතැන් පටන් මේ දක්වාම තාක්ෂණික හා සිද්ධාන්තමය දුර්වලතා මගහරිමින් මිනිසුන්ට අවශ්‍ය ශක්ති නිෂ්පාදනයට මේ තාක්ෂණය උපයෝගී කර ගැනුණි.

"https://si.wikipedia.org/w/index.php?title=න්‍යෂ්‍ටික_තාක්‍ෂණය&oldid=404009" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි