Medical imaging

විකිපීඩියා වෙතින්
Medical imaging
Medical diagnostics
A CT scan image showing a ruptured abdominal aortic aneurysm
ICD-10-PCSB
ICD-987-88
MeSH003952 D 003952
OPS-301 code3
MedlinePlus007451

වෛද්‍ය විද්‍යාවේදී භාවිතාවන ප්‍රතිරූපණ ක්‍රම[සංස්කරණය]

වෛද්‍ය විද්‍යාවේදී භාවිතාවන ප්‍රතිරූපණ ක්‍රම යන්නෙන් අදහස් කරනු ලබන්නේ සායනික අවශ්‍යතාවයන් (රෝගී තත්ත්වයන් හදුනාගැනීම හා රෝග නිර්ණය කිරීම සදහා වෛද්‍ය ක්‍රමෝපායන් භාවිතා කිරීම) හෝ වෛද්‍ය විද්‍යාවේදී (මිනිස් සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය හා පිහිටීම අධ්‍යයනය කිරීම සදහා) මිනිස් සිරුරෙහි කොටස්වල ප්‍රතිබිම්භ ඇති කිරීම සදහා ක්‍රියාවට නැගෙන ක්‍රියාවලියක් හෝ තාක්ෂණයකි. එය ජෛව විද්‍යාත්මක ප්‍රතිරූපණය, විකිරණ විද්‍යාව, විකිරණවේදය, එන්ඩොස්කොපි, උෂ්ණත්ව විද්‍යාව, වෛද්‍ය ඡායාරූපකරණය සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව යන පුළුල්ව විහිද පැවති ක්ෂේත්‍රයන්ගේ එක් උපක්ෂේත්‍රයක් වේ. EEG හෙවත් Electroencephalography යන මොළයෙහි ක්‍රියාකාරිත්වය පිළි තොරතුරු ලබාගන්නා පරීක්ෂණයෙහි සහ චුම්භක ක්ෂේත්‍රයක් භාවිතා කරමින් ද එම තොරතුරු ලබාගන්නා Magnetoencephalography හෙවත් MEG පරීක්ෂණ වලදී ද මනිනු ලබන සහ පටිගත කරනු ලබන දත්ත මගින් ප්‍රතිබිම්භ හෝ ප්‍රතිරූපණ ලබා නොදෙන අතර එමගින් ලබාදෙන සිතියමක් ආකාරයේ දත්ත වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම මගින් ද නිරීක්ෂණය කළ හැකිය.

සායනික භාවිතාවේ දී වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම විකිරණවේදය හෝ සායනික ප්‍රතිරූපණ ක්‍රමවලට සමාන කමක් දක්වන අතර මෙලෙස ලැබෙන ප්‍රතිබිම්භ පිළිබදව විග්‍රහ කිරීමක් හා රෝග විනිශ්චය ලබාදීමක් සිදු කරන පුද්ගලයා විකිරණවේදය පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරයෙකි. රෝග නිර්ණය කර ගැනීම සදහා විකිරණවේදය භාවිතා කර ගැනීම වෛද්ය විද්‍යාත්මක ප්‍රතිරූපණ ක්‍රමවල තාක්ෂණික අංශයන් නිරූපණය කරයි. විකිරණවේදියා හෝ විකිරණවේදය පිළිබද කාර්මික ශිල්පියා රෝග නිර්ණය කිරීමට හැකියාවක් සහිතවන පරිදි වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම ලබාදීම සදහා වගකීමක් දරන අතර ඇතැම් අවස්ථාවල දී විකිරණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් විසින් ද ඇතැම් විකිරණවේදී පර්යේෂණයන් සිදු කරනු ලබයි.

විද්‍යාත්මක අත්හදා බැලීම්වල ක්ෂේත්‍රයක් වශයෙන් වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිරූපණ ක්‍රම ජෛව වෛද්‍ය ඉන්ජිනේරු විද්‍යාව, වෛද්‍ය භෞතික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි උපක්ෂේත්‍රයන් ලෙසට අන්තර්ගත වේ. උපකරණ භාවිතය පිළිබදව පර්යේෂණ සහ ඒවා වර්ධනය කර ගැනීම, ප්‍රතිරූප ලබාගැනීම සහ ප්‍රමාණාත්මකරණය යන ඒවා ජෛව වෛද්‍ය ඉන්ජිනේරු විද්‍යාව , වෛද්‍ය භෞතික විද්‍යාව සහ කම්පියුටර් විද්‍යාව මගින් සිදු කරනු ලබයි. වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම පිළිබද අධ්‍යයනය විකිරණ විද්‍යාවේදී භාවිතා කරන අතර ස්නායු විද්‍යාව, හෘද රෝග සහ මනෝ විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි ද මෙහි භාවිතය තව දුරටත් පර්යේෂණ මට්ටමේ පවතී. වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම පිළිබදව වර්ධනය වී ඇති ක්‍රමෝපායන් විද්‍යාත්මක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ද භාවිතා කරනු ලබයි.

වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම මගින් රෝගියාට අවම වශයෙන් හෝ කිසිදු වශයෙන්වත් හානියක් හෝ රිදීමක් ඇති නොවන පරිදි සිරුර අභ්‍යන්තරයෙහි ප්‍රතිබිම්භ ලබාගනු ලැබේ. මේ ආකාරයටම වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම ගණිත විද්‍යාවේ ප්‍රතිලෝම ගැටළුවලට ලබාදෙන පිළියම් ලෙසට දක්නට හැකිය. මෙමගින් අදහස් වන හේතුව (ජීවී පටකවල ගුණාංග) එහි බලපෑමෙන් (නිරීක්ෂණය කරනු ලබන සංඥා) අධ්‍යාහාර වන බවයි. අල්ට්‍රා සවුන්ඩ් හෙවත් අතිධ්වනි තරංග භාවිතා කරන අවස්ථාවන්හි දී එහි භාවිතා කරන දණ්ඩක් වැනි කොටසෙහි අතිධ්වනි පීඩන තරංග ඇති අතර ඒවා සිරුර අභ්‍යන්තරයෙහි ඇති පටක මතින් ග්රහණය කර ගැනීමෙන් අභ්‍යන්තර කොටස්වල ප්‍රතිබිම්භ ලබාදෙනු ලැබේ. ප්‍රක්ෂේපණවිකිරණ වේදයේදී එලෙස භාවිතා කරන දණ්ඩ එක්ස් කිරණවන අතර ඒවා අස්ථි, පේශි සහ මේද පටක මගින් විවිධ ප්‍රමාණවලින් අවශෝෂණය කරමින් ප්‍රතිබිම්භ ලබාදෙනු ලැබේ.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=Medical_imaging&oldid=558113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි