දියා ඕර් බාති හම්

විකිපීඩියා වෙතින්
දියා ඕර් බාති හම්
ප්‍රභේදය
තැනුවේශෂි සුමීත් නිෂ්පාදන
රචනය කලේ
අධ්‍යක්ෂණය කලේ
  • රෝහිත රාජ් ගෝයල්
  • සුමීත් මිත්තල්
  • මක්බූල් ඛාන්
  • ආකාශ්දීප් ඡේත්‍රි
රඟපෑම
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
ඉංග්‍රීසි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන1487 (මිනිත්තු 21 කථාංග)
නිෂ්පාදනය
සංස්කාරක(යන්)
  • ජයි බී. ඝාඩියාලි
  • සෞරාභ් ඛන්නා
ස්ථානය(න්)
නිෂ්පාදන සමාගමශෂි සුමීත් නිෂ්පාදන[1]
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
මුල් ධාවනය29 අගෝස්තු 2011 (2011-08-29) – 10 සැප්තැම්බර් 2016 (2016-09-10)
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

දියා ඕර් බාති හම් (සිංහල: පහන ඔබයි තිරය මමයි) යනුවෙන් හැඳින්වෙන්නේ 2011දී ඉන්දියාවේ ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය වූ රූපවාහිනී සෝප් ඔපෙරාවකි. 2011 අගෝස්තු 29 දින විකාශය ඇරඹි මෙම කතාමාලාව සඳුදා සිට ඉරිදා දක්වා ප.ව. 9 (ඉන්දියා සම්මත වේලාව - IST) ට විකාශය විණි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ අනාස් රෂිඩ් සහ දීපිකා සිං විසිනි. මෙහි අවසන් කථාංගය 2016 සැප්තැම්බර් 10 දින විකාශය විය.

කථා සාරාංශය[සංස්කරණය]

මෙම කතාමාලාව මගින් සිය සිහිනය ඉටු කරගැනීමට වෙහෙසෙන නූතන තරුණ යුවතියකගේ දිවි ගමන නිරූපණය වේ. ඇයට අනපේක්ෂිත අයුරින් වෙනස් නොවන සහකරුවකු හමුවේ. ඇය සිය සම්ප්‍රදායික සැමියා සහ ඔහුගේ පවුලේ ආධාර ඇතිව සිය සිහිනය ඉටුකරගැනීමට බලාපොරොත්තු වේ.

කතාව දිව යන්නේ කොලීජියේ අධ්‍යාපනය ලබන සන්ධ්‍යා (දීපිකා සිං) නැමැති තරුණියක වටා ය. ඇගේ දෙමව්පිය්නගේ මරණින් පසුව ඇයට විවාහ වීමට බලකෙරේ. සම්ප්‍රදායික රාජස්ථානි පවුලකට ඇතුළත් වන ඇය එහි පිළිගැනීම ලබාගැනීමට වෙහෙසෙයි. ඇගේ සිහිනය වන්නේ IPS නිලධාරිනියක වීමටයි. එම අරමුණ කරා යාමේ දී ඇයට නොයෙකුත් බාධා සහ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. ඇයට නිරතුරුවම සහාය වන්නේ ඇගේ සැමියා වන සූරාජ් රාති (අනාස් රෂිඩ්) ය. ඔහුට සිය පවුලෙන් වෙන්වී යාමේ තර්ජනයන් ඇතිවුවද, ඔහු ඇයට උපකාර කරයි. ඔහු සිය මව වූ සන්තෝශ් රාති (නීලු වඝේලා) ගේ ප්‍රියතම දරුවා ද වේ. නමුත් සිය මව වැරදි දෙයක් කරන විට ඇයට එරෙහිව නැගී සිටීමට ඔහු පෙළඹේ. එලෙසම සන්තෝශ් හෙවත් භභාඕ සිය ලේලියනට එතරම් කාරුණිකව කථා නොකරන බව සැවොම දන්නා දෙයකි. කතාමාලාවේ ආරම්භයේ දී, සන්ධ්‍යාගේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වන්නේ භභාඕ ය. නමුත් වසර කිහිපයක දී ඇය සන්ධ්‍යාගේ ප්‍රබලම ආධාරකාරිය වන්නී ය. රාජ්කුමාර් සන්ධ්‍යාගෙන් පලිගැනීමේ අදහසින් යළි පැමිණෙයි. ඔහු සූරාජ් සහ භභාඕට හානි කිරීමට ත්‍රස්තවාදී ප්‍රහාරයන් සැලසුම් කරයි. නමුත් අවසානයේ සන්ධ්‍යා ඔවුන්ව බේරා ගනියි. නමුත් භභාඕට වෙඩි වැදෙයි. ඇයව රෝහලට ගෙනයන අතර පසුව සුවය ලබයි. සන්ධ්‍යාට නිවුන් දරුවන් දෙදෙනකු ලැබේ. නමුත් ඉන් එක් දරුවකු ඇගේ සොහොයුරා සහ නෑනණ්ඩියට ලබාදීමට සිදුවේ.

වසර 5කට පසු

සන්ධ්‍යා සහ සූරාජ්ගේ පුත්‍රයා වන වේද් වැඩී සිටියි. තමන්ට ඔහු සෙනෙහස නොදක්වාවි යැයි බිවයන සූරාජ් සිය සැබෑ අනන්‍යතාව වේද්ගෙන් සඟවා තබයි. පසුව ඔහු කබඩි අභියෝගයක් භාර ගැනීමට තීරණය කරයි. එම දර්ශනයෙන් පසුව සන්ධ්‍යාට නව මෙහෙයුමක් භාර වේ. ඇයට ත්‍රස්තවාදීන් පිරිසක් ලුහුබැඳ අල්ලා ගැනීමට පැවරේ. මේ නිසා ඇයට සිය පවුල අතහැර යාමට සිදුවේ. ඇය දුම්රියක ගමන් ගන්නා අතර එහි බෝම්බයක් පුපුරා යයි. සැමදෙනාම සිතා සිටින්නේ සන්ධ්‍යා මියගොස් ඇති බවයි.

මාස 3කට පසු

භභාඕට සන්ධ්‍යා පිළිබඳ අමතක වී ගොස් ඇති අතර, ඇය සන්ධ්‍යා කෙරෙහි කෝපයෙන් පසුවන්නේ ඇගේ රැකියාව නිසාත්, ඇය සූරාජ්ව අත්හැර යාමත් නිසායි. සන්ධ්‍යා ජීවත්ව සිටින අතර, ඇයට නව මෙහෙයුමක් ලෙස ත්‍රස්තවාදියකු වැළැක්වීමට භාර වේ. සූරාජ්ව ලාලිමා නැමැත්තියකට විවාහ කරදීමට සැරසේ. මේ බව අසා, සන්ධ්‍යා කම්පාවට පත්වන අතර, සිය මෙහෙයුම අවසන් වූ විගස ඇය රාති නිවස වෙත දිව යයි. සන්ධ්‍යා සහ සූරාජ් යළි එක්වේ. මෝහිත් එමිලිහට දොස් පවරන අතර, ඇය සහ සාකිර් අතර සම්බන්ධතාව පිළිබඳ සැක කරයි. පසුව ඔහු ලාලිමාට හිංසා කිරීමට තැත් කිරීමේ දී වෙඩිවැදී මියයයි. පොලීසිය ලාලිමාගේ සැමියාව සැකකරන අතර, පසුව සූරාජ්ව අත්අඩංගුවට ගැනෙයි. අවසානයේ භභාඕ පාපොච්චාරණය රක්නනේ ඇය සිය පුතුට වෙඩිතැබූ බවයි. ඇයව සිරභාරයට ගැනේ. නමුත් පසුව සන්ධ්‍යා ඇයට ඇප ලබා දෙයි.

කතාමාලාව කාලය දිගේ ඉදිරියට දිවෙන අතර, වර්තමානයේ එය රාති පවුලේ පසුකාලීන කාලය වෙත දිවෙයි. පවුලේ හදාගත් පුත්‍රයා වන චෝටු හෙවත් ආර්යන් (කුනාල් ඛෝස්ලා) ආර්සූ (ප්‍රාචි තෙහ්ලාන්) සමග විවාහ වෙයි. ආර්සූ ත්‍රස්තවාදිනියක දැයි සන්ධ්‍යාට සැකපහළ වේ. නමුත් පසුව ඇයට වෙඩි තැබීමෙන් පසු ඇයව මානසික රෝහලක් වෙත යැවෙයි. පසුව ඇය ආර්සූව බේරාගැනීමට පැමිණෙන අතර, ඇය සාර්ථක වේ. අනුතරුව කථාව දිවයන්නේ සන්ධ්‍යාගේ නව මෙහෙයුම වෙතයි. එහිදී ඇයට වේද්ව රෝගයකින් බේරා ගැනීමට සිදුවේ. අනෙක් අතින් මාසා සහ භභාඕගේ විරෝධය නොතකා ඕම් එමිලි හා විවාහ වෙයි. සන්ධ්‍යා ගැබිනියක බව රාති පවුල දැනගනියි. ඇය දියණියක උපත ලබාදෙන අතර, ඇයව කනක් ලෙස නම් කෙරේ. නැවත පොලීසියට සම්බන්ධ වන ලෙස සන්ධ්‍යාට කොමසාරිස්වරයාගෙන් යෝජනාවක් ලැබේ. නැවත පොලීසියට සම්බන්ධ වීමට තීරණය කරන ඇය, IPS අර්පිතා ඛන්නාව හමුවෙයි. අර්පිතා සන්ධ්‍යාව දකින්නේ සිය ප්‍රධාන එදිරිවාදිනිය ලෙසයි. මේ අතර නව පැමිණිල්ලක් ලැබේ. සිය අතුරුදන් වූ දියණිය වන මාන්සිව සොයාදෙන මෙන් දෙමාපිය යුවළක් සන්ධ්‍යාගෙන් ඉල්ලා සිටියි. සන්ධ්‍යා සහ අර්පිතා මාන්සිව සොයා යන අතර, ඇය දෙමව්පියන්ගෙන් සැඟවී පිරිමි දරුවකු ලෙස වෙස්වලාගෙන ගරාජයක මේවය කරන බව ඔවුන් දැන ගනියි. මාන්සිව සොයාගැනීමෙන් පසු සන්ධ්‍යා ඇයව දෙමව්පියන්ට භාර කරයි. මේ වනවිට, මීනාට ශිල්පිව හමුවේ. සන්ධ්‍යා සියලුම දැරියන් ශිල්පිගේ ග්‍රහණයෙන් මුදවා ගනියි. මේ අතර ත්‍රස්තවාදීන් සිව්දෙනකු සන්ධ්‍යා සහ ඇගේ පවුලෙන් පලිගැනීමට පැමිණෙයි. සන්ධ්‍යා සහ සූරාජ් සිය පවුල සහ ත්‍රස්තවාදීන් සිව්දෙනා විසින් ප්‍රාණඇපයට ගත් ගම්වාසීන් මුදවා ගනියි. නමුත් සිය දියණිය වූ කනක්ව බේරාගැනීමට ඔවුන් දෙදෙනාට ත්‍රස්ත නායකයා ලබාදෙන පෙති විශේෂයක් ආහාරයට ගැනීමට සිදුවේ. පෙති ආහාරයට ගැනීමෙන් පසුව, අර්පිතා, පොලීසිය සහ හමුදාව විසින් ත්‍රස්ත නායකයාව අත්අඩංගුවට ගනියි. එම පෙති සිය සිරුරෙන් ඉවත් කළ නොහැකි බවත්, ඒවා තවත් මිනිත්තු 30කින් පුපුරා යන බෝම්බ බවත් සුරාජ් සහ ස්වප්නාට දැනගන්නට ලැබේ. සූරාජ් සහ ස්වප්නා සිය පවුලෙන් සමුගෙන, ගඟට පනිති. සූරාජ් සහ ස්වප්නා සිය ආදරය ප්‍රකාශ කරති. ඔවුන්ගේ පවුල ඒ දෙසට දිව ආව ද, මිනිත්තු කිහිපයකට පසු ඔවුන් දෙදෙනා පුපුරා යයි. සූරාජ් සහ සන්ධ්‍යා මරණින් මතු යළි හමුවන අතර, සන්ධ්‍යාගේ මංගලසූත්‍රය සහ සූරාජ්ගේ මාලය එකට පැටලී බැසයන හිරු ඉදිරියේ ජලයේ තැන්පත් වේ. කතාව අවසන් වන්නේ මරණින් පවා ඔවුන්ව වෙන් කළ නොහැකි බව පෙන්වා දෙමිනි.

චරිත නිරූපණය[සංස්කරණය]

ආරාධිත තරු[සංස්කරණය]

විකාශය සහ ප්‍රතිනිර්මාණ[සංස්කරණය]

ජාතික සහ අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

තෙලිඟු බසින් හඬකැවුණු මෙම කතාමාලාව MAA TV නාළිකාව ඔස්සේ ඊතරම් ඉලලු යන තේමාව ඔස්සේ විකාශය විය. දෙමළ බසින් හඬකැවුණු මෙම කතාමාලාව என் கணவன் என் தோழன் (එන් කණවන් එන් තෝළන්) යන තේමාව ඔස්සේ ස්ටාර් විජේ නාළිකාවෙන් විකාශය විය. අන්තර්ජාතික වශයෙන් ගත්කල එය ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකවා ස්වප්නා යන තේමාව ඔස්සේ සිරස ටීවී නාළිකාවෙන් විකාශය කෙරිණි. වියට්නාමය තුළ දී, වියට්නාම බසින් Vợ tôi là cảnh sát නම් වූ මෙය VTVCab 5 Echannel නාළිකාව ඔස්සේ විකාශය විය. නමුත් එහි අවසානය තරමක් වෙනස් කෙරිණි.[3][4]

ප්‍රතිනිර්මාණ[සංස්කරණය]

ඉන්දියාව තුළ වෙනත් භාෂාවලින් මෙම කතාමාලාව ප්‍රතිනිර්මාණය කෙරිණි. මෙහි මරාථි ප්‍රතිනිර්මාණය මන්සිචා චිත්‍රකාර් තෝ ලෙස ස්ටාර් ප්‍රවාහ් නාළිකාව ඔස්සේත්, මලයාලම් ප්‍රතිනිර්මාණය පරස්පරම් ලෙස ඒෂියානෙට් නාළිකාව ඔස්සේත් විකාශය විය. එසේම බෙංගාලි ප්‍රතිනිමැවුම තොමේ අමේ මිලේ ලෙස ස්ටාර් ජල්ෂා නාළිකාවෙනුත්, කන්නඩ බසින් ආකාශදීප ලෙස ඒෂියානෙට් සුවර්ණා නාළිකාවෙනුත් විකාශය විය. කෙසේනමුත් කන්නඩ සහ මරාථි භාෂා ප්‍රතිනිර්මාණ කථාංග කිහිපයකින් පසු නවතා සැමිණි. නමුත් මලයාලම් ප්‍රභේදය කථාංග 1000 සම්පූර්ණ කරමින් තවමත් ඒෂියානෙට් නාළිකාවෙන් විකාශය වේ.

කථාවාරය 2[සංස්කරණය]

කතාමාලාවේ නිෂ්පාදකයින් දියා ඕර් බාති හම් හි 2වන කතාවාරයක් නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇත. නමුත් ප්‍රධාන චරිත වන අනාස් රෂිඩ් සහ දීපිකා සිං ඊට සහභාගී නොවේ.[5]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ශෂි සුමීත්". ශෂි සුමීත්. ශෂි සුමීත් නිෂ්පාදන සී.ස. පෞද්ගලික සමාගම. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2016.
  2. "Aamir Khan to feature on Diya Aur Baati Hum". DailyBhaskar.com. DB Corp ltd. 30 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2016.
  3. Deepika Singh – Swapna Interview in Sri Lanka (with English subtitles). 14 දෙසැම්බර් 2014 – via යූටියුබ්.
  4. "Cô dâu 8 tuổi và phim ngoại ồ ạt lên truyền hình Việt". Tuổi Trẻ Online. 7 ජනවාරි 2016.
  5. http://timesofindia.indiatimes.com/tv/news/hindi/Diya-Aur-Baati-Hum-to-return-with-season-2/articleshow/53303419.cms

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දියා_ඕර්_බාති_හම්&oldid=653566" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි