දීපිකා සිං

විකිපීඩියා වෙතින්
දීපිකා සිං
උපත
දිල්ලි, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක
සක්‍රීය වසර2011–වර්තමානය
කලත්‍රයා(යන්)රෝහිත් රාජ් ගෝයාල් (වි. 2014)

දීපිකා සිං යනු ඉන්දියානු රූපවාහිනී නිළියකි.

සිං රූපවාහිනී ක්ෂේත්‍රයට ඇගේ පිවිසීම සනිටුහන් කළේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ අතිශය ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ දියා ඕර් බාති හම් තුළ රංගනයේ නියැලෙමිනි. මෙහි ඇය විසින් IPS නිලධාරිණියක වීමට සිහින මවන සන්ධ්‍යා නැමැති විනෝදකාමී, ක්‍රියාශිලී තරුණියකගේ චරිතයක් නිරූපණය කරන ලදී. නමුත් නොයෙකුත් බාධාවන් හේතුවෙන් සන්ධ්‍යාහට රසකැවිලි වෙළඳසැලක හිමිකරුවකු සමග විවාහ වීමට සිදුවන අතර, ඔහු ඇයට ඇගේ සිහිනය ඉටු කරගැනීමට උපකාර කරයි. රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසීඹට පෙර ඇය පන්ජාබි ගීත ඇල්බමයක් සඳහා ද දායක වී තිබේ.[1]

සිං විසින් ඇගේ අලෙවිකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලන උසස් උපාධිය[2] සම්පූර්ණ කරන ලද්දේ පන්ජාබ් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙනි.

2014 මැයි 2 දින, සිං ඇගේ සුප්‍රකට දියා ඕර් බාති හම් රූපවාහිනී කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා වූ රෝහිත් රාජ් ගෝයාල් සමග විවාහ වූවා ය.[3]

රූපවාහිනිය[සංස්කරණය]

සම්මාන[සංස්කරණය]

  • 2012 ස්ටාර් පරිවාර් සම්මාන
    • ප්‍රියතම බාහු [4][5]
    • ප්‍රියතම නායා සදස්‍යා (කාන්තා)[4]
    • ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (නිර්දේශ වීම)[6]
    • ප්‍රියතම ‍ජෝඩි (නිර්දේශ වීම)[6]
    • ප්‍රියතම බේටි (නිර්දේශ වීම)[6]
    • නායි සොච් කා පල් (නිර්දේශ වීම)[6]
    • ප්‍රියතම පත්නි (නිර්දේශ වීම)[6]
  • 2013 ස්ටාර් පරිවාර් සම්මාන
    • ප්‍රියතම බාහු[7]
    • හාර් ඝාර් කා ස්ටාර් (කාන්තා)[7]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "About Diya Aur Baati Hum". Star Plus. 19 November 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-05-27. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. Shruti Jambhekar (26 December 2011). "Deepika Singh's study interests". Times of India. 6 August 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 July 2012. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. "Actress Deepika Singh ties the knot with director in Mumbai - TOI Mobile | The Times of India Mobile Site". M.timesofindia.com. 2014-05-04. සම්ප්‍රවේශය 2014-05-28.
  4. 4.0 4.1 "Star Parivar awards 2012: Sandhya (Deepika) got favorite bahu award". Metromasti.com. සම්ප්‍රවේශය 17 June 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  5. "SPA 2012: Favorite male Sadasya Arnav & female Sadasya Sandhya". Metromasti.com. සම්ප්‍රවේශය 17 June 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  6. 6.0 6.1 6.2 6.3 6.4 "Star Parivaar Awards 2012 – Nominees". STARPlus.in. සම්ප්‍රවේශය 17 June 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  7. 7.0 7.1 "Star Parivaar Awards: Deepika, Anas most popular actors". Badhil.
"https://si.wikipedia.org/w/index.php?title=දීපිකා_සිං&oldid=592294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි