වින්ධ්‍යා තිවාරි

විකිපීඩියා වෙතින්
වින්ධ්‍යා තිවාරි
උපත22 නොවැම්බර් 1989 (1989-11-22) (වයස 34)
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළිය
සක්‍රීය වසර2008-වර්තමානය

වින්ධ්‍යා තිවාරි යනු ඉන්දියානු සෝප් ඔපෙරා නිසා ප්‍රකට ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය රූපවාහිනී ක්ෂේත්‍රය වෙත පිවිසියේ සහරා වන් නාළිකාවෙන් විකාශය වූ ඝාර් ඒක් සප්නා (2008) කතාමාලාවෙනි. කෙසේනමුත් ඇයව ජනයා විසින් හඳුනාගත්තේ සී ටීවී නාළිකාවේ අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝ තුළිනි. ස්ටාර් ප්ලස් නාළිකාවේ "මරියාදා: ලෙකින් කබ් තක්?" කතාමාලාවේ විද්‍යා නම් චරිතය තුළින් ඇය ජනප්‍රියත්වයට පත්වූ අතර මේ වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය සඳහා නිර්දේශ වූවා ය. මෑතකදී ඇය එස්ඒබී ටීවී නාළිකාවේ බාඩි දූර් සේ ආයේ හේන් කතාමාලාවේ සෝනාචාන්දිගේ චරිතය නිරූපණය කළා ය.

මුල්කාලීන දිවිය[සංස්කරණය]

තිවාරි උපත ලැබූයේ උත්තර් ප්‍රදේශ්හි වාරාණසි දිස්ත්‍රික්කයේ රාම්නගර්හි ය. ඉතා කුඩා කාලයේ සිටම නිළියක වීමට ඇය සිහින මැවුවා ය.

රූපවාහිනිය[සංස්කරණය]

අං. වැඩසටහන චරිතය නාළිකාව වර්ෂය සටහන්
1. ඝාර් ඒක් සප්නා මෘතිකා චෞධරි සහරා වන් 2007 කථාංග 96
2. කහානි හමාරේ මහාභාරත් කි අම්බාලිකා 9X 2008
3. අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝ ජමුනි සී ටීවී 2009 නිර්දේශිත — ඍණාත්මක චරිතයක හොඳම නිළිය සඳහා ඉන්දියානු ටෙලි සම්මානය
4. දෝ හන්සොන් කා ජෝඩා මීරා එන්ඩීටීවී ඉමැජින් 2010 සමාන්තර චරිතය
5. මරියාදා: ලෙකින් කබ් තක්? විද්‍යා ජඛාර් ස්ටාර් ප්ලස් 2010 ප්‍රධාන චරිතයකි.
නිර්දේශිත – හොඳම නිළිය සඳහා ස්ටාර් පරිවාර් සම්මානය
6. දියා ඕර් බාති හම් ප්‍රේමා ස්ටාර් ප්ලස් 2011 ත්‍රස්තවාදිනියකගේ චරිතයකි.
7. සසුරාල් සිමර් කා චන්ද්‍රමණී කුමරිය කලර්ස් ටීවී 2011
8. මිසිස් කෞශික් කි පාන්ච් බාහුඑයින් ලව්ලි කෞශික් සී ටීවී 2011 රාගිනී නන්ද්වානිව ප්‍රතිස්ථාපනය[1]
නිර්දේශිත –හොඳම සාස්–බාහු ජෝඩුව සඳහා සී රිෂ්තේ සම්මානය
9. මිසිස් පම්මි ප්‍යාරේලාල් ගායත්‍රී ෆෞජ්දාර් කලර්ස් ටීවී 2013
10. භාරත් කා වීර් පුත්‍ර – මහරාණා ප්‍රතාප් දුර්ගාවතී කුමරිය සෝනි ටීවී 2013
11. යේ හේ ආෂිකි මේඝා බින්දාස් 2014 කථාංගික චරිතය[2]
12. බාඩි දූර් සේ ආයේ හේන් සෝනා චාන්දි ඝෝතලා සැබ් ටීවී 2014 [3]
13. ප්‍යාර් ටියුන් ක්‍යා කියා ගායත්‍රි සිං 2014
14. කෝඩ් රෙඩ් කලර්ස් ටීවී 2015 කථාංගික චරිතය; ලිහිල් වශයෙන් ජියා ඛාන් ඇසුරෙන් පාදක වී ඇත[4]
15. ෆිර් භි නා මානේ...බාඩ්තමීස් දිල් සාශා ස්ටාර් ප්ලස් 2015 රූපවාහිනී කතාමාලාව (පසුව මාර්ගස්ථ කතාමාලාව)
16. සුමිත් සම්භාල් ලේගා රීමා ස්ටාර් ප්ලස් 2015

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Vindhya Tiwari to step in as Lovely in Mrs Kaushik Ki Paanch Bahuein". 17 October 2012.
  2. "Vindhya Tiwari to play role of item girl on Yeh Hai Aashiqui". 23 May 2014.
  3. https://twitter.com/VindhyaTiwary?ref_src=twsrc%5Egoogle%7Ctwcamp%5Eserp%7Ctwgr%5Eauthor
  4. "Code Red:Vindhya Tiwari to reprise Jiah Khan in an episode". 16 January 2015.
"https://si.wikipedia.org/w/index.php?title=වින්ධ්‍යා_තිවාරි&oldid=566955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි