ද්වාරය:විශ්වවේදය
මෙවලම්
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
Wikipedia's portal for exploring content related to විශ්වවේදයසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to විශ්වවේදය
Portal maintenance status: (2024 ජනවාරි)
|
හැඳින්වීම
විශ්වයේ ආරම්භයක් ඇත්නම් එය කෙබඳුද, විශ්වය කෙසේ පරිනාමය වීද යන්න සහ විශ්වයේ අනාගතය කෙබඳු විය හැකිද යන්න සම්බන්ධ නවීන විද්‍යාව විශ්වවේදය නම්වේ. (තව දුරටත්...)
තෝරාගත් ලිපි
-
Image 1ශ්‍රීමත් අයිසැක් නිව්ටන් රා.ස.ස. පා.ම. (අමිශ්‍ර සිංහල: අයිසාක් නිව්ටන; ඉංග්‍රීසි: Isaac Newton; 1642 දෙසැම්බර් 25 – 1726 මාර්තු 20)ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු, ගණිතඥයකු, තාරකා විද්‍යාඥයෙකු, ස්වභාවික දර්ශනවාදියෙකු, (alchemist) හා ආගමික මතවාදියෙකු විය. එසේම එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම සහ ඉතා වැදගත් විද්‍යාඥයකු ලෙසින් මොහුව සලකයි. ඔහු විසින් 1687 පළ කළ [Philosophiae Naturalis Principia Mathematica] ග්‍රන්ථය විද්‍යාත්මක චින්තනයට අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට පදනම වූ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එතැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද ඉංජිනේරු විද්‍යාවේ පදනම නිව්ටන්ගේ නියම වේ. කෙප්ලර්ගේ ග්‍රහලෝකවල චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්රගමනයට ඉඩ සැලසීය.
ඔහු විසින් රචිත Principia ග්‍රන්ථය තුල ඊට අදාල භෞතික නියමයන් සම්පූර්ණ වශයෙන් විස්තර කර ඇති නිසාත් වර්තමානයේ විද්‍යාත්මක ලිපි ලිවීමේදී භාවිතා කරන සම්මතයන් ඇති කරලීමට එම ග්‍රන්ථයේ ලිවීම් ශෛලිය මූලික වූ නිසාත් එම ග්‍රන්ථය එදා මෙදා තුල බිහිවූ ඉතාම වැදගත් විද්‍යාත්මක ප්රකාශනයක් ලෙස සැලකේ. (තව දුරටත්...) -
Image 2

මහා පිපුරුම් ආකෘතියට අනුව විශ්වය ව්‍යාප්ත වූයේ අධික ලෙස ඝනත්වයකින් හා තාප තත්වයක සිට අතර දැනුදු ව්‍යාප්ත වේ. අභ්‍යාවකාශ ව්‍යාප්ත වෙනවා යන්න විස්තර කිරීමට පොදු හා වැදගත් සදෘශ්‍යයක් වන්නේ අභ්‍යවකාශය, පිපෙන බනිස් ගෙඩියක වූ වියලි බෝංචි කරලක් මෙන්, ඒ සමඟ මන්දාකිණි රැගෙන යාමයි. කෙසේ නමුත් සාමාන්‍ය සාපේක්ෂිත අභ්‍යාවකාශ විද්‍යා , අභ්‍යාවකාශයට කිසියම් හෝ “රසායනිකත්වයක්” ආරෝපණය නොකරයි. (තව දුරටත්...) -
Image 3ගිවුස්ටෝ සස්ටමන්ස් විසින් නිර්මිත ගැලීලියෝ ගැලිලි ගේ ආලේඛ්‍ය චිත්‍රය
ඉතාලි ජාතික ගැලීලියෝ ගැලලී භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු සහ දාර්ශනිකයෙකු වූ අතර විද්‍යාත්මක විප්ලවය / පුනරුදය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ මූලික ක්‍රියාකාරකම් අතරට දුරේක්ෂය වැඩි දියුණු කිරීම සහ එමගින් තාරකා විද්‍යාත්මක සොයාගැනීම් සිදු කිරීම සහ කොපර්නිකානු වාදයට සහය පළ කිරීම ද වේ. ගැලීලියෝ “නූතන විද්‍යාවේ පියා” “විද්‍යාවේ පියා” “නූතන භෞතික විද්‍යාවේ පියා” සහ “නුතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ පියා” යනාදී විරුධාවලිවලින් පිදුම් ලබන්නෙකි. ප්‍රගති විද්‍යාව යටතේ ගැලීලියෝ විසින් වර්තමානයේ භෞතික විද්‍යාත්මක ඉගැන්වීම් පටිපාටිවල ආරම්භක අවධියේ උගන්වනු ලබන ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තූන් පිළිබද අධ්‍යයනය කරන ලදී. සූර්ය ලප නිරීක්ෂණය හා ඒවා පිළිබද වැඩිදුර අධ්‍යයනය සිදු කිරීමත් , ගැලීලියානු චන්ද්‍රයන් ලෙස වර්තමානයේ දී හැදින්වෙන බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයන් සිව්දෙනා සොයාගැනීමක් ගැලීලියෝ තාරකා විද්‍යාවට දැක්වූ දායකත්වයට උදාහරණ වේ. තවද ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණය පිළිබද කටයුතු යටතේ ගැලීලියෝ විසින් මාලිමා යන්ත්‍ර සැලැස්ම ද වැඩි දියුණු කරන ලදී. කොපර්නිකානුවාදයට ගැලීලියෝ විසින් සහාය දැක්වීම ඔහුගේ ජීවිත කාලය තුළ දී විවාදයට තුඩු දුන් කරුණක් විය. භූකේන්ද්‍රවාදය ඇරිස්ටෝටල්ගේ කාලයේ සිටම පිළිගත් මතවාදය වූ අතර ගැලීලියෝ විසින් එය බැහැර කිරීම නිසා කතෝලික පල්ලිය විසින් සූර්ය කේන්ද්‍රවාදය සත්‍ය බව අදහස් පළ කිරීම තහනම් කරන ලදී. ඒ සදහා බලපෑ ප්‍රධාන හේතු වූයේ සූර්ය කේන්ද්‍රවාදය බයිබලයේ වචනාර්ථ අරුතට පටහැනි වීම සහ සූර්ය කේන්ද්රනවාදය සදහා වූ සාක්ෂි එකල අල්ප වීමයි. මෙම ක්රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ගැලීලියෝට සිය සූර්ය කේන්ද්‍රවාදී අදහස් ප්‍රසිද්ධියේම බැහැර කිරීමට සිදු වූ අතර කතෝලික පරීක්ෂක සභාවේ නියෝග මත ජීවිතයේ අවසාන කාලය නිවාස අඩස්සියට යටත්ව ගෙවීමට සිදු විය.
විද්‍යා පුනරුදය කෙරෙහි මහඟු සේවයක් කළ මොහු ව භෞතික විද්‍යාවේ පියා සහ නූතන විද්‍යාවේ පියා යන නම් වලින් හැදින්වේ. ඔහුගේ සොයාගැනීම් අතරට එක්වන ප්‍රධානම දේවල් වන්නේ බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් 4 දෙනා, හිරු ලප පිළිබඳ කළ අධ්‍යයන සහ දියුණු කල මාලිමා යන්ත්රයයි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට Cosmology සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1The Hubble eXtreme Deep Field (XDF) was completed in September 2012 and shows the farthest galaxies ever photographed at that time. මෙහි පෙර බිමෙහි දක්නට ඇති තාරකා කිහිපය හැරුණකොට (ඉතා දීප්තිමත් සහ ඒවා පමණක් diffraction spikes සහිත හෙයින්, ඒවා පහසුවෙන් හඳුනාගත හැක), මෙම සේයාරුවේ ඇති සෑම ආලෝක තිතක් ම චක්‍රාවාටයක් වේ, ඉන් සමහරක් වසර බිලියන 13.2 තරම් වයස වේ; නිරීක්ෂණය කළ හැකි විශ්වය සතුව චක්‍රාවාට ට්‍රිලියන 2 ඉක්මවා ඇතැයි ඇස්තමේන්තුකොට ඇත. (විශ්වවේදය වෙතින්)
උප ප්‍රවර්ග
උප මාතෘකා
| Background | |
|---|---|
| History of cosmological theories | |
| Past universe | |
| Present universe | |
| Future universe | |
| Components | |
| Structure formation | |
| Experiments | |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:විශ්වවේදය&oldid=622835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
![Image 1 ශ්‍රීමත් අයිසැක් නිව්ටන් රා.ස.ස. පා.ම. (අමිශ්‍ර සිංහල: අයිසාක් නිව්ටන; ඉංග්‍රීසි: Isaac Newton; 1642 දෙසැම්බර් 25 – 1726 මාර්තු 20)ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු, ගණිතඥයකු, තාරකා විද්‍යාඥයෙකු, ස්වභාවික දර්ශනවාදියෙකු, (alchemist) හා ආගමික මතවාදියෙකු විය. එසේම එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම සහ ඉතා වැදගත් විද්‍යාඥයකු ලෙසින් මොහුව සලකයි. ඔහු විසින් 1687 පළ කළ [Philosophiae Naturalis Principia Mathematica] ග්‍රන්ථය විද්‍යාත්මක චින්තනයට අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට පදනම වූ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එතැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද ඉංජිනේරු විද්‍යාවේ පදනම නිව්ටන්ගේ නියම වේ. කෙප්ලර්ගේ ග්‍රහලෝකවල චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්රගමනයට ඉඩ සැලසීය. ඔහු විසින් රචිත Principia ග්‍රන්ථය තුල ඊට අදාල භෞතික නියමයන් සම්පූර්ණ වශයෙන් විස්තර කර ඇති නිසාත් වර්තමානයේ විද්‍යාත්මක ලිපි ලිවීමේදී භාවිතා කරන සම්මතයන් ඇති කරලීමට එම ග්‍රන්ථයේ ලිවීම් ශෛලිය මූලික වූ නිසාත් එම ග්‍රන්ථය එදා මෙදා තුල බිහිවූ ඉතාම වැදගත් විද්‍යාත්මක ප්රකාශනයක් ලෙස සැලකේ. (තව දුරටත්...)](http://upload.wikimedia.org/wikipedia/commons/d/d2/Blank.png)


