තමන්නා (රූපවාහිනී කතාමාලාව)
තමන්නා | |
---|---|
![]() ප්‍රවර්ධන රුවක් | |
ප්‍රභේදය | ඉන්දියානු සෝප් ඔපෙරා නාට්‍ය |
රචනය කලේ | සෞම්‍යා ජෝෂි ජිග්නා ව්‍යාස් රුෂික් රාවල් |
රඟපෑම | අනූජා සාථේ විශාල් ගාන්ධි කිරාන් කර්මර්කර් කේත්කී දේව් රාම් කපූර් |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 143 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | රමේශ් දියෝ |
ස්ථානය(න්) | ජාම්නගර් මුම්බායි |
ධාවන කාලය | මිනිත්තු 21 |
නිෂ්පාදන සමාගම | රමේශ් දියෝ ප්‍රොඩක්ෂන්ස් |
බෙදාහරින්නා | ස්ටාර් ඉන්ඩියා |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | 1080i (HDTV) |
මුල් ධාවනය | 1 පෙබරවාරි 2016 | – 26 ජුනි 2016
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | සුමිත් සම්භාල් ලේගා |
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
තමන්නා (සිංහල: දිවියේ අරමුණ) යනු 2016 පෙබරවාරි 1 සිට ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ ප.ව. 10:00ට IST (UTC+5:30) ලොවපුරා විකාශය වූ හින්දි-භාෂා ඉන්දියානු රූපවාහිනී සෝප් ඔපෙරාවකි. මෙය ප්‍රකට ප්‍රහසන කතාමාලාවක් වූ සුමිත් සම්භාල් ලේගා විස්ථාපනය කරමින් විකාශය විය. මෙම කථාවට පසුබිම් වී ඇත්තේ ගුජරාටයේ, ජාම්නගර් වුවද, එය රූගත කෙරුණේ මුම්බායිහි ය.
සාරාංශය[සංස්කරණය]
තමන්නා මගින් නිරූපණය වන්නේ ධාරා (අනූජා සාථේ විසින් නිරූපණය කරයි) නම් ක්‍රිකට් ක්‍රීඩිකාවගේ කථා පුවතයි. ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවක වීමට සිදුකරන කැපකිරීම් මෙමගින් නිරූපණය වේ.
ධාරාට ඇගේ පියා සහාය වන අතර ඇගේ මිත්තණියට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පැහැදිලි කර දෙයි. මනාව ක්‍රීඩා කරන ඇයගේ අනාගතය දීප්තිමත් බැව් පෙනේ. නමුත් ඇගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරීමත් සමග ඇයට මිහිර් සමග විවාහ වීමට එකඟ වන්නට සිදුවේ. මුලින් සතුටට පත්වන ඇය ක්‍රිකට් ක්‍රීඩා කිරීම අත්නොහරියි. නමුත් මඳ කලකින්ම ඇය ඔහුගේ දැඩි පුරුෂෝත්කර්ෂවාදී පැත්ත වටහා ගනියි. ධාරාට සිරකරුවකු මෙන් සලකන ඔහු ඇයව පාලනය කරන්නට තැත් කරයි. ඇගේ චරිතය පවා සැක කරන ඔහු තමන්ට දාව ධාරාට උපන් දියණිය වන ශුභංගි සිය ප්‍රධානියා වන දිවාකර්ගේ යැයි සිතන්නට පෙළඹෙයි. මිහිර්ගේ දැඩි සහ අපවාදාත්මක ක්‍රියාකලාපය හේතුවෙන් ධාරා ඔහුගෙන් දික්කසාද වන්නට සැරසෙයි. මිහිර් එය ලබා දීම ප්‍රතික්ෂේප කරයි. ධාරා විසින් යෝග්‍ය සාක්ෂි ඉදිරිපත් කරීමෙන් පසුව, මිහිර් සමග සේවය කරන තැනැත්තස්ගේ සාක්ෂිය ආධාරයෙන් කෙසේ හෝ ඇය දික්කසාදය ලබා ගනියි. අනතුරුව ඇය එම්. එන්. රෝයි ධාරාට මීරුට්හි පාසලක ක්‍රිකට් පුහුණුකාරිණියක ලෙස රැකියාවක් සොයාගනියි. මීරුට් වෙත පැමිණෙන ඇය කෝලාහල පිළිබඳ දැනගනියි. ඇඳිරි නීතියෙන් පසුව ඇය පුහුණු කිරීම් අරඹයි. හින්දු සහ මුස්ලිම් සිසුන් අතර ඇති නොසන්සුන් බව දකින ඇය පළමුව තනි කණඩායමක් තැනීමට තීරණය කරයි. ඉන් ඇය සාර්ථක වුවද, ක්‍රීඩකයන් දෙදෙනකු අතර ඇතිවන විරසකය හේතුවෙන් බුලාන්ද්ගන්ජ්හි නැවත කලබල ඇති වෙයි. ඇය ඉල්ලා අස්වීමට තීරණය කළ ද ශිෂ්‍යයන් ඇගෙන් සමාව ගන්නා අතර ඇය නැවත පුහුණු කිරීම් අරඹයි. බුලාන්ද්ගන්ජ් වෙත පැමිණෙන මිහිර් ධාරා වගකීම් විරහිත මවක බවත්, ඇය ශුභංගිගේ ළමාවිය ඇයට ලබා නොදෙන බව පෙන්වීමට සාක්ෂි රැස් කරයි. ඔහු ශුභංගිගේ භාරකාරීත්වය හිමි කරගනියි.
චරිත නිරූපණය[සංස්කරණය]
- අනූජා සාථේ, ධාරා සෝලන්කි ලෙස (ප්‍රධාන කාන්තා චරිතය)
- දීපක් වාධ්වා, සංජේ ප්‍රතාප් සිං ලෙස (ප්‍රධාන පිරිමි චරිතය)
- රාම් කපූර්, අවිනාශ් අරෝරා ලෙස
- විශාල් ගාන්ධි, මිහිර් ශුඛාඩියා ලෙස (ධාරාගේ හිටපු සැමියා)
- කේත්කී දේව්[1], බා ලෙස
- කිරාන් කර්මර්කර්, දීපක් සෝලන්කි ලෙස (ධාරාගේ පියා)
- රුචි සවර්න්, මෘදුලා ලෙස (ධාරාගේ මිතුරිය)
- ශෛලේෂ් ගුලාබනි, සමීර් ලෙස (මෘදුලාගේ සැමියා)
- රාජ්ලක්ෂ්මි සෝලන්කි, ධාරාගේ මව ලෙස
- හර්ෂ් ඡායා, පුහුණුකරු රෝයි ලෙස
- නිමිෂා වඛාරියා, මිහිර්ගේ මව ලෙස
- හිතේශ් රාවල්, විජේ අග්නිහෝත්රි ලෙස (මිහිර්ගේ පියා)
- හර්ෂිතා ඕජා, ලාබාල ධාරා ලෙස
- සුධාංශු පාණ්ඩේ, දිවාකර් ලිමායේ ලෙස (මිහිර්ගේ නව ප්‍රධානියා)
- අන්චල් සභර්වාල්, ලාවන්‍යා ලෙස
- සොනාලි කුල්කර්ණි, ධාරාගේ නීතිඥයා ලෙස
- රාජේශ් ඛේරා, නීතිඥයකු ලෙස
- රෝහිත් චන්දේල්, ඉම්රාන් ලෙස
- පංකජ් බෙරී, භානු ප්‍රතාප් ලෙස
- රාජු ඛේර්, විදුහල්පති ලෙස
- අනන්ග් දේසායි, පණ්ඩිත් චෞරාසියා ලෙස
- භවින් භානුශාලි, බෂීර් ඛාන් ලෙස
- හිමාංශු අරෝරා, අර්ජුන් සිං ලෙස
- තුෂාර් භාන්, බල්රාම් ලෙස
- තෂ්වි තැක්කර්, ශුභංගි ලෙස (ධාරාගේ දියණිය)
- ආරව් මාවි, අමීර් ලෙස
- ගුර්ප්‍රීත් වාලියා, සුල්තාන් ලෙස
- ජයේශ් කර්දක්, වීර් ලෙස
- විජේ රාවල්, රසාක් ලෙස
- මිරාජ් ජෝෂි, විරාත් ෂර්මා ලෙස
- සෞරභ් ප්‍රතාප්, පාර්වේස් ලෙස
- ශංකර් සච්දේව්, මිෂ්රා ජි ලෙස
- පෘථිවි සුට්සි, ගුරුතුමා ලෙස
- ශිෂිර් ෂර්මා, මුම්බායි පුහුණුකරු ලෙස
- ? ගෆූර් චාචා ලෙස (මියගිය)
සම්මාන[සංස්කරණය]
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2016 | ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම බේටි | අනූජා සාථේ | දිනාගති |
ප්‍රියතම පිතා | කිරාන් කර්මර්කර් | දිනාගති | ||
ප්‍රියතම නායා සදස්‍යා - කාන්තා | අනූජා සාථේ | නිර්දේශිත | ||
ප්‍රියතම මසේදාර් සදස්‍යා | කේත්කී දේව් | නිර්දේශිත | ||
ප්‍රියතම නායි සොච් කි | අනූජා සාථේ | නිර්දේශිත |
අන්තර්ජාතික විකාශය[සංස්කරණය]
- ශ්‍රී ලංකාව තුළ සිංහලෙන් හඬකවන ලද මෙම කතාමාලාව 2017 සැප්තැම්බර් 6 දින සිට ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වන්නේ "මේ මගේ සිහිනයයි" යන තේමාව යටතේ ය.