ඩයනා ගමගේ
ඩයනා ගමගේ | |
---|---|
டயனா கமகே Diana Gamage | |
සංචාරක රාජ්‍ය අමාත්‍ය | |
In office 8 සැප්තැම්බර් 2022 – 8 මැයි 2024 | |
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
විෂයභාර අමාත්‍ය | හරීන් ප්‍රනාන්දු |
පූර්වප්‍රාප්තිකයා | ඩී.වී. චානක |
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය | |
In office 20 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
විෂයභාර අමාත්‍ය | දිලුම් අමුණුගම |
පූර්වප්‍රාප්තිකයා | දිලුම් අමුණුගම |
අනුප්‍රාප්තිකයා | ලසන්ත අලගියවන්න |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 20 අගෝස්තු 2020 – 8 මැයි 2024 | |
Personal details | |
උපත | 1965 දෙසැම්බර් 18 |
පුරවැසිභාවය | එක්සත් රාජධානිය |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය 2021 දක්වා |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2021 සිට |
කලත්‍රයා | කපිතාන් සේනක සිල්වා |
පදිංචිය(s) | අංක 537/21, Country Glage බංගලාව, අමරගොඩ පාර, පොතුවරාව, හෝකන්දර උතුර. |
Alma mater | ලන්ඩන් |
රැකියාව | දේශපාලනඥයා |
වෘත්තිය | පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, ව්‍යාපාරික කාන්තාවක් සහ දේශපාලන උපායමාර්ගිකයෙක් |
ඩයනා ගමගේ (Diana Gamage, උපත 1965 දෙසැම්බර් 18) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ සමගි ජන බලවේගයේ සාමාජිකාවක් ලෙස ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වූවාය. නමුත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය භාවිත කිරීමේ සිට ඇය ඇගේ දේශපාලන සම්බන්ධය ශ්‍රී ලංකා පොදුජන වෙත මාරු කළාය.නමුත් ඇය ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි කාන්තාවක බැවින් ඇයට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක තීන්දුව 2024දී ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය, ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ නොහැකි බව තීන්දු කරන ලදී. මේ නිසා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි විය. එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් "මුජිබර් රහුමාන්" පත් කරන ලදී.
නඩු
[සංස්කරණය]ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් හමුවේ 2023 සැප්තැම්බර් 14 වැනිදා යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය.[1]
මෙම නඩු තීන්දුව 2023 ජුලි 25 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් විනිසුරුවන් දෙදෙනා බෙදුණු තීන්දු ගැනීම හේතුවෙන් පෙත්සම යළි පූර්ණ විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන බව දැනුම් දුන්නේය. මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. මෙම පෙත්සම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ හෆීල් පාරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශිකයකු වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තියට අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බවය.
එසේම ඇය මේ සියලු කරුණු වසන් කරමින් උප්පැන්න සහතිකය ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයැදුම් කර ඇති බවත් ඔහු පැවසුවේය. සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා ගොනුකර තිබූ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ ආගමන විගමන පාලකවරයා නම් කෙරිණි. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන බැවින් ඇයට මෙරට මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවත් ඒ හේතුවෙන් ඇයගේ මන්ත්‍රීධුරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබිණි.
මුලාශ්‍ර
[සංස්කරණය]- ^ "ඩයනාට එරෙහිව අලුත් නඩුවක්", gossiplankanews.com, 2023 ජුලි 26