ජින්ගූ අධිරාජිනිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ජින්ගූ අධිරාජිනිය
神功皇后
Empress OKINAGA TARASI.JPG
මෙම ප්‍රතිමාව මගින් ජින්ගූ අධිරාජිනිය නිරූපණය වේ යැයි සැලකේ (ඔකිනගා-තරෂිහිමේ නෝ මිකොතෝ, 1326). ෂිමානේ ප්‍රාන්තයේ අකා-අනා හචිමංගූ ආශ්‍රමයේ එකතුවේ තබා ඇත.
ජපානයේ අධිරාජිනිය
රාජ්‍ය සමය201–269 (සම්ප්‍රදායික)
පූර්වප්‍රාප්තිකයාචූආයි අධිරාජයා (සම්ප්‍රදායික)
අනුප්‍රාප්තිකයාඕජින් අධිරාජයා (සම්ප්‍රදායික)
ජපානයේ වල්ලභ අධිරාජිනිය
භුක්තිය192–200
උපත169
මරණය269 (100 වියැති)
වල්ලභයාචූආයි අධිරාජයා
දරුවන්ඕජින් අධිරාජයා
මරණාපර නාමය
気長足姫尊

ජින්ගූ වල්ලභ අධිරාජිනිය (神功皇后 ජින්ගූ-කෝගෝ?) හෙවත් ඇතැම්විට ජින්ගූ රජකරන අධිරාජිනිය (神功天皇 ජින්ගූ-තෙන්නෝ?)[1] යනුවෙන් හැඳින්වෙන්නේ 201 වර්ෂයේ ආරම්භයේ සිය රාජ්‍ය පාලනය ඇරඹූ ජපන් අධිරාජිනියකි. චූආයි අධිරාජයාගේ බිසව වූ ඇය, 201දී ඇයගේ සැමියාගේ මරණයත් සමග, 269දී ඇගේ පුත්‍රයා වූ ඕජින් අධිරාජයා සිහසුනට පත්වන තෙක්ම අනුරාජයා ලෙස කටයුතු කරන ලදී.[2] ස්මප්‍රදායික අනුප්‍රාප්ති අනුපිළිවෙල අනුව මෙයිජි යුගය දක්වාම ජින්ගූව සැලකුණේ , 15වන ජපන් අධිරාජ පාලකයා ලෙසයි. (මේ නිසා ඇයට ජින්ගූ තෙන්නෝ 神功天皇 යන පදවි නාමය භාවිතා විය); නමුත් පවතින ඓතිහාසික වාර්තා යළි සලකා බැලූ කල ඇගේ නාමය එම ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බැව් පෙනී ගොස් ඇත. මේ නිසා වර්තමානය වන විට ඇගේ පුත්‍රයා වූ ඕජින් අධිරාජයා 15වන රජු යැයි සලකනු ලැබේ.

ජනප්‍රවාදගත තොරතුරු[සංස්කරණය]

මෙම ඓතිහාසික චරිතයේ දිවිය හෝ සම්භවය පිළිබඳ ස්ථිර දිනයන් ප්‍රකාශ කළ හැකි නොවේ. ඉතිහාසඥයන් විසින් සලකනු ලබන්නේ ජින්ගූ යනු "ජනප්‍රවාදගත" චරිතයක් බවයි. එයට හේතුව වැඩිදුර අධ්‍යයනයන් සහ තහවුරු කිරීම් සඳහා පවතින සාධක ප්‍රමාණවත් නොවීමයි. කපුරු සිහසුනේ සිංහාසනාරූඪ වීමට ප්‍රථම ජින්ගූගේ නාමය ඔකිනගටරෂි-හිමේ (息長帯比売) යැයි පැවසේ.

ජින්ගූ අධිරාජිනිය, ත්සුකියොකා යොෂිතොෂිගේ (1880) දැවඅච්චු මුද්‍රණයක්

මෙම ජනප්‍රවාදගත අනුරාජිනිය/රැජිනියගේ දේහය මිහිදන් කෙරුණු අවසන් භූමිය නොදන්නා නමුත්, ජින්ගූගේ නිල වශයෙන් නම්කොට ඇති මිසාසගි හෙවත් සොහොන්ගැබ පිහිටියේ වර්තමාන නාරාහි මිසාසගි-චෝ ස්ථානයේ ය.[3] මෙම කොෆුන්-ආරේ රාජකීය සොහොන්ගැබ පුළුල්, ජලයෙන් පිරි අගලක් තුළ පිහිටි යතුරු සිදුරක හැඩයේ දූපතකින් සමන්විත ය.[4]

කිටබටාකේ චිකෆුසා (1293–1354)[5] සහ අරයි හකුසෙකි (1657–1725) විශ්වාස කරන්නේ ජින්ගූ යනු සැබැවින්ම තෙවන සියවසේ යමාටයිකොකුහි යකැදුරු-රැජින වූ හිමිකෝ බවයි. හිමිකෝ ඓතිහාසික චරිතයක් වූ බැවින් නිහොන් ෂොකි කතුවරුන් විසින් ඇයව රාජකීය පුවලේ සාමාජිකාවක් ලෙස සලකන්නට ඇතැයි ඔවුහු පවසති. නූතන විද්වතුන් අතුරින් නයිටෝ තොරජිරෝ පවසන්නේ ඇය යමතොහිමේ-වෝ-මිකොතෝ බවයි. නමුත් හිගෝ කසුවෝ යෝජනා කරන්නේ යමාටෝ-ටොටොහිමෝසෝ-හිමේ බවයි.

1881දී, ජින්ගූ අධිරාජිනිය ‍ජපන් බැංකු නෝට්ටුවක රුව ඇතුළත් කෙරුණු පළමු කාන්තාව බවට පත් වූවා ය.[6] කෙසේනමුත්, මෙම ජනප්‍රවාදගත රැජිනගේ කිසිදු සැබෑ රූපයක් දක්නට නොලැබෙන හෙයින්, එහි ඇතුළත් ජින්ගූ රැජිනගේ රුව එඩෝවර්ඩෝ චියොසියොනේ විසින් ඇඳි අනුමාන රුවක් ඇසුරෙන් නිමවූවකි. සැබැවින්ම චියොසියොනේ ඇගේ රුව නිර්මාණයට රාජ්‍ය මුද්‍රණ අංශයේ සේවිකාවක නිරූපිකාවක වශයෙන් යොදාගත්තේ ය. මෙම රුව 1908/14 තැපැල් මුද්දර සඳහා ද භාවිත වූ අතර, කාන්තාවක නිරූපිත පළමු ජපන් තැපැල් මුද්දරය එය ලෙස සැලකේ. යොෂිඩා ටොයෝ විසින් සැලසුම් කළ ප්‍රතිශෝධිත සිතුවමක් 1924/37 ජින්ගූ මුද්දර සඳහා භාවිතා විය. 1939 නව මුද්දර මාලාවක් භාවිතයට පැමිණීමත් සමග ජින්ගූ රුව ඇතුළත් මුද්දර භාවිතය අභාවයට ගියේ ය.[7]

ජින්ගූ අධිරාජිනිය නිරූපිත යෙන් 1 බැංකු නෝට්ටුවක්; 1881

රාජකීය නිවස විසින් මුලින් යමාටෝ පළාතට ඇතුළත්ව තිබූ නාරාහි ඇය වෙනුවෙන් නිල සොහොන්ගැබක් ස්ථාපනය කරන ලදී. මෙය සකි නෝ ටටනාමි නෝ ඉකේ නෝ ඉ නෝ මිසසාගි හි පිහිටියේ ය.[8]

ජනප්‍රවාදගත ජින්ගූ හැරුණුවිටට, ජපානයේ තවත් රාජ්‍ය කරන අධිරැජිනියන් අටදෙනකු සිට තිබේ. ඔවුන්ගේ අනුප්‍රාප්තිකයින් බොහෝවිට තෝරාගැනුණේ පීතෘ පාර්ශ්වීය රුධිර පෙළපතේ පුරුෂයන් අතුරිනි. මේ නිසා ඇතැම් ගතානුගතික විද්වත්හු කාන්තා රාජ්‍ය සමයයන් තාවකාලික බවත්, පුරුෂයන්ට-පමණක් සීමා වූ අනුප්‍රාප්තියක් අනුගමනය කළ යුතු බවටත්, 21වන සියවසේ මත නගන්නට වූහ.[9] නමුත් මෙම තර්කය බැහැර වන එකම නිදසුනක් තිබේ. එනම්, ගෙන්මෙයි අධිරාජිනිය ඇගෙන් පසු සිහසුන පැවරූයේ සිය දියණිය වූ ගෙන්ෂෝ අධිරාජිනියට ය.

මතභේද[සංස්කරණය]

නිහොන් ෂොකි[10] අනුව, ඇය විසින් කොරියාවේ ආක්‍රමණයක් මෙහෙයවා ඇති අතර, වසර තුනකට පසු විජයග්‍රාහීව ජපානය වෙත පැමිණි තිබේ. කෙසේනමුත්, කොරියාවේ කිසිදු ප්‍රදේශයක ඇගේ පාලනය පැවති බවට සාක්ෂි හමු නොවේ.[11][12] ඇගේ පුත්‍රයා වූ ඕජින් උපත ලැබූයේ ඇගේ යළි පැමිණීමෙන් පසුවයි. එම ජනප්‍රවාදයෙහි සඳහන් වන්නේ චූආයි මියයන විට එම දරුවා පිළිසිඳ ගෙන තිබූ බවත්, ඉන් වර්ෂ තුනකට පසුව දරුවා උපත ලද බවත් ය. මෙය මාස නවයකට අඩු කාලයක් වර්ෂ "තුනක්" (ඇතැම් ඍතු වැනි) ලෙස සලකා ඇති අවස්ථාවක් හෝ ඇගේ පසුකාලීන සැමියාගේ පීතෘත්වය සැබෑවක් නොවන බව ඇඟවීමට ගත් උත්සාහයක් හෝ විය හැක.[13]

ජින්ගූ අධිරාජිනිය සහ ඇගේ අමාත්‍ය ටකෙයුචි; උටගාවා කුනිසඩාගේ ලීඅච්චු මුද්‍රණ පිටපතකි.

ඇතැමුන් විශ්වාස කරන්නේ ජින්ගූ අධිරාජිනියගේ ආක්‍රමණය ග්වංගේටෝ ශිලාව මත පමණක් පදනම්ව ගොඩනැගුණක් බවයි. නමුත් ජින්ගූගේ කොරියානු අර්ධද්වීප ආක්‍රමණය පිළිබඳ පුරාවෘත්තය පිළිබඳ පුරාතන වංශකථා වන 680දී ලියැවුණු කොජිකි සහ 720දී ලියැවුණු නිහොන් ෂොකි යන මූලාශ්‍රවල සඳහන් වේ. මීට අමතරව, නිහොන් ෂොකි මූලාශ්‍රය පවසන්නේ ජින්ගූ අධිරාජිනියගේ පියා කයිකා අධිරාජයාගේ මුණුපුරකු බවත්, ඇගේ මව කට්සුරාගි වංශයට අයත් බවත් ය.[14]

ඇතැමුන් විශ්වාස කරන්නේ ග්වංගේටෝ ශිලාවේ ඇති අක්ෂර පසුව වෙනස් කොට ඇති බවත්, එයට ජපනුන් පිළිබඳ ඇතුළත් කොට ඇති බවත් ය. ශිලාව පිළිබඳ අධ්‍යයන[15][16] සහ පූර්ව-සකෝ සහ පූර්ව-හුනු සලකුණු පදනම්ව වර්තමානයේ, ජපන් සහ ඇතැම් චීන විද්වත්හු අතිශයින් හානිව ඇති ශිලාව පිළිබඳ ඉහත මතය ප්‍රතික්ෂේප කරති.[17] ග්වංගේටෝ විසින් පරාජය කරන ලද ජපන් යුධ ක්‍රියා පිළිබඳ මෙම ශිලාවේ අඩක පමණම ප්‍රමාණයක සඳහන් වේ. කෙසේනමුත් ශිලා ස්තම්භය අර්ථකථනය කිරීම තවමත් මතභේදාත්මක අතර, ඕනෑකමින් කළා වුවත් නොවූවත්, ශිලාවට හානි සිදුවී ඇති අතර, එහි ඇතැම් කොටස් දක්නට නොලැබීම හේතුවෙන් එය පරිවර්තනය අපහසු වී ඇත. "From Paekchae Korea to the Origin of Yamato Japan" ග්‍රන්ථයේ දැක්වෙන්නේ ජපනුන් විසින් ග්වංගේටෝ ශිලාව වැරදි අයුරින් අර්ථකථනය කොට ඇති බවයි. මෙම ශිලාව කොරියානු රජකුට ගෙවූ පඬුරු කප්පම් පිළිබඳ සඳහන් කරයි. නමුත් නිවැරදි විරාම ලකුණු මඳ හෙයින්, එය ආකාර 4කට පරිවර්තනය කළ හැක. ඉන් එක් අර්ථකථනයක් මගින් කියැවෙන්නේ කොරියාව සමුද්‍ර සන්ධිය තරණය කොට ජපානයට පඬුරු කප්පම් ගෙවීමට බලකළ බවක් කියැවේ.

චීන ඉතිහාසඥ ෂෙන් යුඒ (441–513) විසින් ලියන ලද , චීන ලියු සොං රාජවංශයේ සොංහි ග්‍රන්ථය තුළ කොරියානු අර්ධද්වීපය තුළ ජපනුන් සිටි බව සඳහන් කරයි. කෙසේනමුත්, ලියු සොං රාජවංශය පුරාතන සමයේ දකුණු චීන රාජවංශයක් වූ බැවින්, එයට ඊසානදිග ආසියාව සහ කොරියානු හා ජපන් ඉතිහාසඥයන් සමග පැවතියේ අල්ප සම්බන්ධතාවකි. මේ නිසා ඔවුන් බෙක්ජේ, සම්හන් සහ යමාටෝ ජපානය එකම භූමියක් ලෙස සලකා ඇති බැව් පෙනේ. එකල මහා බලවතුන් වූ සුයි රාජවංශය සහ ගොගුර්යෝවට සුභාශිංසන පතා, මෙවැනි දෝෂයක් සිදුකොට තිබීම සිදු නොවිය හැකි බැව් පෙනේ.

චීන සුයිහි ග්‍රන්ථය තුළ සඳහන් වන්නේ ජපානය විසින් බෙක්ජේ සහ සිල්ලා රාජධානිවලට යුධ ආධාර සැපයූ බවයි.[18]

ක්‍රි.ව. 1145දී ලියැවුණු සම්ගුක් සගි ("තුන් රාජධානිවල වංශකථා") ග්‍රන්ථය අනුව 397දී බෙක්ජේහි අසින් රජු සිය පුත්‍රයා වූ ‍ජොන්ජි කුමරු ශරීර ඇපකරුවකු ලෙස ජපානයට යවා ඇත.[19] එසේම සිල්ලාහි සිල්සොං රජු ද 402දී ඔහුගේ පුත්‍රයාව යවා ඇත;මේ අවස්ථා දෙකම යමාටෝ ජපානයේ යුධ සහාය තහවුරු කරගනු පිණිස අනුගමනය කළ ක්‍රියාමාර්ග වේ. මේ නිසා මෙම ජාතීන් ද්විත්වයට සිය ආක්‍රමණ සිදුකළ හැකි විය. ජපන් පාලකයින් සහ කොරියාව අතර පැවති සම්බන්ධතා තවත් අපැහැදිළි තත්ත්වයකට පත්ව ඇත්තේ නිහොන් ෂොකි ග්‍රන්ථය තුළ අමෙනොහිබොකෝ නම් කොරියානු කුමරකු ජපානයට පැමිණ,[20] සුයිනින් අධිරාජයාට සේවය කළ ටජිමමොරිගේ මුත්තණුවන් වූ බැව් සඳහන් කොටතිබීම නිසායි.[21] මේ නිසා කොරියානුවන් ශරීර ඇපකරුවන් ලෙස යැවූයේ ද, නැතහොත් ඥාති සම්බන්ධතා ඇති කොට ගත්තේ ද යන්න මතභේදයට තුඩු දී ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. The Shinto Shrine Agency of Ehime Prefecture
  2. Titsingh, Isaac. (1834). Annales des empereurs du japon, pp. 16–19; Brown, Delmer M.| (1979). Gukanshō, p. 255; Varley, Paul. (1980). Jinnō Shōtōki, pp. 101–103.
  3. (PDF) Jingū's misasagi, JP: Nara shikanko, lower right, http://narashikanko.jp/english/aria_map/map_pdf/39.pdf .
  4. context of kofun characteristics
  5. Mason, Penelope. History of Japanese Art. Second Edition. Upper Saddle River, NJ: Pearson Prentice Hall, 2005, p. 29.
  6. History, Bank of Japan, http://www.imes.boj.or.jp/cm/english_htmls/history_18sub.htm .
  7. 続逓信事業史 (Continued - History of Communications Business) vol. 3 郵便 (mails), ed. 郵政省 (Ministry of Postal Services), Tokyo 1963
  8. Ponsonby-Fane, Richard. (1959). The Imperial House of Japan, p. 424.
  9. Yoshida, Reiji. "Life in the Cloudy Imperial Fishbowl", Japan Times. March 27, 2007; retrieved 2013-8-22.
  10. Nihon Shoki, Volume 9
  11. Kenneth B. Lee (1997). "4. Korea and Early Japan, 200 BC – 700 AD". Korea and East Asia: The Story of a Phoenix. Greenwood Publishing. පිටු 31–35. ISBN 0-275-95823-X. 
  12. Hall, John Whitney| (1998). "5. Japan and the continent". The Cambridge History of Japan. [[Cambridge University Press|]]. පිටු 308–10. ISBN 0-521-22352-0. 
  13. Aston, William. (1998). Nihongi, Vol. 1, pp. 224–253.
  14. Nihon Shoki Vol. 9 "気長足姫尊。稚日本根子彦大日日天皇之曾\loch孫。気長宿禰王之女也。母曰葛城高顙媛。"
  15. Takeda, Yukio. "Studies on the King Gwanggaeto Inscription and Their Basis". Memoirs of the Research Department of the Toyo Bunko. 47(1989):57–87.
  16. Xu, Jianxin. 好太王碑拓本の研究 (An Investigation of Rubbings from the Stele of Haotai Wang). Tokyodo Shuppan (ja), 2006. ISBN 978-4-490-20569-5.
  17. Oh, Byung-sang, "Fountain: Echoes of drumming hoofbeats", JoongAng Ilbo, October 4, 2002.
  18. Chinese History Record Book of Sui: 隋書 東夷伝 第81巻列伝46 : 新羅、百濟皆以倭為大國,多珍物,並敬仰之,恆通使往來.
  19. (Koreanයෙන්) Samguk Sagi. http://www.koreandb.net/Sam/bon/samkuk/04_250_2001365.htm. "六年 夏五月 王與倭國結好 以太子腆支爲質" 
  20. Nihon Shoki, Vol. 6 "天日槍對曰 僕新羅國主之子也 然聞日本國有聖皇 則以己國授弟知古而化歸 (to serve) 之"
  21. Nihon Shoki, Vol. 6 "故天日槍娶但馬出嶋人 太耳女麻多烏 生但馬諸助也 諸助生但馬日楢杵 日楢杵生清彦 清彦生田道間守也"

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
චූආයි අධිරාජයා
ජපානයේ අධිරාජිනිය
201–269
(සම්ප්‍රදායික දින)
අනුප්‍රාප්තික වූයේ
ඕජින් අධිරාජයා

සැකිල්ල:Emperors of Japan

"https://si.wikipedia.org/w/index.php?title=ජින්ගූ_අධිරාජිනිය&oldid=410138" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි