චක්‍රවර්තින් අශෝක සම්රාට්
චක්‍රවර්තින් අශෝක් සම්රාට් | |
---|---|
ප්‍රභේදය | ඓතිහාසික නාට්‍ය |
තැනුවේ | අශෝක් බැන්කර් |
රචනය කලේ | අශෝක් බැන්කර් |
අධ්‍යක්ෂණය කලේ | ප්‍රසාද් ගවාන්දි |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | ජිතේන්ද්‍ර ශ්‍රිවාස්ථව, නෆීස් ඛාන් |
රඟපෑම | බලන්න චරිත නිරූපණය |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 440 [1] |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | අභිමන්යු රාජ් සිං රූපාලි සිං |
ස්ථානය(න්) | කර්ජාට්, රාජ්ගඩ් දිස්ත්‍රික්කය, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
සිනෙමාරූපණය | දීපක් පාන්ඩේ |
ධාවන කාලය | ආසන්නව මිනිත්තු 20 |
නිෂ්පාදන සමාගම | කොන්ටිලෝ එන්ටර්ටේන්මන්ට් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
රූප ආකෘතිය | 576i SDTV 1080i HDTV |
මුල් ධාවනය | 2 පෙබරවාරි 2015 | – 7 ඔක්තෝබර් 2016
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
චක්‍රවර්තින් අශෝක සම්රාට් (සිංහල: මහා අධිරජ අශෝක) යනු 2015දී විකාශය වූ ඉන්දියානු ඓතිහාසික මාලා නාට්‍යයකි.[2] කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ[3][4] විකාශය වූ මෙම වැඩසටහන නිර්මාණය සහ රචනා කරන ලද්දේ තිරරචක අශෝක් බැන්කර් විසිනි.[5][6] මෙහි ප්‍රධාන චරිතය වන අශෝක රජුගේ චරිතය මෝහිත් රයිනා[7][8] විසින් නිරූපණය කළ අතර, ඔහුගේ කුඩා විය සිද්ධාර්ත් නිගම් විසින් නිරූපණය කරන ලදී.[9][10][11]
චක්‍රවර්තින් අශෝක සම්රත් කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ ඉන්දියාවේ මෞර්ය රාජවංශයේ තෙවන අධිරාජයා වූ අශෝක අධිරාජයාගේ (ක්‍රි.පූ. 304–232) කථාපුවතයි.[6][12][13][14][15] කොන්ටිලෝයි එන්ටර්ටේන්මන්ට් ආයතනය විසින් නිෂ්පාදනය කළ මෙම ඓතිහාසික නාට්‍යය අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රසාද් ගවාන්දි විසිනි. 2015 පෙබරවාරි 2වන දින විකාශය ඇරඹූ මෙම කතාමාලාව, පළමු කතාංග 20 සඳහා පැයක ධාවන කාලයකින් යුතුව විකාශය කරන ලදී.[16][17][18] 2016 ඔක්තෝබර් 7වන දින මෙම කතාමාලාව අවසන් විය.[19]
කථාපුවත
[සංස්කරණය]මූලිකව මෙම කතාමාලාව ගෙතී ඇත්තේ අශෝකගේ දෙමව්පියන් වූ ධර්මා සහ බින්දුසාරගේ දිවිය සහ ප්‍රේමය වටායි. බින්දුසාර මගධයෙහි වත්මන් රජු වන අතර, ඔහුගේ සුළු මව ඔහුට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නී ය. හෙලේනාගේ මිනිසුන් බින්දුසාරට පහර දෙන අතර, ඔහුව බේරා ගනු ලබන්නේ සුභද්‍රාංගි හෙවත් ධර්මා නැමැති රූමත් හා බුද්ධිමත් බ්‍රාහ්මණ කාන්තාව විසිනි. ඇගේ දස්කම් දැක විස්මයට පත්වන බින්දුසාර ඇයට ප්‍රේම කරන අතර ඇයව සරණපාවා ගනියි. පසුව ධර්මා දරුවකු පිළිසිඳ ගන්නීය. බින්දුසාරගේ තවත් බිසවක් වූ නූර් සහ ඇගේ පියා වූ මිර් ඛෝරසන් ධර්මාව විනාශ කිරීමට තැත් කරයි. ධර්මා පුතකුට උපත ලබා දෙන අතර, එම දරුවාට "අශෝක" (ශෝකයක් නැති) යන නාමය තබයි.
වසර 14කට පසු
පසුව මෙම කතාව මගින් චානක්‍යගේ සහාය ලබා බාධක ජයගන්නා ළමා අශෝකගේ දිවිය නිරූපිතය. ධර්මා, අශෝකට ඔහුගේ පියා පිළිබඳ කිසිවක් දැනගැනීමට ඉඩ නොතබන්නීය. නමුත් කෙසේ හෝ සත්‍ය දැනගන්නා අශෝක බින්දුසාර සහ ධර්මා යළි එකතු කරවයි. අශෝකගේ පරාර්ථකාමීත්වය සහ මව්බිම සුරකින්නට ඔහු දුන් ප්‍රතිඥාව හේතුවෙන් ඔහු අනාගතයේ මගධයේ මහා පාලකයා වනු ඇතැයි චානක්‍ය අපේක්ෂා කරයි. නමුත් සිහසුන පිළිබඳ ආශාවක් නොමැති අශෝක සිය සොහොයුරා වූ සියාමක් මගධයට සුදුසුම පාලකයා වනු ඇතැයි කල්පනා කරයි. මේ අතර, රාධගුප්ත ඇතුළු සිය අනුගාමිකයින් සමග චානක්‍ය, හෙලේනා ඇතුළු වෙනත් සතුරන්ගේ කුමන්ත්‍රණවලින් මගධයෙහි සිහසුන ආරක්ෂා කරගැනීමට තැත් කරයි. මව්බිම සුරැකීමට ප්‍රතිඥා දුන් චානක්‍ය තමන්ට බාධාවක් බව සිතූ හෙලේනා ඔහුව විනාශ කිරීමට උපක්‍රම යොදයි. මේ අතර, චාරුමිත්‍ර විසින් ධර්මාට හූනියමක් සිදුකොට ඇති බව චානක්‍ය දැන ගනියි. චානක්‍ය, තමන්ට වඩා අශෝකට ප්‍රිය කිරීම පිළිබඳ සුසීම උරණ වෙයි. එසේම මගධයේ ගැටලු විසඳීමේ දී බින්දුසාර තමන්ට වඩා චානක්‍ය කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ මහාමාත්‍ය ඛාලතක් ද ඊර්ෂ්‍යාවෙන් පෙලෙයි. මේ නිසා හෙලේනා චාරුමිත්‍ර, සුසීම සහ ඛාලතක් සමග එකතු වෙයි. සිය ආදරණීයයන්ගේ (ජස්ටින් සහ නූර්) මරණයට හේතු වූයේ චානක්‍ය යැයි විශ්වාස කළ සියාමක් ද මෙම සැලසුමට එකතු වෙයි. ඔවුහු සියලු දෙනා එකතුව චානක්‍ය මරා දමති. සිය අවසන් හුස්ම හෙලන චානක්‍ය අශෝකට පැවසූයේ සිය මව්බිමට සේවය කළ හැකි එකම ක්‍රමය මගධයේ අධිරාජයා වීම බවයි. චානක්‍ය අනතුරක් හේතුවෙන් නොව මගධයෙහි සතුරන්ගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් මිය ගිය බව අශෝක විශ්වාස කරයි. අනතුරුව වැරදිකරුවන්ට දඬවම් දීමට ඉටාගන්නා අශෝක මගධයෙහි අධිරාජයා වීමට අදිටන් කරගනියි. මේ අතර, කීචක්ගේ දුෂ්ට පාලනය අවසන් කිරීමට සිතන අශෝක තක්ෂශිලා වෙත පිටත්වන අතර අවසානයේ ඔහු ජයගැනීමට සමත් වෙයි. එහිදී ඔහුට කාලිංග කුමරියක වන කෞර්වකී මුණගැසෙයි. කෞර්වකීගේ පියා වූ ජගන්නාත්ගේ අපේක්ෂා සුන් කරමින් ඔවුන් දෙදෙනා අතර ප්‍රබල මිතුදමක් ගොඩනැගෙයි. පසුව පාඨලිපුත්‍ර වෙත පැමිණෙන අශෝක, චානක්‍යගේ මරණයට සිය පවුලේ සාමාජිකයන් ද සම්බන්ධ බව දැනගනියි. වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමේ දී, අශෝක සහ බින්දුසාර ගැටුම් ඇති වන අතර, සුසීමට තුවාල සිදු වෙයි. කෝපයට පත් බින්දුසාර අශෝකව පාඨලිපුත්‍ර නුවරින් පිටුවහල් කරයි. සිය පුත්‍රයාගේ ආරක්ෂාව පතා, ධර්මා ද අශෝක සමග පිටත්ව යන අතර ඔවුහු උජජ්යින් වෙත පැමිණෙති. මෙමගින් මෙම අදියර අවසන් වෙයි.
තවත් වසර 10කට පසු
අනුකම්පා විරහිත අශෝක, චන්ද් යන නාමයෙන් යුතුව ධර්මා සහ සිය සොහොයුරු විත් සමග උජ්ජයින්හි වෙළෙන්දකු වූ ධනිෂරාම්ගේ නිවසේ නවාතැන් ගනිති. ධනිෂරාම්ගේ දියණිය දේවි නම් වෙයි. මේ අතර කාලිංගයෙහි සිටින කෞර්වකීගේ එකම අභිප්‍රාය අශෝක මුණගැසීමයි. මෙය ඇගේ පියා වූ ජගන්නාත්ගේ කෝපයට හේතුවෙයි. මේ වන බින්දුසාර ක්‍රෑර හා රළු තත්ත්වයට පත්ව සිටියි. චාරුමිත්‍රගේ මන්ත්‍ර මායාවන්හි උපකාරයෙන් සුසීම තවත් බලවත් වී සිටියි. මේ අතර ක්‍රීඩාවක දී නොදැනුවත්ව අශෝක සහ සුසීම සටනෙහි යෙදෙයි. විත් සමග පැමිණෙන ධර්මා මෙය වළක්වන්නට උත්සාහ දරයි. සියලුදෙනා ඔවුන්ව හඳුනාගනිති. බින්දුසාර ඔවුනට සමාව ලබා දෙන අතර, ඔවුනට නැවත පාඨලිපුත්‍රයට පැමිණීමට ආරාධනා හිමි වේ.අශෝක බින්දුසාරගේ නියෝග පිළිනොගනියි. කැලැවක සැරිසරන ඔහුට කෞර්වකී මුණගැසෙයි. මේ වන විට, ධර්මා අභ්‍යන්තර දේශපාලන අරගලවලට මුහුණ දීමට තරම් නිර්භයව සිටින්නී ය. නිරංකුෂ් සහ ඔහුගේ සගයින් විසින් දේවි සහ ඇගේ පියාට හිංසා කරනු අශෝක දකියි. නමුත් ඔහුට නිරංකුෂ් හසු කරගැනීමට නොහැකි වේ. නැවත පාඨලිපුත්‍රය වෙත පැමිණෙන අශෝක පසුගිය වසර 10 පුරාම වහල් මෙහෙය සිදුව ඇති බව බින්දුසාර වෙත සැලකර සිටියි. කොන්ද්නා නැමැති මිනිසකු මෙය පසුපස සිටින බව ඔහු අනාවරණය කරයි. එක් රැයක, සියාමක්, කොන්ද්නා හමුවීමට රාත්‍රියේ පිටව යයි. කොන්ද්නා යනු හෙලේනා බව පෙනී යයි. නිරංකුෂ් මාර්ගයෙන් කොන්ද්නා හසු කරගැනීමට අශෝක උපක්‍රම යොදයි. අශෝකට කොන්ද්නාව හසු කරගත නොහැකි වන අතර, නිරංකුෂ් පලා යයි. කෙසේනමුත්, කොන්ද්නා යනු කාන්තාවක බවට ඔහුට ඉඟියක් ලැබේ. එම කාන්තාවගේ නම ‘හ්’ අක්ෂරයෙන් ආරම්භ වන බව අශෝකට නිරංකුෂ්ගෙන් දැනගත හැකි වේ. පසුව කොන්ද්නා යනු හෙලේනා බව අශෝක වටහා ගනියි. නමුත් කිසිවකු එය විශ්වාස නොකරයි. කොන්ද්නා යනු හෙලේනා බව අශෝකට නිසැක ය. ඇයව අල්ලා ගැනීමට උපායයක් යොදන ඔහු ඇයව සියලු දෙනාගේ ඉදිරියට පමුණුවයි. අශෝක සහ ලැසැන්ඩ්‍රා (හෙලේනාගේ සතුරා) එක්ව හෙලේනාව අල්ලාගන්නා අතර, ඇයව මරාදමන ලෙස සියාමක්ට බල කරති.
පසුව, අශෝක සහ කෞර්වකී විවාහයට සූදානම් වෙති. එවිට ධර්මා සහ දේවි නක්ෂත්‍රකරුවකු මුණගැසෙන අතර, ඔහු පවසන්නේ මෙම විවාහ බාධක රැසකින් පිරි එකක් බවත්, කාලිංග සටනෙන් බොහෝ අහිංසක ජනයා මියයන බවත් ය. ඉන් බියට පත්වන ධර්මා, අශෝකට කෞර්වකී වෙනුවට දේවි ව විවාහ කැදීමට තීරණය කරයි. ජගන්නාත් බින්දුසාරට පවසන්නේ අශෝකට කෞර්වකිව විවාහ කරගත හැක්කේ බින්දුසාර මගධයේ කිරුළ අශෝකට ලබාදෙන්නේ නම් පමණක් බවයි. බින්දුසාර එයට එකඟ වේ. විවාහ සිදුවන දිනයේ, අශෝක මේ පිළිබඳ දැනගන්නා අතර, ඔහු තමන් සහ කෞර්වකි අතර විවාහය අවලංගු කරයි. කෝපයෙන් යුතුව අශෝක ජගන්නාත් වෙත කිනිස්සකින් පහර දී තුවාල කරයි. ඒ වෙනුවට අශෝක දේවි සමග විවාහ වෙයි. ආණ්ඩුකාරයකු ලෙස තක්ෂශිලාව වෙත පිටත්ව යන සියාමක් සෙබලුන් රැස් කරයි. සියාමක්ව මරා දමන අශෝක නැවත පාඨලිපුත්‍ර වෙත පැමිණෙයි. මේ වන විට සුසීම, බින්දුසාර වඩා බලවත්ව සිටියි. කෞර්වකි ඝාතනය කළේ යැයි පවසමින් ජගන්නාත් අශෝකට චෝදනා කරයි. නමුත් කෞර්වකිව සොයාගන්නා දේවි, අශෝකව බේරා ගනියි. බින්දුසාරගේ මරණින් පසු සුසීම සහ අශෝක අතර සටනක් ඇති වේ. සුසීම ගිනි වලක් තුළට පනියි. අනතුරුව මගධ සම්රාත් අශෝක මෞර්ය ලෙස අශෝකව සිංහාසනාරූඪ කෙරෙයි. කාලිංග යුද්ධයෙන් කතාමාලාව අවසන් වේ.
චරිත නිරූපණය
[සංස්කරණය]- මෝහිත් රයිනා, අශෝක ලෙස[20][21]
- සිද්ධාර්ත් නිගම්, ළමා අශෝක ලෙස[22]
- සමීර් ධර්මාධිකාරී, බින්දුසාර ලෙස[23]
- පල්ලවි සුභාෂ්, ධර්මා/ශුභද්‍රාංගි[24]
- කාජල් ශ්‍රිවාස්ථව, දේවි ලෙස[25]
- සෞම්‍යා සෙත්, කෞර්වකි ලෙස[26]
- රීම් ෂෙයික්, ළමා කෞර්වකි ලෙස
- මනෝජ් ජෝෂි, චානක්‍ය ලෙස
- අංකිතා ෂර්මා, නූර් ඛෝරසන් ලෙස
- ප්‍රිනාල් ඔබරෝයි, චාරුමිත්රා ලෙස[27]
- ප්‍රීත් කොවුර් මාධන්, සුබ්රාසි රැජින ලෙස
- අංකිත් අරෝරා, සුසීම ලෙස[28]
- සුමේධ් මුද්ගල්කාර්, ළමා සුෂීම ලෙස[29]
- හීනා පර්මාර්, රාජකුමාරි චන්දා ලෙස
- සුසෑන් බර්නර්ට්, හෙලේනා ලෙස[30][31]
- සුමිත් කාවුල්, ජස්ටින් ලෙස[32][33]
- දක්ෂ් අජිත් සිං, රාධගුප්ත ලෙස[34]
- කැලිරොයි ට්සියාෆේටා, ලැසැන්ඩ්‍රා ලෙස
- මනෝජ් කොල්හත්කාර්, ඛල්ලතක් ලෙස
- අභිරාම් නායින් සියාමක් ලෙස
- ෆයිසාන් ඛාන්, ළමා සියාමක් ලෙස
- මනෝජ් වර්මා, ජගන්නාත් ලෙස
- ඇලේෆියා කපාඩියා, වසුධා ලෙස[35]
- රාජේශ් ඛේරා, දේවව්රත් ලෙස[36]
- සුධාංශු පාන්ඩේ, කීචක් ලෙස[37]
- අයාන් සුබයිර් රහ්මානි, දෘපද් (ළමා) ලෙස
- අම්රිත් බේල්, අමාත්‍ය රාක්ෂස් ලෙස[38]
- මායාන්ක් ගාන්ධි, විරාත් ලෙස[39][40]
- වෛක්‍රාන්ත් චතුර්වේදි, මිර් ඛොරාසන් ලෙස[41]
- තේජ් සප්රු, සෙලියුකස් I නිකේටර් ලෙස
- ආනන්ද් ගොරාඩියා, අග්නිබාහු ලෙස
- සොනාල් පරිහාර්, නිර්ජාරා ලෙස
- කේකේ ගෝස්වාමි, වරාහ්මිර් ලෙස
- රුමි ඛාන්, දස්ථාන් ලෙස[42]
- ආර්ති රානා, බේලා ලෙස[43]
- සචින් වර්මා, අක්රාමක් ලෙස
- යෝගේෂ් මහාජාන්, රාජාජිරාජ් ලෙස
- තපස්යා නායක් ශ්රීවාස්ථව, නිහාරිකා රැජින ලෙස
- යෂාශ්රී මසුර්කාර්, අග්නිෂිඛා ලෙස
- ජස්වන්ත් මේනාරියා, නාවක් ලෙස
- අර්හාන් බේල්, චන්ද්‍රගුප්ත මෞර්ය ලෙස (පසුබිම් චරිතය)
- හර්ෂ් ඛුරානා, උත්තර් ලෙස
- තුනිෂා ෂර්මා, අහංකාරා ලෙස
- මොනිකා ෂේගල්, බහාමනි ලෙස
නිෂ්පාදනය සහ ප්‍රවර්ධනය
[සංස්කරණය]මෙම කතාමාලාව නිර්මාණය කෙරුණේ කර්ජාට් ප්‍රදේශයේ ය. මෙය නිෂ්පාදනය කරන ලද්දේ කොන්ටිලෝ එන්ටර්ටේන්මන්ට් ආයතනය විසිනි.[44] අවම වශයෙන් 500කින් යුතු කන්ඪායමක් මෙම කතාමාලාව සඳහා සේවය කොට ඇත. කතාංග රූගත කිරීම සඳහා ජායිසාල්මර්, කේරළ, මුම්බායි චිත්‍රපට නගරය සහ කර්ජාට් යන ප්‍රදේශවල සිදු විණි. අසුන් මත බුස්කාෂි සටන ("එළුවන් ගැටීමේ" ක්‍රීඩාව) ද ප්‍රතිනිර්මාණය කෙරුණකි.[3] 2015 අප්‍රේල් මස මෙම කණ්ඩායමේ වූ ආලෝකකරණ ශිල්පියකු මියගියේ ය.[45]
2015 පෙබරවාරි මස මහා ශිවරාත්‍රී උත්සව දිනයේ පැවති විකට වැඩසටහනක් වූ කොමඩි නයිට්ස් විත් කපිල් වැඩසටහන මගින් චක්‍රවර්තින් අශෝක සම්රත් ප්‍රවර්ධන කෙරිණි.[46] 2015 අප්‍රේල් මස කලර්ස් ටීවී ආයතනය මගින් "අශෝක: ද ගේම්" නැමැති ක්‍රීඩා ඇප් එක මුදාහරින ලදී.[47][48]
සම්මාන
[සංස්කරණය]වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|
2015 | ඉන්දියානු ටෙල්ලි සම්මාන | හොඳම ළමා නළුවා (සිද්ධාර්ත් නිගම්) |
දිනාගති[49] |
හොඳම ඓතිහාසික/මිත්‍යා කතාමාලාව | නිර්දේශිත[50] | ||
සහායක චරිතයක හොඳම නළුවා (නාට්‍ය) (සමීර් ධර්මාධිකාරි) |
නිර්දේශිත[50] | ||
සහායක චරිතයක හොඳම නිළිය (නාට්‍ය) (පල්ලවි සුභාෂ්) |
නිර්දේශිත[50] | ||
සී ස්වර්ණ සම්මාන | හොඳම ඓතිහාසික වැඩසටහන | දිනාගති[51] | |
හොඳම නළුවා (නැගී එන) (සිද්ධාර්ත් නිගම්) |
දිනාගති | ||
ටෙලිවිෂන් ස්ටයිල් අවෝඩ් | වඩාත් ශෛලිගත ඇරඹුම සිද්ධාර්ත් නිගම් |
දිනාගති[52] | |
BIG Sස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් | වඩාත් වින්දණීය රූපවාහිනී නිළිය (ගල්ලවි සුභාෂ්) |
නිර්දේශිත | |
වඩාත් වින්දනීය රූපවාහිනී නළුවා (සිද්ධාර්ත් නිගම්) |
නිර්දේශිත | ||
වඩාත් වින්දනීය රූපවාහිනී ප්‍රබන්ධ වැඩසටහන | නිර්දේශිත | ||
2016 | ගෝල්ඩ්න් පෙටල් අවෝඩ්ස් | හොඳම පරිවාර් (කොන්ටිලොව් එන්ටර්ටේන්මන්ට්) |
දිනාගති[53] |
ප්‍රියතම ළමා නළුවා (සිද්ධාර්ත් නිගම්) |
දිනාගති | ||
ප්‍රියතම ළමා නිළිය (රීම් සමීර් සායික්) |
නිර්දේශිත[54] | ||
නැගීඑන නළුවා (සිද්ධාර්ත් නිගම්) |
නිර්දේශිත | ||
හොඳම වැඩසටහන | නිර්දේශිත | ||
සී ස්වර්ණ සම්මාන | හොඳම සහායක නළුවා (සමීර් ධර්මාධිකාරි) |
නිර්දේශිත[55] | |
හොඳම සහායක නිළිය (පල්ලවි සුභාෂ්) |
නිර්දේශිත | ||
ෂණාත්මක චරිතයක හොඳම නිළිය (ප්‍රිනාල් ඔබරෝයි) |
නිර්දේශිත |
විචාරක පිළිගැනීම
[සංස්කරණය]ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සඟරාව විසින් අශෝක් බැන්කර්ගේ ප්‍රතිනිර්මාණය පැසසූයේ එය ඉතිහාසයේ හිස්තැන් පිරවූ බවටත්, "රසවත් ප්‍රබන්ධ හැරවුමක්" සැපයූ බව පවසමිනි.[56]
බොලිවුඩ් ලයිෆ්හි විචාරකයකු වූ ලෙටි මාරියම් ඒබ්‍රහම් විසින් මෙම වැඩසටහනට තරු 5න් 3ක් ලබාදුන්නේ, එහි සැකසුම, දෘශ්‍ය ප්‍රයෝග සහ නිෂ්පාදන වටිනාකම වෙනුවෙනි. ළමා නළු සිද්ධාර්ත් නිගම් ඇගයුමට ලක්කළ ඇය, ඔහු "නිසැකවම දීප්තිමත් නළුවකු" බවත්, "ඔහුගේ ජව සම්පන්න දේහය චරිතයට හොඳින් ගැළපෙන" බවත් පැවසුවා ය. අවසාන වශයෙන් ඒබ්‍රහම් සිය තීරණය ලබාදුන්නේ "මෙම වැඩසටහන මහත් බලාපොරොත්තු සහගත බව පෙනන්නට තිබුණත්, වැඩිදියුණු විය යුතු තැන් රාශියක් එහි ඇති බවයි. තමා යෝජනා කරන්නේ මිනිසුන් මෙම ඓතිහාසික නාට්‍යය නැරඹිය යුත්තේ සිද්ධාර්ත් නිගම් සහ මෙහි ඇති විශේෂ ප්‍රයෝග හේතුවෙන් බවයි."[57]
India.com විචාරකයකු වූ ප්‍රථමේෂ් ජාධව් ප්‍රකාශ කළේ "මෙහි ආරම්භක කතාංගය අනුව බැලූ කල මෙම විසිතුරු නාට්‍යය එහි රසවත් කථාපුවත සමග බලාපොරොත්තු තබා ගත හැකි එකක් බව පෙනී යයි." ඔහු වැඩිදුරටත් පැවසූයේ, "අප මෙහි ප්‍රිය කරන්නේ මෙහි දෘශ්‍යය සහ විශේෂ ප්‍රයෝග හා VFX කණ්ඩායම විසින් ගොඩනගා ඇති උද්‍යෝගයටයි."[58]
අන්තර්ජාතික විකාශය
[සංස්කරණය]- කාම්බෝජය තුළ මෙය ព្រះបាទអសោក යන තේමාව යටතේ කාම්බෝජියානු රූපවාහිනී ජාලය ඔස්සේ විකාශය කරන ලදී.[59]
- ඉන්දුනීසියාව තුළ, අශෝක යන තේමාව ඔස්සේ 2015 මැයි 11 දින සිට antv නාඵිකාව ඔස්සේ මෙම කතාමාලාව විකාශය අරඹන ලදී.[60]
- ශ්‍රී ලංකාව තුළ, මෙම කතාමාලාව සිංහලෙන් හඬකවා අධිරජ ධර්මාශෝක යන තේමාව ඔස්සේ ටීවී දෙරණ නාළිකාව මගින් විකාශය කරන ලදී.[61]
මේවාත් බලන්න
[සංස්කරණය]- චන්ද්‍රගුප්ත මෞර්ය (රූපවාහිනී කතාමාලාව)
- චානක්‍ය (රූපවාහිනී කතාමාලාව)
- භාරත්වර්ෂ් (රූපවාහිනී කතාමාලාව)
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "චක්‍රවර්තින් අශෝක සම්රත් එපිසෝඩ්ස්". චක්‍රවර්තින් අශෝක සම්රත්. 7 ඔක්තෝබර් 2016. සම්ප්‍රවේශය 8 ඔක්තෝබර් 2016.
- ^ "'චක්‍රවර්තින් අශෝක සම්රාට්': මනෝජ් ජෝෂි, aka චානක්‍ය, සැක්ඩ් ඕ ක්විට්". ඉන්ඩියා වෙස්ට්. සම්ප්‍රවේශය 29 නොවැම්බර් 2015.
- ^ a b "වීකෙන්ඩ් එන්ටර්ටේන්මන්ට්: වයි ද ස්මෝල් ස්ක්‍රීන් ඊස් ෆෝලිං බැක් ඔන් හිස්ට්‍රි ෆෝ රේටිංස්". ඩේලිමේල්. 14 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 15 පෙබරවාරි 2015.
- ^ "චක්‍රවර්තින් අශෝක සම්රත්: ස්ටෝරි සෝ ෆා..."
- ^ "'ඕතර්ස් ෂුඩ්න්'ට් බි සේල්ස්මෙන්'". Thehindu.com. සම්ප්‍රවේශය 30 මාර්තු 2015.
- ^ a b "චක්‍රවර්තින් අශෝක සම්රත්: හිස්ට්‍රි කම්ස් අලිව් ඔන් ද ස්මෝල් ස්ක්‍රීන්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
- ^ http://timesofindia.indiatimes.com/tv/news/hindi/Ashoka-to-kill-Siamak-in-Chakravartin-Ashoka-Samrat/articleshow/54357853.cms
- ^ http://timesofindia.indiatimes.com/tv/news/hindi/This-is-when-Chakravartin-Ashoka-Samrat-will-go-off-air/articleshow/54349946.cms
- ^ "ප්‍රිනාල් ඔබරෝයි ඉන් චක්‍රවර්තින් අශෝක සම්රාට්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
- ^ "සමීර්'ස් ද කිං ඔෆ් ද ටීවී වර්ල්ඩ්". ද ඒෂියන් ඒජ්. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
- ^ "සමීර් ධර්මාධිකාරී ඉන් චක්‍රවර්තින් අශෝක සම්රත්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
- ^ "2015: ටීවී ෂෝස් ටු ලුක් ෆෝවර්ඩ් ටු ඉන් ද නිව් ඉයර්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
- ^ කරන් ෂා (19 දෙසැම්බර් 2014). "සිද්ධාර්ත් නිගම්, සුම්ත් කවුල් ඇන්ඩ් පල්ලවි සුභාෂ් රෝප්ඩ් ෆෝ අශෝක". ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්. සම්ප්‍රවේශය 20 ජූනි 2015.
- ^ "අ හිස්ටොරිකල් වෝ: සිද්ධාර්ත් තේවාරි ඇන්ඩ් අභිමන්යු සිං රේස් ටු මේක් සීරියල් ඔන් කිං අශෝක". dna. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
- ^ "වොච් කිං අශෝක ඔන් ටීවී". Hindustantimes.com/. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
- ^ "'චක්‍රවර්තින් අශෝක සම්රත්' - කලර්ස් රෝල්ස් අවුට් ඉට්ස්-මාස්ටර්පීස්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
- ^ "ෆස්ට් ලුක් ඔෆ් මච්-අවේටඩ් ටීවී සීරියල් 'චක්‍රවර්තින් අශෝක සම්රත්' ලෝන්ච්ඩ්". ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්. 29 ජනවාරි 2015. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
{{cite web}}
: no-break space character in|title=
at position 31 (help) - ^ "සිද්ධාර්ත් නිගම් ටෝක්ස් ඔෆ් බීං අශෝක". ද ඒෂියන් ඒජ්. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
- ^ http://timesofindia.indiatimes.com/tv/news/hindi/Siya-Ke-Ram-and-Ashoka-to-go-off-air/articleshow/54938085.cms
- ^ "මෝහිත් රයිනා ටු ෂෝකේස් මර්සිලස් ඇවටාර් ඉන් 'අශෝක'". ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්. සම්ප්‍රවේශය 30 අප්‍රේල් 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "මෝහිත් රයිනා ටු ප්ලේ ග්‍රෝන්-අප් අශෝක". ඉන්ඩියා ටුඩේ. සම්ප්‍රවේශය 12 මාර්තු 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "යන්ග් සිද්ධාර්ත් නිගම් ඊස් ෆියර්ලස්". ඩෙකෑන් ක්රෝනිකල්. සම්ප්‍රවේශය 30 මාර්තු 2015.
{{cite web}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "සමීර් ධර්මාධිකාරී ඉන් චක්‍රවර්තින් අශෝක සම්රාත්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2014.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "ප්ලේයිං ඔන්ස්ක්‍රීන් මදර් වෝස් අ චැලෙන්ජ්: පල්ලවි සුභාෂ් - IBNLive". Ibnlive.in.com. 31 ජනවාරි 2015. සම්ප්‍රවේශය 30 මාර්තු 2015.
- ^ "කාජල් ශ්‍රීවාස්ථව් ටු ප්ලේ දේවි'ස් කැරැක්ටර් ඉන් 'චක්‍රවර්තින් අශෝක සම්රත්'". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "සෞම්‍යා සෙත් රිටර්න්ස් ටු ටීවී විත් 'චක්‍රවර්තින් අශෝක සම්රාත්'". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "ප්‍රිනාල් ඔබරෝයි: 'අයි ඈම් ජෙලස් ඔෆ් අංකිතා'".
- ^ "අංකිත් අරෝරා ටු ප්ලේ සුෂීම ඉන් 'චක්‍රවර්තින් අශෝක සම්රත්'". මිඩ් ඩේ. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "ද කැරැක්ටර් ඊස් වෙරි නෙගටිව් ඇන්ඩ් ටෆ් ටු ඇක්ට්: සුමේධ් මුද්ගල්කාර්". ඩෙකෑන් ක්රෝනිකල්. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "ජර්මන් ඇක්ට්‍රස් ටු ස්ටාර් ඉන් අශෝක". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 30 මාර්තු 2015.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "අයි ඈම් ලීවිං 'චක්‍රවර්තින් අශෝක සම්රත්' විත් අ හෙවි හාට්, සේස් ක්වීන් හෙලේනා aka සුසෑන් බර්නර්ට්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 28 ජූලි 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "සුමිත් කාවුල් ටු ප්ලේ අ බැඩී ඉන් අශෝක - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා". Timesofindia.indiatimes.com. 11 දෙසැම්බර් 2014. සම්ප්‍රවේශය 30 මාර්තු 2015.
- ^ "සුමිත් කාවුල් ඔන් 'අශෝක සම්රත්': ඉට්'ස් බීන් අ වොන්ඩර්ෆුල් ජර්නි". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 15 ජූලි 2015.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "'චක්‍රවර්තින් අශෝක සම්රත්' ලීප්: 'භාරත් කා වීර් පුත්‍ර-මහාරානා ප්‍රතාප්' ඇක්ටර් දක්ෂ් අජිත් සිං ටු ප්ලේ කී රෝල්". ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්. සම්ප්‍රවේශය 27 අප්‍රේල් 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "ඇලේෆියා කපාඩියා ටු ප්ලේ කෞර්වකි'ස් මදර් ඉන් අශෝක". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 30 මාර්තු 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "රාජේශ් ඛේරා ජොයින්ස් චක්‍රවර්තින් අශෝක සම්රත්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2015.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "සුධාංශු පාන්ඩේ ටු මේක් ඇන් එන්ට්‍රි ඉන් 'අශෝක'". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 8 දෙසැම්බර් 2015.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ භාටියා, සලෝනි (8 දෙසැම්බර් 2015). "සුධාංශු පැන්ඩේ ටු මේක් ඇන් එන්ට්‍රි ඉන් 'අශෝක'". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 23 ජනවාරි 2016.
- ^ "මායාන්ක් ගාන්ධි ටු එන්ටර් 'චක්‍රවර්තින් අශෝක සම්රත්'". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 13 ජූලි 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "මායාන්ක් ගාන්ධි ෂොක්ඩ් ඈස් හිස් ට්‍රැක් එන්ඩ්ස් ආෆ්ටර් ජස්ට් ටූ සීන්ස්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2016.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "වෛක්‍රාන්ත් චතුර්වේදි ඈස් ඛොරාසන් ඉන් අශෝක". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "රුමි ඛාන් ද නිව් ඇන්ටගොනිස්ට් ඉන් චක්‍රවර්තින් අශෝක සම්රත්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 3 ඔක්තෝබර් 2015.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ http://www.tellychakkar.com/tv/tv-news/aarti-rana-excited-be-part-of-chakravartin-ashoka-samrat-160514
- ^ නන්දිනි ෂර්මා (2 පෙබරවාරි 2015). "Chakravartin Ashoka Samrat Debuts on Colors Today! Here Is Why You Shouldn't Miss It | Business Insider India". Businessinsider.in. සම්ප්‍රවේශය 30 මාර්තු 2015.
- ^ "ලයිට්මන් ඩයිස් ඔන් ද සෙට්ස් ඔෆ් ටීවී ෂෝ 'අශෝක'".
- ^ "ෆොටෝස්: කපිල් ෂර්මා'ස් ස්පෙෂල් ගෙස්ට්ස් දිස් මහා ෂිවරාත්‍රී - ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්". ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්. සම්ප්‍රවේශය 3 මාර්තු 2015.
- ^ "අශෝක ඇන්ඩ්‍රොයිඩ් ගේම් ඇප්".
- ^ "අශෝක ඇප්".
- ^ "ඉන්ඩියන් ටෙල්ලි අවෝඩ්ස් 2015: කරන් පටෙල්, කපිල් ෂර්මා විනර්ස් - ටයිම්ස් ඔෆ් ඉන්ඩියා". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා.
- ^ a b c "නොමිනේෂන්ස් ෆෝ ඉන්ඩියන් ටෙල්ලි අවෝඩ්ස් 2015 අවුට්; සී හූ ඕල් හෑව් මේඩ් ද කට්". ඉන්ඩියා ටුඩේ.
- ^ "සී ගෝල්ඩ් අවෝඩ්ස් 2015 හයිලයිට්ස්, කම්ප්ලීට් විනර්ස්' ලිස්ට්: 'යේ හේ මොහාබ්බතයින්' බෑග්ස් මෝස්ට් ඔනර්ස්; කරන්-දිව්‍යංකා'ස් රෝමන්ස් ස්ටීල්ස් ද ෂෝ". ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්.
{{cite web}}
: no-break space character in|title=
at position 3 (help) - ^ "සිද්ධාර්ත් නිගම් රිසීව්ස් ද 'මෝස්ට් ස්ටයිලිෂ් ඩිබට්'". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩිය.
- ^ "ගොල්ඩන් පෙටල් අවෝඩ්ස් 2016 විනර්ස් ලිස්ට්: වරුන් කපූර්, හෙලි ෂා ඇන්ඩ් මෞනි රෝයි වෝක් අවේ විත් ද ට්‍රොෆීස්!". bollywoodlife.com.
- ^ "ගෝල්ඩ්න් පෙටල් අවෝඩ්ස් 2016: හෙලි ෂා, වරුන්කපූර්, මෞනි රෝයි ඇන්ඩ් අදර්ස් නොමිනේටඩ්". ibtimes.co.in (ඉංග්‍රීසි බසින්).
- ^ "ගෝල්ඩ් අවෝඩ්ස් 2016 නොමිනේෂන් ලිස්ට්: දිව්‍යංකා ත්‍රිපති, ශ්‍රැති ජා, වරුන් කපූර් ඇන්ඩ් අදර්ස් නොමිනේටඩ්". filmibeat.com (ඉංග්‍රීසි බසින්).
- ^ "චක්‍රවර්තින් අශෝක සම්රත්: ටීවී සිරීස් රීවිව්".
- ^ මාරියම් ඒබ්‍රහම්, ලෙටි (4 පෙබරවාරි 2015). "චක්‍රවර්තින් අශෝක සම්රත් ටීවී රිවීව්: ලුක්ස් ප්‍රොමිසිං බට් හෑස් ස්කෝප් ෆෝ ඉම්පෘව්මන්ට්". Bollywoodlife.com. සම්ප්‍රවේශය 17 ජනවාරි 2016.
- ^ ජාධව්, ප්‍රථමේෂ් (2 පෙබරවාරි 2015). චක්‍රවර්තින් අශෝක සම්රත් මේක්ස් ඇන් ඉම්ප්‍රෙසිව් ඩිබට් ඔන් කලර්ස්: රීඩ් රිවීව්. India.com. සම්ප්‍රවේශය 17 ජනවාරි 2016.
- ^ CTN TV නිල නාළිකාව (3 මාර්තු 2016). "ព្រះបាទអសោក - අශෝක - CTN ඩ්‍රාමා - ඉන්ඩියා ඩ්‍රාමා ප්‍රොමෝට් ට්‍රේලර් 2016" – via යූටියුබ්.
- ^ සංරක්ෂිත පිටපත, http://www.an.tv/antv-keren/ashoka, ප්‍රතිෂ්ඨාපනය 19 November 2016
- ^ "www.derana.lk".
බාහිර සබැඳි
[සංස්කරණය]- චක්‍රවර්තින් අශෝක සම්රත් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- චක්‍රවර්තින් අශෝක සම්රත් හට ෆේස්බුක්හි ඇති ගිණුම