ප්‍රිනාල් ඔබරෝයි

විකිපීඩියා වෙතින්
ප්‍රිනාල් ඔබරෝයි
ගොනුව:Prinal oberoi ankita.jpg
උපතදෙසැම්බර් 24
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාව
සක්‍රීය වසර2009–වර්තමානය
කලත්‍රයා(යන්)පංකජ් භුවනේශ්වර් සිං (වි. 2014)


ප්‍රිනාල් ඔබරෝයි සිං යනු ප්‍රධාන වශයෙන්ම හින්දි කතාමාලාවන්හි රංගනයෙන් දායක වන ඉන්දියානු නිළියකි. ප්‍රිනාල් ගුජරාති චිත්‍රපටයක ද රංගනයේ යෙදී ඇත.[1] ඇය කලර්ස් නාළිකාවේ නා බෝලේ තුම් නා මේන් කුච් කහා, ප්‍යාර් කා දාර්ද් හේ මීඨා මීඨා ප්‍යාරා ප්‍යාරා කතාමාලාවල චරිත නිරූපණය කොට ඇත.[2] මෑතක දී ඇය චක්‍රවර්තින් අශෝක සම්රාට්හි චාරුමිත්‍රාගේ චරිතය නිරූපණය කළා ය.[3][4][5]

පෞද්ගලික දිවිය[සංස්කරණය]

ඇය සිය පාසල් අධ්‍යාපනය නිමකළේ[6] සර් සී.ජේ. උසස් පාසල ටාර්දියෝහි ය. 2014 පෙබරවාරි මස වාරාණාසිහි දී ප්‍රිනාල් සහෝදර නළු පංකජ් භුවනේශ්වර් සමග විවාහ වූවා ය.[7] ඔවුන් වසරක කාලයක් පෙම්වතුන් ලෙස ආශ්‍රය කොට තිබිණි.[8]

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය
2008 කිස්මත් කනෙක්ෂන් උත්තරා/කන්ගනා

රූපවාහිනිය[සංස්කරණය]

අං. තේමාව චරිතය නාළිකාව වර්ෂය
1. CID ශීතල් සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් (ඉන්දියාව) 1998
2. ක්‍රයිම් පෙට්‍රල් (දස්ටාඛ්) ජැස්මින් ෂෙයික් සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් (ඉන්දියාව) 2003
3. ප්‍යාර් කා දාර්ද් හේ මීඨා මීඨා ප්‍යාරා ප්‍යාරා කයිරා වරුන් ධනරාජ්ගීර් ස්ටාර් ප්ලස් 2012
4. නා බෝලේ තුම් නා මේන් කුච් කහා (වාරය 1) රිධීමා කලර්ස් ටීවී 2012
5. සාව්ධාන් ඉන්ඩියා මීනා ලයිෆ් ඕකේ 2012
6. චක්‍රවර්තින් අශෝක සම්රාට් මහාරාණි චාරුමිත්‍රා කලර්ස් ටීවී 2015

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Prinal Oberoi Singh's new look in her next Dhollywood outing". TimesofIndia.com.
  2. "Prinal Oberoi to enter Pyaar Ka Dard..." TimesofIndia.com.
  3. "Prinal Oberoi: 'I am jealous of Ankita'". TimesofIndia.com.
  4. "Sameer Dharmadhikari in Chakravartin Ashoka Samrat". TimesofIndia.com.
  5. "Prinal Oberoi in Chakravartin Ashoka Samrat". TimesofIndia.com.
  6. සර් කොවාස්ජී ජෙහාන්ගීර් උසස් පාසල
  7. "Pankaj B Singh and Prinal Oberoi tie the knot in Varanasi". TimesofIndia.com.
  8. "What's cooking between Prinal Oberoi and Pankaj B Singh?". TimesofIndia.com.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රිනාල්_ඔබරෝයි&oldid=405743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි