පල්ලවී සුභාෂ්

විකිපීඩියා වෙතින්
(පල්ලවි සුභාෂ් වෙතින් යළි-යොමු කරන ලදි)
පල්ලවී සුභාෂ්
උපත9 ජුනි 1984 (1984-06-09) (වයස 39)[1]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිරූපිකාවක, නිළියක
සක්‍රීය වසර2006–වර්තමානය

පල්ලවී සුභාෂ් (මරාඨි: पल्लवी सुभाष) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ සෝප් ඔපෙරා නිළියකි.[2] මහාරාෂ්ට්‍ර නිරූපිකාවක සහ නිළියක වන සුභාෂ් මරාඨි චිත්‍රපට දොළහකට ආසන්න සංඛ්‍යාවක, රූපවාහිනී කතාමාලාවල, වෙළඳ දැන්වීම්වල සහ නාට්‍යවල රංගනයේ නියැළී ඇත. ඇය ජනයා අතර වඩාත් ජනාදරයට පාත්‍ර වූයේ චක්‍රවර්තින් අශෝක සම්රාට් කතාමාලාවේ රාණි ධර්මාගේ චරිතය, කරම් අප්නා අප්නාහි ගෞරි සහ මහාභාරත් මිත්‍යාමය කතාමාලාවේ රුක්මිණීගේ චරිත නිරූපණය හේතුවෙනි.[3][4] මේ අතුරිනුත් චක්‍රවර්තින් අශෝක සම්රාට් කතාමාලාවේ ධර්මා හෙවත් ශුභද්‍රාංගි චරිතය වඩාත් ප්‍රචලිත විය.

වෘත්තිය[සංස්කරණය]

රූපවාහිනිය[සංස්කරණය]

සිය B.Com. උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව, සුභාෂ්හට නීතිය හැදෑරීමට අවශ්‍ය වුවත්, ඇයට නාට්‍යයක රංගනයට ආරාධනයක් හිමි විය.[5] ඇය රංගන ක්ෂේත්‍රය වෙත පිවිසයේ තුම්හාරි දිශා කතාමාලාව තුළිනි. එම කතාමාලාවේ ඇගේ දස්කම් දුටු ඒක්තා කපූර් ඇයව සිය ඊළඟ කතාමාලාව වූ කරම් අප්නා අප්නා සඳහා සමබන්ධ කරගත්තා ය.[6] මෙහි ඇය විසින් ගෞරි නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී.[7] මීට අමතරව ඇය බසේරා කතාමාලාවේ කේතකී සංඝවී නැමැති චරිතයක් ද නිරූපණය කොට ඇත.[5] සුභාෂ් මුල්කාලීනව මරාඨි රූපවාහිනී කතාමාලාවල ද පෙනීසිටියා ය. ඊටීවී මරාඨි නාළිකාවේ චාර් දිවාස් සසුචේ සහ සී මරාඨි නාළිකාවේ ආධුරි ඒක් කහානි කතාමාලා මෙයට උදාහරණ වේ.[8]

පසුකාලීනව ඇය ගෝධ් භරායි කතාමාලාවේ රංගනයෙහි යෙදුණු නමුත් අය අසාර්ථක වූ[9] අතර විකාශය අත්හිටිවිණි.[4]

සුභාෂ් මහාභාරත් මිත්‍යාමය කතාමාලාවේ රුක්මිණීගේ චරිතය නිරූපණය කළා ය.[10] මුලින් ඇයව යෝජනා වී තිබුණේ මෙම කතාමාලාවේ අම්බා කුමරියගේ චරිතයයි.[11] නමුත් ඇගේ වෙනත් නිර්මාණ කටයුතු කතාමාලාව රූගත කිරීමට බාධාවක් වූ හෙයින් එම චරිතය ලබා නොදිණි.[12] මෙහි දී ඇය විසින් ශ්‍රී ක්‍රිෂ්ණාගේ අගබිසව වූ රුක්මිණී ලෙස සිදුකළ රංගනය විචාරක පැසසුමට ලක්වූ අතර, එය ඇගේ අංන්‍රපියත්වය ඉහළ යාමට ද හේතුවක් විය.

මෑතක දී ඇය විසින් චක්‍රවර්තින් අශෝක සම්රාට් ඓතිහාසික කතාමාලාවේ ධර්මා/සුභද්‍රාංගි චරිතය නිරූපණය කරන ලදී. මෙය අශෝක අධිරාජයාගේ මෑණියන් මෙන්ම බින්දුසාර රජුගේ දෙවන බිසවගේ චරිතයයි.

අමෘතා සුභාෂ් සහ පල්ලවී සුභාෂ්ගේ නම් අතර කිසියම් වරදවා වැටහීමක් ඇතිවන්නට පුළුවන. ඔවුන් දෙදෙනා අතර කිසිදු පවුල් සම්බන්ධතාවක් නැත‍.

චිත්‍රපට[සංස්කරණය]

ඇය චිත්‍රපට ක්ෂේත්‍ර‍යට පිවිසියේ 2005 මරාඨි චිත්‍රපටයක් වූ කුන්කු සාලේ වයිරි තුළිනි. මෙම චිත්‍රපටයේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඇය හොඳම නිළිය සී ගෞරව සම්මානයට ද නිර්දේශ විය. ඉන්පසු වර්ෂයේ ඇය අයිලා රේ!! නම් තවත් චිත්‍රපටයක චරිත නිරූපණය කළා ය .[13] වසර හතකට පසුව, ඇය තවත් මරාඨි චිත්‍රපට තුනක් සමග සම්බන්ධ වූවා ය. මෙම චිත්‍රපට වූයේ, අතුල් කාලේගේ ආසා මී තාෂි තූ, තේජස් දියොස්කාර්ගේ ප්‍රේමසූත්‍ර සහ ගෂ්මීර් මහාජාන්ගේ ධාවා ධාවා ඛුන් ඛුන් ය.[13] ආසා මී තාෂි තූ සහ ප්‍රේමසූත්‍ර ප්‍රේමවෘත්තාන්ත චිත්‍රපට විය. මින් පළමුවැන්නෙහි ඇය නාගරික රැකියාවක නිරතව සිටින පන්ජාබි යුවතියකගේ චරිතය නිරූපණය කළා ය. මේ සඳහා ඇයට පන්ජාබි ආරෙන් යුතුව මරාඨි කථා කරන්නට සිදු විය.[14] දෙවැන්නෙහි ඇය සානියා නැමැති ගෝවේ කතෝලික තරුණියකගේ චරිතය නිරූපණය කළා ය.[15] සචිත් පටිල් නම් නළුවා සමග ඇය චිත්‍රපට දෙකක් රූගත කළ නමුත්, ඒවා මුදාහැරුණේ නැත.[16] කන්නඩ චිත්‍රපටයක් වන ඕම්හි ඇය අර්ජුන් සර්ජා සමග රැඟුවා ය.[17][18] ගෞතම් මෙනන් ඊළඟ දෙමළ චිත්‍රපටය වූ අච්චම් යෙන්බදු මඩමයියදා චිත්‍රපටයේ සිලම්බරසන් සමග ප්‍රධාන නිළිය ලෙස රංගනයෙහි යෙදීමට ඇය ගිවිසුමක් ඇත්සන කළ නමුත්,[19] දින පිළිබඳ ගැටලුවක් ඇති වූ නිසා, ඇය වෙනුවට මංජිමා මෝහන් යොදාගැනිණි.[20]

නිරූපණ ක්ෂේත්‍රය[සංස්කරණය]

ලයන් ඩේට් ජෑම්, එවරස්ට් ඝාරම් මසාලා, ලයිෆ්බෝයි, 3 රෝසස් ඇතුළු රූපවාහිනී වෙළඳ දැන්වීම් ගණනාවකම නිරූපිකාවක ලෙස සුභාෂ් පෙනීසිටියා ය. 2012 සහ 13 වර්ෂයේ රූපවාහිනී වෙළඳ දැන්වීම් සඳහා ඇය අතිශය ජනප්‍රිය නිරූපිකාවක වූවා ය.[15][21]

නිරූපණයන්[සංස්කරණය]

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය වැඩසටහන චරිතය
2004–2006 තුම්හාරි දිශා ප්‍රීතා
2006–2009 කරම් අප්නා අප්නා ගෞරි ශිව් කපූර්/මීරා
2007–2008 කසම් සේ මීරා
2008–2009 ආත්වාන් වචන් ස්නේහා අහූජා
2009 බසේරා කේතකී සංඝවි
2010 ගෝධ් භරායි ආස්තා
2011 ගුන්ටාටා හෘදේ හේ [22] අනන්‍යා
2012 Comedy Express නිවේදිකාවක ලෙස
2012 ශ්‍රීයුත් ගංගාධාර් තිප්‍රේ [23]
2013–2014 මහාභාරත් රුක්මිණී
2014 කොමඩි චි බුලට් ට්‍රේන්
2015 ආධුරි ඒක් කහානි
2015–2016 චක්‍රවර්තින් අශෝක සම්රාට් ධර්මා/ශුභද්‍රාංගි

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව
2005 කුන්කු සාලේ වයිරි කමල් ඒ. මානේ පටිල් මරාඨි
2006 ආයිලා රේ!! නිශා
2006 තුසා මාසා ජමේනා
පොලිසාචි බායිකෝ
සාගේ සොයිරේ
No Problem
චක්‍රව්‍යූහ
2013 ප්‍රේම්සූත්‍ර සානියා
ආසා මී ආෂි තී
ධාවා ධාවා ඛුන් ඛුන්
2014 ඕම් කන්නඩ
හැපි ජර්නි ඇලිස් මරාඨි
2016 නරුඩා දොනොරුඩා ආෂිමා රෝයි තෙලිඟු ප්‍රවිෂ්ට චිත්‍රපටය
2018 බිම්බා දේවී හෙවත් යශෝධරා යශෝධරා දේවිය සිංහල ප්‍රවිෂ්ට චිත්‍රපටය
2018 රැස්කල් කන්නඩ

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. http://www.marathi.tv/actress/pallavi-subhash/
  2. "Bahus to bombshells". The Times of India. 18 June 2010. 26 September 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 September 2011.
  3. "A new family saga, a fresh face, a novel gift for viewers..." The Hindu. 29 August 2006. සම්ප්‍රවේශය 15 September 2011.
  4. 4.0 4.1 "Pallavi Subhash in a Marathi serial". The Times of India. 10 June 2011. සම්ප්‍රවේශය 28 November 2013.
  5. 5.0 5.1 Amrita Mulchandani (8 September 2009). "Pallavi reveals it all". The Times of India. සම්ප්‍රවේශය 28 November 2013.
  6. "Noor of Karam Apna Apna: Pallavi Subhash – Oneindia Entertainment". Entertainment.oneindia.in. 22 November 2006. සම්ප්‍රවේශය 28 November 2013.
  7. "Pallavi joins Balaji". Daily News & Analysis. 16 August 2006. සම්ප්‍රවේශය 15 September 2011.
  8. "Ekta debuts Karam Apna Apna – Oneindia Entertainment". Entertainment.oneindia.in. 17 August 2006. සම්ප්‍රවේශය 28 November 2013.
  9. "Godh Bharai to go off air?". The Times of India. 5 August 2010. සම්ප්‍රවේශය 28 November 2013.
  10. "Pallavi to play Krishna's Rukmini". The Times of India. 27 October 2013. සම්ප්‍රවේශය 28 November 2013.
  11. "Lifetime Experience shooting for Mahabharat:Pallavi". The Times of India. 22 April 2013. සම්ප්‍රවේශය 28 November 2013.
  12. "Ratan replaces Pallavi in 'Mahabharat'". The Times of India. 1 May 2013. සම්ප්‍රවේශය 28 November 2013.
  13. 13.0 13.1 "I refused 23 projects: Pallavi Subhash". The Times of India. 14 December 2012. සම්ප්‍රවේශය 28 November 2013.
  14. "Pallavi Subhash is currently on a romantic spree". The Times of India. 17 January 2013. සම්ප්‍රවේශය 28 November 2013.
  15. 15.0 15.1 "I live on my terms: Pallavi | m 4 MOVIE". Mformovie.in. 8 June 2013. සම්ප්‍රවේශය 28 November 2013.
  16. "Pallavi Subhash to romance Sachit Patil on-screen". The Times of India. 13 November 2013. සම්ප්‍රවේශය 28 November 2013.
  17. V Lakshmi (3 July 2011). "A subdued Arjun in 'Om'". The Times of India. සම්ප්‍රවේශය 28 November 2013.
  18. Malini, Shankaran. "Arjun, on 'Mankatha'". The New Indian Express. සම්ප්‍රවේශය 28 November 2013.
  19. "Pallavi is STR's heroine in Gautham film!". Sify.com. සම්ප්‍රවේශය 28 November 2013.
  20. "Simbu should forget his issues and move on: Gautham". The Times of India. සම්ප්‍රවේශය 12 December 2016.
  21. "I have a role to play my age- Pallavi Subhash". Marathimovieworld.com. 10 July 2011. සම්ප්‍රවේශය 28 November 2013.
  22. http://timesofindia.indiatimes.com/tv/news/hindi/Pallavi-Subhash-in-a-Marathi-serial/articleshow/8788825.cms
  23. http://www.tellychakkar.com/celebs/tv/pallavi-subhash

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පල්ලවී_සුභාෂ්&oldid=606106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි