ග්ලීස 581 g
බහිෂ්-සෞර ග්‍රහ ලෝකය | බහිෂ්-සෞර ග්‍රහ ලෝක ලැයිස්තුව | |
---|---|---|
![]() |
||
පීතෘ තරුව | ||
තරුව | ග්ලීස 581 | |
තාරකා රාශිය | තුලා | |
විෂුවදංශය | (α) | 15පැය 19විනා 26තත් |
අවනතිය | (δ) | −07° 43′ 20″ |
දෘශ්‍ය විශාලත්වය | (mV) | 10.55 |
දුර | 20.3 ± 0.3 ly (6.2 ± 0.1 pc) |
|
වර්ණාවලීමය මාදිළිය | M3V | |
ස්කන්ධය | (m) | 0.31 M☉ |
අරය | (r) | 0.29 R☉ |
උෂ්නත්වය | (T) | 3480 ± 48 K |
ලෝහමත්වය | [Fe/H] | −0.33 ± 0.12 |
වයස | 7 – 11 Gyr | |
කක්ෂීය අවයව | ||
අඩ-මහා අක්ෂය | (a) | 0.146[1] AU |
කක්ෂ කාලාවර්තය | (P) | 36.6[1] d |
භෞතික ගතිලක්ෂණ | ||
අවම ස්කන්ධය | (m sin i) | 3.1 – 4.3[1] M⊕ |
අරය | (r) | 1.3 – 2.0[1] R⊕ |
පෘෂ්ඨීය ගුරුත්වය | (g) | 1.1 – 1.7[1] g |
ගවේෂණ තොරතුරු | ||
ගවේෂණ දිනය | සැප්තැම්බර 29, 2010 | |
ගවේෂකයා(යන්) | ස්ටීවන් එස්. වෙග්ට් සහ අනෙකුන්. | |
අනාවරණ ක්‍රමය | අරීය ප්‍රවේගය | |
ගවේෂණ අඩවිය | කෙක් නිරීක්ෂණාගාරය, හවායි | |
ගවේෂණ තත්ත්වය | ප්‍රකාශයට පත් කොට | |
Database references | ||
Extrasolar Planets Encyclopaedia |
data | |
SIMBAD | data |
ග්ලීස 581 g (උසුරුවනුයේ /ˈɡliːzə/) හෝ Gl 581 g,[2] යනු පෘථිවියෙන් දළ වශයෙන් ආලෝක වර්ෂ 20.5[3] පමණ ඈතින් තුලා තාරකා රාශියෙහි, ග්ලීස 581 රතු වාමන තරුව වටා පරිභ්‍රමනය වන, තවමත් සහතික නොවූ බහිෂ්-සෞර ග්‍රහලෝකයකි. තරුවෙහි සිට පිළිවෙලින් ගත් කල සතරවැන්න වන මෙය, ග්ලීස 581 ග්‍රහ මණ්ඩලයෙහි සොයා ගන්නා ලද සයවැනි ග්‍රහ ලෝකයයි. දශකයකට වඩා කාලයක් තුල සිදු කල නිරික්ෂණ වලින් අනතුරුව ලික්-කානේ ඒක්සොප්ලැනට් සර්වේ කණ්ඩායම විසින් මෙම ග්‍රහලෝකය සොයා ගන්නා ලදි.
නිරීක්ෂණ වලින් අනාවරණය වන්නේ මෙය මව් තාරකාවේ උෂ්ණත්වය වඩාත් අධික නොවන හෝ වඩාත් දුර්වල නොවන ප්‍රදේෂය හෙවත්, වාසයට සුදුසු කලාපයේ, පිහිටා ඇති බවයි. එය පාෂාණමය ග්‍රහලොකයක් නම්, ගැළපෙන වාතාවරණ යටතේ, ජීවය පැවතීමට අවශ්‍ය සාධකයක් වන ද්‍රවමය ජලය පැවතිය හැක. ප්‍රථිවිය මෙන් 3.1 සිට 4.3 ගුණයක පමණ ස්කන්ධයකින් යුක්ත මෙය අධි-ප්‍රථිවියක් ලෙස සලකන අතර, දැනට සොයාගත් වාසයට සුදුසු කලාපවල පවතින ග්‍රහලෝක අතුරින් ප්‍රමාණයෙන් ප්‍රථිවියට ආසන්නතම ග්‍රහලෝකයයි. එම නිසා මෙය දැනට සොයාගත් ග්‍රහලෝකය අතරින් අප සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට පවතින ප්‍රථිවියට වඩාත්ම සමාන ගෝල්ඩිලොක්ස් ග්‍රහලෝකය සහ ජීවය පැවතීමට වඩාත්ම ඉඩ ඇති බාහිර ග්‍රහලෝකය වී ඇත.
මෙවැනි කෙටි කාලයක් තුළ මෙතරම් කිට්ටුවෙන් ග්ලීස 581 g සොයා ගැනීම හේතුවෙන් වාසයට සුදුසු ග්‍රහලෝක සහිත ග්‍රහ මණ්ඩල අනුපාතය 10% ට වැඩි බවට වීශ්වාස කිරීමට තාරකා විද්‍යාඥයන් පෙලඹී ඇත.
සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 Lua දෝෂය in Module:Citation/CS1 at line 3565: bad argument #1 to 'pairs' (table expected, got nil).
- ↑ Borenstein, Seth (2010-09-29). "Could 'Goldilocks' planet be just right for life?". Associated Press. http://hosted.ap.org/dynamic/stories/U/US_SCI_NEW_EARTHS?SITE=ILMOL&SECTION=HOME&TEMPLATE=DEFAULT. සම්ප්‍රවේශය කෙරුණු දිනය September 30, 2010.
- ↑ කිලෝමීටර ට්‍රිලියන 193 ක් පමණ