කෝටෑංජන අගය

විකිපීඩියා වෙතින්

කෝටෑංජන අගය හෙවත් කොට් අගය යනු යම්කිසි කෝණයක් සඳහා ගණනය කරනු ලබන ත්‍රිකෝණමිතික අනුපාතයකි. මෙය දත්ත ගොනු සඳහා වන සමහර මෘදුකාංගවල ද පැතුරුම්පත් සඳහා වන සමහර මෘදුකාංගවාල ද සමහර පරිගණක භාෂාවල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් ලෙසින් දක්නට ලැබේ. මෙම අනුපාතය තේරුම් ගැනීම සඳහා ඍජුකෝණී ත්‍රිකෝණයක් භාවිතා කළ යුතුය.

ඉහත දැක්වෙන ABC ත්‍රිකෝණයේ ABC කෝණය α වන අතර ACB කෝණය β බව රූපයෙන් පැහැදිලි වනු ඇත. එසේම CAB කෝණය අංශක 90ක් බැවින් මෙය ඍජු කෝණී ත්‍රිකෝණයක් සේ සැලකේ.

යම්කිසි කෝණයක කෝටෑංජන අගය යනු එම කෝණය සහිත ඍජුකෝණී ත්‍රිකෝණයක එම කෝණයට බද්ධ පාදය එහි විරුද්ධ පාදයෙන් බෙදූ විට ලැබෙන ප්‍රතිඵලයයි.

එනම් කෝටෑංජන අගය = බද්ධ පාදය / විරුද්ධ පාදය

මෙම නීතිය ABC හා ACB යන කෝණවලට යෙදූ විට

කොට් α = AB / AC හා කොට් β = AC / AB බව පැහැදිලි වනු ඇත. කෝණය අංශකවලින් දී ඇති විට, විශේෂ කෝණ කිහිපයක කොට් අගයයන් පහත දැක්වේ.


කොට් 0 අනන්තයට එළඹේ යැයි සලකනු ලැබේ.


කොට් 30 =


කොට් 45 =


කොට් 60 =


කොට් 90 =


ඇත්ත වශයෙන්ම කෝටෑංජන අගය හෙවත් කොට් අගය යනු ටැංජන අගයේ පරස්පරයයි.

එනම් කොට් අගය = 1 / ටෑන් අගය

"https://si.wikipedia.org/w/index.php?title=කෝටෑංජන_අගය&oldid=120287" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි