කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව
පෙනුම
| කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව Colombo Stock Exchange | |
|---|---|
கொழும்பு பங்கு பரிவர்த்தனை | |
| වර්ගය | ව්‍යාපාර වස්තු හුවමාරුව |
| ස්ථානය | කොළඹ, ශ්‍රී ලංකාව |
| ආරම්භය | 1985 |
| ප්‍රධාන නිලධාරී(න්) | රජීව බණ්ඩාරනායක (ප්‍රධාන විධායක නිලධාරී) |
| ව්‍යවහාර මුදල් | රුපියල් |
| ප්රාග්ධනය | රු. බිලියන 2,944.6 (2018 ජනවාරි 18 වන විට) |
| දර්ශකයන් | සියළු කොටස් මිල දර්ශකය (ASPI) S&P Sri Lanka 20 Index (S&P SL20) |
| වෙබ් අඩවිය | www.cse.lk |
කොළඹ කොටස් වෙළෙඳපොළ ලෙස කටවහරින් හඳුන්වන කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් හුවමාරුවයි.
පිහිටීම
[සංස්කරණය]මෙහි මූලස්ථානය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි පිහිටා ඇති අතර එහි ශාඛා ගම්පහ, කිරිබත්ගොඩ, පානදුර, මහනුවර, මාතර, කුරුණෑගල, අනුරාධපුර, යාපනය සහ මීගමුව යන නගර වල පිහිටා ඇත.[1]
නීතිගත කිරීම
[සංස්කරණය]2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරඇති සමාගමක්වන මෙහි දැනට ව්‍යාපාර කොටස් හුවමාරුව සඳහා සාමාජික ආයතන 15 කට සහ වෙළෙඳ සාමාජික ආයතන 14 කට කොටස් තැරැව්කාර ආයතන ලෙස ක්‍රියාකාරීත්වය දැරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබේ.
බාහිර සබැඳි
[සංස්කරණය]- කොළඹ කොටස් වෙළඳපළ සම්බන්ධ සිංහල අධ්‍යාපනික ලිපි අඩංගු වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2015-12-22 at the Wayback Machine
- ^ සංරක්ෂිත පිටපත, https://www.cse.lk/pages/branch-offices/branch-offices.component.html, ප්‍රතිෂ්ඨාපනය 2021-06-03