කිලිනොච්චිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කිලිනොච්චි
නගරය
කිලිනොච්චි දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය
කිලිනොච්චි දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය
රට ශ්‍රී ලංකාව
පළාත උතුරු පළාත
දිස්ත්‍රික්කය කිලිනොච්චි දිස්ත්‍රික්කය
DS Division Karachchi
වේලා කලාප Sri Lanka Standard Time Zone (UTC+5:30)

කිලිනොච්චිය යනු, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. ප්‍රාදේශීය සභාවක් මගින් පාලනය වේ.

අතීතය[සංස්කරණය]

ඓතිහාසික යුගය[සංස්කරණය]

කිලිනොච්චිය රත් – කහ වර්ණ ලැටෝසොල් පසින් යුක්තය. එය නිවර්තනීය වනාන්තරවල දක්නට ලැබෙන ඇලුමීනියම්, සිලිකා හා යකඩ වලින් පොහොසත් පසකි. මේ පසේ වර්ණයෙන් තමිරවානි යන පැරැණි නාමය නිපන් බව වාර්තාගත ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. වානි යන වර්ණයයි. ඒ අනුව වානි හෝ වන්නි යන නාමය තමිරවානා, තම්බුවානි, තම්බපන්නි, හෝ තම්මැන්නා යන්නෙන් බිඳී ආවකි. ටුටිකොරින් ප‍්‍රදේශයේ තමිර හරනි යනුවෙන් හැඳින්වෙන ගංගාවක් පවතින අතර පුරාණ කාලයේ දෙරටම යා කැරුණු බිම් කඩක් පැවත ඇත.

කි‍්‍ර. පූ. 500 දී පමණ විජය ඇතුළු පිරිස මෙම ප‍්‍රදේශයට ගොඩබට බවත් එය තම්බපන්නි ලෙස හැඳින්වෙන බවත් මහා වංශයෙහි සඳහන් වේ.

විජය හා ඔහුගේ පිරිස පැමිණියේ සින්ද් ප‍්‍රදේශයේ සිටය. ඔවුන් පැමිණියේ හෙළ දිවටය. ඒ අනුව මේ සංක‍්‍රමණිකයන් ඇරැඹෙන පරපුර සින්ද් + හෙළ = සිංහල ලෙස හැඳින්විණි..

මහා වංශයෙහි දැක්වෙන්නේ පාන්ඩ්‍ය කාන්තාවන් පැමිණියේ දක්ඛිණ මධුරා ප‍්‍රදේශයේ සිට බවය. මේ පෙදෙස නූතන තමිල්නාඩුවේ මධුරෙයි බව සිංහල විද්වත්හු පවසති. උතුරු මධුරාව උත්තර් ප‍්‍රාදේශ් හා මතුරා නගරය බවද ඔවුන්ගේ මතයයි.

කෙසේ වෙතත් ද්‍රවිඩ ඉතිහාසයේ මධුරායි ප‍්‍රදේශ එකකට වඩා පැවත තිබේ. ද්‍රවිඩ සාහිත්‍ය සම්ප‍්‍රදායන්හි දැක්වෙන්නේ සංගම් යුගයේ පද්‍ය ඒකරාශි කිරීමට පර්ෂදයන් තුනක් පැවැති බවය.

මින් අවසන් පර්ෂදය පැවත ඇත්තේ මුධුරායි හිදීය. දෙවැන්න පැවතියේ කපටාපුරම් නගරයේය. පළමු පර්ෂදය රැස්ව ඇත්තේ තෙන් මධුරායි හෙවත් දකුණු මධුරායි හිදීය.

සිංහල ශිලා ලේඛන හා පාලි පුරාවෘත්ත වල දැක්වෙන මාතොට්ටම් යන්නදෙමළ බසින්ද එසේ දැක්වෙන අතර එය මාතොට ලෙස හැඳින්වී තිබේ. මා තොට්ටම් ස්වාධීන වරායක් ලෙස කුමරෙකු අතින් පාලනය වූ අතර එය රටේ විශාලම වරාය විය.

හත්වන සියවසින් පසු පෙර අපර දෙදිග වෙළෙඳ හුවමාරුව සිදු වුණු මූලික ප‍්‍රදේශය අරාබි මුහුදේ සිට බෙංගාල බොක්කට මාරු විය.

මේ අනුව ති‍්‍රකුණාමල වරාය පිහිටි ඊශාන දිග ශ‍්‍රී ලංකාව කෙරේද අවධානය වැඩෙන්නට විය.

හත්වන හා දහවන සියවස් අතරදී සිංහල රජවරු සිවු දෙනකු IV වන අග්ගබොධි, VIIවන අග්ගබෝධි පළමුවන උදය, පළමුවන සේන අනුරාධපුරයෙන් බැහැරව ති‍්‍රකුණාමලයට පහසුවෙන් පිවිසිය හැකි මහවැලි ගං ඉවුරේ පිහිටි ඊශානදිග නගරයක් වූ පොළොන්නරුවේ සිට පාලනය ගෙන ගොස් තිබිණ.

කි‍්‍ර. ව. 993 දී පළමුවන රාජ රාජ ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කෙළේය. තඹ පත්වල සඳහන්ව ඇත්තේ ඔහුගේ බලවත් හමුදාව නැව් නැගී සමුදුර තරණය කොට ලංකා රාජ්‍ය ගිනි බත් කළ බවය.

Vවන මහින්ද සිංහල රජකු වන අතර කි‍්‍ර. ව. 991 දී ඔහුගේ හමුදාව කේරළ කුලී හේවායන්ගේ සහායෙන් කැරලි ගැසීය. මෙහිදී මහින්දට දකුණේ රෝහණ දේශයේ රැකවරණය ලැබීමට සිදු විය. මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් රාජ රාජ දිවයින ආක‍්‍රමණය කෙළේය. ලංකාවේ උතුර අත්පත් කර ගත් චෝල හමුදාව එම ප‍්‍රදේශය මුමුදි චෝල මණ්ඩලය ලෙස හැඳින්වීය.

වසර 1400 ක් තිස්සේ සිංහල රජුන්ගේ අගනගරයව පැවැති අනුරාධපුරය විනාශ කෙරිණි. මේ විනාශය කෙතරම්ද යත් නගරය අත් හැර දැමීමට සිදු විය. පොළොන්නරුව අග නගරය කැරගත් චෝලයින් එය ජනනාථමංගලම් ලෙස නම් කැර තිබිණ. මේ නව අගනගරයේ තෝරා ගැනීමෙන් පිළිබිඹු වූයේ මුළු දිවයිනට ජය ගැනීමට තිබුණු රාජ රාජ ගේ අභිලාෂයයි. රාජ රාජ පොළොන්නරුවේසිව දේවාලයක්ද ගොඩනැගීය.

ශ‍්‍රී ලංකා දිවයිනම යටත් කැර ගැන්මේ සිය පියාගේ කාර්ය භාරය සපුරාලීමට පළමුවන රාජේන්ද්‍ර චෝල කි‍්‍ර. ව. 1018 දී දිවයින ආක‍්‍රමණය කෙළේය. ඔහුගේ යුද කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස පළමුවන පරන්තක විසින් සිය ග‍්‍රහණයට ගැනීමේ අසාර්ථක ප‍්‍රයත්නයක යෙදුණු පාන්ඩ්‍ය රජුන් ගේ රාජකීය ආභරණ තමන් සතු කර ගැනීමට රාජේන්ද්‍ර සමත් විය. ඒ සමගම සිංහල රජුගේ කිරුළ ඔහුගේ බිසව හා දියණියද තමන් සතු කර ගැනීමටද ඔහුට හැකි විය.

Vවන මහින්ද රජු අල්ලාගත් රාජේන්ද්‍ර ඔහු සිරකරුවකු ලෙස චෝල දේශයට පිටුවහල් කෙළේය. 12 වසරක් සිරගතව සිටි ඔහු සිරකරුවකුව සිටියදීම මිය ගියේය.

සිංහල රටේ චෝල හමුදාව සිදු කළ මහා විනාශය මහා වංශයේ විචිත‍්‍ර ලෙස දැක්වී ඇත්තේ වස්තුව සොයා ඔවුන් වෙහෙර විහාරද විනාශ කළ බව පෙන්වා දෙමිනි. චෝල සෙල් ලිපි වල මේ පිළිබඳ තොරතුරු කිසිත් සඳහන්ව නැත.

මේ ද්‍රවිඩ බලයට එරෙහි සිංහල විරෝධතාවේ කේන්ද්‍රිය බලය ගොනු වී තිබුණේ මහින්දගේ පුත් කස්සප වටාය.

ඇවිලුණු සිංහල චෝල යුද්ධය හය මසක් තිස්සේ පැවතුණු අතර එහිදී ද්‍රවිඩයන් විශාල ප‍්‍රමාණයක් ඝාතනය විය.

අවසානයේදී දිවයිනේ දකුණු ප‍්‍රදේශයෙන් චෝල හමුදාව පලවාහැරි කස්සප ධ් වන වික‍්‍රමබාහු නමින් රජ විය.

විශාල ද්‍රවිඩ හමුදාවක් පොළොන්නරුවේ සිටි බව තහවුරු කැරෙමින් එම ප‍්‍රදේශය අවට හින්දු දේවාල රැසක නටබුන් සොයා ගෙන තිබේ.

චෝල හමුදාවට වික‍්‍රමබාහුගෙන් නිරතුරුව එල්ල වන ප‍්‍රහාර මැඩලීමට කි‍්‍ර. ව. 1041 දී රාජේන්ද්‍ර යළි ලංකාව ආක‍්‍රමණය කෙළේය. ටික කලකදී වික‍්‍රමබාහු මිය ගිය අතර චෝල බල ප‍්‍රදේශයෙන් බැහැර කලාපයේ අරාජකත්වයක් ඇති විය.

සිංහලයන්ගේ ප‍්‍රහාර මෙන්ම පාන්ඩ්‍ය කුමාරවරුන්ගේ ප‍්‍රහාරයන් මැඩලීමටද චෝල හමුදාවට සිදු විය.

අරුවි ආරු ගං ඉවුරේම පිහිටි අනුරාධපුර අගනුවරට පහසුවෙන් පිවිසිය හැකි අරුවි ආරු මුව විටේ මන්නාරම පිහිටියේය. එහෙත් කි‍්‍ර. ව. 7 වන සියවසේදී වෙළෙඳ කටයුතු නිරිතදිග ශ‍්‍රී විජයන් රාජධානිය කේන්ද්‍ර කර ගැන්මත් සමග මන්නාරම් වරායේ වැදගත්කම තරමක් අඩු විය. මේ තත්ත්වය යටතේ අනුරාධපුර අගනගරය කෙරෙහි පැවැති ආකර්ෂණයද අඩු විය.

පොළොන්නරුව හා ති‍්‍රකුණාමලය වරායේ පැවැත්ම බෙංගාල බොක්ක වෙළෙඳ කටයුතු වල වෙනස් වන රටාවන් හා ශ‍්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් දක්වන අවධානය අනුව වැදගත් විය. (1017 – 1070) පොළොන්නරුව ද. ඉන්දිය චෝලයන් ග‍්‍රහණයට ගැනීම බෙංගාල බොක්කේ බටහිර මුදු සීමාව පාලනය කිරීමේ චෝල වෙළෙඳ ප‍්‍රතිපත්තියේම කොටසක් විසින් කි‍්‍රයාත්මක වූවකි.

බෙංගාල බොක්කේ හා අග්නිදිග ආසියානු වෙළෙඳ්‍රම සම්බන්ධයෙන් ති‍්‍රකුණාමලයේ ඇති වැදගත්කම පොළොන්නරුවේ සිංහල රජවරුද අවබෝධ කර ගෙන තිබිණි.

(1070 – 1110) 1 වන විජයබාහු හා (1153 - 1186) පරාක‍්‍රමබාහු යන රජවරුන් එහිදී කැපී පෙනිණි.

කෙසේ වෙතත් 7 – 12 සියවස් අතරදී මන්නාරමේ පැවැති වැදගත්කම මුළුමනින්ම පහව නොගිය අතර එය ද. ඉන්දිය වෙළෙඳුන් ගැවසෙන වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස පැවතිණි. චෝල ආක‍්‍රමණයෙකු වූ ධ් රාජරාජ චෝල විසින් IIවන සියවසේදී එහි වසන චෝල හමුදාවන් හා වෙළෙඳුන් වෙනුවෙන් වරාය ආසන්නයේ රාජරාජ වරට්ටු මහාදේව නමින් දේවාලයක් ඉදි කරන ලද්දේ මහාතොටම් හි පැවැති ඉපැරැණිතිරුකේතිස්වරම් දේවාලයට අමතරවය.

චීනයේ සුන් රාජවංශයේ නව වෙළෙඳ පිළිවෙත අග්නිදිග හා දකුණු ආසියාව කෙරේ බලපෑමෙන් බෙංගාල බොක්කේ වෙළෙඳ කි‍්‍රයාකාරිත්වය කෙරේ ද බලපෑවේය.

ඉන්දීය බලපෑම ප‍්‍රබල ලෙස අඩු විය. යළිත් ඔවුන්ගේ අවධානය ඉන්දීය වෙරළබඩ වරායවල් වෙත යොමු වූ අතර බෙංගාලබොක්කේ වෙළෙඳ කි‍්‍රයාකාරීත්වය අරාබි මුහුදට මාරු විය. මේ අනුව රජ රට ප‍්‍රධාන වරාය ලෙස 13 වන සියවසේ මැද දක්වාම පැවැතියේ මා තොට්ටම්ය.

පොළොන්නරු යුගයේ රචිත රසවාහිනියෙහි දැක්වෙන්නේ මහාතිත්තයෙන් විවිධ ද්‍රව්‍ය ලබාගත් වෙළෙඳුන් ඒවා රට අභ්‍යන්තරයේ විකුණු බවය.

රටේ ඊශානදිග ප‍්‍රදේශයේ වෙළෙඳ්‍රමේ යෙදුණු මාවටු පටුනේ වෙළෙන්දෙකු ගැන සද්ධර්මාලංකාරයේද සඳහන්ය.

කෙසේ වෙතත් 15 වන සියවස වන විට මාතොට්ටම් තවදුරටත් වැදගත් වරායක් නොපැවති බව පෙනී ගොස් තිබේ. කෝට්ටේ VI පැරකුම්බා යුගයේදී රචිත කෝකිල සංදේශයයේ දිවයිනේ බටහිර වෙරළ ඔස්සේ විහිදි වැදගත් ස්ථාන පිළිබඳ විස්තර දක්වා ඇතත් මා තොට්ටම් ගැන එහි සඳහනක් නැත.

නවීන යුගය[සංස්කරණය]

සිවිල් යුද්ධයේදී වයඹ දිගින් පිහිටි පුනරින් අර්ධද්වීපය යුද ගැටුම් රැසක්ම සිදුවූ ප‍්‍රදේශය විය. 2008 නොවැම්බර් 15 දා ශ‍්‍රී ලංකා හමුදාව පුනරින් අර්ධද්වීපය එල්. ටී. ටී. ඊ. යෙන් යළි අල්ලා ගත්තේය.

සිවිල් යුද්ධයේදී පැවැති ඉතා වැදගත් ඉදිරි ආරක්ෂක වළලු තුªනෙන් දෙකක්ම පිහිටියේ කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේය. නගර කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ල ඊශාන දිග කිලිනොච්චිය ගිනිකොණදිග යාපනයෙන් වෙන් කෙළේය. අලිමංකඩ අසල පිහිටි මහාමුලෙයි ඉදිරි ආරක්ෂක වළල්ලෙන් කිලිනොච්චිය දකුණු මධ්‍ය යාපනයෙන් වෙන් කෙරිණි. උතුරු ලංකාවේ වැදගත්ම යුද මර්මස්ථාන වූයේ මේ ස්ථාන දෙකය. 2009 ජනවාරි 02 දින වන තුරු මෙම නුවර, වෙනම රටක් ඇති කිරීමට සටන් කරන ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වේලුපිල්ලේ ප‍්‍රභාකරන් නම් ත්‍රස්තවාදී සංවිධානයේ මූලස්ථානය විය. දැන් එය ශ්‍රී ලංකා රජයේ පාලනයට නැවත පත්ව තිබේ. 2009 ජනවාරි 2 දා ශ‍්‍රී ලංකා හමුදාව කිලිනොච්චි නගරය අල්ලා ගනිමින් දිස්ති‍්‍රක්කයේ විශාල ප‍්‍රදේශයක පාලනය අත්පත් කර ගත්තේය.

කිලිනොච්චි දිස්ති‍්‍රක්කය උ. පළාතේ පිහිටියේය. එය වර්ග කි. මි. 1279 ක ව්‍යාප්තව පවතී.

2007 දී එහි ජනගහනය 195812 ක් විය. එහි බහුතරය ශ‍්‍රී ලාංකිය ද්‍රවිඩ ජනතාවගෙන් සමන්විත විය. උතුරු නැගෙනහිර මෙන්ම මේ ජනතාවද යුද්ධයේ බලපෑමට ගොදුරු වූහ.

මේ යුද්ධයේදී 70,000 ක පමණ ජනතාවක් මිය ගොස් තිබේ. 400000 ක පමණ ද්‍රවිඩ ජනතාවක් යුද්ධයේ ආරම්භයේ සිට බටහිර රට වලට සංක‍්‍රමණය වී ඇත.

ඉන්දියාවේ පමණක් 100000 ක පමණ සරණාගතයන් ප‍්‍රමාණයක් සිටින අතර ශ‍්‍රී ලාංකිය ද්‍රවිඩ ජනතාවගෙන් තවත් විශාල ප‍්‍රමාණයක් කොළඹ රැකවරණය ලබා ඇත.

යුද්ධය නිසා කිලිනොච්චියේ සිටි යෝනකයන් හා සිංහලයන් බොහෝ දෙනෙකුද ශ‍්‍රී ලංකාවේ වෙනත් ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කිලිනොච්චිය&oldid=414109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි