කාබෝහයිඩ්‍රේට

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ලැක්ටෝස් යනු කිරිවල අන්තර්ගත ඩයිසැකරයිඩයකි. මෙය සෑදී ඇත්තේ D- ගැලැක්ටෝස් සහ D - ග්ලුකෝස් අණු  - 1 – 4 ග්ලයිකොසිඩික් බන්ධන මගින් එකිනෙක සම්බන්ධ වීමෙනි.

කාබෝහයිඩ්‍රේට (සජලනය වු කාබන්) හෝ සැකරයිඩ (ග්‍රීකභාෂාවෙන් සීනි යන අරුත් ඇති ) ප්‍රෝටීන , ලිපිඩ න්‍යෂ්ටික අම්ල යන ප්‍රධාන ජීව විද්‍යාත්මක අණු අතරින් බහුලවම ඇති අණු වර්ගයයි. එය ජීවීන් තුළ ශක්තිය ගබඩා කිරීම හා ප්‍රවාහනය (පිෂ්ඨය හා ග්ලයිකොජන් මගින්) සහ ශාකවල සෙලියුලෝස්, සතුන්ගේ කයිටීන් මගින් සන්ධාරක සැකිලි සෑදීම සිදුකරයි. මීට අමතරව කාබෝහයිඩ්‍රේට් හා එහි ව්‍යුත්පන්නයන් ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට , ප්‍රජනනය සදහා , රුධිර කැටි ගැසීම සදහා සහ වර්ධනයට උපකාරීවේ.

රසායනික සංයුතිය[සංස්කරණය]

C, H, O යන පරමාණු වලින් සමන්විත ය. Hට O අනුපාතය 2:1 කි. පොදු සූත්‍රය CxH2yOy=Cx(H2O)y වේ. x හා y යනු 3 හෝ 3ට වැඩි සංඛ්‍යාය. රසායනික සංයුතිය අනුව කාබෝහයිඩ්‍රේට යනු හයිඩ්‍රොක්සිල් කාණ්ඩ ඇතුළත් ඇල්ඩියිඩ හෝ කීටෝන වේ. රසායනික සංයුතිය අනුව ‍කාබෝහයිඩ්‍රේට යනු ක්‍රියාකාරී ඇල්ඩිහයිඩය හෝ කීටෝනවලින් සැදුම්ලත් එම ඇල්ඩිහයිඩ හා කීටෝන සම්බන්ධ කාබන් පරමාණු වලට සම්බන්ධ නොවු හයිඩ්‍රොක්සිල් කාණ්ඩ සමුහයකින් සැදුම්ලත් කාබනික සංඝටකයකි. මුලික කාබෝහයිඩ්‍රේට අණු මොනොසැකරයිඩ නම්වේ. ඒවා ග්ලුකෝස් , ග්ලැක්ටෝස් හා ෆ්රුක්ටෝ ස් නම්වේ. මොනොසැකරයිඩයන්හි මුලික අණුක ව්‍යුහය (CH2O)n වේ.මෙහි n යනු තුන හෝ තුනට වැඩි අගයක් වන අතර මෙම මුලික අණුක ව්‍යුහයට වඩා සුළු වශයෙන් වෙනස් වන අණුද කාබෝහයිඩ්‍රේට නම්වේ. කෙසේ වුවද ෆෝමැල්ඩිහයිඩ වැනි මෙම මුලික අණුක ව්‍යුහය ඇති සංඝටකයක් කාබෝහයිඩ්‍රේට යන වදනෙහි ඉතාමත් නිරවද්‍යතාවයක් නොවුනද අත්දැකීම් බහුල නොවු ආධුනිකයෙකුට පවා කාබෝහයිඩ්‍රේටයක් වෙන්කොට හදුනාගැනීම අපහසු නොවේ. මොනොසැකරයිඩ අසීමිතව ආකාර කිහිපයකටම එකිනෙක බන්ධනය කළ හැකිවේ. බොහෝ කාබෝහයිඩ්‍රේට වර්ග මොනොසැකරයිඩ කාණ්ඩ කිහිපයක් හෝ එකක් ඉවත් වීමෙන් සෑදුණු විශේෂණය වු මොනොසැකරයිඩ වලින් සැදුම්ලත්ය. උදාහරණයක් ලෙසට DNA වල සංඝටකයක් වන ඩිඔක්සිරයිබෝස් රයිබෝස් වලද , විශේෂණය වීමක් N- ඇසිටයිල්ග්ලුකොසැමයින් යන නයිට්‍රජන් අන්තර්ගත ග්ලුකෝසය මගින් කයිටීන් සෑදීමද ගතහැකිවේ. කාබෝහයිඩ්‍රේට නාමකරණයේදී එය -ඕස් යන නමින් කෙළවරවේ.

ප්‍රධාන වර්ග[සංස්කරණය]

  1. මොනොසැකරයිඩ
  2. ඩයිසැකරයිඩ
  3. පොලිසැකරයිඩ

මොනොසැකරයිඩ[සංස්කරණය]

-         සරලතම කාබෝහයිඩ්‍රේටයයි.

-         සරල සීනි ලෙස තනිව ක්‍රියාකිරීම හෝ ඩයිසැකරයිඩ හා පොලිසැකරයිඩ එකක අණු ලෙස ක්‍රියා කරයි.

-         මොනොසැකරයිඩ සදහා වන පොදු අණුක සුත්‍රය CnH2nOn ය.

-         කාබන් පරමාණු සංඛ්‍යාව අනුව වර්ග කෙරෙයි.

  •   n = 3 ට්‍රයෝස               C3H6O3             (ග්ලිසරැල්ඩිහයිඩ්, Dihydrocsi acetone )
  •   n = 4 ටෙට්‍රෝස             C4H8O4             (Erythrose(rare in nature)
  • n = 5 පෙන්ටෝස         C5H10O5           (Ribose, Deoxyribose, Ribulose )
  • n = 6 හෙක්සෝස         C6H12O6           (Glucose, Fructose, Galactose)

-         C == O කාබෝනයිල් කාණ්ඩයේ පිහිටීම අනුව වර්ග 2 කි.

  • ඇල්ඩෝස - ග්ලූකෝස්, ගැලැක්ටෝස්
  • ·                    කීටෝස - ෆ්රක්ටෝස්
C පරමාණු
සංඛ්‍යාව
පොදු නම උදාහරණ
3 ට්‍රයෝස ග්ලිසරැල්ඩිහයිඩ්
4 ටෙට්‍රෝස එරිත්රෝස් (සුලබ නැත)
5 පෙන්ටෝස රයිබෝස්, රිබියුලෝස්
6 හෙක්සෝස ග්ලූකෝස්, ප්රුක්ටෝස්, ගැලැක්ටෝස්
"https://si.wikipedia.org/w/index.php?title=කාබෝහයිඩ්‍රේට&oldid=423867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි