පොලිසැකරයිඩ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සෙලියුලෝස බීටා ඞී ග්ලූකෝස් හි බහු අණුවක් ලෙස මොනොසැකරයිඩ තුනේ සිට හය දක්වා ගනනක් එක්වූ විට ඔලිගොසැකරයිඩයක් ලෙස හැඳින්වේ. මෙම අණු සංඥා අණු ලෙස භාවිතා වේ. මෙනොසැකරයිඩ විශාල සංඛ්‍යාවක් බහුඅවයවීකරණය වූ කල පොලිසැකරයිඩ ලෙස හැඳින්වේ. ඒවා එක් දිගටි දාමයක් ලෙස හෝ අතුබෙදුනු දාම ලෙස පවතී. වඩාත් බහුල පොලිසැකරයිඩ දෙකක් වනුයේ ග්ලූකෝස් බහුඅවයවීකරණයෙන් සෑදී ඇති සෙලියුලෝස් හා ග්ලයිකොජන් ය. සෙලියුලෝස් ශාක සෛල බිත්තියේ සංඝටකයක් වේ. මේවා නිශ්පාදනයට හෝ ජීර්ණයට හැකියාවක් මිනිසාට නැත ග්ලයිකොජන් සත්ව කාබෝහයිඩ්‍රේටයක් වන අතර මිනිසුන් සහ වෙනත් සතුන් එය ශක්ති සංචිතයක් ලෙස භාවිත කරති කාබෝහයිඩ්‍රේට ශක්ති ප‍්‍රභවයක් ලෙස ග්ලූකෝස් යනු බොහෝ ජීවීන් ගේ ප‍්‍රධාන ශක්ති ප‍්‍රභවය වේ. එය පියවර දෙකකින් සිදුවේ. ග්ලයිකොලිසිය (නිර්වායු) ග්ලූකෝස් ප‍්‍රධාන ලෙස බිඳ වැටෙන්නේ පියවර දහයකින් සමන්විත , පරිණාමිකව පැරණි ක‍්‍රමවේදයක් වන ග්ලයිකොලිසිය මගිනි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ග්ලූකෝස් අනුවක් පයිරුවේට අනු දෙකකට බිඳ වැටේ. එහි අතුරුඵල ලෙස ඒ ටී පී අණු දෙකක් හා එන් ඒ ඞී එච් අණු දෙකක් ඇතිවේ. මේ ක‍්‍රියාවලියට ඔක්සිජන් අවශ්‍ය නැත . ඔක්සිජන් නැති විට මිනිසුන් වැනි ඇතැම් සතුන්ගේ පයිරුවේට ලැක්ටික් අම්ලය හෙවත් ලැක්ටේට් බවට පරිවර්තනය වන අතර ඊස්ට් වැනි ඇතැම් ජීවීන්ගේ ඒවා එතනෝල් බවට පරිවර්තනය වේ. අතුරුඵල ලෙස කාබන් ඩයොක්සයිඞ් ඇතිවේ.

"https://si.wikipedia.org/w/index.php?title=පොලිසැකරයිඩ&oldid=422196" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි