කානේෂන් (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
කානේෂන්
ප්‍රවර්ධන පෝස්ටරයක්
ප්‍රභේදයනාට්‍ය
රචනය කලේඅයා වතනබෙ
අධ්‍යක්ෂණය කලේකෙන්ජි ටනාකා
රඟපෑමමචිකෝ ඔනො
මාරි නත්සුකි
යුමි ආසු
චියාකි කුරියාමා
චිහරු නියාමා
තෙරූ ෂෝජි
අකිරා ටකරාඩා
යුකියෝ තෝකේ
මසාඔමි කොන්ඩෝ
කඔරු කොබයෂි
ඇරඹුම් තේමාවකානේෂන්, රිංගෝ ෂීනා විසිනි
සම්භව රටජපානය
භාෂාව(න්)ජපන්
කථාංග ගණන151
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)අත්සුෂි ෂිරොතානි
ධාවන කාලයමිනිත්තු 15
ප්‍රචාරණය
මුල් නාලිකාවNHK
මුල් ධාවනය2011 ඔක්තෝබර් 3 – 2012 මාර්තු 31
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේඔහිසමා
අනුගමනය වනුයේඋමේචන් සෙන්සෙයි
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

කානේෂන් (カーネーション, කානේෂොන්) යනු ජපන් රූපවාහිනී නාට්‍යයකි. එය විකාශය වූයේ NHK නාළිකාවේ අසදෝරා කවුළුවෙහි 2011 ඔක්තෝබර් 3 සිට 2012 මාර්තු 31 දක්වා ය.[1][2] මෙය 85වන අසදෝරාවයි. මෙය නිර්මාණය කර ඇත්තේ ඔසාකා හි කිෂිවදාහි විසූ අයාකො කොෂිනො නැමැති මෝස්තර නිර්මාණ ශිල්පිනියගේ ජීවිතය ඇසුරෙනි.[3] අයාකො යනු අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් මෝස්තර නිර්මාණ ශිල්පිණියන් වන හිරොකො කොෂිනො, ජුන්කො කොෂිනො, සහ මිචිකො කොෂිනො යන තිදෙනාගේ මවයි.[3]

සාරාංශය[සංස්කරණය]

කථාව ඇරඹෙන්නේ 1924දී යි. ඔහාරා ඉතොකො 11 වියැති දගකාර දැරියකි. ඇය කුඩා කිමෝනා වෙළදසැලක් පවත්වාගෙන ගිය සෙන්සකු සහ චියෝගේ වැඩිමහල් දියණියයි. ධනවත් පවුලක දියණිය වූ චියෝ සෙන්සකුට තිබූ ප්‍රේමය නිසා නිවසෙන් පිටව පැමිණ ඇත. ඉතොකො දන්ජිරි මත්සුරි උත්සවයට බොහෝ ආශා කළ නමුත්, එයට ස්ත්‍රීන්ට සහභාගී වීමට අවසර නොදීම පිළිබද අසතුටෙන් සිටියි.. දිනක් කෝබේ හි සිය මිත්තණිය සහ සීයා හමුවීමට යන විට ඇය ප්‍රථම වරට බටහිර ඇඳුම් දකින අතර ඇයට ඇ ඳුම් නිර්මාණය පිළිබඳ ආශාවක් ඇති වේ. බාලිකා මධ්‍යම පාසල වෙත ඇතුළු වූ පසු ඇය ප්‍රථම වරට මහන මැෂිමක් දකින අතර ඇයට එය ක්‍රියා කරවීමට ආශාවක් ඇති වේ. බටහිර ඇඳුම් පිළිබඳ විරෝධයක් දැක් වූ ඇගේ දැඩි පියාට දිගින් දිගටම ඇවිටිලි කිරීමෙන් අනතුරුව ඇය සිය පාසල් ගමන අවසන් කර සිය සිහිනය ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙයි. ඇයගේ නොපසුබට වීර්යය සහ නිර්මාණශීලීත්වය නිසාම ඇයට නොයෙකුත් බාධක බිඳහෙලීමට හැකියාව ලැබෙයි. පළමුව ඇය පිරිමි යට ඇඳුම් නිර්මාණය කළ වෙළඳසැලක සේවය කළ අතර දුෂ්කර අවස්ථාවන්ක දී පසුව ඇයව එම ස්ථානයෙන් ඉවත් කෙරෙයි. අවසානයේ ඇය මහන මැෂින් වෙළඳසේවිකාවකගෙන් බටහිර ඇඳුම් නිර්මාණ ශිල්පය උගනියි. අනතුරුව ඇය ෂින්සයිබෂි දෙපාර්තමේන්තු ගබඩාව සඳහා නිලඇඳුම් නිර්මාණය කරයි. නමුත් සෙන්සකු තවමත් ඇගේ ව්‍යාපාරීක නිපුණත්වය මඳ බවට පැමිණිලි කරයි.. පළමුව රෙදි මසන ස්ථානයකින් පටන් ගෙන පසුව රෙදිපිළි ගබඩාවක් දක්වා ඉතො‍කො මහන්සියෙන් සිය ව්‍යාපාරය දියුණු කරයි. සිය දියණිය පරිණත වී ඇති බවත්, කිමෝනො වෙළඳාම අභාවයට යමින් බවතින ව්‍යාපාරයක් බවත් වටහා ගන්නා සෙන්සකු සිය ව්‍යාපාරය ඉතොකෝට භාර දෙයි. 1934දී ඉතොකෝ තමන්ගේම බටහිර ඇඳුම් නිර්මාණ වෙළඳසැලක් අරඹයි.

ඉතොකෝ සමග සේවය කළ සන්නාලියෙකු වූ මසරු කවමොතෝ ඉතොකෝට විවාහ යෝජනාවක් ගෙන එන අතර මුකොයෝෂි කෙනෙකු ලෙස ඔහාරා පවුලට ඇතුළත් වෙයි. ඔවුනට දියණියන් තිදෙනකු ලැබෙන අතර ස්ත්‍රීන් සහ පුරුෂයන් සඳහා ඔවුන් ඇරඹූ බටහිර ඇඳුම් ව්‍යාපාරය දියුණුවට පත් වෙයි. නමුත් ජපානය යුද්ධයට පැටලීමත් සමග ඔවුන්ගේ ලෝකය උඩුයටිකුරු වෙයි. ඔවුන්ගේ අසල්වැසියන් වූ ටයිෂෝ යෂෝකා සහ ඔහුගේ බාල සොහොයුරා වූ කන්සුකේ යන දෙදෙනාම යුද්ධයට යන අතර එහි දී මියයති. නිවසේ ඇති ළුූ ගින්නකින් සෙන්සකු බරපතල තුවාල ලබා පසුව මියයයි. ඉතොකෝගේ පැරණි පාසල් මිතුරියක සහ උසස් පැළැන්තියේ ර්යෝතෙයි එකක් ගෙනගිය නත්සු සිය ව්‍යාපාරය විකුණා දමන අතර ණයකරුවන්ගෙන් බේරීමට පලා යයි. මසරුහට ද යුධ පෙරමුණ වෙත යාමට සිදු වන යුද්ධය අවසන් වීමට මඳ කලකට පෙර රෝගයකින් මියයයි.

යුද්ධයෙන් පසු ඉතොකො ඉක්මණින් ම නැවත සිය ව්‍යාපාරය ගොඩනගන අතර යුද්ධයෙන් පීඩාවට පත් අනෙකු අයට ද උපකාර කරයි. ඇය ටයිෂෝගේ වැන්දඹුව වූ යඉකො හට නැවත ඇගේ කොණ්ඩා සැකසුම් ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට උපකාර කරයි. නත්සු ඇමරිකානු සොල්දාදුවන් සඳහා ගණිකාවක ලෙස සේවය කරන බව දැනගන්නා ඉතොකො ඇයව බේරාගැනීම සඳහා ටයිෂෝගේ මව වූ ටැමේ ලවා ඇයව කුලියට ගනියි. ඉතොකෝ දේශීය රෙදිපිළි සංගමයට බැදෙන අතර එහි දී ඇයට නාගසාකිවලින් පැමිණි තරුණ සන්නාලියෙකු වූ ර්යුචි සුවෝ හමු වෙයි. විවිධ සිදුවීම් ගණනාවකින් පසු ඔවුන් දෙදෙනා එකට සේවය කරන අතර ප්‍රේමයෙන් බැදෙති. නමුත් සුවෝහට බිරිඳක් සහ දරුවන් ද වූහ. මෙම ගැටලුව විසඳීමට ඉතොකෝ සුවෝහට ඔහුගේ වෙළඳසැලක් විවෘත කිරීමට උපකාර කරන අතර නැවත ඔවුහු මුණ නොගැසෙති.

කාලය ගත වන විට ඉතොකොගේ දියණියන් තිදෙනා සිය අනාගත රැකියා පිළිබඳ තීරණයට එළැඹ සිටිති. වැඩිමහල් දියණිය යූකෝහට කලා පාසලට ඇතුළත් වීමට අවශ්‍ය වුවත්, ඉතොකෝ ඇයට සැබවින්ම කලාකාරිණියක වීමට අවශ්‍යදැයි විමසූ විට ඇය ටෝකියෝ හි මෝස්තර නිර්මාණ පාසලට ඇතුළු වීමට තීරණය කරයි. යූකෝ සමග සැමවිටම රණ්ඩු කළ නඔකෝ, යූකෝ ව බියපත් කරමින් එම පාසලටම ඇතුළු වෙයි. නඔකෝ එම පා‍සලෙහි පළමුවැනියා බවට පත්ව ප්‍රධාන සම්මානය දිනාගනියි. උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු යූකෝ සිය මවට උපකාර කිරීමට කිෂිවදා පැමිණෙයි. නමුත් ටෝකියෝවෙහිම නතරවන නඔකෝ තමන්ගේම වෙළඳසැලක් ආරම්භ කරයි. නඔකෝගේ රළු ක්‍රියාකලාපය හමුවේ ඇගේ ව්‍යාපාරය අසාර්ථක වන අතර, මේ වන විට විවාහ වී දියණියක ද සමග සිටින යූකෝ ඇයට උපකාර කිරීමට ටෝකියෝ වෙත යයි. මේ අතර රෙදිපිළි කර්මාන්තයෙන් දූරස්ථව සිටි ලාබාල සතොකො ටෙනිස් ක්‍රීඩාව අතහැර සිය මව යටතේ ඇඳුම් නිර්මාණ ශිල්පය හදාරයි. මේ අතර විලාසිතා දියොර් සිට ලුවිස් විට්න් හරහා මිනිගවොම් දක්වා වෙනස් වන අයුරු දකින ඉතොකෝ සිය වයස පිළිබඳ සිතා තම ව්‍යාපාරය යූකෝහට භාර දෙයි. නමුත් කිෂිවදාව තමන්ට කුඩා වැඩි යැයි හැගුණු යූකෝ ෂින්සයිබෂිහි තමන්ගේම ව්‍යාපාරයක් අරඹයි. ඊළගට ඉතොකෝ සිය ව්‍යාපාරය භාර දීමට සිතන සතොකෝ සිය විලාසිතා හැකියා වැඩිදියුණු කර ගැනීමට ලන්ඩන් වෙත යයි.

කාලයක් ගතවන විට ඉතොකෝගේ දියණියන් තිදෙනා මෝස්තර නිර්මාණ ලොවේ දැවැන්තයන් බවට පත්ව සිටිති. මුරණ්ඩු තරුණියක වූ යූකෝගේ දියණිය රිකා, සිය මව සමග අමනාප වී ඉතොකෝ සමග නතර වීමට පැමිණෙයි. සිය මිත්තණියගේ ආදරය සමගින් ඇය තමන් පිළිබඳ අවබෝධ කරගන්නා අතර සිය මව වෙනුවෙන් සේවය කිරීම අරඹයි. ඉතොකෝ අන්‍යන්ට ද උපකාර කරයි. සිය මිතුරකුගේ පුත්‍රයකුගේ දැඩි ඉල්ලීම පරිදි ඇය වැඩිහිටියන් සඳහා ද ඇඳුම් නිර්මාණය කරන අතර එය වඩාත් සාර්ථක වේ. ඇය රෝහලක මෝස්තර ප්‍රදර්ශනයක් පවත්වන විට ඇයට ඇගේ පැරණි මිතුරිය වූ නත්සු මුණගැසෙයි. එහිදී ඇයට සුවෝගේ දියණියව ද හමු වෙයි. සිය අනූ වැනි වියෙදීත් කාර්යයෙහි නියුතු වූ ඉතොකෝ සිය නිවෙස අලුත්වැඩියා කරන අතරතුර 2006 මාර්තු මස හදිසියේම ඇය බිම ඇද වැටෙයි. ඇය රොහල්ගත කෙරෙන අතර 92 වියැති ඇය රොහලේ දී මියයයි. ඇය උපකාර කළ බොහෝ දෙනා ඇගේ නිවසට රැස් වී ජනේලයෙන්දන්ජිරි උත්සවය නරඹන අතර යූකෝ රූපවාහිනී නාළිකාවක් තම මවගේ ජීවිතය ඇසුරෙන් අසදෝරාවක් නිර්මාණය කිරීමට ඉල්ලා ඇති බව සිය සොයුරියන්ට පවසයි.

චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

2011 ටොහොකු භූමිකම්පාව නිසා NHK සැලැස්මට අනුව මෙම කතාමාලාව ඇරඹීම කල් දැමුණු අතර කතාව කෙටි කිරීම සිදු විය. මෙහි ප්‍රධාන චරිතය රගපෑම සඳහා නිළියන් 1850 දෙනකු අතුරින් තෝරාගැනුණේ මචිකෝ ඔනො වයි.[3] 2012 මාර්තු 3 විකාශය ඇරමීමත් සමග කෘතහස්ත රංගන ශිල්පිනී මාරි නත්සුකි 72 වියැති වියේ සිට චරිතය සඳහා තෝරා ගැනිණි. ළමා නිළි අකාරි නිනෝමියා මෙහි වීරවරියගේ ළමා වියේ චරිතය මෙන්ම ඉතොකෝගේ දියණිය ළුූ නඔකෝගේ ළමා විය සඳහා තෝරාගැනිණි.[4]

ගායන ශිල්පී රිංගෝ ෂීනා මෙම කතාමාලාව සඳහා තේමා ගීතය ගායනා කළ අතර එය ද "කානේෂන්" ලෙසම නම් කෙරිණි.[5]

පිළිගැනීම[සංස්කරණය]

කානේෂන් කතාමාලාව අතිශය සාර්ථකත්වයට පත් විය. එය කැන්ටෝ ප්‍රදේශයේ 19.1%ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් හිමිකරගත් අතර 2007 Dondo Hare කතාමාලාවෙන් පසු ඉහළම ප්‍රතිචාර දිනාගත් අසදෝරාව ලෙස සැලකේ. එසේම එය කන්සායි ප්‍රදේශය තුළ 19.6%ක ප්‍රෙක්ෂක ප්‍රතිශතයක් උපයා ගත්තේ ය. එය එම ප්‍රදේශයේ 2003දී විකාශය වූ කොකොරොට පසු වැඩිම ප්‍රතිචාර දිනාගත් අසදෝරාව ලෙස සැලකේ.[6]

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

රට නාළිකාව විකාශය ඇරඹීම තේමාව
 ශ්‍රී ලංකාව ජාතික රූපවාහිනිය 2014 අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි[7]
 තායිලන්තය තායි PBS 2015 මාර්තු 1 – 2015 ජූලි 11 ยอดหญิงนักออกแบบ (යොද් යිං නක් ඕක් බාබ්)
 ඉරානය IRIB TV2 2015 අප්‍රේල් 25 – 2015 ජූනි 17 میخک (මික්හක්)
 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ CCN TV6 2016 කානේෂන්
 වෙනිසුයෙලාව VALE TV 2016 Clavel

සම්මාන[සංස්කරණය]

කානේෂන් කතාමාලාව 2011 වසරේ හොඳම රූපවාහිනී වැඩසටහන වෙනුවෙන් 49වන ගැලැක්සි සම්මාන උළෙලේ දී ප්‍රධාන ත්‍යාගය දිනාගත්තේ ය.[8]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. ""Ohisama" surpasses "Gegege no Nyoubou"". Tokyograph. 4 October 2011. සම්ප්‍රවේශය 4 October 2011.
  2. カーネーション (2011). Allcinema.net (Japanese බසින්). Stingray. සම්ප්‍රවේශය 5 October 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  3. 3.0 3.1 3.2 "Ono Machiko chosen to star in NHK morning drama "Carnation"". TokyoGraph. 7 March 2011. සම්ප්‍රවේශය 8 October 2011.
  4. "Kānēshon: Ninomiya Akari-chan ga hiroin jijoyaku de saitōjō". Mantan. Mainichi Shinbun. සම්ප්‍රවේශය 31 March 2012.
  5. "Shiina Ringo achieves dream of singing theme song for NHK Asadora". Tokyograph. සම්ප්‍රවේශය 9 April 2012.
  6. "Kānēshon no heikin shichōritsu wa 19-dai". Daily Sports Online. සම්ප්‍රවේශය 3 April 2012.
  7. සංරක්ෂිත පිටපත, http://trip2lanka.com/2014/03/aththatu-na-aith-eya-igileyi-jathika-rupavahini-japanese-teledrama/, ප්‍රතිෂ්ඨාපනය 2016-08-27 
  8. "Dai 51-kai Gyarakushī-shō Jushō Sakuhin". Hōsō Hihyō Kondankai (Japanese බසින්). Japan Council for Better Radio and Television. සම්ප්‍රවේශය 6 June 2014.{{cite web}}: CS1 maint: unrecognized language (link)

බාහිර සබැඳි[සංස්කරණය]

පූර්වප්‍රාප්තිකයා
ඔහිසමා
අසදෝරා
2011 ඔක්තෝබර් 3 – 2012 මාර්තු 31
අනුප්‍රාප්තික
උමේචන් සෙන්සෙයි