කහානි

විකිපීඩියා වෙතින්
කහානි
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයසුජෝයි ඝෝෂ්
රචනයදෙබස්:-
රිතේෂ් ෂා
සුතාපා සික්දර්
සුජෝයි ඝෝෂ්
තිර රචනයසුජෝයි ඝෝෂ්
කතාවස්තුවසුජෝයි ඝෝෂ්
අද්වෛතා කාලා
නිශ්පාදනයසුජෝයි ඝෝෂ්
කුෂාල් කාන්තිලාල් ගාඩා
රංගන ශිල්පීන්විද්‍යා බාලන්
පාරම්බ්‍රතා චැටර්ජී
නවාසුද්දීන් සිද්දිකි
ඉන්ද්‍රනීල් සේන්ගුප්තා
සාස්වත චැටර්ජී
සිනෙමාරූපණයසේතු
සංස්කරණයනම්රාතා රාඕ
සංගීතයගීත:
විශාල්-ශේඛර්
පසුබිම් ස්කෝරය:
ක්ලින්ටන් සෙරීජෝ
Production
company
බෙදාහැරීමවයාකොම් 18 මෝෂන් පික්චර්ස්
පෙන් ඉන්ඩියා ලිමිටඩ්
නිකුත්වූ දිනය
  • 9 මාර්තු 2012 (2012-03-09)
තිර කාලය
මිනිත්තු 122[1]
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR80 මිලියන (US$1.2 මිලියන)[2]
ආදායමINR1.04 බිලියන (US$16 මිලියන)[3]

කහානි (IPA: [kəˈɦaːni]; "කථාව") යනු සුජෝයි ඝෝෂ් විසින් සම-රචනය, සම-නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2012 ඉන්දියානු හින්දි-භාෂා අබිරහස් සංත්‍රාස චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන විද්‍යා බාලන්, සත්‍යෝකි "රාණා" සිංහා (පරම්බ්‍රතා චැටර්ජී) සහ ඛාන්ගේ (නවාසුද්දීන් සිද්දිකි) සහාය ඇතිව කොල්කතාවේ දුර්ගා පූජා උත්සවය අතරතුර සිය නැතිවූ සැමියා සොයන විද්‍යා බාග්චි නම් ගර්භනී කාන්තාවගේ චරිතය නිරූපණය කරයි.

INR80 මිලියන (US$1.2 මිලියන)ක පිරිවැයක් දරා නිපදවූ කහානි පිළිබඳ සංකල්පය සහ සංවර්ධනය සිදුකළේ ඝෝෂ් විසිනි. ඔහු අද්වෛතා කාලා සමග එක්ව චිත්‍රපටයේ සම-රචනය ද සිදුකළේ ය. කොල්කතා නගරයේ වීදිවල රූගත කිරීම්වල දී චිත්‍රපට කණ්ඩායම බොහෝවිට ගරිල්ලා චිත්‍රපට නිමැවුම් ක්‍රමය අනුගමනය කළේ අවධානය තමන් දෙසට යොමුවීම වළක්වා ගැනීමටයි. මෙම චිත්‍රපටය නගරය දක්ෂ ලෙස නිරූපණය සහ ප්‍රදේශයේ ජනයා හා රංගන ශිල්පීන් රැසක් යොදාගැනීම සම්බන්ධයෙන් ප්‍රකට විය. කහානි මගින් පුරුෂාධිපත්‍යයෙන් යුත් ඉන්දියානු සමාජයේ ස්ත්‍රීවාදී සහ මාතෘවාදී තේමාවක් නිරූපණය කෙරේ. මෙම චිත්‍රපටය තුළ සත්‍යජිත් රායි චාරුලතා (1964) සහ ආරන්‍යර් දින්රාත්‍රී (1970) වැනි චිත්‍රපට පිළිබඳ ඉඟිලෑම් ද සිදු කෙරේ.

2012 මාර්තු 9 දින කහානි ලොවපුරා මුදාහැරිණි. මෙහි තිරරචනය, සිනෙමාරූපණය සහ ප්‍රධාන නළු නිළියන්ගේ රංගනය විචාරක පැසසුම් හිමි කරගත්තේ ය. විචාරක පැසසුම් සහ මුඛ්‍ය ජනප්‍රියත්වයෙන් පසු මෙම චිත්‍රපටය දින 50ක් ඇතුළත ලොවපුරා INR1.04 බිලියන (US$16 මිලියන)ක ආදායමක් උපයාගත්තේ ය. මෙම චිත්‍රපටය ජාතික චිත්‍රපට සම්මාන තුනක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක් ඇතුළු සම්මාන කිහිපයක් ද හිමි කරගත්තේ ය. ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී මෙයට හොඳම අධ්‍යක්ෂක (ඝෝෂ්) සහ හොඳම නිළිය (විද්‍යා) සම්මාන ද හිමි විය. කහානි 2: දුර්ගා රාණි සිං වූ මෙහි අනුගාමී චිත්‍රපටයක් 2016 දෙසැම්බර් 2 දින මුදාහැරිණි.

කථාපුවත[සංස්කරණය]

කොල්කතා මෙට්‍රෝ දුම්රිය වේදිකාවට එල්ලවන විෂ වායු ප්‍රහාරයකින් මගීන් රැසක් එතරනම ජීවිතක්ෂයට පත්වේ. වසර දෙකකට පසු, විද්‍යා බාග්චි (විද්‍යා බාලන්) නම් ගර්භනී මෘදුකාංග ඉංජිනේරුවරිය ලන්ඩනටය් සිට කොල්කතාව වෙත පැමිණෙන්නේ සිය අතුරුදන් සැමියා වූ අර්නාබ් බාග්චි සොයමිනි. මේ වනවිට නගරයේ දුර්ගා පූජා උත්සවය පැවැත්වේ. සත්‍යෝකි "රාණා" සිංහා (පරම්බ්‍රතා චැටර්ජී) නම් පොලිස් නිලධාරියා ඇයට උපකාර කරයි. අර්නාබ් ජාතික දත්ත මධ්‍යස්ථානයේ (NDC) පැවරීමක් සඳහා අර්නාබ් කොල්කතාව වෙත පැමිණියේ යැයි විද්‍යා පැවසුව ද, මුල් විමර්ශනවලින් එවැන්නකු NDCහි සේවය කළ බවට වාර්තා නොවේ.

NDCහි මානව සම්පත් ප්‍රධානීවරිය වන ඇග්නස් ඩි’මෙලෝ පවසන්නේ ඇගේ සැමියා මෙහි හිටපු සේවකයකු වන මිලන් දාම්ජීට (ඉන්ද්‍රනීල් සේන්ගුප්තා) පෙනුමින් සමාන බවයි. ඔහුගේ ලිපිගොනුව පැරණි NDC කාර්යාලයේ ඇතැයි විශ්වාස කෙරේ. ඇග්නස් ඇයට උපකාර කරන්නට පෙර බොබ් බිස්වාස් (සාස්වත චැටර්ජී) නම් රක්ෂණ නියෝජිතයකු ලෙස වෙස්වලාගත් ඝාතකයකු විසින් ඇග්නස්ව ඝාතනය කෙරේ. විදයා සහ රාණා NDC කාර්යාලයට කඩාවැදී දාම්ජීගේ ලිපිගොනුව සොයන අතර, එම අරමුණින්ම එතැනට පැමිණි බොබ්ගෙන් ඔවුන් බේරෙන්නේ අනූ නවයෙනි. මේ අතර, දාම්ජිගේ ලිපිගොනුව ලබාගැනීමට දරන ප්‍රයත්නය දිල්ලියේ බුද්ධි කාර්යාංශ (IB) නිලධාරීන් දෙපළක වන ප්‍රධානී භාස්කරන් කේ. (ධ්‍රිතිමාන් චැටර්ජී) සහ ඔහුගේ නියෝජ්‍ය ඛාන්ගේ (නවාසුද්දීන් සිද්දිකි) අවධානයට යොමුවේ. කොල්කතාවට පැමිණෙන ඛාන් අනාවර්ණය කරන්නේ දාම්ජී විෂ වායු ප්‍රහාරයට වගකිව යුතු ත්‍රස්තවාදියා බවයි. ඛාන්ගේ අනතුරු හැඟවීම නොතකා විද්‍යා සිය සෙවීම දිගටම අරඹන්නේ අර්නාබ් සහ දාම්ජීගේ පෙනුමේ ඇති සමානභාවය නිසා ඔහුට කරදරයක් වී ඇතැයි සිතමිනි.

දාම්ජීගේ වාර්තාවෙහි සඳහන් ලිපිනයේ ඇත්තේ ජරාවාස වූ මහල් නිවාසයකි. යාබද තේ වෙළඳසැලේ සේවක ළමයකු විසින් ආර්. ශ්‍රීධර් (ශාන්තිලාල් සුඛර්ජී) නම් NDC නිලධාරියා දාම්ජීගේ නිවස වෙත නිතර ආගිය තැනැත්තකු බැව් හඳුනා ගනියි. බොබ් විද්‍යාව මරාදැමීමට උත්සාහ කරන නමුත්, හඹායන අතරතුර දී ඔහු කාර්යක ගැටෙයි. බොබ්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කර බැලීමේ දී විද්‍යා සහ රාණා හට ඇයව මරාදමන්නට උපදෙස් එවූ අයිපී ලිපිනයක් සොයා ගන්නට හැකිවේ. අයිපී ලිපිනය තහවුරු කරගැනීමට ඔවුන් ශ්‍රීධර්ගේ කාර්යාලයට කඩාවදින නමුත්, ඉලෙක්ට්‍රොනික පරිපථය මගින් ඔවුන්ව හඳුනාගැනෙයි. කලබලය අතරතුර විද්‍යාගේ වෙඩි පහරින් ශ්‍රීධර් මියයයි. ශ්‍රීධර්ව පණපිටින් අවශ්‍ය කර තිබූ ඛාන් මේ නිසා කෝපයට පත්වේ.

ශ්‍රීධර්ගේ පරිගණක දත්ත මගින් කේතයක් අනාවරණය වන අතර, එය කියවීමේ දී භාස්කරන්ගේ දුරකථන අංකය අනාවරණය වේ. තමන් ශ්‍රීධර්ගේ කාර්යාලයේ තිබී සංවේදී තොරතුරු සොයාගත් බවත්, මෙම ලේඛන අවශ්‍ය නම් සිය සැමියා සොයාගන්නට උදව් කරන ලෙසත් ඇය භාස්කරන්ට පවසයි. නමුත් භාස්කරන් ඇයට පවසන්නේ එම ප්‍රදේශයේ පොලීසියේ උපකාර ලබාගන්නා ලෙසයි. මඳ වේලාවකින් විද්‍යාට නාඳුනන අංකයකින් ඇමතුමක් ලැබෙන අතර, ඉන් කියැවෙන්නේ ඇයට ඇගේ සැමියා පණපිටින් අවශ්‍ය නම් එම ලේඛන කථා කරන්නාට ලබා දිය යුතු බවයි. ඛාන් සිතන්නේ මෙසේ කථා කරන්නේ මිලන් දාම්ජී බවයි.

විද්‍යා දාම්ජී හමුවීමට යයි. රාණා සහ ඛාන් ඇය පසුපස එති. මෙම සංවේදී ගොනුවට හිලව් වශයෙන් සිය සැමියා නැවත හිමිවන්නේ දැයි විද්‍යා ඇසීමත් සමග දාම්ජී මෙම හමුව අවසන් කරයි. ඔහු පලායන්නට තැත් කරයි. විද්‍යා ඔහුව නැවැත්වීමට උත්සාහ දරන අතර, ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවේ. දාම්ජී ඇය වෙත තුවක්කුව යොමු කරයි. නමුත් සිය ව්‍යාජ උදරය උපයෝගී කොටගෙන ඔහුව නිරායුධ කරන ඇය සිය කොණ්ඩා කටුවෙන් ඔහුට අනියි. අනතුරුව ඔහුගේම ගිනිඅවියෙන් ඔහුට වෙඩි තබයි. විද්‍යා සැබැවින්ම ගර්භනියක නොවී ය. ඇය එසේ හඟවා ඇත. පොලීසිය පැමිණීමට පෙර ඇය ජනයා අතර සැඟවී පලා යයි. ඇය රාණාට ස්තූති කොට සටහනක් සහ ශ්‍රීධර්ගේ පරිගණකයේ වූ දත්ත ඇතුළත් පෑන් ධාවකයක් තබා යයි. එහි තොරතුරු අනුව භාස්කරන්ව අත්අඩංගුවට ගැනේ. රාණා විශ්වාස කරන්නේ විද්‍යා හෝ අර්නාබ් බාග්චි යන්නකු සැබැවින්ම කිසිදින නොසිටි බවයි. විද්‍යා විසින් පොලීසිය සහ බුද්ධි අංශය භාවිතාකොට ඇත්තේ ඇගේ අරමුණ ඉටු කරගැනීම සඳහායි.

විද්‍යා යනු සැබැවින්ම දාම්ජී සමග එකම ආයතනයේ සේවය කළ බුද්ධි අංශ නිලධාරියකු වූ අරූප් බාසුගේ (අබීර් චැටර්ජී) වැන්දඹුවයි. විෂ වායු ප්‍රහාරයේ දී බාසු මරණයට පත්වූ අතර, ඔහුගේ දේහය දැකීමෙන් සිහි විසඥ වූ විද්‍යාගේ දරුගැබ ද ගබ්සා වී ය. සිය සැමියාගේ සහ නූපන් බිළිඳාගේ මරණයේ පළිය ගැනීම වෙනුවෙන් විද්‍යාට විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියකු වූ ප්‍රතාප් බාජ්පායීගේ (දර්ශන් ජාරිවාලා) සහාය හිමි විය. ඔහු සැකකළේ මෙම ප්‍රහාරයට ඉහළ පෙළේ බුද්ධි අංශ නිලධාරියකු ද සම්බන්ධ බවයි.

චරිත නිරූපණය[සංස්කරණය]

ධ්වනිපථය[සංස්කරණය]

Untitled

මෙහි සංගීත ස්කෝරය නිමවන ල්දදේ විශාල්–ශේඛර් විසිනි. චිත්‍රපටයේ ගීත හය සඳහා පද රචනය සිදුකරන ලද්දේ විශාල් දඩ්ලානි, අන්විතා දත්, සහ සංදීප් ශ්‍රීවාස්තව විසිනි. ආර්. ඩී. බර්මන්ගේ හින්දි සහ බෙංගාලි සංරචන කිහිපයක් මෙහි පසුබිමෙහි භාවිතා වේ. මෙහි ඇල්බසමය 2012 පෙබරවාරි 22 මුදාහැරුණු අතර ඩිජිටල් සංගීත වේදිකාවක් වන ඇපල් අයිටියුන්ස් ඉන්ඩියා ඔස්සේ ද මුදාහැරිණි.[4]

මෙහි ධ්වනිපථය යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය. මෙහි බෙංගාලි සහ හින්දි පද සංකලනය පැසසුමට ලක් විය. CNN-IBNහි විචාරයක දැක්වෙන්නේ "ආමි ෂොට්ටි බොල්චි" ගීතයට කොල්කතාවේ හැඟීම දැනවීමට හැකි බවයි.[5] මුම්බායි මිරර් පුවත්පත ඇල්බමයට තරු 5න් 3ක් ලබා දී තිබිණි.[6] ඉන්ඩියාටයිම්ස් වෙනුවෙන් මෙහි ධ්වනිපථය පිළිබඳ විචාරයේ යෙදුණු ආනන්ද් වෛෂ්ණව් සඳහන් කොට තිබුණේ "කහානි ඇල්බමයක් ලෙස චිත්‍රපටයේ තේමාවට අවංකව ගොඩනගා ඇති බවයි".[7]

සියලු පද රචනා සිදුකරන ලද්දේ විශාල් දඩ්ලානි අන්විතා දත් සහ සංදීප් ශ්‍රීවාස්තව. 

අංකය. ගීතයගායක(යින්) කාලය
1. "ආමි ෂොට්ටි බොල්චි"  ඌෂා උථුප්, විශ්වේශ් ක්‍රිෂ්ණමූර්ති 3:20
2. "පියා තූ කහේ රූතා රේ"  ජාවෙඩ් බෂීර් 4:59
3. "කහානි (පිරිමි)"  කේකේ, විශාල් දඩ්ලානි 4:26
4. "තොරේ බිනා"  සුඛ්වින්දර් සිං 5:52
5. "කහානි (කාන්තා)"  ශ්‍රෙයා ඝෝෂාල්, විශාල් දඩ්ලානි 4:28
6. "ඒක්ලා චෝලෝ රේ" (රබීන්ද්‍ර සංගීත්)අමිතාබ් බච්චන් 5:13
සම්පූර්ණ දිග:
28:18

පිළිගැනීම[සංස්කරණය]

අනුගාමී කෘති[සංස්කරණය]

2012 මාර්තුවේ දී, ඝෝෂ් නිවේදනය කළේ කහානි චිත්‍රපට මාලාවක් ලෙස ගොඩනැගීමට තමන් අදහස් කරගෙන සිටින බවයි. ඔහු මේ කෙරෙහි පෙළඹුණේ සත්‍යජිත් රායිගේ ෆෙලූඩා රහස් පරීක්ෂක කතාමාලාවෙනි. ඔහුට විද්‍යා බාග්චිගේ කතාපුවත එලෙසම විද්‍යා බාලන් සමගින් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය විය.[8] කහානි 2 හි රූගත කිරීම් 2013දී ඇරඹීමට සැලසුම් කෙරිණි.[9] නමුත් 2013 ජූලි මස සුජෝයි ඝෝෂ් සහ සෙසු සම-නිෂ්පාදකවරුන් අතර මතභේද ඇති විය.[10] 2014 පෙබරවාරියේ, මෙම චිත්‍රපටය සිදුනොවන බව විද්‍යා පැවසූයේ මෙම මතභේද නිසායි.[11] නමුත් වසර දෙකකට පසුව, මෙම චිත්‍රපටය විද්‍යා ද සමගින් පූර්ව-නිෂ්පාදනයේ ඇති බව ඝෝෂ් සනාථ කළේ ය.[12] කහානි 2 ලෙස නම්කළ මෙම චිත්‍රපටය 2016 මාර්තු මස රූගත කිරීම් ඇරඹුණේ අර්ජුන් රාම්පාල් සහ විද්‍යා ප්‍රධාන නළු නිළියන් ලෙස දායක කරගනිමිනි.[13] එය 2016 දෙසැම්බර් 2 දින මුදාහැරිණි.[14]

සටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Kahaani (15)". British Board of Film Classification. 2 March 2012. 23 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 October 2012. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. "Vidya Balan's Kahaani declared a hit". CNN-IBN. Indo-Asian News Service. 12 March 2012. 5 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 March 2013. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. "Vidya Balan's Kahaani completes 50 days, grosses Rs. 104 cr worldwide". Hindustan Times. 27 April 2012. 28 April 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 April 2012. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. 4.0 4.1 "Kahaani (Original Motion Picture Soundtrack)". Vishal-Shekhar. iTunes. 5 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. Vats, Rohit (24 February 2012). "Music review: Kahaani focuses on nostalgia". CNN-IBN. 18 April 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 March 2012. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  6. Mumbai Mirror (29 February 2012). "Kahaani music review". The Times of India. 9 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 May 2012.
  7. Vaishnav, Anand (15 February 2012). "Music review—Kahaani". The Times of India. 17 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 May 2012. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  8. Jha, Subhash K. (16 March 2012). "Kahaani to be a franchise?". The Times of India. 3 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 March 2012.
  9. IANS (24 May 2013). "Kahaani 2 with Vidya Balan will hit the floors in 2013". CNN-IBN. 1 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 September 2012.
  10. Trivedi, Dhiren. "Why was Sujoy Ghosh kicked out of Kahaani 2?". Bollywoodlife. සම්ප්‍රවේශය 17 July 2014.
  11. Batra, Ankur (27 February 2014). "'Kahaani 2' shelved". The Times of India. සම්ප්‍රවේශය 22 March 2014.
  12. "'Kahaani 2' in pre-production stage, to star Vidya Balan: Sujoy Ghosh". The Indian Express. Press Trust of India. 8 February 2016. සම්ප්‍රවේශය 9 February 2016.
  13. Ghosh Choudhury, Soumodeep (16 March 2016). "Kahaani 2 begins in Kalimpong". The Times of India. 31 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 March 2016. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  14. "Kahaani 2 review roundup: Here's what critics have to say about the Vidya Balan-starrer". International Business Times. 2 December 2016. 2 December 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2016. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කහානි&oldid=591667" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි