සුජෝයි‍ ඝෝෂ්

විකිපීඩියා වෙතින්
(සුජෝයි ඝෝෂ් වෙතින් යළි-යොමු කරන ලදි)
සුජෝයි ඝෝෂ්
දේශීය නම
බෙංගාලි: সুজয় ঘোষ
හින්දි: सुजॉय घोष
උපත
ජාතිකත්වයඉන්දියානු
රැකියාවචිත්‍රපට අධ්‍යක්ෂකවරයකු

සුජෝයි ඝෝෂ් යනු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, නළුවකු සහ තිර රචකයෙකි.[1] ඔහු විසින් ජාන්කාර් බීට්ස් (2003), හෝම් ඩිලිවරි: ආප්කෝ... ඝාර් තක් (2005), අලාදින් (2009), කහානි (2012) සහ කහානි 2 (2016) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කොට ඇත.[2][3]

මුල්කාලීන දිවිය[සංස්කරණය]

සුජෝයි ඝෝෂ් උපත ලැබූයේ කල්කටාවේ ය. ඔහු ශාන්ත ජේම්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ය. භෝවනිපෝර්හි නැවතී සිටි ඔහු 13වන වියේ දී ලන්ඩනය කරා පැමිණියේ ය. සුජෝයි ඩාර්ලිංටන්හි එලිසබෙත් රැජිනගේ කොලීජියෙන් සිය උසස් පෙළ හදාළේ ය. ඉංජිනේරු උපාධියක් දරන ඔහුට මැංචෙස්ටර් විශ්වවිද්‍යාලයේ MBA උපාධියක් ද ඇත.[4] රොයිටර්ස්හි මාධ්‍ය කොට්ඨාසයේ දකුණු ආසියානු ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු 1999දී ඉන් ඉවත් විය.[4] සුජෝයි මනෝවිද්‍යාඥවරියක වන වෛශාලි සමග විවාහ විය. ඔවුනට දියා සහ අග්නි නම් දරුව්න දෙදෙනකු වේ. දියා ජෛව විද්‍යා ශිෂ්‍යාවක වන අතර, අග්නි හිටපු වෘත්තීය රග්බි ක්‍රීඩකයෙකි.

වෘත්තිය[සංස්කරණය]

ඝෝෂ් සිය කුළුඳුල් අධ්‍යක්ෂණය සිදුකළේ 2003 අඩු-වියදම් චිත්‍රපටයක් වූ ජාන්කාර් බීට්ස් චිත්‍රපටයේ ය. ආර්. ඩී. බර්මන්ට උපාහර ලෙසින් නිර්මාණය වූ මෙය විස්මයජනක ලෙස ජනප්‍රිය විය. ඔහුගේ ඊළඟ නිර්මාණ වූ හෝම් ඩිලිවරි සහ අලාදින් බොක්ස් ඔෆීස් අතින් සාර්ථක නොවිණි. 2012දී විද්‍යා බාලන් ප්‍රධාන චරිත නිරූපණය කළ ඔහුගේ කහානි චිත්‍රපටය පුළුල් ආර්ථික සාර්ථකත්වයක් මෙන්ම විචාරක පැසසුම ද හිමි කරගත්තේ ය.[5][6] ඔහු රංගන වෘත්තියට පිවිසියේ 2012 දෙසැම්බ‍රයේ රිතුපර්නෝ ඝෝෂ් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක බෙංගාලි රහස් පරීක්ෂක බ්යොම්කේෂ් බක්ෂිගේ චරිතය නිරූපණය කරමිනි.[7] IPL කණ්ඩායමක් වන කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ තේමා ටැගය වන "කොර්බෝ ලොර්බෝ ජීත්බෝ රේ" යන්න රචනා කළේ මොහු බව එතරම් ප්‍රකට නොවූ කර්ණකි.

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය අධ්‍යක්ෂක නිෂ්පාදක රචකයා නළුවකු සටහන්
2003 ජාන්කාර් බීට්ස් ඔව් ඔව්
2005 හෝම් ඩිලිවරි: ආප්කෝ... ඝාර් තක් ඔව් ඔව්
2009 අලාදින් ඔව් ඔව් ඔව්
2012 නොබෙල් චෝර් ඔව් පසුබිම්
2012 කහානි ඔව් ඔව් ඔව් හොඳම තිරරචනය සඳහා ජාතික චිත්‍රපට සම්මානය[8]
හොඳම අධ්‍යක්ෂක සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය
2013 අනාමිකා ඔව් තෙලිඟු සහ දෙමළ ද්වීභාෂා චිත්‍රපටය
කහානිහි ප්‍රතිනිර්මාණය
2013 සත්‍යාන්වේශි ඔව් බ්යොම්කේෂ් බක්ෂි ලෙස
(රංගන ප්‍රවේශය) [9]
2014 බෑන්ග් බෑන්ග්! ඔව්
2015 අහල්‍යා ඔව් ඔව් ඔව් කෙටි චිත්‍රපටය
2016 ටෙ3න් ඔව්
2016 කහානි 2: දුර්ගා රාණි සිං ඔව් ඔව් ඔව්
2017 අනුකූල් ඔව් ඔව් ඔව් කෙටි චිත්‍රපටය
2018 අහල්‍යා 2 ඔව් ඔව් ඔව් කෙටි චිත්‍රපටය[10]

සම්මාන[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය චිත්‍රපටය
2012 බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් වඩාත් වින්දනීය සංත්‍රාස චිත්‍රපටය කහානි
2013 60වන ජාතික චිත්‍රපට සම්මාන හොඳම තිරරචනය (නියම)
58වන ෆිල්ම්ෆෙයාර් සම්මාන හොඳම අධ්‍යක්ෂක
කලර්ස් ස්ක්‍රීන් අවෝඩ්ස් හොඳම කථාව
ස්ටාර් ගිල්ඩ් සම්මාන හොඳම අධ්‍යක්ෂක
හොඳම තිරරචනය
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා චිත්‍රපට සම්මාන හොඳම කථාව
හොඳම තිරරචනය
ස්ටාර්ඩස්ට් සම්මාන වසරේ උණුසුම්ම චිත්‍රපට නිෂ්පාදක
සී සිනෙ සම්මාන හොඳම චිත්‍රපටය - විචාරක
හොඳම අධ්‍යක්ෂක - විචාරක
හොඳම කථාව
ඊටීසී බොලිවුඩ් බිස්නස් අවෝඩ්ස් වසරේ වඩාත් විස්මිත ජනමෝදක

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "When Sujoy Ghosh saved Vidya Balan's life..." CNN-IBN. 2 Mar 2012. 3 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 Mar 2012.
  2. Priyanka Srivastav (13 Mar 2012). "Vidya's spunk and a Khahaani". Times of India. සම්ප්‍රවේශය 19 Mar 2012.
  3. "Finally Sujoy Ghosh's Kahani to go on floor". Mid-day. 8 Sep 2010. සම්ප්‍රවේශය 19 Mar 2012.
  4. 4.0 4.1 "Sujoy Ghosh interview". Times of India. 11 Mar 2012. 24 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 March 2012.
  5. "This is a dress rehearsal for me". Hindustan Times. 19 June 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 March 2012. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  6. "Kahaani collects around Rs 14 crores". Times of India. 2013-09-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 March 2012.
  7. "Kahaani director Sujoy Ghosh to play Byomkesh Bakshi in Rituparno Ghosh's next". CNN-IBN. 13 December 2012. සම්ප්‍රවේශය 12 April 2013.
  8. "60th National Film Awards: The list of winners – IBN Live". CNN-IBN. 18 March 2013. සම්ප්‍රවේශය 19 March 2013.
  9. ians. "Rituparno Ghosh's cinematographer, not Sujoy Ghosh to complete Satyanweshi". hindustantimes. 27 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 March 2014. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  10. http://indianexpress.com/article/entertainment/bollywood/if-a-film-fits-vidya-balan-i-go-to-her-first-or-i-write-a-film-just-for-her-sujoy-ghosh-4420323/

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=සුජෝයි‍_ඝෝෂ්&oldid=593818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි