එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020-21
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021 | |||||
ශ්‍රී ලංකාව | එංගලන්තය | ||||
දින වකවානුව | 2021 ජනවාරි 8 – 2021 ජනවාරි 26 | ||||
නායකයන් | දිනේෂ් චන්දිමාල් | ජෝ රූට් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ඇන්ජලෝ මැතිව්ස් (213) | ජෝ රූට් (426) | |||
වැඩිම කඩුළු | ලසිත් ඇඹුල්දෙණිය (15) | ඩොම් බෙස් (12) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ජෝ රූට් |
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2021 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමටයි.[1][2] ටෙස්ට් තරඟාවලිය සමාරම්භක 2019-2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[3][4] මුලින්, සංචාරය 2020 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාලාව කල් දමන ලදී.[5] 2020 දෙසැම්බර් මාසයේදී, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) සංචාරය සඳහා දිනයන් තහවුරු කළේය.[6] ඒ ගාල්ලේ පැවැති ටෙස්ට් තරග දෙකම සදහාය.[7]
පළමු ටෙස්ට් තරගය කඩුලු 7කින් ජයගත් එංගලන්තය තරගමාලාව 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.[8] දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 6කින් ජයගත් එංගලන්තය තරගමාලාව 2-0ක් ලෙස ජය ගත්තේය.[9] මෙම ජයග්‍රහණය එංගලන්තය පිටරටකදී පිට පිට ලැබූ පස්වැනි ජයග්‍රහණයයි.[10] ඒ 1914 දී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් පසු ඔවුන්ගේ හොඳම දුර ගමන විය.[11]
පසුබිම
[සංස්කරණය]මුලින් එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 මාර්තු මාසයේදීය.[12][13] කෙසේ වෙතත්, 2020 මාර්තු 13 වන දින, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය කල් දමන ලදී.[14] නිවේදනය කරන විට, එංගලන්තය ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපතිගේ XI කණ්ඩායමට එරෙහිව සිව්දින තරගයක් අතරමග සිටි අතර එය හදිසියේම අවසන් විය.[15] 2020 මැයි 1 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ මෙම සංචාරය 2021 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බවයි, නමුත් එම අවස්ථාවේ දී එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් තහවුරු කර නොතිබුණි.[16]
2020 ජූලි මාසයේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වසංගතය හේතුවෙන් කල් දමා තිබූ අනෙකුත් ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලි පහ සමඟ තරඟ නැවත කාලසටහන් කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය බව තහවුරු කළේය.[17] 2020 ඔක්තෝම්බර් මාසයේදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පැවසුවේ, නැවත කාලසටහන්ගත කළ සංචාරය ඉදිරියට යන බවට තමා සැබවින්ම සිතන බවයි.[18] 2020 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් ක්‍රිකට් මණ්ඩල දෙකෙහිම එකඟතාවයට යටත්ව සංචාරය සඳහා දින ප්‍රකාශයට පත් කරන ලදී.[19] 2020 දෙසැම්බරයේදී එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය තහවුරු කළේ, ජනවාරි මාසයේදී සැලසුම් කළ පරිදි සංචාරය ඉදිරියට යන බවයි.[20]
2020 දෙසැම්බරයේදී, නව කොවිඩ් වෛරසයක් සොයා ගන්නා ලද අතර, එම සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අවධානය යොමු විය.[21] නව ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සංචාරක තහනමක් පනවා තිබියදීත්, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දී තිබේ.[22] 2021 ජනවාරි 3 වන දින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා විය.[23]
සංචිත
[සංස්කරණය]ටෙස්ට් | |
---|---|
ශ්‍රී ලංකාව[24] | එංගලන්තය[25] |
|
|
එංගලන්තය මෙම සංචාරය සඳහා සංචිත ක්‍රීඩකයන් ලෙස ජේම්ස් බ්‍රේසි, මේසන් ක්‍රේන්, සකීබ් මහමුද්, ක්‍රේග් ඕවර්ටන්, මැට් පාකින්සන්, ඔලී රොබින්සන් සහ අමර් විර්ඩි ද නම් කළේය.[26] හම්බන්තොටට පැමිණීමත් සමඟ එංගලන්තයේ මොයින් අලි කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අතර,[27] ඔහු දින දහයක් හුදකලාව තබා ඇත.[28] ක්‍රිස් වෝක්ස්, අලි සමඟ සමීප සබඳතාවක් ඇති අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, එබැවින් ඔහුද දින හතක් ස්වයං හුදකලා වීමට කටයුතු කෙරිනි.[29]
සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිය සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු කළේය. දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත තරගාවලියෙන් ඉවත් වූහ.[30] දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරයට සහභාගි නොවූ අවිශ්ක ප්‍රනාන්දු, අශාන් ප්‍රියංජන්, රමේෂ් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නුවන් ප්‍රදීප් සහ ලක්ෂාන් සඳකැන් මුලින් සංචිතයට නම් නොකෙරුවත් පසුව ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කසුන් රාජිත, වනිඳු හසරංග සහ ළහිරු කුමාර වෙනුවට නම් කෙරිනි.[31][32] පසුව අවිශ්ක ප්‍රනාන්දු සහ අශාන් ප්‍රියංජන් සංචිතයෙන් ඉවත් විය.[33] දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමි විය.[34]
දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා සංචිතයෙන් දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, ලහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් නිදහස් කර තිබේ.[35] කරුණාරත්න නොමැති වීමෙන් නැවතත් නායකත්වයට දිනේෂ් චන්දිමාල් නම් කෙරුණා.[36]
පුහුණු තරගය
[සංස්කරණය]ටෙස්ට් තරගමාලාවට පෙර එංගලන්තය හම්බන්තොටදී දෙදින සංචිත අභ්‍යන්තර පෙරහුරු තරගයකට සහභාගි විය.[37] ඔලී පෝප් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග සඳහා ටෙස්ට් සංචිත සංචිතයට නම් කර නොතිබුණද, මෙම තරගයට සහභාගි වූයේ එංගලන්තයේ ඉන්දීය සංචාරයට සූදානමක් වශයෙනි.[38] ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගයේ දෙවැනි දිනය පැවැත්වීමට නොහැකි විය.[39]
2021 ජනවාරි 8-9
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- වර්ෂාව හේතුවෙන් 2 වැනි දින තරගයක් පැවැත්වීමට නොහැකි විය.
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන තරගය
[සංස්කරණය]2021 ජනවාරි 14-18
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් දෙවන දිනයේ තේ පානයෙන් පසුව ක්‍රීඩා කිරීමට නොහැකි විය.
- ඩෑන් ලෝරන්ස් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
- දිනේෂ් චන්දිමාල් ඔහුගේ ටෙස්ට් ලකුණු 4,000 ලබා ගත්තේය.[40]
- ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ ටෙස්ට් ලකුණු 6,000 ලබා ගත්තේය.[41]
- ජෝ රූට් ඔහුගේ ටෙස්ට් ලකුණු 8,000 ලබා ගත්තේය.[42] ඔහු ලබාගත් ලකුණු 228 එංගලන්ත පිතිකරුවෙකු ශ්‍රී ලංකාවේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය.[43]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: එංගලන්තය 60, ශ්‍රී ලංකාව 0.
2 වන තරගය
[සංස්කරණය]2021 ජනවාරි 22-26
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙම තරගය දින පහක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, දින හතරකින් ප්‍රතිඵලයක් ලබා ගත්තේය.
- රමේෂ් මෙන්ඩිස් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
- ජේම්ස් ඇන්ඩර්සන් ඔහුගේ 30 වැනි ටෙස්ට් කඩුලු 5 දවාගැනීම් ලබා ගත්තේය.[44]
- පළමු ඉනිමේදී වේග පන්දු යැවීමෙන් කඩුලු 10ක් ද, දෙවැනි ඉනිමේදී දඟ පන්දු යැවීමෙන් කඩුලු 10ක් ද දවාගත් පළමු ටෙස්ට් කණ්ඩායම බවට එංගලන්තය පත් විය.[45]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: එංගලන්තය 60, ශ්‍රී ලංකාව 0.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "England in Sri Lanka: Mickey Arthur 'positive' Joe Root's side will travel". BBC Sport. සම්ප්‍රවේශය 13 October 2020.
- ^ "England expect South Africa tour go-ahead after quarantine agreement is reached". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 October 2020.
- ^ "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- ^ "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- ^ "England tour of Sri Lanka cancelled amid COVID-19 spread". ESPN Cricinfo. 13 March 2020. සම්ප්‍රවේශය 13 March 2020.
- ^ "England Men's Test tour of Sri Lanka confirmed". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 9 December 2020.
- ^ "Sri Lanka v England: Two-Test tour rearranged for January". BBC Sport. සම්ප්‍රවේශය 9 December 2020.
- ^ "Sri Lanka v England: Tourists win first Test by seven wickets". BBC Sport. සම්ප්‍රවේශය 18 January 2021.
- ^ "England in Sri Lanka: Tourists complete six-wicket win and take series 2-0". BBC Sport. සම්ප්‍රවේශය 25 January 2021.
- ^ "England secure 2-0 Test series win in Sri Lanka after second Galle success". The Cricketer. සම්ප්‍රවේශය 25 January 2021.
- ^ "Sri Lanka v England second Test: Dom Sibley guides visitors to 2-0 series win". Sporting Life. සම්ප්‍රවේශය 25 January 2021.
- ^ "England to tour Sri Lanka for two Tests in March". International Cricket Council. සම්ප්‍රවේශය 25 October 2019.
- ^ "England to tour Sri Lanka in 2020". The Papare. 25 October 2019. සම්ප්‍රවේශය 25 October 2019.
- ^ "ECB Statement: Test series in Sri Lanka postponed". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 13 March 2020.
- ^ "England tour of Sri Lanka cancelled amid COVID-19 spread". ESPN Cricinfo. 13 March 2020. සම්ප්‍රවේශය 13 March 2020.
- ^ "England tour rearranged for January, claims SLC chief executive". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 May 2020.
- ^ "World Test Championship progressing as planned, says ICC". International Cricket Council. සම්ප්‍රවේශය 29 July 2020.
- ^ "England tour to Sri Lanka - Mickey Arthur 'really positive' fixtures will go ahead". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 October 2020.
- ^ "Dates for England tour of Sri Lanka emerge but trip yet to be confirmed". The Cricketer. සම්ප්‍රවේශය 14 November 2020.
- ^ "England confirm dates for rescheduled Sri Lanka Test tour". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 December 2020.
- ^ "Sri Lanka worried about new Covid-19 strain, but England tour likely to be on schedule". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 December 2020.
- ^ "England allowed to fly to Sri Lanka for Test series despite travel ban". BBC Sport. සම්ප්‍රවේශය 23 December 2020.
- ^ "England returns to Sri Lanka to resume virus-hit Tests". Times of India. සම්ප්‍රවේශය 3 January 2021.
- ^ "Mathews, Chandimal boost for struggling Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 January 2021.
- ^ "Ben Stokes, Jofra Archer rested for England Test tour of Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 December 2020.
- ^ "National Selectors name squad for England men's Test tour of Sri Lanka". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 11 December 2020.
- ^ "England in Sri Lanka: Moeen Ali tests positive for Covid-19". BBC Sport. සම්ප්‍රවේශය 4 January 2021.
- ^ "Official Statement: Moeen Ali tests positive for COVID-19". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 4 January 2021.
- ^ "Moeen Ali tests positive for Covid-19 in major blow to England's Sri Lanka tour". The Guardian. 4 January 2021. සම්ප්‍රවේශය 4 January 2021.
- ^ "Dhananjaya de Silva, Rajitha ruled out of England Test series". Daily FT. සම්ප්‍රවේශය 9 January 2021.
- ^ "Avishka, Ramesh get call for England Test series". The Sunday Times (Sri Lanka). සම්ප්‍රවේශය 9 January 2021.
- ^ Nawaz, Althaf. "SLC to call up six new players for England Series". Daily News. සම්ප්‍රවේශය 9 January 2021.
- ^ "Five nominated players included in 22-member squad for Test series". Daily FT. සම්ප්‍රවේශය 9 January 2021.
- ^ "Sri Lanka captain Dimuth Karunaratne ruled out of first Test against England with broken thumb". The cricketer. සම්ප්‍රවේශය 14 January 2021.
- ^ "Kusal Mendis dropped by Sri Lanka, Dimuth Karunaratne ruled out with injury". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 January 2021.
- ^ "Karunaratne, Kusal Mendis among five players released from SL bio-bubble". CricBuzz. සම්ප්‍රවේශය 19 January 2021.
- ^ "Team Buttler to face Team Root as England step up Sri Lanka preparations with warm-up match". The Standard. සම්ප්‍රවේශය 8 January 2021.
- ^ "England in Sri Lanka: Joe Root & Dan Lawrence find form in warm-up". BBC Sport. සම්ප්‍රවේශය 8 January 2021.
- ^ "England in Sri Lanka: Warm-up match abandoned because of heavy rain". BBC Sport. සම්ප්‍රවේශය 9 January 2021.
- ^ "Chandimal, Mathews rebuild after early wobble". CricBuzz. සම්ප්‍රවේශය 14 January 2020.
- ^ "Angelo Mathews passes 6000 runs in Test Cricket". News Radio. 16 January 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 January 2021.
- ^ "Joe Root joins elite club, reaches 8000 Test runs in England vs Sri Lanka Galle Test". Daily News & Analysis. සම්ප්‍රවේශය 16 January 2021.
- ^ "Sri Lanka v England: Joe Root makes 168 not out as tourists build big lead". BBC Sport. සම්ප්‍රවේශය 17 January 2021.
- ^ "England's James Anderson picks up 30th five-wicket haul against Sri Lanka". Gulf News. සම්ප්‍රවේශය 23 January 2021.
- ^ "England win series, gain key World Test Championship points". International Cricket Council. සම්ප්‍රවේශය 25 January 2021.