ඉහළ මධ්‍යතන යුග තුල එංගලන්තය

විකිපීඩියා වෙතින්
දෙවන හෙන්රි රජු සිට තුන්වන හෙන්රි රජු දක්වා එංගලන්තයෙහි රජුන්

ඉහළ මධ්‍යතන යුගයන්හී එංගලන්තය සමන්විත වන්නේ 1066 වසරෙහි සිදුවූ නෝර්මන් ආක්‍රමණය සහ එංගලන්තයෙහි ඔන්ජුවියානු රජුන් අතරින් අවසානයා ලෙසින් සමහරුන් විසින් සැලකෙන ජෝන් රජු 1216 වසරෙහිදී මිය යෑම අතර කාලපරිච්ඡේදය වෙයි. විවිදයට පාත්‍රවූ අනුප්‍රාප්තියක් සහ හේස්ටිංස් සටනෙහි විජයග්‍රහණය වෙතින් 1066 වසරෙහිදී නෝර්මැන්ඩියෙහි විලියම් විසින් එංගලන්තය යටත් කර ගැනුම සිදුවිය. මෙය විසින් එංගලන්තයෙහි කිරීටය සහ ප්‍රංශයෙහි දේපල සම්බන්ධ කරනු ලැබුණු අතර, ඉඩම් පාලනය, රජය සහ ආගමික සභාව මත බලපැවැත්වුනු නව රදළ පැලැන්තියක් රට තුලට එක් කෙරිණි. මොවුන් විසින් ප්‍රංශ භාෂාව ගෙන එන ලද අතර, මාළිගා පද්ධතියක් තුලින් සහ ඉඩම් පාලනය සඳහා වැඩවසම් ක්‍රමයක් එක් කිරීම තුලින්, ඔවුන්ගේ පාලනය සිදු කරන ලදි. 1087 වසරෙහිදී විලියම්ගේ මරණය සිදුවන විට, එංගලන්තය විසින් වංශාධිපතීන් විසින් පාලනය කෙරුණු එංගලන්තයෙහි, නොර්මන්ඩියෙහි සහ වේල්සයෙහි ඉඩකඩම් වලින් සමන්විත ඇංග්ලෝ-නොර්මන් අධිරාජ්‍යයක විශාල කොටසක් සංස්ථාපන කර තිබුණි. විලියම්ගේ පුතුන් විසින් ඔහුගේ ඉඩකඩම් අනුප්‍රාප්ති හිමිකම පිළිබඳ ප්‍රශ්න ඇතිතරගත් අතර, එංගලන්තයෙහි සහ නෝර්මන්ඩියෙහි බොහෝ කොටස් වල පාලකයා ලෙසින් දෙවන විලියම් රජු ඉස්මතු විය. 1100 වසරෙහිදී වූ ඔහුගේ මරණයෙහිදී ඔහුගේ බාල සොහොයුරු පළමුවන හෙන්රි රජු ලෙසින් සිහසුනට හිමිකම් කී අතර, ඔහුගේ සොහොයුරු රොබට් පරාජය කලේ එංගලන්තය සහ නෝර්මැන්ඩිය යලි එක්සත් කරනු පිණිසය. හෙන්රි ක්‍රෑර වුවත් කාර්යසාධක රජෙක් වූ අතර, ඔහුගේ එකම පිරිමි උරුමක්කාරයා වූ විලියම් ඇඩලින් වයිට් ෂිප් ව්‍යසනයෙහිදී මිය යෑමට පසුව, ඔහු විසින් ඔහුගේ බැරන්වරුන් කැමති කරවාගෙන ඇත්තේ ඔහුගේ දියණිය මැටිල්ඩා උරුමක්කාරිය ලෙසින් පිළිගන්නා බවටය. 1135 වසරෙහිදී හෙන්රි රජු මිය ගිය විට, මැටිල්ඩාගේ ඥාති සොහොයුරු බ්ලූවා හී ස්ටීවන් සිදුකලේ තමා රජු බවට ප්‍රකාශයට පත් කරවා ගැනීම වන අතර, දි ආනකි නම්වූ සිවිල් යුද්ධයට මං පෑදීය. අත්‍යන්තයෙහිදී ස්ටීවන් විසින් මැටිල්ඩාගේ පුතු හෙන්රි ඔහුගේ උරුමක්කාරයා ලෙසින් පිළිගත් අතර, 1154 වසරෙහිදී ස්ටීවන් මිය ගිය විට, දෙවන හෙන්රි ලෙසින් ඔහු අනුප්‍රාප්තිය ලැබීය.

එංගලන්තයෙහි පළමුවන ඔන්ජුවියානු රජු ලෙසින් සැලකෙන හෙන්රි රජ, ප්‍රංශයෙහි ඉමහත් දේපළ සහිත වූ අතර වේල්සය, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය මත තම ආධිපත්‍යය පැතිරවීය. කැන්ටර්බරියෙහි අගරදගුරු බවට තමන් විසින් පත්වීම්ලාභී තෝමස් බෙකට් සමගින් ගැටුම් ඇති කර ගත් අතර, එය නිසා බෙකට්ගේ ඝාතනය සිදුවූ අතර හෙන්රි විසින් විස්මයජනක පවුකමා ඉල්ලීමක් ප්‍රදක්ෂිණා කෙරිණි. ඔහුගේ රාජ්‍ය පාලන සමයෙහි අග භාගය තුල බහුලව සිදුවූයේ ඔහුගේ පුතුන් සහ ප්‍රංශයෙහි දෙවන පිලිප් රජ අතර ගැටුම් වූ අතර එය නිසාම එකම උරුමක්කාරයා ලෙසින් ඔහුගේ පුතු රිචඩ් තෝරාගැනුමට ඔහුට සිදු විය. 1189 වසරෙහිදී සිදුවූ හෙන්රි රජුගේ මරණයට පසුව ඔන්ජුවියානු උරුමකාරත්වය අනුව රිචඩ් සිංහාසනාරූඨ වූ අතර එසැනින්ම පාහේ කුරුසයුද්ධයක් සඳහා පිටත් විය. ඔහු යළි පැමිණෙත්ම ජර්මනියෙහිදී ප්‍රාණඇපකරුවෙකු ලෙසින් රඳවා ගැනුමෙන් පසුව 1194 වසරෙහිදී ඔහු බේරා ගැනුමට අති විශාල කප්පමක් ගෙවීමට සිදු විය. ඔහුගේ රාජ්‍ය පාලන සමයෙහි ඉතිරිය ඔහු ගත කලේ ප්‍රංශයෙහි ඔහුගේ ඉඩම් ප්‍රතිෂ්ඨාපනය කරමින් වන අතර 1199 වසරෙහිදී මිය ගියේය. එංගලන්තයෙහි රජු ලෙසින් අනුප්‍රාප්තිය ලද ඔහුගේ බාල සොහොයුරු ජෝන්, රිචඩ්ගේ ඥාති සොහොයුරු ආතර්ට එරෙහිව, ප්‍රංශයෙහි දේපළ වල පාලනය වෙනුවෙන් සාර්ථක යුද්ධයක නියැලුණි. ජෝන් රජුගේ ක්‍රියාකලාපය හේතුවෙන් නෝර්මන් සහ ඔන්ජුවියානු බැරන්වරු විසින් ඇතිකළ කැරැළි ඇතිවූ අතර ඒවා නිසා මහාද්වීපීය දේපළ පිළිබඳ ඔහුගේ අධිකාරිය බිඳී යෑම සිදු විය. නෝර්මන්ඩි සහ ඔන්ජු යළි අත්පත් කර ගැනුමට ඔහුගේ උත්සාහයන් බූවීන් සටනෙහිදී පරාජයට පත් විය. එංගලන්තය තුල ඔහුගේ බල පරාක්‍රමය මෙයින් දුර්වල වූ අතර, අත්‍යන්තයෙහිදී රාජකීය බලය සීමා කෙරුණු මැග්න කාර්ටා නමැති ගිවිසුමකට එකඟ වීමට, සහ පළමුවන බැරන්වරුන්ගේ සටන වෙත මුහුණ දීමට සිදු විය. 1216 වසරෙහිදී සිදුවූ ඔහුගේ මරණය සමහරක් ඉතිහාසඥයින් විසින් සලකනුයේ ඔන්ජුවියානු කාලපරිච්ඡේදයෙහි කෙළවර ලෙසින් සහ ප්ලැන්ටාජෙනට් රාජවංශයෙහි ඇරඹුම ලෙසිනි.

බොහෝ ඇංග්ලෝ-සැක්සානු රජයෙහි ආයතන නෝර්මන්වරුන් විසින් එලෙසින්ම පවත්වාගෙන ගිය නමුදු, වැඩවසම් ක්‍රමය විසින් රජු කෙරෙහි සහ කුඩා ප්‍රභූ පිරිසක් කෙරෙහි මහත් බලාධිකාරියක් ඒකාග්‍ර කෙරිණි. කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ භූමිකාවන් වඩාත් පැහැදිලි ලෙසින් අර්ථකථනය කෙරිණි. සුවිශේෂ සංස්කෘතික සහ ආගමික අනුග්‍රාහකයන් ලෙසින් වංශවත් කාන්තාවන් තවදුරටත් වැජඹුනු අතර දේශපාලන සහ හමුදාමය සිද්ධි තුලදී වැදගත් කාර්යයක් ඉටු කළහ. දොළොස්වන සියවස තුලදී ආක්‍රමණිකයන් සහ ඉංග්‍රීසි ජනයා අතර බෙදීම් අවලංගු වී ගිය අතර, ඔවුන් සිතුවේ කෙල්ටික අසල්වැසියන්ට වඩා ඔවුන් ශ්‍රේෂ්ඨ බවයි. ආක්‍රමණය විසින් නෝර්මන් සහ ප්‍රංශ ආගමික සභා සාමාජිකයන් බලාධිකාරියට එක් කරන ලදි. නව ප්‍රතිසංස්කෘත ආගමික නිකායයන් සහ හමුදාමය අධිකාරින් එංගලන්තයට එක් කෙරිණි. දහතුන්වන සියවසෙහි මුල් භාගය වන විට, සම්පූර්ණයෙන්ම පාහේ රෝමයට පමණක් වගකිවයුතු සහ රජය වෙතින් නිදහස් විය යුතු බවට සභාව විසින් සිදුකල විතර්කය බොහෝ විට ජය ගෙන තිබුණි. වන්දනා ගමන් යනු ජනප්‍රිය ආගමික ක්‍රියාවලින් බවට පත්ව තිබූ අතර, ආගමික ධාතුන් එක්රැස් කිරීම අපේක්ෂා සහිත ආයතන සඳහා වැදගත් විය. දෙවන, තුන්වන සහ පස්වන කුරුස යුද්ධ තුලදී එංගලන්තය වැදගත් භූමිකාවක් ඉටු කළේය.

නවවන සහ දහතුන්වන සියවස අතර, එංගලන්තය විසින් මධ්‍යතන උණුසුම් කාලපරිච්ඡේදය අත්දුටු අතර, දිගු උණුසුම් උෂ්ණත්ව කාල සීමාවක් වූ මෙය තුල වගාව දුෂ්කර ඉඩම් වගා කළ හැකි විය.


දේශපාලන ඉතිහාසය[සංස්කරණය]

නෝර්මන්වරු[සංස්කරණය]

නොර්මන් ආක්‍රමණය[සංස්කරණය]

හේස්ටිංස් සටනෙහි අවසන් අදියර පෙන්නුම් කරන බේයර් ගෙත්තම් තිරයෙහි කොටසක්

1002 වසරෙහිදී, එංගලන්තයෙහි දෙවන ඇසල්රෙඩ් රජ, නෝර්මන්ඩියෙහි දෙවන රිචඩ්ගේ සොහොයුරියවූ එමා හා විවාහ විය.[1] වසර ගණනාවක් නෝර්මැන්ඩියෙහි පිටුවහල් ව ගතකල ඔවුන්ගේ පුතු එඩ්වඩ් ද කොන්ෆෙසර්, වසර 1042 දී එංගලන්තයෙහි සිංහාසනාරූඨ විය.[2]


ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Script error: The function "harvard_citation_no_bracket" does not exist.
  2. Script error: The function "harvard_citation_no_bracket" does not exist.