Jump to content

ඇල්කඩුව

විකිපීඩියා වෙතින්
ඇල්කඩුව
ගම්මානය
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමාතලේ දිස්ත්‍රික්කය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයඋකුවෙල
වේලා කලාපSri Lanka Standard Time (UTC+5:30)

ඇල්කඩුව යනු මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි. මාතලේ නගරයේ සිට කිලෝ මීටර 16 ක් පමණ දුරින් ඇල්කඩුව පිහිටා ඇත. 1848 මාතලේ කැරැල්ල මර්ධනය කළ පසු පලාගිය ගොන්ගාලේගොඩ බණ්ඩා සැඟව සිටියේ මෙම ප්‍රදේශයේ වූ ගල් ගුහාවක ය. 1848 සැප්තැම්බර් 21 වනදා මැලේ හමුදා භටයන් පිරිසක් විසින් ඔහු එහිදී අත් අඩංගුවට ගන්නා ලදී.

සංචාරක ආකර්ෂණ

[සංස්කරණය]
  • හුන්නස්ගිරි ඇල්ල - හුන්නස්ගිරි දිය ඇල්ල ඇල්කඩුව පිහිටා තිබේ. දිය ඇල්ලේ උස අඩි 125 කි.
  • සෙම්ඹුවත්ත - සෙම්බුවත්ත පිහිටි ස්වාභාවික උල්පත් ජලයෙන් නිර්මාණය කරන ලද වැව, විලට පසෙකින් පිහිටි ස්වභාවික පිහිනුම් තටාකය, කැම්බල්'ස් ලේන් වන රක්ෂිතය සහ තේ වතු යාය සංචාරක ආකර්ෂිත ස්ථාන වේ.
"https://si.wikipedia.org/w/index.php?title=ඇල්කඩුව&oldid=339461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි