ඇලන් ටියුරින්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ඇලන් ටියුරින්

Alan Turing Aged 16.jpg
Turing ආ. 1928 at age 16
උපත
ඇලන් මැතිසන් ටියුරින්

23 ජුනි 1912(1912-06-23)
Maida Vale, ලන්ඩනය, එක්සත් රාජධානිය
මිය යාම7 June 1954(1954-06-07) (වයස 41)
විම්ස්ලෝ, චෙෂයර්, එක්සත් රාජධානිය
මිය යාමට හේතුවදිවිනසාගැනීම (මේ ගැන විවාදයක් පවතී) සිදු වූයේ සයනයිඩ් විසවීමකින්
සතපවන ලද තැනඅලු විසුරවා හැරියේ gardens of Woking Crematorium
නිවහනවිම්සලෝ, චෙෂයර්, එක්සත් රාජධානිය
අධ්‍යාපනයSherborne School
උගත් ශාස්ත්‍රාලය
සංගණ්‍ය වන්නේ
සහකරුවා(වන්)ජොආන් ක්ලාක්
(ගිවිස ගත්තේ 1941; විවාහ වූයේ නැත)
සම්මානSmith's Prize (1936)
Scientific career
ක්ෂේත්‍රය
ආයතන
  • University of Manchester
  • Government Code and Cypher School
  • National Physical Laboratory, UK
ThesisSystems of Logic Based on Ordinals (1938)
ආචාර්ය උපදේශකඇලොන්සෝ චර්ච්[2]
ආචාර්ය සිසුන්රොබින් ගැන්ඩි,[2][3] Beatrice Worsley[4]
බලපෑමමැක්ස් නිවුමන්[5]
අත්සන
Alan Turing signature.svg

ඇලන් මැතිසන් ටියුරින් (1912 ජුනි 23 – 1954 ජුනි 7) යනු ඉංග්‍රීසි ජාතික පරිගණක විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙකි. පරිගණක විද්‍යාවේ සිද්ධාන්ත වර්ධනය කෙරෙහි ඔහුගේ දායකත්වය අතිමහත් ය. ඇල්ගොරිතමය (algorithm) සහ පරිගණනය (computation) වැනි පරිගණක විද්‍යාවේ මූලික සංකල්ප හදුන්වා දීමට මුල් වූ හෙතෙම පොදු අවශ්‍යතා පරිගණකයක (general purpose computer) මුල් කාලීන ආකෘතියක් වන ටියුරින් යන්ත්‍රය (Turin machine) පිළිබද අදහස ද ඉදිරිපත් කළේ ය. පරිගණක විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය යන විෂයයන්හි පියා වශයෙන් ද සැලකෙන්නේ ඇලන් ටියුරින් ය.

දෙවෙනි ලෝක යුධ සමයේ දී ජර්මානු යුධ හමුදාවන් භාවිත කළ රහස් සංඥා පද්ධති කියවීම (cryptanalysis) සදහා බ්‍රිතාන්‍ය රජය පිහිට වූ රජයේ කේත සහ රහස් සංඥා ක්‍රම අධ්‍යයන ආයතනය (Government Code and Cypher School) වෙනුවෙන් සේවය සැපයූ හෙතෙම ජර්මානු රහස් සංඥා ක්‍රම (ciphers) ඉක්මනින් හදුනාගැනීම සදහා උපක්‍රම රැසක් හදුන්වා දුන්නේ ය. ජර්මානු යුධ හමුදා භාවිත කළ රහස් සංඥා ක්‍රම ජනන යන්ත්‍රයක් වූ Enigma machine හි කේත බිදීම සදහා කලින් භාවිත වූ විද්‍යුත් යාන්ත්‍රික ක්‍රමයක් වූ bomba නම් පෝලන්ත ක්‍රමවේදය ද ඔහු විසින් වැඩිදියුණු කෙරිණි. රදවාගත් ගුප්තකේතනය (encripted) කරන ලද පණිවිඩ බිදහෙලීම සදහා ටියුරින්ගෙන් ලැබුණු දායකත්වය මිත්‍ර පාර්ශ්වීය හමුදාවන්ට දෙවන ලෝක යුද්ධය කෙටිකලකින් ම නිමා කිරීමට ශක්තියක් වූ බව කියැවේ. අත්ලන්තික් සටන වැනි සටන්වල ජයග්‍රහණයන් මීට නිදසුන් ය. මෙම කාර්යභාරය යුරෝපයේ යුද්ධය වසර දෙකකින් කෙටිකිරීමට සහ මිලියන 14කට අධික ජීවිත ගණනක් සුරක්ෂිත කිරීමටත් හේතු වූ බවට ගණන් බලා ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු හෙතෙම National Physical Laboratory හි සේවය කළ අතර එහි දී ඔහු ස්වයංක්‍රීය පරිගණන යන්ත්‍රය (Automatic Computing Engine) හෙවත් ACF යන්ත්‍රය සැලසුම් කළේ ය. ක්‍රමලේඛස්ථාපිත පරිගණකයක (stored-program computer) මුල් ම සැලසුම් ද ඔහු විසින් එකල පිළියෙළ කෙරිණ. 1948 දී ඔහු මැන්චෙස්ටර්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ පිහිටි මැක්ස් නිවුමන්ගේ පරිගණන යන්ත්‍ර විද්‍යාගාරයට (Computing Machine Laboratory) එක් වූ අතර ගණිතමය ජීවවිද්‍යාව (mathematical biology) විෂය කෙරෙහි නැඹුරු විය. ජීවීන්ගේ රූප ජනනයේ (morphogenesis) රසායනික පදනම පිළිබද ව ඔහු ලියූ පත්‍රිකාව විසින් දෝලන රසායනික ප්‍රතික්‍රියා (oscillating chemical reactions) පිළිබද ව 1960 දී එය මුල්වරට සොයාගැනීමට පෙර අනාවැකි පළකර තිබුණි.

1952 දී සමලිංගික චෝදනා යටතේ ටියුරින් ව අත්අඩංගුවට ගැනිණ. ඒ වනවිටත් එක්සත් රාජධානියේ සමලිංගිකත්වය සම්බන්ධයෙන් තිබූ නීතිමය බාධක ඉවත් නොවී තිබුණි. ඔහු ජීවිතාන්තය දක්වා සිරදඩුවම වෙනුවට රසායනික පුමගහරණයක් (chemical castration) සිදුකරගැනීමට එකග විය. සිය 42 වැනි උපන්දිනයට දින 16ක් තිබිය දී 1954 වසරේ දී ඔහු සයනයිඩ් විෂ වීමකින් මරණයට පත් විය. පශ්චාත් මරණ පරික්ෂයකින් එය දිවිනසාගැනීමක් බව තීරණය කරන ලදී. නමුත් පැවති සාධක අනුව එය අත්වැරැද්දකින් සිදු වූවක් ලෙස ද සැලකිය හැකි ව තිබූ බව සදහන් කර තිබේ. 2009 වසරේ දී අන්තර්ජාලය හරහා ගෙනගිය ව්‍යාපාරයකින් පසුව බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ඔහු සම්බන්ධයෙන් කටයුතු කළ අන්දම පිළිබද බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් නිල වශයෙන් මහජනයාගෙන් සමාව ඉල්ලා සිටියේ ය. 2013 දී දෙවැනි එළිසබෙත් මහරැජින ඔහුට මරණාපර සමාව ප්‍රදානය කර සිටියා ය.

පවුල් පසුබිම සහ අධ්‍යාපනය[සංස්කරණය]

පවුල් පසුබිම[සංස්කරණය]

ටියුරින් ලන්ඩනයේ මායිඩා වේල්හි උපත ලැබුවේ ය. ඔහුගේ පියා ජුලියස් මැතිසන් ටියුරින් (1873-1947) බ්‍රිතාන්‍ය යටත් විජිත ඉන්දියාවේ එවක මැද්‍රාස් ප්‍රදේශය වූ අද ඔඩිස්සා ප්‍රාන්තයේ සිවිල් සේවකයකු ලෙස කටයුතු කළේ ය.[6][7] ටියුරින්ගේ පිය පාර්ශ්වයේ සීයා වූ ජෝන් රොබර්ට් ටියුරින් පූජකවරයකු වූ අතර නෙදර්ලන්තයේ පදිංචි ව සිටි ස්කොට් වෙළද පවුලකින් පැවත ආවේ ය. ටියුරින්ගේ මව ඊතල් සාරා ටියුරින් (විවාහයට පෙර - නී ස්ටෝනි 1881-1976) මද්‍රාස් රේල්වේස් හි ප්‍රධාන ඉංජිනේරුවරයා වූ එඩ්වර්ඩ් වොලර් ස්ටෝනිගේ දියණිය විය.[8] ස්ටෝනිවරු ප්‍රොතෙස්තන්තු භක්තික සහ ඇංග්ලෝ අයිරිෂ් සම්භවයක් තිබූ සාමාන්‍ය පංතියේ මිනිසුන් විය.

ඉන්දියානු සිවිල් සේවයේ රැකියාව හේතුවෙන් ජුලියස් ටියුරින්ට සිය පවුල සමග ඉන්දියාවේ පදිංචි වීමට සිදු විය. ඔහුගේ සීයා ද යටත් විජිත ඉන්දියාවේ බෙන්ගාල හමුදාවේ ජෙනරල්වරයකු ව සිට තිබුණි. කෙසේනමුත් ටියුරින්ගේ මවට මෙන් ම පියාට ද ඔහු ව ඉන්දියාවේ නොව බ්‍රිතාන්‍යයේ හැදී වැඩෙනු දකින්නට වුවමනා විය. එනිසා ඔවුහු ඔහුට උපත දීමට ලන්ඩන්හි මයිඩා වේල් වෙත පැමිණියහ. [9]1912 ජුනි 23 දින එහි වූ ඔවුන්ගේ නිවසේ දී ඔහු උපත ලැබුවේ ය. එම නිවසේ පිටත ඇති නිල් ඵලකයක මේ බව සටහන් කර ඇත.[10][11] later the Colonnade Hotel.[6][12] ටියුරින්ට ජෝන් නමින් වැඩිමල් සොයුරකු ද වූ අතර ඔහු ටියුරින් බැරන් පෙළපතේ 12වැනියා වූ සර් ජෝන් ඩර්මොට් ටියුරින්ගේ පියා විය.[13] ටියුරින්ගේ පියාගේ රාජකාරී ජීවිතය හේතුවෙන් ඔහුට නිතර නිතර දුර බැහැර ගමන් කරන්නට සිදු වූ අතර ටියුරින්ගේ මාපියන් ළමාවියේ සිටි සිය දරුවන් දෙදෙනා ව විශ්‍රාමික හමුදා යුවළකගේ රැකවරණයේ තබා එක්සත් රාජධානියේ[14] හේස්ටිංග්ස් සහ ඉන්දියාව අතර සංචාරයන්හි යෙදුණි. ටියුරින් පසුකලෙක ප්‍රාඥයකු වන ලකුණු සිය ළමාවියේ දී ම දක්වන්නට විය.[15]

His parents purchased a house in Guildford in 1927, and Turing lived there during school holidays. The location is also marked with a blue plaque.[16]

පාසල් සමය[සංස්කරණය]

ඔහුගේ මව්පියන් ඔහු ව වයස 6 දී චාල්ස් මාවතේ අංක 20 හි පිහිටි St Michael's නමැති දිවා පාසලකට ඇතුළත් කළේ ය. එහි විදුහල්පතිනිය ඔහුගේ දක්ෂතාවය ළමාවියේ දී ම හදුනාගත් අතර පසුව ඔහුට උගැන් වූ සෑම ගුරුවරයෙක් ම ඔහු පිළිබද පැමිණි නිගමනය එය විය.

1922 ජනවාරි සිට 1926 දක්වා ටියුරින් Hazelhurst ආරම්භක පාසල (සසෙක්ස් ෆ්‍රාරන්ට් ගම්මානයේ වූ ස්වාධීන පාසලක්) හි අධ්‍යාපනය ලැබූ අතර[17] 1926 දී ඔහුට වයස අවුරුදු 13ක් වූ විට ඩෝර්සෙට් හි ෂර්බෝන් වෙළද නගරයේ වූ ස්වාධීන පාසලක් වන ෂර්බෝන් පාසලට ඇතුළත් විය. නව පාසල් වාරය ඇරඹුණේ හරියට ම බ්‍රිතාන්‍යයේ 1926 මහා වර්ජනය කාලයේ වූ අතර නමුත් එදින ම ඇතුළත් වීමට දැඩි අධිෂ්ඨානයකින් යුතු ව ඔහු සවුත්හැම්ප්ටන් සිට ෂර්බෝන් දක්වා කිලෝමීටර් 97ක් දුර සිය පාපැදිය පැද ගියේ රාත්‍රියේ තානායමක නතර ද වෙමිනි.[18]

ගණිතය හා විද්‍යාව කෙරෙහි වූ ටියුරින්ගේ සහජ නැඹුරුව අධ්‍යාපනය යන්න සම්භාව්‍ය විෂයයන් හැදෑරීම ලෙස වටහා ගත් ෂර්බෝන්හි ඇතැම් ගුරුවරුන්ගේ ප්‍රසාදයට හේතු නොවී ය. විදුහල්පතිවරයා ඔහුගේ මව්පියන්ට මෙසේ ලියා යැව්වේ ය. “ඔහු මාවත් දෙකක් අතර අතරමං නොවන්නේ නම් ඔහුට හොද ය. ඔහු පොදු පාසලක උගෙනුම ලබන්නේ නම් ඔහුගේ අරමුණ විය යුත්තේ සාමාන්‍ය ලෝකයට අත්‍යවශ්‍ය වන අධ්‍යාපනය ලැබූ පුද්ගලයකු බවට පත් වීම ය. ඔහුගේ අරමුණ විද්‍යා කරුණු පිළිබද විශේෂඥයකු වීම නම් ඔහු පාසලේ උගෙනුම ලැබීම ඔහුගේ කාලය අපතේ යැවීමකි.” [19]කෙසේනමුත් ටියුරින් සිය සිත්ගත් විෂයයන් පිළිබද සිය සුවිශේෂී දක්ෂතාවය දිගින් දිගට ම පෙන්නුම් කළේ ය. 1927 දී (වයස 14 දී) ආරම්භක කලනයවත් උගෙන නොසිටි ඔහු දුෂ්කර ගැටලු විසදීමට සිය සිත යොමු කළේ ය. 1928 දී වයස 16ක් ව සිටි ඔහු ඇල්බට් අයින්ස්ටයින්ගේ කෘති කියවූ අතර එය ග්‍රහණය කරගැනීමෙන් නොනැවතුණු ඔහු අයින්ස්ටයින්ගේ න්‍යායන් තුළින් නිව්ටන්ගේ චලිත නියම ප්‍රශ්න කෙරෙන බව (එය ප්‍රකාශිතව) සදහන් නොකෙරුණු ලියවිල්ල කියවීමෙන් නිගමනය කිරීමට ද සමත් වූ බව කිව හැකි ය.[20]

වෘත්තීය ජීවිතය සහ පර්යේෂණ[සංස්කරණය]

ගුප්තකේත විශ්ලේෂණය[සංස්කරණය]

Bombe[සංස්කරණය]

Hut 8 සහ නාවික Enigma[සංස්කරණය]

Turingery[සංස්කරණය]

Delilah[සංස්කරණය]

විශ්වවිද්‍යාල ජීවිතය සහ පරිගණනය සම්බන්ධ අධ්‍යයන[සංස්කරණය]

ෂර්බෝන්හි අධ්‍යාපනයෙන් පසුව ටියුරින් 1931 සිට 1934 දක්වා King's College, Cambridge හි[8] උපාධි අපේක්ෂකයකු ලෙස කටයුතු කළේ ය. ඔහු ප්‍රථම පංති සාමාර්ථයක් සහිතව සිය ගණිත උපාධිය ලබාගත්තේ එහි දී ය. 1935 දී වයස 22ක් වූ ඔහු රාජකීය සාමාජිකයකු වශයෙන් පත්විය. ඒ මධ්‍යය අගය කරා නැඹුරුව පිළිබද ප්‍රමේය (central limit theorem) තහවුරු කරමින් ඔහු ඉදිරිපත් කළ නිබන්ධයක් හේතුවෙනි.[21] 1922 දී එම න්‍යාය ඒ වනවිටත් Jarl Waldemar Lindeberg විසින් තහවුරු කර තිබූ බව එය පිරික්සා බැලූ කමිටුව නොදැන සිටියේ ය.[22]

1936 දී ටියුරින් "On Computable Numbers, with an Application to the Entscheidungsproblem" නම් පත්‍රිකාව පළ කළේ ය.[23] එය Proceedings of the London Mathematical Society ජර්නලයේ කොටස් දෙකක් ලෙස පළ විය. පළමු කොටස නොවැම්බර් 30ත් දෙවැනි කොටස දෙසැම්බර් 23ත් ලෙස ය.[24] මෙහි දී ටියුරින් කර්ට් ගර්ඩ්ල් විසින් 1931 දී ඉදිරිපත් කරන ලද සාධනයේ සහ ගණනයේ සීමාවන් පිළිබද ප්‍රතිඵලය (කිසියම් සංගත ගණිතමය පද්ධතියක් තුළ සත්‍ය එහෙත් එම පද්ධතිය තුළ සාධනය කළ නොහැකි අංක ගණිතමය ප්‍රකාශ තිබෙන බවත්, ඒ අනුව ගණිතමය පද්ධතියක් සංගත සහ සම්පූර්ණ විය නොහැකි බවත්, පද්ධතියට තමන්ගේ ම සංගතබව සාධනය කළ නොහැකි බවත් මෙයින් කියවෙයි.) යළි හැඩගන්වන ලදී. ඒ ගර්ඩ්ල්ගේ අංක-ගණිතය පදනම් වූ සාර්වත්‍රික රූපික භාෂාව රූපික (formal) සහ සරල උපකල්පිත යන්ත්‍ර විශේෂයකින් ප්‍රතිස්ථාපනය කරමිනි. මෙම යන්ත්‍ර ටියුරින් යන්ත්‍ර ලෙස පසුකලෙක ව්‍යවහාරයට පත්විය. Entscheidungsproblem හෙවත් තීරණ ගැටලුව (decision problem) යනු ජර්මන් ගණිතඥ ඩේවිඩ් හිල්බර්ට් විසින් 1928 දී ඉදිරිපත් කරන ලද ගැටලුවකි. "කිසියම් ස්වසාධ්‍යයන් (axioms) සමූහයක් තුළ කිසියම් ගණිතමය ප්‍රකාශයක් සාධනය කළ හැකි ද නොහැකි ද යන්න පරිමිත කාලයක් තුළ පැවසිය හැකි සාර්ථක ක්‍රමවේදයක් සැකසිය හැකි ද?" යනුවෙන් හිල්බට් ඉදිරිපත් කළ පැනය මෙ නමින් හැදින්වේ. සිය "සාර්වත්‍රික පරිගණක යන්ත්‍රය" (universal computing machine) ගොඩනැංවිය හැකි ඕනෑම ගණිතමය විසදුම් ක්‍රියාවක් සිදුකිරීමට එය ඇල්ගොරිතමයක් ලෙසින් ඉදිරිපත් කරන තාක් කල් සමත් වන බව සාධනය කළ ටියුරින්, තීරණ ගැටලුවට කිසිදු විසදුමක් නොමැති බව දෙවනුව සාධනය කළේ ය. ඒ නැවතීමේ ගැටලුව (halting problem) ටියුරින් යන්ත්‍ර සම්බන්ධයෙන් තීරණය කළ නොහැකි බව (undecidable) පෙන්වාදෙමිනි. එනම් ටියුරින් යන්ත්‍රයක් කොයි අවස්ථාවක දී හෝ නතර වනු ඇති දැයි ඇල්ගොරිතමයක් ආධාරයෙන් තීරණය කළ නොහැක.

ටියුරින්ගේ සාධනය ඇලොන්සෝ චර්ච් විසින් සිය ලැම්ඩා කලනය (lambda calculus) ආධාරයෙන් කරන ලද මේ හා සමාන ම සාධනයෙන්[25] ටික කලකට පසු ප්‍රකාශයට පත්වුවත් ටියුරින්ගේ ප්‍රවේශය සැලකිය යුතු තරම් සමීප සහ අවබෝධයට පහසු වූවකි.[26] ඒ තුළ 'සාර්වත්‍රික යන්ත්‍රයක් ' (අද මෙය සාර්වත්‍රික ටියුරින් යන්ත්‍රයක් නමින් හැදින් වේ.) පිළිබද අදහසක් එම යන්ත්‍රය (චර්ච්ගේ ලැම්ඩා කලනය විසින් ද සිදු කළ හැකි පරිදි) මගින් වෙනත් ඕනෑම පරිගණන යන්ත්‍රයක් විසින් කළ හැකි කාර්යයන් කළ හැකි ය යන අදහසත් සමග අන්තර්ගත විය. චර්ච්-ටියුරින් ප්‍රවාදයට අනුව ටියුරින් යන්ත්‍ර සහ ලැම්ඩා කලනය ගණනය කළ හැකි ඕනෑම දෙයක් පිළිබද ව ගණනයන් සිදුකිරීමට සමත් ය. නූතන පරිගණකය පිළිබද සංකල්පයේ කේන්ද්‍රීය අදහස ටියුරින්ගේ පත්‍රිකාවට ස්තූතිවන්නට ඇති වූ බව ජෝන් වොන් නියුමන් පිළිගනියි.[27] අද දක්වා ම ටියුරින් යන්ත්‍ර වූ කලී පරිගණනය පිළිබද න්‍යාය තුළ නිරන්තර ව අධ්‍යයනයට ලක්වන දෙයකි.

1936 සැප්තැම්බර් සිට 1938 ජූලි දක්වා කාලය ටියුරින් වැඩි වශයෙන් ම ගත කළේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි ය. ඒ චර්ච් යටතේ වැඩිදුර හැදෑරීම් කරමිනි.[4] ශුද්ධ ගණිතය පිළිබද සිය සොයාගැනීම්වලට අමතර ව හෙතෙම ගුප්තකේතවේදය ද හැදෑරූ අතර විද්‍යුත්-යාන්ත්‍රික ද්විමය ගුණකිරීමේ යන්ත්‍රයේ අවධි හතරෙන් තුනක් ම ද නිර්මාණය කළේ ය.[28] 1938 ජුනි මස ඔහු ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබද සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය.[29] ඔහුගේ නිබන්ධය වූයේ Systems of Logic Based on Ordinals යන්නයි.[30][31] එමගින් ක්‍රමසූචක තර්කය (ordinal logic) නමැති සංකල්පය හදුන්වා දුන් අතර සාපේක්ෂ පරිගණනය පිළිබද අදහස ද හදුන්වා දුන්නේ ය. සාපේක්ෂ පරිගණනයේ අදහස ඉදිරිපත් කිරීම පිණිස ඔහු ටියුරින් යන්ත්‍ර ඔරැකල් යන්ත්‍ර මගින් වැඩිදියුණු කර ටියුරින් යන්ත්‍ර මගින් විසදිය නොහැකි ගැටලු විසදීමට හැකි පරිදි සංවර්ධනය කර තිබුණි. ජෝන් වොන් නියුමන්ට ටියුරින් ව සිය පශ්චාත් ආචාර්ය උපාධි සහායකයා වශයෙන් යොදාගැනීමට අවශ්‍ය වූ නමුත් ඔහු නැවත එංගලන්තය බලා ආවේ ය.[32]

මුල් පරිගණක සහ ටියුරින් පරීක්ෂාව[සංස්කරණය]

1945 සිට 1947 දක්වා ටියුරින් ලන්ඩන්හි හැම්ප්ටන් හි වාසය කළ අතර[33] ස්වයක්‍රීය පරිගණන යන්ත්‍රය හෙවත් ACE යන්ත්‍රය සැලසුම් කිරීම සම්බන්ධයෙන් National Physical Laboratory (NPL) හි කටයුතු කළේ ය. 1946 පෙබරවාරි 19 ඔහු පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එය ක්‍රමලේඛ-ස්ථාපිත පරිගණකයක් පිළිබද ප්‍රථම සවිස්තර පත්‍රිකාව විය.[34] වොන් නියුමන්ගේ අසම්පූර්ණ First Draft of a Report on the EDVAC ටියුරින්ගේ පත්‍රිකාවට පෙර පළ වී තිබුණ නමුත් එය එතරම් සවිස්තර නොවූ අතර ‍NPL Mathematics Division හි සුපිරින්ටැන්ඩන්ට්වරයා වූ ජෝන් ආර්. වුමර්ස්ලි පවසන පරිදි "ආචාර්ය ටියුරින්ගේ ම අදහස් විශාල ප්‍රමාණයක් එහි ඇතුළත් ව තිබුණි."[35] ACE යන්ත්‍රය ගොඩනැගීමේ ශක්‍යතාවය පැවතුණ ද යුධ සමයේ බ්ලෙච්ලි පාක් හි කටයුතු අරබයා පැවති රහසිගතභාවය ව්‍යාපෘතිය ඇරඹීම පමා කළ අතර ටියුරින් ඉන් ඉවත් වීමට හේතු විය. 1947 අග දී ඔහු කේම්බ්‍රිජ් වෙත සප්තවාර්ෂික නිවාඩුවක් සදහා පැමිණි අතර ඒ කාලය තුළ ඔහු සිය Intelligent Machinery පිළිබද කෙරුණු ප්‍රභවාත්මක කෘතිය ඉදිරිපත් කළේ ය. මෙය ඔහුගේ ජීවිත කාලය තුළ ප්‍රකාශයට පත් නො වී ය.[36] ඔහු කේම්බ්‍රිජ්හි සිටි අතරතුර අන් අය විසින් ඔහුගේ සැලසුම අනුව නියමු ACE යන්ත්‍රය නිර්මාණය කෙරිණි. 1950 මැයි 10 දින පළමුවරට එහි පරිගණක වැඩසටහනක් ධාවනය කෙරුණු අතර English Electric DEUCE සහ ඇමරිකානු Bendix G-HYPERLINK "https://en.wikipedia.org/wiki/Bendix_G-15"15 වැනි ලෝකයේ බිහි වූ පසුකාලීන පරිගණක ගණනාවක් එයට ණයගැති ය. ටියුරින්ගේ ACE යන්ත්‍රයේ සම්පූර්ණ ආකෘතිය ඔහුගේ මරණය තෙක් ම බිහි නොවිණි.[37]

1948 දී ටියුරින් මැන්චෙස්ටර්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨත ම කථිකාචාර්ය ධූරයට පත්කෙරිණි. 1949 දී ඔහු එහි පරිගණක යන්ත්‍ර විද්‍යාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බවට පත් වූ අතර මුල් ම ක්‍රමලේඛ-ස්ථාපිත පරිගණකවලින් එකක් වූ මැන්චෙස්ටර් මාක් 1 පිණිස මෘදුකාංගයක් නිර්මාණය කිරීමට කටයුතු කරන්නට විය. යන්ත්‍රය සදහා වූ ක්‍රමලේඛක අත්පොතේ පළමු අනුවාදය ටියුරින් විසින් ලියන ලද අතර ෆෙරන්ටි විසින් ඔවුන්ගේ වාණිජමය ව්‍යාපෘතිය වූ ෆෙරන්ටි මාර්ක් 1 ගොඩනැගීම සදහා උපදේශකයකු ලෙස ටියුරින් ව බදවා ගන්නා ලදී. ටියුරින් ඔහුගේ මරණය දක්වා ම ෆෙරන්ටි විසින් උපදේශක ගාස්තු ගෙවනු ලැබීය.[38]මේ කාලය තුළ ඔහු තවදුරටත් අමූර්ත ගණිතමය සොයාගැනීම් සම්බන්ධ කටයුතු කළේ ය.[39] එ මෙන් ම සිය "Computing Machinery and Intelligence" (Mind, October 1950) හි කෘත්‍රිම බුද්ධිය පිළිබද ගැටලුව ආමන්ත්‍රණය කළ අතර කිසියම් යන්ත්‍රයක් සතු ව කෘත්‍රිම බුද්ධියක් පවතී ද යන්න සම්බන්ධයෙන් මිනුම් දඩුවක් වශයෙන් පරීක්ෂාවක් ද යෝජනා කළේ ය. මේ පරීක්ෂාව අද ටියුරින් පරීක්ෂාව නමින් හැදින්වේ. මෙයට අනුව කිසියම් යන්ත්‍රයක් සමග සල්ලාපයේ යෙදෙන, එහෙත් තමන් සංවාදයේ යෙදෙන්නේ යන්ත්‍රයක් සමග ය යන්න ගැන කලින් දැනුවත් නොවූ මානව විචාරකයෙකුට එම සංවාදයේ දී යන්ත්‍රය පිළිතුරු දෙන විලාසය මගින් පමණක් තමන් සංවාදයේ යෙදෙන්නේ සැබෑ මිනිසකු සමග නොව යන්ත්‍රයක් සමග ය යන්න හදුනාගත නොහැකි නම් (එ තරම් නිරවද්‍ය අයුරින් එම යන්ත්‍රයට මානව හැසිරීම ලිඛිත-වාචික ප්‍රතිචාර තුළින් අනුකරණය කළ හැකි නම්) එම යන්ත්‍රය සිතීමේ හැකියාව සහිත යන්ත්‍රයක් බව පැවසීම යුතු ය.[40] මෙම පත්‍රිකාවේ දී ටියුරින් පෙන්වා දුන් තවත් කරුණක් වූයේ එක්වර වැඩිහිටි මනසක් නිර්මාණය කිරීම වෙනුවට ළමා මනසක තර්කනය හා උගෙනීමේ හැකියාව ක්‍රමලේඛයකට ගනිමින් වඩා සරල පරිගණක වැඩසටහනක් නිර්මාණය කර පසුව එය ඉගෙනුම් ක්‍රියාවලියට භාජනය කිරීම කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීමේ දී අනුගමනය කළ යුතු (වඩා පහසු) ක්‍රමය බව යි. පරිශීලකයා මිනිසකු ද නැතිනම් ක්‍රමලේඛයක් ද යන්න හදුනාගැනීම සදහා අද අනතර්ජාලයේ නිතර භාවිත වන CAPTCHA පරීක්ෂාව ටියුරින් පරීක්ෂාවේ ප්‍රතිලෝම (reverse) කරනයකි.

1948 දී ටියුරින් සිය උපාධි අපේකෂක සගයකු වූ ඩී. ජී. චැම්පර්නොව්න් සමග එක්ව පරිගණකයක් සදහා චෙස් ක්‍රීඩා වැඩසටහනක් කිර්මාණය කිරීම පිණිස කටයුතු කරන්නට සිදු විය. 1950 දී අවසන් කෙරුණු එය Turochamp ලෙම නම්කෙරුණි. [41]1952 දී ඔහු එය මාක් ෆෙරන්ටි 1 පරිගණකයක ස්ථාපනට කිරීමට තැත් කළත් අවශ්‍ය තරම් ශක්තියක් නොමැති වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට පරිගණකය අසමත් විය. ඉන්පසු ඒ වෙනුවට ටියුරින් තමා පරිගණකය ලෙසින් ඇල්ගොරිතමයේ පිටු පෙරලමින් එහි උපදෙස් අනුව කටයුතු කරමින් (එක් ඉත්තකු ඇදීමට අඩ පැයක් පමණ ගනිමින්) චැම්පර්නොව්න්ගේ බිරිද සමග චෙස් සටනක් සිදු කළ අතර එය පටිගත කරන ලදී. [42] චැම්පර්නොව්න්ගේ බිරිද සමග කළ චෙස් සටනේ දී පරිගණක වැඩසටහන අනුව කටයුතු කළ ටියුරින් ජයගහණය වූ බව පැවසුණත් ටියුරින්ගේ වෘත්තීය සගයකු වූ ඇලික් ග්ලෙනී සමග සටනේ දී වැඩසටහන පරාජය විය. [43]

ඔහුගේ ටියුරින් පරීක්ෂාව එම සොයාගැනීමෙන් අඩ සියවසකටත් වැඩි කලක් ගත වන තුරු පැවතුණ කෘත්‍රිම බුද්ධිය පිළිබද විවාදයට කළ කැපී පෙනෙන, අභියෝගාත්මක සහ සදා නොමැකෙන සම්මාදමක් විය. [44]

ඔහු 1948 දී matrix සමීකරණ විසදීම සදහා අද දක්වා භාවිතා කෙරෙන LU විසංයෝජන ක්‍රමය (LU decomposition method)හදුන්වා දෙන ලදී.

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. සැකිල්ල:Google scholar id
  2. 2.0 2.1 සැකිල්ල:MathGenealogy
  3. Gandy, Robin Oliver (1953). On axiomatic systems in mathematics and theories in physics. repository.cam.ac.uk (PhD thesis). University of Cambridge. doi:10.17863/CAM.16125. සැකිල්ල:EThOS. සැකිල්ල:Free access
  4. 4.0 4.1 සැකිල්ල:Cite chapter
  5. Grattan-Guinness, Ivor, Chapter 40, Turing's mentor, Max Newman. In Copeland, B. Jack; Bowen, Jonathan P.; Wilson, Robin; Sprevak, Mark (2017). The Turing Guide. Oxford University Press. ISBN 978-0-19-874782-6. 
  6. 6.0 6.1 Hodges 1983, p. 5
  7. {{cite web|url=http://www.turing.org.uk/turing/scrapbook/early.html |title=The Alan Turing Internet Scrapbook |publisher=Alan Turing: The Enigma |accessdate=2 January 2012}}
  8. 8.0 8.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; whoswho නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. {{cite web|url=http://www.english-heritage.org.uk/server/show/nav.001002006005/chooseLetter/T |archiveurl=https://web.archive.org/web/20090903150218/http://www.english-heritage.org.uk/server/show/nav.001002006005/chooseLetter/T |archivedate=3 September 2009 |title=London Blue Plaques |accessdate=10 February 2007 |work=English Heritage |url-status=live |df=dmy }}
  10. [http://blogs.nature.com/london/2011/03/16/the-scientific-tourist-in-london-17-alan-turings-birth-place The Scientific Tourist In London: #17 Alan Turing's Birth Place], Nature. London Blog
  11. සැකිල්ල:Openplaque
  12. "The Alan Turing Internet Scrapbook". Retrieved 26 September 2006. line feed character in |title= at position 5 (help); line feed character in |accessdate= at position 14 (help); Check date values in: |accessdate= (help)
  13. [https://bletchleypark.org.uk/about-us/bletchley-park-trustees/sir-john-dermot-turing Sir John Dermot Turing] on the Bletchley Park website.
  14. Hodges 1983, p. 6
  15. Jones, G. James (11 December 2001). "Alan Turing – Towards a Digital Mind: Part 1". System Toolbox. Archived from the original on 3 August 2007. Retrieved 27 July 2007. line feed character in |title= at position 6 (help)
  16. {{cite web|url=http://www.guildford-dragon.com/2012/11/29/founder-of-computer-science-alan-turings-guildford-stargazing/ |title=Guildford Dragon NEWS |publisher=The Guildford Dragon |date=29 November 2012 |accessdate=31 October 2013}}
  17. {{cite web|url=http://oldshirburnian.org.uk/wp-content/uploads/2016/04/TURING-Alan-Mathison.pdf|title=Alan Turing Archive – Sherborne School (ARCHON CODE: GB1949)|author=Alan Mathison|work=Sherborne School, Dorset|date=April 2016|accessdate=5 February 2017}}
  18. {{Cite book|title=Metamagical Themas: Questing for the Essence of Mind and Pattern |page=[https://books.google.com/books?id=o8jzWF7rD6oC&pg=PA484 484]|first=Douglas R. |last=Hofstadter |year=1985 |publisher=Basic Books |isbn=978-0-465-04566-2 |oclc=230812136}}
  19. Hodges 1983, p. 26
  20. Hodges 1983, p. 34
  21. See Section 3 of John Aldrich, "England and Continental Probability in the Inter-War Years", Journal Electronique d'Histoire des Probabilités et de la Statistique, vol. 5/2 "http://www.jehps.net/decembre2009.html"2009HYPERLINK "http://www.jehps.net/decembre2009.html".html Decembre 2009 Journal Electronique d'Histoire des Probabilités et de la Statistique
  22. Hodges 1983, pp. 88, 94
  23. Turing 1937
  24. B. Jack Copeland; Carl J. Posy; Oron Shagrir (2013). Computability: Turing, Gödel, Church, and Beyond. MIT Press. ISBN 9780262018999. https://books.google.co.uk/books?id=MlsJuSj2OkEC&pg=PA211. 
  25. Church 1936
  26. Grime, James (February 2012). "What Did Turing Do for Us?". NRICH. University of Cambridge. Retrieved 28 February 2016.
  27. "von Neumann ... firmly emphasised to me, and to others I am sure, that the fundamental conception is owing to Turing—insofar as not anticipated by Babbage, Lovelace and others." Letter by Stanley Frankel to Brian Randell, 1972, quoted in Jack Copeland (2004) The Essential Turing, p. 22.
  28. Hodges 1983, p. 138
  29. {{Cite journal | last1 =Turing | first1 =A.M. | authorlink =Alan Turing | title =Systems of Logic Based on Ordinals | doi =10.1112/plms/s2-45.1.161 | journal =Proceedings of the London Mathematical Society | pages =161–228 | year =1939 | volume=s2-45 }}
  30. සැකිල්ල:TuringPhD
  31. Turing, A.M. (1938). "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"20HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"Centennial%HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"202012HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"/Mudd%HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"20HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"Archive%HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"20HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"files/HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"12285HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"_ACHYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"100HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"_Turing_HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf"1938HYPERLINK "https://webspace.princeton.edu/users/jedwards/Turing Centennial 2012/Mudd Archive files/12285_AC100_Turing_1938.pdf".pdf "Systems of Logic Based on Ordinals" Check |url= value (help) (PDF).CS1 maint: ref=harv (link)
  32. John Von Neumann: The Scientific Genius Who Pioneered the Modern Computer, Game Theory, Nuclear Deterrence, and Much More, Norman MacRae, 1999, American Mathematical Society, Chapter 8
  33. සැකිල්ල:Openplaque
  34. Copeland 2006, p. 108
  35. Randell, Brian (1980). "A History of Computing in the Twentieth Century: Colossus" (PDF). Retrieved 27 January 2012. line feed character in |title= at position 31 (help)CS1 maint: ref=harv (link) citing Womersley, J.R. (13 February 1946). "'ACE' Machine Project". Executive Committee, National Physical Laboratory, Teddington, Middlesex. line feed character in |journal= at position 40 (help)CS1 maint: ref=harv (link)
  36. See Copeland 2004b, pp. 410–432
  37. "Turing at NPL". line feed character in |title= at position 7 (help)
  38. Swinton, Jonathan (2019). [https://www.manturing.net/ Alan Turing's Manchester]. Manchester: Infang Publishing. ISBN 978-0-9931789-2-4. https://www.manturing.net/. 
  39. {{Cite journal|last1 =Turing |first1 =A.M.|doi =10.1093/qjmam/1.1.287 |title =Rounding-Off Errors in Matrix Processes |journal =The Quarterly Journal of Mechanics and Applied Mathematics |volume =1| pages = 287–308 |year =1948|hdl =10338.dmlcz/103139}}
  40. Harnad, Stevan (2008) [http://eprints.soton.ac.uk/262954/ The Annotation Game: On Turing (1950) on Computing, Machinery and Intelligence]. In: Epstein, Robert & Peters, Grace (Eds.) Parsing the Turing Test: Philosophical and Methodological Issues in the Quest for the Thinking Computer. Springer
  41. Clark, Liat. "Turing's achievements: codebreaking, AI and the birth of computer science". Wired. Retrieved 11 November 2013.
  42. Alan Turing vs Alick Glennie (1952) "Turing Test" Chessgames.com
  43. O'Connor, J.J.; Robertson, E.F. "David Gawen Champernowne". MacTutor History of Mathematics archive, School of Mathematics and Statistics, University of St Andrews, Scotland. Retrieved 22 May 2018.
  44. Pinar Saygin, A.; Cicekli, I.; Akman, V. (2000). "Turing Test: 50 Years Later". Minds and Machines. 10 (4): 463–518. doi:10.1023/A:1011288000451. hdl:11693/24987.
"https://si.wikipedia.org/w/index.php?title=ඇලන්_ටියුරින්&oldid=460893" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි