ඇරැව්වල

විකිපීඩියා වෙතින්
ඇරැව්වල
Arawwala
ගම
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් සංකේත අංකය10230[1]

ඇරැව්වල යනු බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, කැස්බෑව මැතිවරණ කොට්ථාශයට අයත් ගම්මානයකි. මෙම ගම්මානය කොළඹ නගරයේ සිට හයිලෙවල් මාර්ගය (A4) ඔස්සේ කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටා ඇත.

ඇරැව්වල ගම[සංස්කරණය]

කැස්බෑව නගර සභාවේ බල ප්‍රදේශය තුල ඇරැව්වල ග්‍රාමය පිහිටා ඇත. එය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය යටතේ ග්‍රාම නිලධාරී වසම් තුනකට බෙදා ඇත. කෘෂිකාර්මික ජීවන රටාවක් සහිත ගම්මානයක් වුවත් කොළඹ නගරයට ආසන්න ග්‍රාමයක් බැවින් එය වර්තමානයේ අර්ධ නාගරීකරණ ලක්ෂණ සහිතව සංවර්ධනය වී ඇත. නිමි ඇඳුම්, සුපිරි වෙළදසැල්, ආහාර පාන අලෙවිසල්, කර්මාන්ත ශාලා, පුද්ගලික අධ්‍යාපන ආයතන (ජාත්‍යන්තර පාසල්), ආදී පහසුකම් වර්තමානයේ වන විට එහි දක්නට ඇත. මහරගම, පන්නිපිටිය, කොට්ටාව, පිළියන්දල, බෝකුන්දර, වැනි නගර ඇරැව්වලට ආසනයෙන් පිහිටා ඇත. ඇරැව්වල පාරම්පරික පහත රට තොවිල්, යාතුකර්ම වලට ප්‍රසිද්ධය. සෞභාග්‍යය, වැස්ස, රෝග නිවාරණය, හා සශ්‍රීකත්වය පතා වාර්ෂිකව ගම්මඩුව ශාන්තිකර්මය සංවිධානය කරනු ලබයි. [2] ඇරැව්වල නන්දිමිත්‍ර නැමති ප්‍රවීණ සුප්‍රසිද්ධ කෙටි හා නවකතා කරුවානන්ගේ ගම ලෙස ඇරැව්වල වඩාත් ප්‍රචලිතය.[3]

ග්‍රාම නිලධාරී වසම්[සංස්කරණය]

  • ඇරැව්වල උතුර (ග්‍රාම නිලධාරී වසම 581 D)[4]
  • ඇරැව්වල නැගෙනහිර (ග්‍රාම නිලධාරී වසම 581)
  • ඇරැව්වල බටහිර (ග්‍රාම නිලධාරී වසම 581A)

ඇරැව්වල මංසන්ධිය[සංස්කරණය]

ඇරැව්වල තුන් මං සන්ධියකි. එය මහරගම නගරය දක්වාත්, පිළියන්දල නගරය දක්වාත්, පන්නිපිටිය-මොරකැටිය හයිලෙවල් මාර්ගය දක්වාත් විහිදී යයි. බස් මාර්ග අංක 341මහරගම-පිළියන්දල , 341/2 - මහරගම-බෝකුන්දර /වෑවල, 212/341 මහරගම-මකුළුදූව, යන බස් මාර්ග ඇරැව්වල මංසන්ධිය හරහා දිවේ. [5]

ඇරැව්වල වැදගත් ස්ථාන[සංස්කරණය]

  • ඇරැව්වල පුරාණ විහාරස්ථානය
  • සිරි විජය නන්දනාරාමය (එගොඩවත්ත පන්සල)
  • සිරි විජය සිරිවර්ධනාරාමය (දූවේ පන්සල)
  • විද්‍යාලෝක මහා විද්‍යාලය[6]
  • ඇරැව්වල ධර්මපාල විද්‍යාලය
  • ලින්ඩ්ෆීල්ඩ් ජාත්‍යන්තර පාසල[7]
  • ආර්පිකෝ ඩේලි සුපිරි වෙළඳසල[8]
  • කලර්සෝන් ආයතනය[9]
  • ඇරැව්වල මානෙල් කඩේ(අවුරුදු 100කට වඩා පරණ)

යොමු[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://sri-lankan.net/postal_codes/colombo, ප්‍රතිෂ්ඨාපනය 2015-10-26 
  2. https://www.youtube.com/watch?v=ehRThCGiZm4
  3. http://moviespictures.org/biography/Nandimithra,_Arawwala
  4. http://kesbewa.ds.gov.lk/index.php?option=com_content&view=article&id=35&Itemid=68&lang=en[permanent dead link]
  5. http://www.ceylonlanka.info/2013/01/bus-routes.html
  6. සංරක්ෂිත පිටපත, http://www.vlmv.sch.lk/, ප්‍රතිෂ්ඨාපනය 2015-10-27 
  7. http://linfieldinternational.com
  8. https://www.arpico.com/contents/our_expertise_retail.php#.Vf56TZcav-s
  9. http://www.colorzonesl.com
"https://si.wikipedia.org/w/index.php?title=ඇරැව්වල&oldid=604635" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි