Jump to content

ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලය

විකිපීඩියා වෙතින්
ඇන්ඩ්‍රොමීඩා
තාරකා මණ්ඩලය
Andromeda
කෙටි යෙදුමAnd
අර්ථයකාන්තාව
දකුණු ආරෝහණය23h 25m 48.6945s – 02h 39m 32.5149s
ක්‍රාන්තිය53.1870041°–21.6766376°
පවුලපර්සියස්
වර්ගඵලය722 sq. deg. (19)
ප්‍රධාන තාරකා16
මුළු තාරකා65
ග්‍රහමණ්ඩලයක් ඇති තාරකා ගණන12
දීප්තිය 3.00m වැඩිතාරකා3
10.00 pc (32.62 ly)ක දුර තුළ ඇති තාරකා3
දීප්තිමත්ම තාරකාවα And (ඇල්ෆරාට්ස්) (2.07m)
ආසන්නතම තාරකාවරෝස් 248
(10.30 ly, 3.16 pc)
මෙසියර් දේහ3
උල්කාපතා වර්ෂාඇන්ඩ්‍රොමීඩිඩ්ස් (බීලිඩ්ස්)
වටවී ඇති
තාරකා මණ්ඩල
දර්ශනය වන අක්ෂාංශ +90° හා −40° අතර.
හොඳම දර්ශනය වීම 21:00 (ප.ව. 9) ට නොවැම්බර් මාසයේදී.

ඇන්ඩ්‍රොමීඩා යනු 2වන සියවසේ විසු ග්‍රීක-රෝමානු තාරකා විද්‍යාඤ පුටෝනොමිගේ නාමාවලියට අනුව 48ක් වන චක්‍රාවාට සහ නුතන නාමාවලියට අනුව 88ක් වන චක්‍රාවාටවලින් එකකි. එය ඛගෝල සමකයට උතුරු දෙසින් පිහිට ඇත . පුරාණ ග්‍රීක කතන්දර වල සඳහන් වන ඇන්ඩ්‍රොමීඩා කුමරිය නමින් හඳුන්වා අති මෙම චක්‍රාවාටය නම් කර අත්තේ අහසේ අපහට පෙනීයන පෙදෙස එනම් ඇන්ඩ්‍රොමීඩා තාරකා රාශියට අනුවයි. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය ශරත් ඍථුවෙදී උතුරු අර්ධගෝලයට වඩාත් පැහැදිලිව දිස්වේ.එහි උතුරු දෙසට අනත විම හේතුවෙන් මෙය දිස් වන්නේ උතරු අර්ධ අර්ධගෝලයේ 40°කලාපයකට පමණි .අනෙක් කොටස ෂිතිජයට පහලින් නිරීක්ෂණය කල යතුය . වර්ග එකක 722ක් විශාල මෙම චක්‍රාවාටය විශාලතම චක්‍රාවාටයන්ගෙන් එකකි.මෙය සද මෙන් 1400ගුණයක් විශාල වන අතර විශාලතම චක්‍රාවාටය වන හයන්ද්‍රගේ විශාලත්වයෙන් 55%කි .එමෙන්ම කුඩාම චක්‍රාවාටය වන ක්රුෂ් මෙන් 10 ගුණයක් විශාල වේ.

ඇල්පා ද්විථික තාරකාව මෙහි විශාලතම තාරකාව වන අතර එය පෙගසුස් තාරකාවට ප්‍රටිවිරුද්ධව ක්‍රියාකරයී.ගැමා තරකාව ආධුනික තාරකා විද්‍යාඤඤයන්ගේ අවදානයට හසුවන දීප්තිමත් තාරකාවකි.ඇල්පා තාරකාවට වඩා සුළු ප්‍රමානයකින් දීප්තියෙන් අඩු බීටාතාරකාව රතු පැහැයෙන් යුක්ත අතර එහි වර්ණය පියවි ඇසට දැක ගත හැක . ඉතාමත්ම ගැබුරු අහසෙහි පියවි ඇසට දැකිය හැකි අකාශ වස්තුව මෙය වන අතර ක්ෂීරපථයට සමීපවම ඇති ස්ර්පිලාකාර චක්‍රාවාටය වේ.M31 චක්‍රාවාටයට අයත් M110 සහ M32 වැනි බොහෝ දුර්වල චක්‍රාවාට සහ බොහෝ දුරින් පිහිටි NGC891 වැනි චක්‍රාවාට ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය තුල පිහිට ඇත. Blue Snowball නිහාරිකාව සහ planetary නිහාරිකාව යන චක්‍රාවාට දුරේක්ෂය මගින් නිල් පැහැති සර්පිලාකාර වස්තුන් ලෙස නිරීක්ෂණය හැකිය.

ජෝතිර්වේදය හා පුරාවෘත්ත වලට අනුව ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයට අයත් සූර්යයන් එකිනෙකට වෙනස් තාරක මණ්ඩල හතරකට අයත් බව චීන තාරකා විද්‍යාවේ සදහන් වේ.තවද හිංදු තාරක විද්‍යාවේද ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලය සදහන් වේ.ඇන්ඩ්‍රොමීඩිඩ්ස් උල්කා වර්ෂාව ඇති වන රෙඩියන්ට් ලක්ෂය ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලයයි.නොවැම්බර් මසයෙදී මෙහි දුර්වල උල්කා වර්ෂා හට ගනී.

ඉතිහාසය හා පුරාවෘති

[සංස්කරණය]
ජෝන්නස් හෙවීලියුස් විසින් අදින ලද ඇන්ඩ්‍රොමීඩාගේ සිතුවමකි.1960දී ඔහුගේ "යුරේනොග්‍රපියා"හි සංස්කාරනයේ ඇත. එය සම්ප්‍රදායික දෙවුලොව සිතියමක් වුවද එය වර්තමාන සිතියමකට සමාන වන මෙය දෙවු ලොවට භාහිරින් සිට පෙනෙන ලෙස නිර්මාණය කොට ඇත.
ඇන්ඩ්‍රොමීඩා යුරේනියස්ගේ කැඩපත මත චිත්‍රනය කොට ඇත.මෙය 1825දී ප්‍රසිද්ධ අල අතර දෙවුලොව තුල වූ තාරකා මණ්ඩලය පෙන්වයි.
ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලයේ ඡායා රූපයකි,එය පියවි ඇසට දර්ශනය වේ.මෙහි රේකා ඇතුලත් කර ඇත්තේ පැහැදිලි වීම සදහාය

ඇන්ඩ්‍රොමීඩාවෙහි තාරකා සිතියම් ගත කිරීමෙහි මූල ග්‍රීක සම්ප්‍රදාය සමග තදින් බැදී ඇත.නමුත් මීට පෙර බැබිලෝනියානු තාරකා විද්‍යාව මගින් ඇන්ඩ්‍රොමීඩාවෙහි පිහිටීම සොයා ගෙන ඇත.පිස්කස් තාරක මණ්ඩලය සාදන තාරකා සහ වර්තමානයේ ඇන්ඩ්‍රොමීඩාවෙහි මධ්‍යය භාගයේ තාරකා සඵලතාවයේ දෙවියන් නිරූපණය කරයි.ඇතැම් විට "ඔන්ටියම්" නැතොහොත් දෙව්ලොව ආර්යාව ලෙසද නම් කරයි.[1]

ඉංග්‍රීසියට අනුව ඇන්ඩ්‍රොමීඩා "යදම්ලූ කාන්තාව" නැතහොත් "යදම්ලූ ආර්යාව" ලෙස කියවේ."මියුලියර් කැටිනේටා" (යදම්ලූ කාන්තාව) ලෙස ලතින් බසින් හදුන්වන අතර "අල්-මරට් අල් මුසල්සල්හා" ලෙස අරාබි බසින් හදුන්වයි.[2]තවද පර්සිආ ("පර්සියස්ගේ බිරිඳ") නැතහොත් සෙපේයිස් ("සේපියුස්ගේ දියණිය"),ලෙසද හදුන්වයි.[2][3]මෙම සියලු නාමයන් භාවිතා කරනු ලබන්නේ ග්‍රීක-රෝමානු පුරාවෘත්තයක් වන "ප්ර්සියුස්"හි එන "ඇන්ඩ්‍රොමීඩා" චරිතයට වේ.එම පුරාවෘත්තයට අනුව ඉතියෝපියාවේ රැජින කසිඔපිආ, තමන්ගේ දියණිය අසිමිත ලෙස රූමත් "නෙරදිස්" මුහුදු දෙවගනට වඩා රූමත් බවට පුරසාරම් කියන ලදී.[4] මෙම වැරදි ප්‍රකාශය හේතුවෙන් දෙවගන විසින් "පොසේයිදොන්ගෙන් " ඉල්ලා සිටියා කසිඔපිආගේ අහන්කාරකමට දඩුවම් දෙන ලෙස,ඒ අනුව ඔහු විසින් මුහුදු යක්‍ෂයෙක් වන "සීටස්"ට ඉතියෝපියාවට පහර දෙන ලෙස අණ කරන ලදී.[4] මහත් බියට පත්වී සිටි ඇන්ඩ්‍රොමීඩාගේ පියා වන සේපියස්ට අම්මාන් නුවර දිවැස් දෙවොලින් කියා සිටියේ ඔහුගේ රාජධානිය බේරා ගැනීමටනම් තම දියණිය සීටස්ට බිලි දිය යුතු බවයි.[5][6]ඒ අනුව ඇයව මුහුද අසල පර්වතයක යදම් දමන ලදී.නමුත් වීර ප්ර්සියුස් විසින් අයව බේරා ගන්න ලදී.ඔහු විසින් මෙඩුයුසාගේ හිස භාවිතා කොට පර්වතය යක්ෂයා වෙත පෙරලන්න ලදී.[7] ඇල්ගොල් (β Persei),"යක්‍ෂ තාරකාව", ලෙස මෙඩුයුසාගේ හිස සටහන් කරන ලදී. [8]පසුව ප්ර්සියුස් සහ ඇන්ඩ්‍රොමීඩා විවාහ වූ අතර පුරාවෘත්තයට අනුව ළමයින් නවදෙනකු වූ අතර එයින් හත්දෙනෙකු පිරිමි දරුවන්ද දෙදෙනෙකු ගැහැණු දරුවන්ද විය.ඇන්ඩ්‍රොමීඩාගේ මරණයෙන් පසුව ඇයට ගෞරවයක් ලෙස ඇතීනා දෙවියන් විසින් ඇයව අහසෙහි තාරකා මණ්ඩලයක් ලෙස සටහන් කරන ලදී.අසල්වාසි තාරකා මණ්ඩල ලෙස (ප්ර්සියුස්,කසිඔපිආ ,සීටස් සහ සේපියුස්) ප්ර්සියුස් පුරාවෘත්තයේ එන චරිත දැකිය හැකිය.[5] ඒවා පෙගාසුස් තාරකා මණ්ඩලය සමග සම්බන්ධ වී ඇත.

ඇන්ඩ්‍රොමීඩාව ප්ටොලමි විසින් රචිත තාරකාවල විශේෂ රටාවන් පිළිබඳ සදහන් වන අල්මගෙස්ට් නිබන්ධයෙහි සදහන් මුල් තාරකා මණ්ඩල 48න් 1කි.ඇයව නිරූපණය කිරීමෙදි α ඇන්ඩ්‍රොමීඩා ලෙස ඇයගේ හිසද,ο සහ λ ඇන්ඩ්‍රොමීඩා ලෙස ඇයගේ මාලයද,δ,π,μ,Β සහ γ ඇන්ඩ්‍රොමීඩා ඇයගේ පාද සහ ශරීරය නිරුපණය කරයි. කෙසේවෙතත් ඇන්ඩ්‍රොමීඩා සහ ඇයගේ ශරීරය,හිස සහ මාලය නිරූපණය කරන තාරකා පිළිබද පොදු විස්තර කිරීමක් මෙහි සදහන් වී නැත.[9] අරාබි තාරකා ශාස්ත්‍ර්‍රඥයින් ප්ටොලමිගේ තාරක මණ්ඩල අනුගමනය කලද,ඔවුන් විසින් දෙවන තාරකා මණ්ඩලයක් ඇයගේ පාදයේ සිටින මාලුවෙක් ලෙස නිරූපණය කරමින් ඇතුලත් කරන ලදී.[10] වර්ෂ 1787දී ජර්මන් ශාස්ත්‍ර්‍රඥ ජෝන් බොඩේ විසින් ඇන්ඩ්‍රොමීඩාවට අයත් තාරකා කිහිපයක් සහ ලේසේර්ටා තාරකා මණ්ඩලයට අයත් බොහෝ තාරකා එකතු කරමින් ෆෙදෙරිසි හොනොරස්තාරකා මණ්ඩලය හදුන්වා දෙන ලදී.("ෆෆිඑද්රිච් එහෙර්" ලෙසද කියවේ).එය පර්සියාවේ දෙවන ෆෙඩ්රික් රජුට ගෞරවයක් ලෙස නිර්මාණය කලද එය ඉක්මනින්මා භාවිතයෙන් ඒවත් විය.[11] ප්ටොලමිගේ කාලය තුල ඇන්ඩ්‍රොමීඩාව තාරකා මණ්ඩලයක් ලෙස ජාත්‍යන්තර තාරකා සංගමය මගින් නිල වශයෙන් පිළිගෙන තිබු අතර එය වර්තමාන තාරකා මණ්ඩලවලට සමාන වේ,වර්තමාන තාරකා මණ්ඩල අර්ථ දක්වූ නිශ්චිත ආකාශ ප්‍රදේශයක් වන අතර එය තුල ප්ටොලමිගේ තාරකා රටාවන් සහ අවට තාරකා අයත් වේ.[12][13] 1922 දී,IAU විසින් "And" ලෙස අක්ෂර තුනක කෙටි යෙදුමක් ලෙස අර්ථ දක්වන ලදී.[14]ඇන්ඩ්‍රොමීඩාවේ නිල සීමාවන් ලෙස 1930දී එඋගෙනෙ දෙල්පොර්ටේ විසින් කොටස් 36කින් සමන්විත බහුආශ්‍රයක් ලෙස අර්ථ දක්වන ලදී.එහි විශුවධංශය 22h 57.5m සහ 2h අතර සහ එහි ආනතිය 39.3m සහ 53.19° අතර 21.68° සමක සමකක්ෂය පද්ධතිහි වේ.[15]

පෙරදිග තාරාකා ශ්‍රාස්ත්‍රය

[සංස්කරණය]
මෙම section චීන පෙළ ඇතුළත් වෙයි. නිසි ප්‍රදර්ශන සහාය නොමැති වූ විට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු හෝ වෙනත් සලකුණු චීන අක්ෂර වෙනුවට ඔබට පෙනෙනු ඇත.

සාම්ප්‍රදායික චීන තාරාකා ශ්‍රාස්ත්‍රයට අනුව ඇන්ඩ්‍රොමීඩාවට අයත් තාරකා නවයක් (බීටා ඇන්ඩ්‍රොමීඩා,මු ඇන්ඩ්‍රොමීඩා,නු ඇන්ඩ්‍රොමීඩා ඇතුලත් වේ) සහ මීන රාශියට අයත් තාරකා හතක් එකතු කරමින් "ලෙග්ස්" (奎宿) නමින් ඉලිප්සීය තාරකා මණ්ඩලයක් නම් කරන ලදී. මෙම තාරකා මණ්ඩලය ඇවිදින පුද්ගලයෙකුගේ පාදයක් ලෙස හෝ වල ඌරෙකු නිරුපණය කරයි. [6] ගැමා ඇන්ඩ්‍රොමීඩා සහ එහි අසල්වාසීන් "ටීන් ටා ට්සංග් කෙවුන්" (天大将军, දෙවුලොව මහා සෙන්පතියා)ලෙස කියවෙන අතර , පුරාවෘතිවල ඇති මහා සෙන්පතියාට ගෞරවයක් ලෙස නිරූපණය කරයි.[3][6] ඇල්ෆා ඇන්ඩ්‍රොමීඩාව සහ ගැමා ඇන්ඩ්‍රොමීඩාව එකට එකතු කර "වෝල්" (壁宿) ලෙස අධිරාජ්‍යාගේ මාළිගයෙහි නැගෙනහිර ප්‍රාකාරය හෝ අධිරාජ්‍යාගේ පුද්ගලික පුස්තකාලය නිරූපණය කරමින් නම් කලේය. චීන ජාතිකයින් විසින් ඇන්ඩ්‍රොමීඩාවේ දකුණුපස කොටස දුවන අශ්වයෙකු ලෙස හදුන්වන අතර (තිඇන්ජු, 天厩,අහසෙහි ස්ථිරබව ) බටහිර කොටස පියාබන "ටෙන්ග්ශි " නම් නාගයෙකු ලෙසද හදුන්වයි.[6]

අරාබි බසින් "අල්-හුට්‌" (මාළුවා) ලෙස හදුන්වන තාරක මණ්ඩලය ඇන්ඩ්‍රොමීඩාවට අයත් තරකා කිහිපයකින්,M31 සහ මීන රාශියට අයත් තාරකා කිහිපයකින් සමන්විත වේ.ν And,μ And, β And,η And,ζ And,ε And,δ And,π And, සහ 32 And ඇන්ඩ්‍රොමීඩාවට ඇතුලත් වේ; ν Psc, φ Psc, χ Psc, සහ ψ Psc පිස්කස් තාරකා මණ්ඩලයට අයත් වේ.[10]

ඇන්ඩ්‍රොමීඩාව වටා බැදුණු හින්දු ජනප්‍රවාද ග්‍රීක පුරාවෘති වලට සමානකමක් දක්වයි.පුරාණ සංස්කෘත මුල ග්‍රන්ථවල ග්‍රීක පුරාවෘතියට අනුව මෙන් ඇන්ඩ්‍රොමීඩාව පර්වතයක බැද ඇති අයුරු චිත්‍රයෙන් පෙන්වා ඇත.තාරක ශාස්ත්‍රය පිළිබද හින්දු සහ ග්‍රීක පුරාවෘති සාමීපව බැදී ඇති බව විද්වතුන් විශ්වාස කරයි.; එයට එක් සක්ෂියක් ලෙස "ඇන්ටරමඩා" සහ "ඇන්ද්‍රෝමීඩා" ලෙස නාමයන් අතර ඇති සමානත්වය දැක්විය හැකිය.[3]

ඇන්ඩ්‍රොමීඩාව මෙසපොතේමියානු මැවීම පිළිබද පුරාවෘතිය වන ටිඅමැට්හි වියාකුඋලත්වයේ දෙවියන් ලෙසද සදහන් වේ.ඇය විසින් ඇගේ ස්වාමියා,ඇප්සු හට වධ දෙන ලදී,නමුත් අවසානයේදී ඔවුන්ව යුද්ධදී විනාශ කිරීමට තීරණය කල අතර අවසානයේදී මර්දුක් විසින් ඇයව මරා ඇගේ ශරීරය භාවිතාකොට මනුෂ්‍යත්වය නිරුපණය වන ලෙස තාරකා මණ්ඩලයක් නිර්මාණය කරන ලදී.[3][9]

මාෂල් දිවයිනෙහි,ඇන්ඩ්‍රොමීඩා ,කැසීඕපිආ, ට්‍රැන්ගුලම්, සහ එරිඅස් සාමුහිකව පොපොයිසේ තාරකා මණ්ඩලය නිරුපණය කරයි.ඇන්ඩ්‍රොමීඩාවේ දීප්තිමත් තාරකා බොහොමයක් පොපොයිසේහි ශරිරයෙහි ඇත.කැසීඕපිආ එහි වලිගයද එරිඅස් එහි හිසද නිරුපණය කරයි.[9] තුමොටු දිවයිනෙහි , ඇල්ෆා ඇන්ඩ්‍රොමීඩාව තකුරුආ -ඒ-ටි-ටුකි-හන්ගා-රුකී, ලෙස නම් කරන අතර එහි අර්ථය "වෙහෙස උපදවන තාරකාව",[16]ලෙස සදහන් වේ.තවද බීටා ඇන්ඩ්‍රොමීඩා පිරිංගා -ඕ-ටවුටු ලෙස නම් කරයි.[17]

විශේෂ ලක්ෂණ

[සංස්කරණය]

තාරකා

[සංස්කරණය]
අධ්ස්ථාපිත දර්ශනයකින් ඇන්ඩ්‍රොමීඩාව රාත්‍රියට පෙනෙන අයුරු
  • α And (Alpheratz, Sirrah) යනු තාරකා මණ්ඩලයේ දීප්තිමත්ම තරකාව වේ.එය A0p පන්තියේ[4] ද්විතීය තාරකාවක් වන අතර සමස්ත දෘශ්‍යමාන විශාලත්වය මැග්නිටියුට් ඒකක 2.1 සහ දීප්තිය 96 L]වේ.[8] එය පෘථිවියට [[ආලෝක වර්ෂ] 97 ක් දුරින් ඇත.[18] එය බටහිර පුරාවෘතිවල එන ඇන්ඩ්‍රොමීඩාවේ හිස නිරූපණය කරයි.කෙසේවෙතත් තාරකාවේ සම්ප්‍රදායික අරාබි නාමයන් වන,අල්ප්‍රට්ස් සහ සිරාහ්,එය වැකියක් ලෙස සුරට් අල්-ෆරස්[10] කියවන අතර ඇතැම් විට එය "අශ්වයාගේ නාභිය".[6][19][20]ලෙස පරිවර්ත්නය කෙරේ. අරාබි නාමයන් භාවිතයට හේතුව ලෙස α And,ඇස්ටරිසම් "පෙගාසුස්ගේ මහා චතුරශ්‍රය" ලෙස හදින්වීමද පෙගසුස්ගේ තාරකා තුනක් වන : α, β, සහ γ Peg අතුලත් වීමද දැක්විය හැකිය. ඒ නිසාම පෙරාතුව සැලකිල්ලට ගෙන ඇන්ඩ්‍රොමීඩා සහ පෙගාසුස් දෙකටම අයත් තාරකා එකතු කොට "ඩෙල්ටා පෙගාසි (δ Peg)" ලෙස නම් කරන ලදී.කෙසේවෙතත් මෙම නාමය දිගු කලක් බාවිතා කලේ නැත [4][6][8]
  • β And (Mirach) මෙය රතු පැහැති විශාල M0 අකාරයේ[4][21] තාරකාවක් වේ. "ග්‍රිඩ්ල්" නමින් හදුන්වන තාරකා රාශියේ පිහිටා ඇත.එය අලෝක වර්ෂ 198ක් දුරින් ඇත.,[21] විශාලත්වය මැග්නිටියුට් ඒකක 2.06කි,[22]සහ දීප්තිය115 L.[8]මෙහි නාමය ඇතිවුයේ අර්ථය "තුනටිය" නතොහොත් "ඉඟ" ලෙස කියවෙන අරාබි වැකියක් වන අල්-මරක්,[20] යන්න පුටෝලොමී විසින් පරිවර්තනය කිරීමෙදිය.කෙසේවෙතත්,β සහ අරාබි ජාතිකයින් විසින් බොහෝ සැලකිල්ලට ගනු ලබන අල්-හුට්‌හි කොටසක් මගින් ,විශාල මාලුවෙක් ලෙස ඇන්ඩ්‍රොමීඩාවේ පාදයේ ඇති මීන රාශියට වඩා විශාලව නිරුපණය කරයි[10]
  • γ And (Almach)තැඹිලි පැහැ විශාල K3 අකාරයේ[4] තාරකාවකි.තාරකා මණ්ඩලයේ දකුණු පසින් සොයාගත් අතර සමස්ත විශාලත්වය මැග්නිටියුට් ඒකක 2.14.[8] ඇල්මආච් බහුවිධ තාරකාවක් වන අතර කහ පැහැති තාරකාවේ විශාලත්වය මැග්නිටියුට් ඒකක 2.3 සහ නිල්-කොළ පැහැ ද්විත්ව තාරකාවේ විශාලත්වය මැග්නිටියුට් ඒකක 5.0,මේවා 9.7 චාපයකින් වෙන් වේ.[5][6][19] බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥ විලියම් හාර්ශල් පවසන්නේ, "මෙහි සිත් ඇද ගන්නා සුළු වර්ණයන්ගෙන් යුතු තාරකා ,හිරු සහ එහි ග්‍රහයකු විය හැකි බවයි.මක්නිසාදයත් ඒවායේ විශාලත්වයන් අතර වෙනස සැසදීමේදී ඒවා කුඩා අගයන් නොවීමය.[23] දෙවනුව ඔහු පවසනුයේ සිහින් ආලෝකමත් ආනත නිල් අහස මගින් කොළ පැහැයට හරවන බවත්,[23] එහි කාල සීමාව වසර 61ක් ලෙසත්ය.[8] මෙම පද්ධතිය ආලෝක වර්ෂ 358ක් දුරින් පිහිට ඇත[24] ඇල්මැච් අරාබි වැකියකට අනුව අනැක් අල්-ආර්ඩ්, එනම් "පෘථිවි ළමයා " ලෙස නම් කෙරන අතර, සිංහයා විසින් අල්ලා ගන්නා ලද සත්වයින් හැදින්වීමටද යොදා ගනී.[10][20]
  • δ Andතැඹිලි පැහැ විශාල K3 අකාරයේ[4]තාරකාවකි. විශාලත්වය මැග්නිටියුට් ඒකක 3.3.[22] එය ආලෝක වර්ෂ 105ක් දුරින් ඇත.[25]
  • ι And, κ, λ, ο, saha ψ And තාරකා රාශිය "ෆෙඩ්රික් ග්ලෝරි" ලෙස හදුන්වයී. මෙම නම අත්වුයේ කලින් පැවතුනු තරකාමන්ඩලයක් වන (ෆෙරෙන්චි හොනොරෙස්)ගෙන්ය.[11] ι And නිල්-සුදු පැහැ විශාල B8 ආකාරයේ තාරකාවකි, ආලෝක වර්ෂ 502 දුරින් පිහිට ඇත;[26] κ And සුදු-නිල් පැහැ විශාල A0 ආකාරයේ තාරකාවකි,ආලෝක වර්ෂ 168 දුරින් ඇත;[27] λ And කහ පැහැ විශාල G8 ආකාරයේ තාරකාවකි,ආලෝක වර්ෂ 86 දුරින් ඇත;[28] ο And නිල් පැහැ විශාල B6 ආකාරයේ තාරකාවක් වන ඇතර ආලෝක වර්ෂ 679 දුරින් පිහිට ඇත;[29] ψ And නිල්-සුදු විශාල B7 ආකාරයේ තාරකාවක් වන අතර අලෝක වර්ෂ 988 දුරින් පිහිටා ඇත.[30]
  • μ And සුදු පැහැ විශාල A5 ආකාරයේ තාරකාවක් වන අතර විශාලත්වය මැග්නිටියුට් ඒකක 3.9කි[22] එය ආලෝක වර්ෂ 130ක් දුරින් පිහිට ඇත.[31]
  • υ And විශාලත්වය මැග්නිටියුට් ඒකක 4.1[22]වන ද්විතීක පද්ධතිය, F-අකාරයේ එකකින් සහ M-අකාරයේ න් යුක්ත වේ. ප්‍රාථමික තාරකා සතුව ග්‍රහ පද්ධති ඇති අතර ස්ථිර [1] හතරකින් සමන්විත වේ,මේවා ජුපිටර්[32]ගේ ස්කන්ධය මෙන් 0.96 ,ගුණයක් 14.57 ගුණයක්, 10.19 ගුණයක් සහ 1.06 ගුණයක් වේ.මෙම පද්ධතිය ආලෝක වර්ෂ 44ක් දුරින් ඇත.[33]
  • ξ And (Adhil) මෙය ආලෝක වර්ෂ 217ක් දුරින් පිහිටි ද්විතීක තාරකාවකි. මෙහි ප්‍රාථමිකය තැඹිලි පැහැ විශාල K0 ආකාලයට අයත් තාරකාවකි.[34]
  • π And මෙය නිල්-සුදු පැහැ විශාල ද්විතීක තාරකාවකි,විශාලත්වය මැග්නිටියුට් ඒකක 4.3[22]ක් වන අතර ආලෝක වර්ෂ 598ක් දුරින් ඇත. මෙහි ප්‍රාථමිකය B5.[35]අකාරයේ තාරකාවකි.මෙහි සහයක තාරකාවේ විශාලත්වය මැග්නිටියුට් ඒකක 8.9කි.[22]
  • 51 And ජෝන් බයර් විසින් අසල්වැසි පර්සියස්ට නැවත එකතු කරන ලද අතර ඔහු විසින් "අප්සිලෝන් පර්සි(υ Per)"නිර්මාණය කරන ලදී.නමුත් එය නැවත ජාත්‍යන්තර තාරකා විද්‍ය්යා සංගමය මගින් ඇන්ඩ්‍රොමීඩාවට එකතු කරන ලදී. [36] මෙය ආලෝක වර්ෂ 177 දුරින් පිහිටන අතර තැඹිලි පැහැ විශාල K3 ආකාරයට අයත් තාරකාවකි.[37]
  • 54 And නාමය φ Per[6][36]සදහා කලින් භාවිතා කරන ලදී.
  • 56 And දෘෂ්‍ය ද්විතීය තාරකාවකි.ප්‍රාථමිකය කහැ පැහැ K0 ආකාරයේ විශාල තාරකාවක් වන අතර විශාලත්වය මැග්නිටියුට් ඒකක 5.7[22]ක් වන අතර ආලෝක වර්ෂ 316ක් දුරින් පිහිට ඇත.[38] ද්විතිකය තැඹිලි පැහැ විශාල තාරකාවක් වන අතර K0 අකාරයේ වේ.විශාලත්වය මැග්නිටියුට් ඒකක 5.9ක් වන අතර ආලෝක වර්ෂ 990ක් දුරින් ඇත.[22]
  • R And යනු මීරා අකාරයේවිචල්‍ය තාරකාවකි. එහි කාල පරාසය දින 409කි.එහි උපරිම විශාලත්වය මැග්නිටියුට් ඒකක 5.8ක් සහ අවම විශාලත්වය මැග්නිටියුට් ඒකක 14.8,[4] එය ආලෝක වර්ෂ 1250ක් දුරින් පිහිටා ඇත.[39] ඇන්ඩ්‍රොමීඩාවේ තවත් මෙවැනි විචල්‍ය මීරාවන් හයක් ඇත.[8]
  • Z And යනු විචල්‍ය තාරකා සාදහා M-අකාරයේ මූලාකෘතියකි.එහි විශාලත්ව පරාසය අවමය මැග්නිටියුට් ඒකක 12.4 සිට උපරිමය මැග්නිටියුට් ඒකක 8.0 අතර වේ.[8] එය ආලෝක වර්ෂ 2720ක් දුරින් ඇත.[40]
  • Ross 248 (HH Andromedae) මෙය පෘථිවියට නව වෙනි තැනට ආසන්නම තාරකාව වනැ අතර දුර ආලෝක වර්ෂ 10.3කි.[41] මෙය රතු පැහැ විශාල M6 ආකාරයේ.[42]තාරකාවකි.
  • 14 And මෙය කැ පැහැ විශාල G8 ආකාරයේ ආලෝක වර්ෂ 251ක් දුරින් පිහිටි තාරකාවකි.[43] මෙහි ස්කන්ධය 2.2 M සහ අරය 11 Rකි.එය සතුව එක් ග්‍රහයෙකි, 14 Andromedae b], 2008දී ගවේශනය කරන ලදී.එහි කක්ෂය තාරකා විද්‍යාත්මක ඒකක 0.83ක් මාතෘ තාරකාවට දුරින් වන අතර ස්කන්ධය 4.3 MJ.[44]කි.

ගැඹුරු ආකාශ වස්තූන්

[සංස්කරණය]
M31,ඇන්ඩ්‍රොමීඩාවේ මහා චක්‍රාවාටය

ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලය ගැලෑක්ටික් තලය මත හොදින් පැතිර තිබීම නිසා ,ක්ෂීරපථයෙහි ඇති කිසිදු විවූර්ත තාරකා වලාවක් හෝ නිහාරිකාවක් මෙහි නොමැත.මක්නිසාදයත් අපගේ තාරකා මණ්ඩලයෙහි ඇති දුලි වලාවන් ,තරු පොකුරු ,වායු වලා යන ආදියට එය දුරින් පිහිටීමයි.[5] ඇන්ඩ්‍රොමීඩාවේ වඩාත්ම ප්‍රසිද්ධ ගැඹුරු ආකාශ වස්තුව වන්නේ සර්පිලාකාර චක්‍රාවාට නාමාවලියට අයත් ම'සියර්31 (M31) or NGC 224 වේ,නමුත් වියවහාරයේදී ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය ලෙස තාරකා මණ්ඩලයට භාවිතා කරයි.[45] M31 යනු පියවි ඇසට පෙනෙන දුරිම්ම ඇති අකාශ වස්තුවක් වේ.M31 හි විෂ්කම්භය ආලෝක වර්ෂ 200,000කි.එය ක්ෂීරපථය මෙන් දෙගුණයකි,[46]එහි විශාලත්වය අර්ක්මිනිට 192.4/62.2කි ;[46]බැරල් හැඩති සර්පිලාකාර තාරකා මණ්ඩලය ක්ෂීරපථයට සමාන වේ.විශාලත්වය මැග්නිටියුට් ඒකක 3.5 වූ එය උතුරු ගැබුරු අහසේ දීප්තිමත්ව දක්නට ඇත .[46] ක්‍රි.පූ.964 වන තෙක් ඇන්ඩ්‍රොමීඩාව අවට ඇති කුඩා වලාකුළු හදුනාගෙන නොතිබුණි.[47]අරාබි ජාතික තාරකා විද්‍යාඥයකු වන අල්-සුෆි විසින් ලියනු ලද "බුක් ඔෆ් ෆිස්ඩ් ස්ටාර්" නමැති ග්‍රන්ථය මගින් මෙහි තොරතුරු හෙළි විය.[6][48] ඉන් පසු සෛමන් ම්රියුස් විසින් 1612දී දුරේක්ෂය මගින් නිරීක්ෂණය කරන ලදී.[49]

බ්ලු ස්නෝබෝල් නිහාරිකාව හබල් දුරේක්ෂයට පෙනෙන අයුරු

NGC891 ඇල්මෑච්ට නැගෙනහිරි පිහිටි කුඩා චක්‍රාවාටයකි.එය එක් පසෙකින් බැලීමේදී බැරල් හැඩැති සර්පිලාකාර චක්‍රාවාටයකි.එහි මැදින් පහලට විහිදුනු සුදු පැහැ දුවිලිවලින් සෑදුන රේකා දක්නට ඇත.NGC891 ඇදහිය නොහැකි තරම් නිසලය,කුඩාය ,නමුත් එහි විශාලත්වය මැග්නිටියුට් ඒකක 9.9,[8] සහ එහි මතු පිට දීප්තිය ඒකක14.6 ;[5] එය ආර්ක්මිනිට 13.5 ට 2.8කින් විශාලය.[8] NGC 891 විලියම් සහ කැරලිනා සහෝදරයින් කණ්ඩායම විසින් 1783 අගෝස්තුවේ සොයා ගන්නා ලදී.[46] මෙයට ඇති දුර දල වශයෙන් අලෝක වර්ෂ මිලියන 30ක් පමණ වේ.මෙය එහි වර්ණාවලිය මගින් ගණනය කොට ඇත.[46]

ඇන්ඩ්‍රොමීඩාවේ වඩාත්ම කපීපෙනෙන තරු වලාව NGC 752 ([[කල්ද්වෙල්28) වන අතර විශාලත්වය මැග්නිටියුට් ඒකක 5.7[8] කි.එය ක්ෂීරපථයෙහි ඉසිරී පවතින පළලින් මැග්නිටියුට් ඒකක 49ක විශාලත්වයෙන් යුක්තය.එහි තරු 60ක් පමණ වුවත් දීප්තිමත් තරු 12ක් පමණක් ඇත.දුරේක්ෂයේ අවබලය යටතේ නිරීක්ෂණය කල හැක්කේ නව ගුණයක් විශාලා වූ ඒවා පමණි.[5][22] එය පැහැදිලිව නොපෙනෙන තරු වලාවක් ලෙස සැලකිය හැකිය.[4] ඇන්ඩ්‍රොමීඩාවේ තවත් තරු වලාවක් ලෙස NGC 7686හැදින්විය හැක.එය විශාලත්වයෙන් මැග්නිටියුට් ඒකක 5.6ක් වන අතර එය ක්ෂීරපථයේ කොටසකට අයත්ය.එහි දල වශයෙන් තාරකා 20ක් විෂ්කම්භය අර්ක්මිනිට 15ක් වූ ප්‍රදේශයක පැතිර ඇත.එය NGC752[8]ට වඩා ගනකමින් යුක්තය.

NGC 7662 (කල්ද්වෙල්22).[8]ඇන්ඩ්‍රොමීඩාවේ ඇති ග්‍රහ නිහාරිකාවකි.එය ඉඔටා ඇන්ඩ්‍රොමීඩාවට අංශක 3ක් පමණ නිරත දිගට වන්නට පිහිටා ඇත.එම "බ්ලූ ස්නෝ නිහාරිකාව"[5] ආලෝක වර්ෂ 4000ක් පමණ දුරින් පිහිට ඇත.[50] එය නිශ්චල ,රවුම් හැඩති ,නිල්-කොළ පැහැති වස්තුවක් ලෙස දුරේක්ෂයට නිරීක්ෂණය වේ.එහි විශාලත්වය මැග්නිටියුට් ඒකක 9.2.[5][50]කි.එය ඉලිප්සාකාර තැටියක් ලෙස දිස් වේ.එහි මැද තද පැහැතිය ,මැද තාරකාවේ විශාලත්වය මැග්නිටියුට් ඒකක 13.2 කි.[5][22]නිහාරිකාවේ විශාලත්වය මැග්නිටියුට් ඒකක 9.2 ක් සහ අර්ක්තත්පර 120න් 20 ක් වේ [8]

උල්කාපාත වර්ෂාව

[සංස්කරණය]

ඇන්ඩ්‍රොමීඩිස් උල්කාපාත වර්ෂාව සෑම නොවැම්බර් මාසයකදීම ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලයේ සිට විහිදේ.[51]උපරිම වර්ෂාවක් දක්නට ඇත්තේ නොවැම්බර් මැද සිට අග දක්වාය.නමුත් එම කාලය තුල පැයකට උල්කා දෙකක් පමණ පතිත වන අවස්ථාද ඇත.[52]19වන ශත වර්ෂයේ විනාශ වුනු බයිලාස් වල්ගා තරුව,උල්කාපාත වර්ෂාව සමග සම්බන්ධයක් ඇතැයි තාරකා විද්‍යාඥයන් විශ්වාස කලද එය දැන් බැහැර කොට ඇත .[53] ඇන්ඩ්‍රොමීඩිස් උල්කාපාත වර්ෂාව ඉතා සෙමින් ඇද වැටෙන ස්‌වයංව විනාශ වන වර්ෂාවක් ලෙස සැලකේ.[54] මෙය ඇතැම් විට රතු පැහැ ගිනි බෝලයක්මෙන් දිස් වේ.[55][56] මෙය 19වන ශතකයේ ඇති වූ ප්‍රබල උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකේ;එනම් 1872 සහ 1855 දී එය තත්පරයට උල්කාපාත දෙකක වේගයෙන් පතිත විය. එය 2011 දෙසැම්බර් 3 සිට 5 දක්වා සිනතල් පැයකට සීග්‍රතාවය 50 වු සීග්‍රතාවයකින් පතිත විය.නිරීක්ෂණය කරනු ලැබුණු කිසිම උල්කාපාතයක වල්ගාතරුවල ඇති ද්‍රව්‍ය දක්නට නොලබුණි.නැවත වරක් උල්කාපාත වර්ෂා 2018,2023 සහ 2036දි ඇති විය හැකි බව විශ්වාස කරයි. [57]

සබැදුම්

[සංස්කරණය]

Citations

  1. ^ Rogers, Mediterranean Traditions 1998.
  2. ^ a b Allen 1899, පිටු අංක: 32–33.
  3. ^ a b c d Olcott 2004, පිටු අංක: 22–23.
  4. ^ a b c d e f g h i Moore & Tirion 1997, පිටු අංක: 116–117.
  5. ^ a b c d e f g h i Thompson & Thompson 2007, පිටු අංක: 66–73.
  6. ^ a b c d e f g h i Ridpath, Star Tales Andromeda.
  7. ^ Pasachoff 2000, පිටු අංකය: 132.
  8. ^ a b c d e f g h i j k l m n Moore 2000, පිටු අංක: 328–330.
  9. ^ a b c Staal 1988, පිටු අංක: 7–14, 17.
  10. ^ a b c d e Davis 1944.
  11. ^ a b Bakich 1995, පිටු අංකය: 43.
  12. ^ Bakich 1995, පිටු අංකය: 11.
  13. ^ Pasachoff 2000, පිටු අංක: 128–129.
  14. ^ Russell 1922, පිටු අංක: 469–471.
  15. ^ IAU, The Constellations, Andromeda.
  16. ^ Makemson 1941, පිටු අංකය: 255.
  17. ^ Makemson 1941, පිටු අංකය: 279.
  18. ^ SIMBAD Alpha And.
  19. ^ a b Ridpath & Tirion 2009, පිටු අංක: 61–62.
  20. ^ a b c Odeh & Kunitzsch 1998.
  21. ^ a b SIMBAD Mirach.
  22. ^ a b c d e f g h i j Ridpath 2001, පිටු අංක: 72–74.
  23. ^ a b French 2006.
  24. ^ SIMBAD Gamma1 Andromedae.
  25. ^ SIMBAD Delta Andromedae.
  26. ^ SIMBAD Iota And.
  27. ^ SIMBAD Kappa Andromedae.
  28. ^ SIMBAD Lambda Andromedae.
  29. ^ SIMBAD Omicron Andromedae.
  30. ^ SIMBAD Psi Andromedae.
  31. ^ SIMBAD 37 Andromedae.
  32. ^ ExoPlanet ups And.
  33. ^ SIMBAD Ups And.
  34. ^ SIMBAD Xi Andromedae.
  35. ^ SIMBAD 29 And.
  36. ^ a b Wagman 2003, පිටු අංකය: 240.
  37. ^ SIMBAD 51 And.
  38. ^ SIMBAD 56 And.
  39. ^ SIMBAD R And.
  40. ^ SIMBAD Z And.
  41. ^ RECONS, The 100 Nearest Star Systems.
  42. ^ SIMBAD HH And.
  43. ^ SIMBAD 14 And.
  44. ^ ExoPlanet Planet 14 And b.
  45. ^ Pasachoff 2000, පිටු අංකය: 244.
  46. ^ a b c d e Wilkins & Dunn 2006, පිටු අංක: 348, 366.
  47. ^ Bakich 1995, පිටු අංකය: 51.
  48. ^ Higgins 2002.
  49. ^ Rao 2011.
  50. ^ a b Pasachoff 2000, පිටු අංකය: 270.
  51. ^ Bakich 1995, පිටු අංකය: 60.
  52. ^ Lunsford, Meteor Shower List 2012.
  53. ^ Jenniskens 2008.
  54. ^ Lunsford, Activity Nov 19–23 2011.
  55. ^ Sherrod & Koed 2003, පිටු අංකය: 58.
  56. ^ Jenniskens & Vaubaillon 2007.
  57. ^ Wiegert et al. 2012.

Bibliography

  • Allen, Richard H. (1899). Star Names: Their Lore and Meaning. G. E. Stechert. OCLC 30773662. {{cite book}}: Invalid |ref=harv (help)
  • Bakich, Michael E. (1995). The Cambridge Guide to the Constellations. Cambridge University Press. ISBN 978-0-521-44921-2. {{cite book}}: Invalid |ref=harv (help)
  • Davis, George A., Jr. (1944). "The Pronunciations, Derivations, and Meanings of a Selected List of Star Names". Popular Science. 52: 8. Bibcode:1944PA.....52....8D. {{cite journal}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  • French, Sue (January 2006). "Winter wonders: star-studded January skies offer deep-sky treats for every size telescope". Sky and Telescope. 111 (1). Academic OneFile: 83. {{cite journal}}: Invalid |ref=harv (help) (subscription required)
  • Higgins, David (November 2002). "Exploring the depths of Andromeda". Astronomy. Academic OneFile: 88. {{cite journal}}: Invalid |ref=harv (help)

  • This citation will be automatically completed in the next few minutes. You can jump the queue or expand by hand
  • Hoskin, Michael; Dewhirst, David (1999). The Cambridge Concise History of Astronomy. Cambridge University Press. ISBN 978-0-521-57291-0. {{cite book}}: Invalid |ref=harv (help)
  • Jenniskens, Peter (2006). Meteor Showers and Their Parent Comets. Cambridge University Press. ISBN 978-0-521-85349-1. {{cite book}}: Invalid |ref=harv (help)
  • Makemson, Maud Worcester (1941). The Morning Star Rises: an account of Polynesian astronomy. Yale University Press. {{cite book}}: Invalid |ref=harv (help)
  • Moore, Patrick; Tirion, Wil (1997). Cambridge Guide to Stars and Planets (2nd ed.). Cambridge University Press. ISBN 978-0-521-58582-8. {{cite book}}: Invalid |ref=harv (help)
  • Moore, Patrick (2000). The Data Book of Astronomy. Institute of Physics Publishing. ISBN 978-0-7503-0620-1. {{cite book}}: Invalid |ref=harv (help)
  • Olcott, William Tyler (2004) [1911]. Star Lore: Myths, Legends, and Facts. Courier Dover Publications. ISBN 978-0-486-43581-7. {{cite book}}: Invalid |ref=harv (help)
  • Pasachoff, Jay M. (2000). A Field Guide to the Stars and Planets (4th ed.). Houghton Mifflin. ISBN 978-0-395-93431-9. {{cite book}}: Invalid |ref=harv (help)
  • Rao, Joe (October 2011). "Skylog". Natural History. 119 (9). Academic OneFile: 42. {{cite journal}}: Invalid |ref=harv (help) (subscription required)
  • Ridpath, Ian; Tirion, Wil (2009). The Monthly Sky Guide (8th ed.). Cambridge University Press. ISBN 978-0-521-13369-2. {{cite book}}: Invalid |ref=harv (help)
  • Ridpath, Ian (2001). Stars and Planets Guide. Princeton University Press. ISBN 978-0-691-08913-3. {{cite book}}: Invalid |ref=harv (help)
  • Rogers, John H. (1998). "Origins of the Ancient Constellations: II. The Mediterranean Traditions". Journal of the British Astronomical Association. 108 (2): 79–89. Bibcode:1998JBAA..108...79R.
  • Russell, Henry Norris (October 1922). "The new international symbols for the constellations". Popular Astronomy. 30: 469. Bibcode:1922PA.....30..469R. {{cite journal}}: Invalid |ref=harv (help)
  • Sherrod, P. Clay; Koed, Thomas L. (2003). A Complete Manual of Amateur Astronomy: Tools and Techniques for Astronomical Observations. Dover Publications. ISBN 978-0-486-42820-8. {{cite book}}: Invalid |ref=harv (help)
  • "Hubble Essentials: About Edwin Hubble". HubbleSite. Space Telescope Science Institute. 2008. සම්ප්‍රවේශය 29 April 2012.
  • Staal, Julius D.W. (1988). The New Patterns in the Sky: Myths and Legends of the Stars (2nd ed.). The McDonald and Woodward Publishing Company. ISBN 978-0-939923-04-5. {{cite book}}: Invalid |ref=harv (help)
  • Thompson, Robert Bruce; Thompson, Barbara Fritchman (2007). Illustrated Guide to Astronomical Wonders. O'Reilly Media. ISBN 978-0-596-52685-6. {{cite book}}: Invalid |ref=harv (help)
  • Wagman, Morton (2003). Lost Stars. McDonald and Woodward Publishing. ISBN 978-0-939923-78-6. {{cite book}}: Invalid |ref=harv (help)
  • Wilkins, Jamie; Dunn, Robert (2006). 300 Astronomical Objects: A Visual Reference to the Universe (1st ed.). Firefly Books. ISBN 978-1-55407-175-3. {{cite book}}: Invalid |ref=harv (help)

Online sources

SIMBAD

  • "Alpha And". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 29 April 2012.
  • "Mirach". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 29 April 2012.
  • "Gamma1 Andromedae". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 30 April 2012.
  • "Delta Andromedae". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 29 April 2012.
  • "Iota And". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 30 April 2012.
  • "Kappa Andromedae". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 30 April 2012.
  • "Lambda Andromedae". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 30 April 2012.
  • "Omicron Andromedae". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 30 April 2012.
  • "Psi Andromedae". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 30 April 2012.
  • "37 Andromedae". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 29 April 2012.
  • "Ups And – High proper-motion Star". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 29 April 2012.
  • "Xi Andromedae". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 29 April 2012.
  • "29 And (Pi And)". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 29 April 2012.
  • "51 And". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 30 April 2012.
  • "56 And". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 29 April 2012.
  • "R And". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 30 April 2012.
  • "Z And". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 1 May 2012.
  • "HH And". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 20 May 2012.
  • "14 And". SIMBAD. Centre de données astronomiques de Strasbourg. සම්ප්‍රවේශය 20 May 2012.

වෙනත් භාහිර ගොනු

[සංස්කරණය]

සැකිල්ල:Stars of Andromeda සැකිල්ල:Navconstel Coordinates: Sky map 00h 46m 00s, +37° 00′ 00″