අලවතුගොඩ සමන් දේවාලය

විකිපීඩියා වෙතින්
අලවතුගොඩ සමන් දේවාලය
Alawathugoda Saman Devalaya
මූලික තොරතුරු
පිහිටීමඅලවතුගොඩ, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°24′20.1″N 80°36′26.6″E / 7.405583°N 80.607389°E / 7.405583; 80.607389ඛණ්ඩාංක: 07°24′20.1″N 80°36′26.6″E / 7.405583°N 80.607389°E / 7.405583; 80.607389
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයමහනුවර
පළාතමධ්‍යම පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (8 අප්‍රේල් 2009)[1]
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයදේවාල
ආදිකර්තෘවළගම්බා රජ

අලවතුගොඩ සමන් දේවාලය යනු ශ්‍රී ලංකාවේ අලවතුගොඩ පිහිටි පුරාණ දේවාලයකි. එය සිංහල බෞද්ධ දේවතාවක වූ සුමන සමන් දෙවියෝ වන්දනය වෙනුවෙන් නිර්මාණය කොට ඇත. සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකොට ඇති දේවාල අතුරින් තෙවන වැදගත්ම දේවාලය ලෙස අලවතුගොඩ දේවාලය සැළකේ.[2] මෙම පුදබිමෙහි ඉතිහාසය අනුරාධපුර යුගයේ වළගම්බා රාජ සමය (ක්‍රි.පූ. 89-77) තෙක් දිවයන බැව් පැවසේ.[2] පසුකාලීන පෘතුගීසී යටත් විජිත සමයේ මෙම දේවාලය විනාශකර දමනු ලැබූවත්, 1814දී නැවත එය ගොඩනංවන ලදී. වර්තමානයේ මෙම පූජා ස්ථානය ශ්‍රී ලංකා රජය විසින් දිවයිනෙහි ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නිල වශයෙන් නම් කොට තිබේ. 2009 වසරේ අප්‍රේල් 8වන දින අංක 1597 දරණ ගැසට් පත්‍රය මගින් මෙම නම් කිරීම සිදුකරන ලදී.[3]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගැසට් 1597 8 අප්‍රේල් 2009, පිටු අංකය: 445.
  2. 2.0 2.1 "අලවතුගොඩ පුරාණ සමන් දේවාලය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
  3. "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2016.
"https://si.wikipedia.org/w/index.php?title=අලවතුගොඩ_සමන්_දේවාලය&oldid=399610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි