Jump to content

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

විකිපීඩියා වෙතින්
ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනය
Agency overview
ආරම්භ කරේ 1890
පාලනය ශ්‍රී ලංකා රජය
මූලස්ථාන කොළඹ
වෙබ් අඩවිය
නිල වෙබ් අඩවිය

ශ්‍රී ලංකාවේ පුරාවස්තු සංරක්‍ෂණය කිරීමත් ඒ පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීමට පැවරී තිබෙන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. වර්ෂ 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥාපනතින් දමම දෙපාර්තමේන්තුව නීතිගතකර ඇත. මෙහි ප්‍රධානියා වූයේ පුරාවිද්‍යා ‍කොමසාරිස්තුමාය. නමුත් වර්ෂ 1990 වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 100 පිරීම නිමිත්තෙන් පුරාවිද්‍යා කොමසාරිස් යන ධුරය පුරාවිද්‍යා අධයක්‍ෂක ජනරාල් යනුවෙන් වෙනස් කරන ලදී. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානියා හඳුන්වන්නේ පුරාවිද්‍යා අධ්‍යන්‍ෂක ජනරාල් වශයෙනි. වර්ෂ 1890 ජූලි 07 දා ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ දිනය නිමිති කරගනිමින් ජූලි මස 07 දා සෑම වසරකදීම පුරාවිද්‍යා දිනය සමරනු ලබයි. 2007 වසර වනවිට මෙම ආයතනය ආරමිභ කර වසර 117කි. එහිදී මෙම පුරාවිද්‍යා දිනය සතියක් පුරාවට සැමරීම ලාංකිකයන් විසින් විසින් සිදුකරනු ලබයි. එහිදී මෙම ඒ ඒ වසරයන්හිදි විවිධ තේමාවන් යටතේ මෙය සමරනු ලබයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්

[සංස්කරණය]

ආරම්භයේදී සිටම මේවනතෙක් බොහෝ කොමසාරිස්වරු හා අධ්‍යක්‍ෂක ජනරාල්වරුන් නිල බලය දරන ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන ප්‍රධානීයා ඇතුළුව මුල් ප්‍රධානීන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

නමසිටතෙක්විස්තරපිංතූරය
එස්. එම්. බරෝස්18841886
එච්.සී.පී. බෙල්18901892
ලීවර්ස්18921892වැඩබලන
එච්.සී.පී. බෙල්18931912
ආර්. අයර්ටන්19121913
බී. කොන්ස්ටන්ටයින්19131914වැඩ බලන
එච්.ආර්. ෆ්‍රීරීමන් මහතා19141918වැඩ බලන
එෆ්. ජී. ටිරල්19181920වැඩ බලන
ඒ. ඩබ්ලිව්.සීමර්19201921වැඩ බලන
ජී.එෆ්.ආර්. බ්‍රවුනිං19211922වැඩ බලන
ඒ.එම්. හොකාර්ට්19221923
ඒ.එම්. හොකාර්ට් සහ එෆ්. බාර්ට්ලට්19231924වැඩ බලන
එම්. වෙඩර්බර්න් සහ ඊ.ආර්. ෂඩ්බරි19241925වැඩ බලන
ඒ.එම්. හොකාර්ට්19251927
ඊ.ටී. ඩයිසන්19271928වැඩ බලන
සී.එෆ්.වින්සර්19281929වැඩ බලන
ජේ. පියර්සන්19291930වැඩ බලන
සී.එෆ්. වින්සර්19301931වැඩ බලන
සෙනරත් පරණවිතාන19311934වැඩ බලන, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රි ලාංකික ප්‍රධානීයා
ඒ.එච්. ලෝංග්හර්ස්ට්19341939
ආචාර්ය සෙනරත් පරණවිතාන19401956
ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර19561967
ආචාර්ය ආර්.එච්. ද සිල්වා19671979
ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න19791983
ආචාර්ය රෝලන්ඩ් සිල්වා19831990
එම්.එච්. සිරිසෝම19901992
ආචාර්ය එස්. යූ. දැරණියගල19922001
ආචාර්ය ඩබ්.එච්. විජයපාල20012004
ආචාර්ය සෙනරත් දිසානායක2004

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]