අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

විකිපීඩියා වෙතින්

අන්තරේ ලෙසින්ද හැඳින්වෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (ඉංග්‍රීසි: Inter University Students' Federation) යනු ශ්‍රී ලංකාවේ ස්වාධීන ශිෂ්‍ය සංගමයකි. පවතින රජයන්ගෙ දූෂණ ක්‍රියාවලට එරෙහිව ඔවුන් දැඩිව හඩනගන අතර රාජ්‍ය මර්ධනය ඔවුන් වෙත නිරතුරුවම එල්ල වේ. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ බලය හොබවන අවදියේ ඔවුන් කිහිපදෙනෙක් ඝාතනයට ලක්විය.[1][2][3][4]

සමාලෝචනයහ[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල සතරක මහා ශිෂ්‍ය සංගම් වෙතින් අවිශිබ සමන්විත වෙයි. ඒවා නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලය යන ඒවා වෙති. අනෙකුත් විශ්වවිද්‍යාලයන්හී සමහරක් ශිෂ්‍ය සංගම්ද අවිශිබ යටතෙහි පවතිති. බලමණ්ඩලයේ එකම නිලධාරියා කැඳවුම්කරු ලෙසින් හැඳින්වෙයි. බලමණ්ඩලය වෙනුවෙන් සමස්ත පරිපාලනමය සහ නීතිමය කෘත්‍යයන් සඳහා උර දෙන්නේ කැඳවුම්කරු විසිනි. අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයද අබිශිබ හා අනුබද්ධිත සංවිධානයකි.

ඉතිහාසය[සංස්කරණය]

1970 ගණන් වලට පෙරාතුව, ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ප්‍රධාන වශයෙන් අනුබද්ධ වූයේ ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි වාමාංශික දේශපාලන පක්ෂ හා සමගිනි. එනමුදු ජවිපෙ විසින් නායකත්වය සැපයුණු 1971 මාක්ස්වාදී තරුණ කැරැල්ල හා සමගින්, රටෙහි විශ්වවිද්‍යාල සිසුන් අතර ආධිපත්‍යක ස්ථාපිතයක් දිනා ගැනුමට ජවිපෙ සමත් විය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකා මාර්ක්සිස්ට් ස්ටුඩන්ට් යූනියන් ලොජර්ස් කම්ප්ලේන්ට් විත් එච්ආර්සී". කලම්බු පේජ්. 2010. සම්ප්‍රවේශය 2010-08-01.
  2. "පලීස් රිප්‍රෙෂන් අන්ලීෂ්ඩ් අගේන්ස්ට් ශ්‍රී ලංකන් යුනිවර්සිටි ස්ටූඩන්ට්ස්". ට්‍රාන්ස් කරන්ට්ස්. 2009. සම්ප්‍රවේශය 2010-08-01.
  3. "ශ්‍රී ලංකන් රෙජීම් කීප්ස් ස්ටූඩන්ට් යූනියන් කන්වීනර් ඩිටේන්ඩ්". සමාජ සාධාරණත්වය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ. 2009. සම්ප්‍රවේශය 2010-08-01.
  4. "ප්‍රසිඩන්ට් මූව්ස් ටු ස්ටොප් ස්ටූඩන්ට් ස්ට්‍රයික්". ද සන්ඩේ ටයිම්ස්. 2010. සම්ප්‍රවේශය 2010-08-01.

බාහිර සබැඳි[සංස්කරණය]