Jump to content

අටුවා

විකිපීඩියා වෙතින්

ථේරවාද ත්‍රිපිටකයට සබැඳිව පාලි බසින් ඉතා ඈත අතීතයේ ලියවුනු පොත් එකතුවකි. මේවා හෙල අටුවා වල පාලි පරිවර්ථන වේ.

අටුවාද ත්‍රිපිටකය මෙන්ම දඹදිව තුන්සංගායනාවටම නගා ඇත.[තහවුරු කර නොමැත] එසේ තුන්සංගායනාවටම නැගූ පාලි සඟි අටුවා හෙවත් මහා අටුවාව අනුබුද්ධ මහා මහින්ද ස්ථවිරයන් විසින් සිංහල රහතුන්ට ස්වකීය භාෂාවෙන් උගන්වා ඇත[තහවුරු කර නොමැත] . මෙසේ හෙලටුවා බිහිවිය[තහවුරු කර නොමැත] . ලෝසතුන්ගේ හිත පිණිස අටුවා නැවත පාලියට පරිවර්ථනය කිරීම පිණිසම මෙලොව පහල වූ[තහවුරු කර නොමැත] බුද්ධගෝෂ ස්ථවිරපාදයන් වහන්සේ විසින් මේවා මහාවිහාරයේ ග්‍රන්ථකාර පිරිවෙනේ වෙසෙමින් එහි භික්ෂූන්ගේ අධීක්ෂණය යටතේ පාලියට පරිවර්ථනය කොට ඇත. ඒ අනුව මේ වන විට අප අතට පත්ව ඇත්තේ මහසඟි අටුවාවේ හෙවත් බුද්ධ භාෂිත අටුවාවේ තෙවැනි පරපුරට අයත් අටුවාවන්‍ ය[තහවුරු කර නොමැත] .

සූත්‍ර පිටකය

[සංස්කරණය]

සූත්‍ර පිටකය - සතර මහා නිකාය

ත්‍රිපිටක කොටසඅටුවාවඅටුවාචාරී
දීඝ නිකායසුමංගල විලාසිනීබුද්ධඝෝස හිමි
මජ්ඣිම නිකායපපංච සූදනීබුද්ධඝෝස හිමි
සංයුත්ත නිකායසාරාත්‍ථප්පකාසිනීබුද්ධඝෝස හිමි
අංගුත්තර නිකායමනෝරථ පූරණීබුද්ධඝෝස හිමි

සූත්‍ර පිටකය - ඛුද්දක නිකායේ ඛුද්දක ග්‍රන්ථ

ත්‍රිපිටක කොටසඅටුවාවඅටුවාචාරී
ඛුද්ක පාඨපරමත්‍ථ ජොතිකාබුද්ධඝෝස හිමි
සුත්ථ නිපාතපරමත්‍ථ ජොතිකාබුද්ධඝෝස හිමි
ජාතක පාලිජාතකකට‍්ඨකථාබුද්ධඝෝස හිමි
ධම්මපදධම්මපදට‍්ඨකථාබුද්ධඝෝස හිමි
උදාන පාලිපරමත්‍ථ දීපනීධම්මපාල හිමි
ඉතිවුත්තක පාලිපරමත්‍ථ දීපනීධම්මපාල හිමි
විමාන වත්‍ථුපරමත්‍ථ දීපනීධම්මපාල හිමි
පෙත වත්‍ථුපරමත්‍ථ දීපනීධම්මපාල හිමි
ථෙර ගාථා පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
ථෙරි ගාථා පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
චරියා පිටකපරමත්‍ථ දීපනීධම්මපාල හිමි
නෙත්ති ප්‍රකරණනෙත්තී අට්ඨකතාධම්මපාල හිමි
නිදේදසසධ්ධම්මපජ්ජොතිකාඋපසේන හිමි
පටිසමහිදාසධ්ධම්මප‍්පකාසිනීධම්මපාල හිමි
බුද්ධ වංසමධුරත්‍ථප්පකාසිනීබුද්ධත්ත හිමි
අපදානවිසුද්ධ ජන විලාසිනීමහානාම හිමි

විනය පිටකය

[සංස්කරණය]

පාරාකජිකා පාලි, පාචිත්තිය පාලි, චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි, පරිවාර පාලි යන විනය ග්‍රන්ථ පහටම කරන ලද අටුවාව නම් සමන්තපාසාදිකාවයි.

භික්ඛු පාතිමොක්ඛයටත්, භික්ඛුණි පාතිමොක්ඛයටත් කංඛාවිතරණී මාතිකට්ඨකතාව නම් වූ අටුවාව කොට ඇත. මේ ද්විත්වයම පරිවර්ථනය කර ඇත්තේ භදන්තාචරිය බුද්ධගෝෂ ස්ථවිරයන් විසිනි.

අභිධර්ම පිටකය

[සංස්කරණය]
ත්‍රිපිටක කොටස අටුවාව අටුවාචාරී
ධම්මසංගණීප්පකරණ අත්ථසාලිනී බුද්ධඝෝස හිමි
විභංගප්පකරණ සම්මෝහවිනෝදනී බුද්ධඝෝස හිමි
කථාවත්ථූප්පකරණ පරමත්තදීපනී

(පඤ්චප්පකරණට්ට කථා)

බුද්ධඝෝස හිමි
ධාතුකථාප්පකරණ
පුග්ගලපඤ්ඤත්තිප්පකරණ
යමකප්පකරණ
පට්ඨානප්පකරණ

බුද්ධඝෝස හිමියන් විසින් කරනලද අටුවා රාශියට ආශ්‍රය කරගෙන ඇත්තේ මහාට්ඨකථා, මහාපච්චරියට්ඨකථා, කුරුන්දට්ඨකථා, සංඛේපට්ඨකථා, අන්‍ධකට්ඨකථා යන මේ හෙල අටුවා පසය. එයිනුත් මහාට්ඨකථාව විශේෂ වශයෙන් උපකාර කරගෙන ඇති බව පෙනේ.

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  • අත්තුඩාවේ ශ්‍රී රාහුල හිමි (2000). අට‍්ඨකථා සාහිත්‍යය හා අටුවා රසකතා. බෞද්ධ සංස්කාතික මධ්‍යස්ථානය. ISBN 955-8129-60-7.
  • බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අටුවා පරිවර්ථනයන්හී ප්‍රස්ථාවනාව.(කිරම විමලජෝති හිමි)
"https://si.wikipedia.org/w/index.php?title=අටුවා&oldid=684681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි