Jump to content

"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
42 පේළිය: 42 පේළිය:


==සංස්කෘතික බලපෑම==
==සංස්කෘතික බලපෑම==
එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. ඉන්දියාවේ [[දුශේරා]] නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වනු ලැබේ.https://www.tourmyindia.com/genral_information/fair_festival/dussehra.html
එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. ඉන්දියාවේ [[දුශේරා]] නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වනු ලැබේ.<ref>https://www.tourmyindia.com/genral_information/fair_festival/dussehra.html/</ref>


==''පෙලපත''==
==''පෙලපත''==

18:14, 20 අප්‍රේල් 2020 තෙක් සංශෝධනය

රාවණ රජ
මහ රජ
බ්‍රිතාන්‍යය කෞතුකාගාරය තුල පවතින 18 වන සියවසට අයත් රාවණ ප්‍රතිමාව[1]
රාජ්‍ය සමයත්‍රේතා යුග
අනුප්‍රාප්තිකයාවිභීෂණ
වල්ලභයාමන්දෝදරී බිසව
පියාවිශ්‍රාවාස මුණි
මවකෛකේෂි දේවි


රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන චරිතයකි.

මුලින් සදහන් කල පරිදි රාවණ වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය.රාවණ රජු යනු ලංකා අධිරාජ්‍ය පාලනය කෙරු ශිව දෙවිඳුන්ගේ මහා භක්තිකයෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස රාම සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවණව වානර හමුදාවක් සමගින් එන රාම විසින් රාවණගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් සංහාරය කර දමනු ලැබේ.[2]

රාමායණ වෘතාන්තය තිබෙන තොරතුරු අපට එක් වරම බැහැර කළ නොහැකිය. වර්තමානයේ රාමායණය තුළ එන සිදු වීම් වලට අදාල පුරාවිද්‍යා සාධක කිහිපයක්ද සොයාගෙන තිබේ.[3]

බිසාරක් හී හින්දු ජනතාව රාවණ රජු එම ග්‍රාමයේ ජන්මය ලබා ඇති බව විශ්වාස කරමින් ඔහුව වන්දනා කරයි.[4][5][6] එමෙන්ම රාවණ රජු පිළිබඳ විස්තර මහායාන සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රය සහ ජෛන ධර්මයේ කෘතියක් වන ජෛන රාමායණය තුළද දක්වා ඇත.

රාමායණය

රාමායණ ග්‍රන්ථ 300කට අධික ප්‍රමාණයක් ඇත. එයින් මුඛ්‍ය ග්‍රන්ථය වන වාල්මිකි රාමායණයට අනුව රාවණ රජු යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්‍රහ්මා වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ. රාමායණයට අනුව රාම කුමරු සිය බිරිද වන සීතා සහ සොහොයුරු වන ලක්ෂ්මණ සමග වනගත ව සිටින අතරක සූර්පණකා නම් රාවණගේ නැගණිය සීතාට දේවියට හිරිහැර කරයි. එවිට ලක්ෂ්මණ ඇයගේ කන්, නාසා සහ පියයුරු අසිපතෙන් කපා දමයි. සූර්පණකා රාවණ හමුවට ගොස් තමාට සිදුකළ දෙය ගැන පවසයි. එහි දී ඇය සීතා කුමරිය ගැන කරන විස්තරය අසන රාවණ රජු ඇගේ සුන්දරත්වයෙන් වශී වේ. ඇය සිය මෙහෙසියක කරගැනීමේ අදහසින් සිය දඩුමොණරයෙන් යන ඔහු රාමා සහ ලක්ෂ්මණ උපක්‍රමයෙන් බැහැරට යවා තවුස් වෙසකින් සීතා හමුවට පැමිණ සිය දඩුමොණරයට නංවාගෙන එයි. එනමුත් අග්ණි පුරාණයට අනුකූලව සිතා කුමරිය අග්නි දෙවියන්ට කන්නලව් කර එම ශක්තියෙන් තමා වැනි ප්‍රතිරූපයක් නිර්මාණය කර එම ස්ථානයෙන් අතුරුදහන් වෙයි.[7] ඡායා සිතාව රැගෙන ලංකාපුරයට පැමිණි රාවණ රජු ඇයව අශෝක වනයේ සිර කර තබයි. සීතා දේවිය ගෙනගිය මග සොයා ගන්නා රාම කුමරුන් ස්‍රග්‍රීව නම් වානර නායකයාගේ සහායෙන් හනුමන්තා ඇතුලු වානර සේනාවක් රැගෙන විත් රාවණ සමග සටන් වදී. රාවණ සමග ගැටුමක් ඇතිකරගන්නා ඔහුගේ සොහොයුරකු වන විභීෂණ රාජ්‍යයට හතුරු වී රාම සමග එක්වෙයි. ඊට කලගුණ සැලකීමක් වශයෙන් රාම රාවණගේ මරණින් පසු ඔහු ව ලංකාවේ රජු ලෙස පත්කරයි. රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.[8]

ශිව දෙවි බැතිමතෙක් ලෙස

රාවණ රජු කෛලාෂ පර්වතය එසවීමට යාමේදි ශිව සහ පාර්වතී දේවිය එය නවත්වන අකාරය.

රාවණ රජු හැඳින්වෙන්නේ ශිව දෙවිඳුන්ගේ විශිෂ්ටතම බැතිමතා ලෙසයි. ජනප්‍රවාදයන්ට අනුකූලව ඉතා ප්‍රචලිත ශිව තාණ්ඩව ස්තෝත්‍රයේ කර්තෘවරයා වනේ ලංකේෂ්වර රාවණ රජුය. රාවණානුග්‍රහ මූර්තියෙන් සංකේතවත් වන්නේ රාවණ රජු කෛලාෂ පර්වතයට ගොස් ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කරන අකාරයයි. එමෙන්ම රාවණ රජු විසින් ලංකාවෙහි පංච ඊශ්වර නමින් ශිව ලිංග 5ක් තැන්පත් කර ඇති බවට විශ්වාසයක් පවති.[9][10][11] එනම්,

  • කොනේශ්වරම්
  • නගුලේශ්වරම්
  • මුන්නේශ්වරම්
  • කිතේශ්වරම්
  • තොණ්ඩේශ්වරම්

දුර්ගා මාතාවගේ බැතිමතෙක් ලෙස

ඉතාමත් පැරණි මූලාශ්‍ර තුළ දැක්වෙන පරිදි රාවණ රජු බ්‍රහස්පති මුණි හට දේවී මහත්ම්‍යම් තුළ එන චණ්ඩි මන්ත්‍ර ජප කරන්නට අණ දෙනු ලබනවා. කෘත්තිවාස ලියවිලි වලට අනුව රාවණ රජු සමඟ චණ්ඩි හෝමයක් පවත්වන අතර එයට බ්‍රහස්පති මුණිටද ආරාධනා කරනු ලබනවා.[12] එමෙන්ම මහාභාගවත පුරාණයේ දැක්වෙන පරිදි රාවණ රජු ලංකේශ්වරි දේවියගේ පරම බැතිමතෙක් වන අතර ඇයව ලංකාපුරයේ කුල දෙවඟන ලෙස වන්දනාමාන කළේය [13]

සංස්කෘතික බලපෑම

එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. ඉන්දියාවේ දුශේරා නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වනු ලැබේ.[14]

පෙලපත

රචිත බවට විශ්වාස කෙරෙන ග්‍රන්ථ

☺ශිවාලිඛිතය ☺අග්නිත්රාන්ත මේවා සියල්ල සංස්කෘතයෙන් රචිත කෘති වන අතර ඇතැම් තැනක පෘතුගීසි වදන් ද තිබේ.නමුත් මෙම කෘති සත්‍ය වශයෙන්ම රාවණ රජු විසින් රචිත යැයි සැලකීමට නොහැක.එහෙත් හින්දුන් විසින් එය රාවණ රජුට ආදේශ කර තිබේ.

මූලාශ්‍ර

  1. https://annamarcella.wordpress.com/2014/03/03/ravana-the-10-headed-demon/
  2. https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/
  3. https://in.musafir.com/Blog/evidences-that-the-ramayana-may-have-actually-happened.aspx/
  4. "Only the elderly come to mourn Ravana in 'birthplace' Bisrakh". The Indian Express. 4 October 2014. සම්ප්‍රවේශය 14 June 2016.
  5. "Ravana in Noida: A book on Greater Noida". hindustantimes.com. 15 March 2014. සම්ප්‍රවේශය 14 June 2016.
  6. "Bisrakh seeks funds for Ravan temple - Times of India". The Times of India. සම්ප්‍රවේශය 14 June 2016.
  7. https://en.wikipedia.org/wiki/Maya_Sita/
  8. https://valmikiramayan.net/
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; HLtoSL නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. Indrapala, Karthigesu (2007). The evolution of an ethnic identity: The Tamils in Sri Lanka C. 300 BCE to C. 1200 CE. Colombo: Vijitha Yapa. p. 324. ISBN 978-955-1266-72-1.
  11. Jonathan Forbes; George Turnour (1840). "WORSHIP OF EISWARA". Eleven years in Ceylon: Comprising sketches of the field sports and natural history of that colony, and an account of its history and antiquities, Volume 2. p. 43–44.
  12. Genesis and Evolution of the Rāma Kathā in Indian Art, Thought, Literature, and Culture: From the Earliest Period to the Modern Times, Volume 2 By Shanti Lal Nagar
  13. https://tulsidas-ram-books.weebly.com/uploads/2/1/7/4/21746472/devi_puran.pdf/
  14. https://www.tourmyindia.com/genral_information/fair_festival/dussehra.html/

තවද බලන්න

"https://si.wikipedia.org/w/index.php?title=රාවණා_රජ&oldid=451362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි