Jump to content

"පිංගා (ගීතය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'{{Infobox song | Name = පිංගා | Cover = Pinga cover.jpg | Caption = දීපිකා පඩුකෝන්...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:26, 11 ඔක්තෝබර් 2017 තෙක් සංශෝධනය

"පිංගා"
දීපිකා පඩුකෝන් සහ ප්‍රියංකා චොප්රා නිරූපිත ගීතයේ නිල කවරය
ගීතය ගයන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ වෛශාලි මාදේ
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි
භාෂාවහින්දි
මුදාහැරුණේ16 නොවැම්බර් 2015 (2015-11-16)
පටිගත කළේවාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි
ගණයලාවණි, ෆිල්මි
දිග4:16
ලේබලයඊරෝස් නව්
ගීතරචක(යන්)සිද්ධාර්ත්-ගරීමා
Producer(s)
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing
  1. "දීවානි මස්තානි"
  2. "ආයත්"
  3. "මල්හාරි"
  4. "මෝහේ රන්ග් දෝ ලාල්"
  5. "අල්බේලා සජන්"
  6. "අබ් තෝහේ ජානේ නා දූන්ගි"
  7. "පිංගා"
  8. "ආජ් ඉබාදත"
  9. "ෆිටූරි"
  10. "ගජනානා"
සංගීත වීඩියෝ
"පිංගා" යූ ටියුබ් වෙත

"පිංගා" (හින්දි: पिंगा) යනු 2015 බ්ලොක්බස්ටර[1] බොලිවුඩ් චිත්‍රපටයක් වන බාජිරාඕ මස්තානි තුළ අන්තර්ගත ගීතයකි. මෙම ගීතය නිර්මාණය කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. එය ගායනා කරන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ වෛශාලි මාදේ විසිනි.උපුටාදැක්වීම් දෝෂය: <ref> ටැගය සොයාගත නොහැකි බැවින් </ref> වසා දමමින් ගීතයේ වීඩියෝවෙහි දීපිකා පඩුකෝන් සහ ප්‍රියංකා චොප්රා රංගනයේ යෙදෙයි. මෙහි නර්තන රචනය සිදුකරන ලද්දේ රෙමෝ ඩි'සූසා විසිනි.[2] මෙම චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු අතර, මෙම ගීතය දෙමළෙන් "මිනාදි මින්නල්" යනුවෙන් ද,[3] තෙලිඟු බසින් "බංගාරි පෝරි" ලෙස ද[4] මුදාහැරිණි. මෙහි හින්දි ප්‍රභේදය 2015 නොවැම්බර් 16 දින නිකුත් කෙරිණි. මෙම ගීතයේ ප්‍රභේද ත්‍රිත්වයටම ශ්‍රේයා ඝෝෂාල් සිය හඬ මුසුකළා ය. දෙමළ ප්‍රභේදය සඳහා ඇයට අමතරව නීති මෝහන්, දීප්ති රෙගේ, අර්චනා ගෝරේ සහ ප්‍රගති ජෝෂි ගායනයෙන් දායක වූහ. එසේම තෙලිඟු ප්‍රභේදය සඳහා ඝෝෂාල් සමග නීති මෝහන්, මයුරි පත්වර්ධන්, අර්චනා ගෝරේ සහ ප්‍රගති ජෝෂි දායම වූහ.

මෙහි දෙමළ ප්‍රභේදයේ පද රචනය මදන් කාර්කි විසින් ද, තෙලිඟු ප්‍රභේදයේ පද රචනය රාමජෝගයියා සාස්ත්‍රි විසින් ද සිදුකරන ලදී.


මේවාත් බලන්න

ආශ්‍රේයයන්

  1. ^ "Bajirao Mastani declared Blockbuster". DekhNews. සම්ප්‍රවේශය 7 February 2016.
  2. ^ "Sanjay Leela Bhansali gets Remo D'Souza to shed his urban choreographer image with 'Pinga'". Times of India. සම්ප්‍රවේශය 11 October 2017.
  3. ^ "Pinga: Tamil Version". Saavn. සම්ප්‍රවේශය 11 October 2017.
  4. ^ "Pinga: Telugu Version". Saavn. සම්ප්‍රවේශය 11 October 2017.

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=පිංගා_(ගීතය)&oldid=408345" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි