හිමාලය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.
එවරස්ට් කන්ද, K2 වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැංසි, කහ ගඟ වැනි ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති.