ව්‍යවහාරික මනෝ විද්‍යාව

විකිපීඩියා වෙතින්
(Applied psychology වෙතින් යළි-යොමු කරන ලදි)

මානසික සෞඛ්‍යය , ව්‍යාපාර පාලනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, භාණ්ඩ නිර්මාණකරණය, නීතිය වැනි ක්ෂේත්‍රයන්හි පවතින ගැටළු නිරාකරණය සඳහා මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත සහ මූලධර්ම යොදවා ගැනීම ව්‍යවහාරික මනෝවිද්‍යා තුළ සායනික මනෝවිද්‍යාව, කාර්මික මනෝවිද්‍යාව, මිනිස් සාධක, අධිකරණ මනෝවිද්‍යාව, ඉංජිනේරු මනෝවිද්‍යාව, පාසැල් මනෝවිද්‍යාව, ව්‍යවහාරික සමාජ මනෝ විද්‍යාව, ව්‍යවහාරික ප්‍රජානන මනෝ විද්‍යාව, ක්‍රීඩා මනෝවිද්‍යාව, සහ ප්‍රජා මනෝවිද්‍යාව වැනි අංගයන් ඇතුළත් වේ. මීට අමතරව මනෝවිද්‍යාවේ පොදුවේ ගත් කළ එහි විශේෂිත ක්ෂේත්‍රවල ද ප්‍රායෝගික කොටසක් ඇතුළත් කර ඇත.

හ්‍යුගෝ මන්ස්ටර්බර්ග් ව්‍යවහාරික මනෝවිද්‍යාවේ එක් පුරෝගාමියෙක් වෙයි. මෙම ජර්මානු ජාතිකයා 1800 අග භාගයේ දී දර්ශනවාදය අධ්‍යයනය කරමින් (අන් බොහෝ මනෝවිද්‍යාඥයින්ට සමාන වන ලෙස) ඇමරිකාවට පැමිණි පුද්ගලයෙකි. මොහු සමාජ මනෝවිද්‍යාව, අධිකරණ මනෝවිද්‍යාව , purposive psychology යන දෑ කෙරේ වැඩි කැමැත්තක් දැක්විය. ඔහු විසින් 1907 වසරේ දී සාක්ෂිවල නීතිමයභාවය පාපොච්ඡාරණය සහ අධිකරණ සභාවේ ක්‍රියාකාරීන් යන දෑ පිළිබඳ ලිපි ගණනාවක් ලියා ඇත. ඊට පසු වසරේ දී ඔහු හාවර්ඩ් හි මනෝවිද්‍යාත්මක පර්යේෂණාගාරයකට සම්බන්ධව කටයුතු කරන ලදී. ඉන් පසුව වසර 9ක් තුළ ඔහු ඉංග්‍රීසි අධ්‍යාපනය තුළ ප්‍රායෝගික මනෝවිද්‍යාව , කර්මාන්තකරණයේ කාර්යක්ෂමතාවය, ව්‍යාපාරකරණය, ඉගැන්වීම යන මාතෘකා ඔස්සේ ග්‍රන්ථ 8කට දායක වී ඇත. මෙලෙස හ්‍යුගෝ මස්ටන්බර්ගේ පුළුල් දායකත්වය නිසා අපට මොහු ප්‍රායෝගික මනෝවිද්‍යාවේ නිර්මාතෘ ලෙස හැඳින්විය හැක.