2022 ආසියානු කුසලාන අවසන් මහා තරගය

විකිපීඩියා වෙතින්
2022 ආසියානු කුසලාන අවසන් තරගය
ශ්‍රී ලංකාව පකිස්ථානය
ශ්‍රී ලංකාව පකිස්ථානය
170/6 147
ඕවර 20 ඕවර 20
ශ්‍රී ලංකාවට ලකුණු 23ක ජයක්
දිනය2022 සැප්තැම්බර් 12
ස්ථානයඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායි
තරගයෙහි වීරයාශ්‍රී ලංකාව භානුක රාජපක්ෂ
විනිසුරුවන්ඉන්දියාව අනිල් චෞද්රි සහ බංගලාදේශය මසුදුර් රහ්මාන්

2022 ආසියානු කුසලාන අවසන් මහා තරගය විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් වන 2022 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය වූ අතර එය 2022 සැප්තැම්බර් 11 වන දින ඩුබායි හිදී පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්විය.[1] ඉන්දියාව පසුගිය ශූරයන් වූ අතර,[2] සුපිරි හතර අදියරෙන් ඉවත් විය.[3] පාකිස්තානය ලකුණු 23කින් පරාජය කළ ශ්‍රී ලංකාව සිය 6 වැනි ශූරතාව දිනා ගැනීමට සමත් විය.

පසුබිම[සංස්කරණය]

සුදුසුකම් ලැබීමේ තරඟාවලිය 2020 ජූලි මාසයේදී කල් දමා තිබුණි.[4] 2021 මැයි මාසයේදී, ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 දී ආසියානු කුසලානයක් නොපැවැත්වෙන බව තහවුරු කරන ලද අතර, එම තරඟාවලිය 2023 දක්වා කල් තබන ලදී.[5] 2021 ඔක්තෝම්බර් මාසයේදී, ආසියානු ක්‍රිකට් කවුන්සිලය සමඟ පැවති රැස්වීමකින් අනතුරුව, රමිස් රාජා විසින් 2023 වසරේ පහත තරඟාවලිය සඳහා සත්කාරකත්වය සපයනු ලබන අතර, ශ්‍රී ලංකාව 2022 සංස්කරණයේ සත්කාරකත්වය දරනු ඇති බව තහවුරු කළේය.[6] 2022 අගෝස්තු මාසයේදී සුදුසුකම් ලැබීමේ තරඟාවලියක් ක්‍රීඩා කරන ලදී.[7]

2022 ජූලි 17 වන දින, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ රට පුරා මහජන විරෝධතා හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කළේ තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන බවයි.[8][9]

අවසන් තරගය දක්වා[සංස්කරණය]

 පකිස්තානය අධියර  ශ්‍රී ලංකාව
ප්‍රතිවාදීන් ප්‍රතිඵලය කණ්ඩායම් අදියර ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
 ඉන්දියාව පරාජ තරගය 1  ඇෆ්ගනිස්තානය පරාජ
 හොංකොං ජය තරගය 2  බංග්ලාදේශය ජය
"ඒ" කාණ්ඩය ප්‍රසාද වගුව
කණ්ඩායම තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 ඉන්දියාව 2 2 0 0 4 1.096
 පකිස්තානය 2 1 1 0 0 3.811
 හොංකොං 2 0 2 0 0 -4.875
ප්‍රසාද ලකුණු සැකැස්ම "බී" කාණ්ඩය ප්‍රසාද වගුව
කණ්ඩායම තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 ඇෆ්ගනිස්තානය 2 2 0 0 4 2.467
 ශ්‍රී ලංකාව 2 1 1 0 2 -2.233
 බංග්ලාදේශය 2 0 2 0 0 -0.576
ප්‍රතිවාදීන් ප්‍රතිඵලය සුපිරි හතර ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
 ඉන්දියාව ජය තරගය 1  ඇෆ්ගනිස්තානය ජය
 ඇෆ්ගනිස්තානය ජය තරගය 2  ඉන්දියාව ජය
 ශ්‍රී ලංකාව පරාජ තරගය 3  පකිස්තානය ජය
සුපිරි හතර ප්‍රසාද වගුව
කණ්ඩායම තරග ජය පරාජ සම/විනැ ප්‍රසාද ශුලවේ
 ශ්‍රී ලංකාව 3 3 0 0 6 0.701
 පකිස්තානය 3 2 1 0 4 -0.279
 ඉන්දියාව 3 1 2 0 2 1.607
 ඇෆ්ගනිස්තානය 3 0 3 0 0 -2.006

තරගය[සංස්කරණය]

තරග නිළධාරීන්[සංස්කරණය]

සාරාංශය[සංස්කරණය]

2022 සැප්තැම්බර් 11
18:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
 ශ්‍රී ලංකාව
170/6 (ඕවර 20)
 පකිස්තානය
147 (ඕවර 20)
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • 2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවිය

ලකුණු පුවරුව[සංස්කරණය]

ශ්‍රී ලංකා පිතිකරණය
පිතිකරු දැවීගිය ආකාරය ලකුණු පන්දු ප්‍ර. වේගය
පැතුම් නිශ්ශංක බාබර් අසාම් හරිස් රවුෆ් 8 11 72.73
කුසල් මෙන්ඩිස් නසීම් ෂා 0 1 0.00
ධනංජය ද සිල්වා සහ ඉෆ්ටිකාර් අහමඩ් 28 21 133.33
දනුෂ්ක ගුණතිලක හරිස් රවුෆ් 1 4 25.00
භානුක රාජපක්ෂ නොදැවී 71 45 157.77
දසුන් ශානක ෂදාබ් ඛාන් 2 3 66.66
වනිදු හසරංග මොහොමඩ් රිස්වාන් හරිස් රවුෆ් 36 21 171.42
චාමික කරුණාරත්න නොදැවී 14 14 100.00
මහීෂ් තීක්ෂණ පිතිකරණයේ යෙදුනේ නැත
ප්‍රමෝද් මධුෂාන් පිතිකරණයේ යෙදුනේ නැත
ඩිල්ෂාන් මධුශංක පිතිකරණයේ යෙදුනේ නැත
අතිරේක (අති.1, පා.අති.7, නි.ප.0, වයිඩ්2) 10
එකතුව (ඕවර 20, ඕවරයකට 8.50 ක වේගයක්) 170/6
පකිස්ථාන පන්දු යැවීම
පන්දු යවන්නා ඕවර නිලකුණු ඕ. ලකුණු කඩුළු ඉකොනොමි
නසීම් ෂා 4 0 40 1 10.00
මොහොමඩ් හස්නයින් 4 0 41 0 10.25
හරිස් රවුෆ් 4 0 29 3 7.25
ෂදාබ් ඛාන් 4 0 28 1 7.00
ඉෆ්ටිකාර් අහමඩ් 3 0 21 1 7.00
මොහොමඩ් නවාස් 1 0 3 0 3.00

කඩුළු බිද වැටීම: 2/1 (කුසල් මෙන්ඩිස්, ඕවර 0.3), 23/2 (පැතුම් නිශ්ශංක, ඕවර 3.2), 36/3 (දනුෂ්ක ගුණතිලක, ඕවර 5.1), 53/4 (ධනංජය ද සිල්වා, ඕවර 7.4), 58/5 (දසුන් ශානක, ඕවර 8.5), 116/6 (වනිදු හසරංග, ඕවර 14.5)

පකිස්ථාන පිතිකරණය
පිතිකරු දැවීගිය ආකාරය ලකුණු පන්දු ප්‍ර. වේගය
මොහොමඩ් රිස්වාන් දනුෂ්ක ගුණතිලක වනිදු හසරංග 55 49 112.24
බාබර් අසාම් ඩිල්ෂාන් මධුශංක ප්‍රමෝද් මධුෂාන් 5 6 83.33
ෆකාර් සමාන් ප්‍රමෝද් මධුෂාන් 0 1 0.00
ඉෆ්ටිකාර් අහමඩ් අෂේන් බණ්ඩාර(අති) ප්‍රමෝද් මධුෂාන් 32 31 103.22
මොහොමඩ් නවාස් ප්‍රමෝද් මධුෂාන් චාමික කරුණාරත්න 6 9 66.66
කුෂ්දිල් ෂා මහීෂ් තීක්ෂණ වනිදු හසරංග 2 4 50.00
අසිෆ් අලි වනිදු හසරංග 0 1 0.00
ෂදාබ් ඛාන් දනුෂ්ක ගුණතිලක මහීෂ් තීක්ෂණ 8 6 133.33
හරිස් රවුෆ් චාමික කරුණාරත්න 13 9 144.44
නසීම් ෂා චාමික කරුණාරත්න ප්‍රමෝද් මධුෂාන් 4 2 200.00
මොහොමඩ් හස්නයින් නොදැවී 8 4 200.00
අතිරේක (අති.0, පා.අති.0, නි.ප.2, වයිඩ්12) 14
එකතුව (ඕවර 20, ඕවරයකට 7.35 ක වේගයක්) 147
ශ්‍රී ලංකා පන්දු යැවීම
පන්දු යවන්නා ඕවර නිලකුණු ඕ. ලකුණු කඩුළු ඉකොනොමි
ඩිල්ෂාන් මධුශංක 3 0 24 0 8.00
මහීෂ් තීක්ෂණ 4 0 25 1 6.25
ප්‍රමෝද් මධුෂාන් 4 0 34 4 8.50
වනිදු හසරංග 4 0 27 3 6.75
චාමික කරුණාරත්න 4 0 33 2 8.25
ධනංජය ද සිල්වා 1 0 4 0 4.00

Fall of wickets: 22/1 (බාබර් අසාම්, ඕවර 3.2), 22/2 (ෆකාර් සමාන්, ඕවර 3.3), 93/3 (ඉෆ්ටිකාර් අහමඩ්, ඕවර 13.2), 102/4 (මොහොමඩ් නවාස්, ඕවර 15.2), 110/5 (මොහොමඩ් රිස්වාන්, ඕවර 16.1), 111/6 (අසිෆ් අලි, ඕවර 16.3), 112/7 (කුෂ්දිල් ෂා, ඕවර 16.5), 120/8 (ෂදාබ් ඛාන්, ඕවර 17.6) 125/9 (නසීම් ෂා, ඕවර 18.2), 147/10 (හරිස් රවුෆ්, ඕවර 19.6)

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Title up for grabs as Pakistan take on Sri Lanka in Asia Cup final". International Cricket Council. සම්ප්‍රවේශය 11 September 2022.
  2. "Heroic Kedar Jadhav wins India title in last-ball thriller". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 September 2022.
  3. "No. 10 Naseem Shah's last-over sixes in low-scoring thriller take Pakistan to final". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 September 2022.
  4. "No home Asia Cup for UAE after tournament is cancelled due to coronavirus pandemic". The National. සම්ප්‍රවේශය 9 July 2020.
  5. "2021 Edition of the Asia Cup to be postponed". Asian Cricket Council. සම්ප්‍රවේශය 23 May 2021.
  6. "Asia Cup 2023 to be played in Pakistan, confirms PCB chief Ramiz Raja". Wion News. සම්ප්‍රවේශය 15 October 2021.
  7. "2022 Men's Asia Cup qualifiers to take place in August". Czarsportz. සම්ප්‍රවේශය 2 February 2022.
  8. "Asia Cup "Likely" To Be Shifted To UAE: SLC Secretary Mohan de Silva". NDTVSports.com. සම්ප්‍රවේශය 17 July 2022.
  9. "Asia Cup 2022 likely to be moved from Sri Lanka to UAE". ESPNcricinfo. සම්ප්‍රවේශය 17 July 2022.