2004 මැඩ්රිඩ් නගරයේ දුම්රිය බෝම්බ ප්‍රහාරය

විකිපීඩියා වෙතින්
මාර්තු 2004 මැඩ්රිඩ් දුම්රිය බෝම්බ ප්‍රහාර
මිය ගිය අය සිහිවීමට ඉටිපහන් දැල්වීම.
ස්ථානයමැඩ්රිඩ්, ස්පාඤ්ඤය
දිනය11 මාර්තු 2004
07:30 – 08:00 (UTC+1)
ඉලක්කයමැඩ්රිඩ් මගී දුම්රිය පද්ධතිය
ප්‍රහාර මාදිලියගමන්මළු බෝම්බ
මරණ191
තුවාලකරුවන්2050 [1]
ඇටොවා දුම්රිය ස්ථානය
අටොචා දුම් රියපල

2004 මාර්තු 11 දින මැඩ්රිඩ් නගරයේදී සිදු වූ දුම්රිය බෝම්බ ප්‍රහාරය එකිනෙකට සම්බන්ද බෝම්බ ප්‍රහාර මාලාවකි. එම ප්‍රහාරයයෙන් 191 ක් මිය ගිය අතර 1755ක් පමණ තුවාල ලැබීය. ස්පාඤ්ඤ අධිකරණ මණ්ඩලය පැවැත්වූ නිල පරීක්ෂනයට අනුව මෙම ප්‍රහාර මාලාව ‘අල්කයිඩා’ හි පෙලඹ වීම මත සිදු කල ප්‍රහාරයක් බවටද හෙලිවිය. නමුත් එහි සාමාජිකයින් කිසිවකු ප්‍රහාරය එල්ල කිරීමට නොසිටි බවත් එම පරීක්ෂනය වැඩි දුරටත් හෙලිකරයි. මෙම ප්‍රහාරය සිදු කල ත්‍රස්තවාදීන්ට පුපුරණ ද්‍රව්‍ය අලෙවි කල ස්පිඤ්ඤ ජාතිකයින් පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇත.

ස්පාඤ්ඤයේ ප්‍රධාන පක්ෂ 2ක් වන PSOE හා PP පක්ෂ 2 විසින් මෙම ප්‍රහාරය මෙහෙයවූ බවට එරට ආණ්ඩුව මගින් විවාද කරයි තවද ආණ්ඩුව කියා සිටින්නේ ඡන්දය පිළිබඳ වූ හේතු නිසා ප්‍රහාරය සම්බන්ද සාක්ෂි ඔවුන් විසින් ආවරණය කරන බවයි. බෝම්බ ප්‍රහාරයේ වගකිවයුත්තා කවුද යන ප්‍රශ්නය වාදයකට හැරවෙන්නේ එරට මහ මැතිවරණයයට දින 03කට පෙර ප්‍රහාරය එල්ලවීම හේතුවෙනි. විරුද්ධ පක්ෂයකට සතුටු දායක වන්නේ ඡන්ද ප්‍රතිඵලය අනුව ජෝස් මාරියා අන්සනාර් ගේ PP පක්ෂය වීමයි. ප්‍රහාරය සිදුවූ වහාම PP පක්ෂයේ නායකයන් සාක්ෂි ඉදිරිපත් කරමින් ‍චෝදනා කලේ ETA සංවිධානය මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි. මෙම චෝදනාව කිරීමෙන් PP පක්ෂය නැවත ඡන්ද විමසුමකට මගපාදා ගැනීමට බලාපොරොත්තු වූහ. මෙහිදී ඉස්ලාමීන් විරුද්ධ වීමක් සිදු විය හැකි නිසා PP ආණ්ඩුවකින් ඉරාක යුද්ධයට බලපෑම් කරන බව පෙන්වා සිටියහ. නමුත් මෙම මතය බොහෝ ස්පිඤ්ඤ ජාතිකයන් අකමැතිය. පරීක්ෂණ අරඹා මාස 21කට පසුව විනිසුරු ජුආන් ඩෙල් ඔල්මෝ නියම කලේ මොරොක්කෝ ජාතික ‘ජමාල් යෝගම්’ භෞතික වශයෙන් මෙම ප්‍රහාරය සිදු කිරීමේ වරදට චූදිතයා වන බවයි. නමුත් ඔහුට ETA හි සහායක් නොලැබුණු බවද සඳහන් කර සිටියේ 2007 සැප්තැම්බර් මසදී ප්‍රකාශ කල නඩු තීන්දු වෙනි. ප්‍රහාරයේ මහා මොළකරු හඳුනා නොගත් බවත් ප්‍රහාරයට ‘අල්කයිඩා’ හි සෘජු සබඳතාවක් නොමැති බවත් සඳහන්ය.ප්‍රහාරයෙන් අනතුරුව ස්පාඤ්ඤය පුරා විරෝධතා සහ පෙළපාලි ක්‍රියාත්මක විය. බොහෝ විශ්ලේෂකයන් එක ලෙස ප්‍රකාශ කලේ ‘අස්තාර්’ මෙම ඡන්ද විමසුමෙන් පරාජය වූයේ බෝම්බ ප්‍රහාරයට සහාය දැක්වූ නිසා බවයි.

බෝම්බ ප්‍රහාරය පිළිබඳ සටහන[සංස්කරණය]

2004 මාර්තු 11 වන බ්‍රහස්පතින්දා දින උදෑසන ද මැඩ්රිඩ් නඟරයේ තදබදකාරීත්වය දැක ගත හැකි විය.

මේ අතරම එදින උදෑසන මගී දුම්රිය 4ක් තුළ ‍බෝම්බ පිපිරීම් 10ක් ඇති විය. ප්‍රහාරයට ගොදුරු වූ දුම්රිය සියල්ල මැඩ්රිඩ් හි “අල්කාලා ඩි හෙනරස්” සහ “අටෝවා” දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ එකම දිශාවට ගමන් කළ ඒවා විය. නමුත් ක්ෂණිකව සූදානම් ක පුපුරණ උපාංගය [IEDS] 13 ක් දුම්රියන් හි සවිකර තිබූ බව පසුව සඳහන් විය. බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් සිද්ධිය වූ ස්ථානයෙන් තවත් බෝම්බ 2ක් සොයා ගත්ත ද තෙවැන්න සවස් යාමය පසුවන තුරුත් සොයාගෙන නොතිබිණ. අධිකරණ විමර්ශනයට අනුව සොයාගත් කාල රාමුව පහත දැක්වේ.

පහත විස්තර කර ඇති ආකාරයට දුම්රිය සෑම “අල්කාලා ඩි හෙනරස්” දුම්රිය ස්ථානයෙන් නික්ම ගොස් ඇත්තේ පෙ.ව. 7.01 ක් 7.14 ත් අතර වන අතර 7.37 ත් 7.10ත් අතර පිපිරීම් සිදුවිය. (සියළු වේලාවන් GMT අනුව සඳහන්ය)

· ඇටොචා දුම්රිය ස්ථානය (දුම්රිය අංක 21431) - දුම්රිය ආරක්ෂක පද්ධතියේ වීඩියෝ කැමරාවල පටිගත වී ඇති ආකාරයට බෝම්බ 3ක් පුපුරා ගොස් ඇත. පළමු බෝම්බය 7.37ටත්, ඉතිරි බෝම්බ 2, 7.38ට පුපුරා ගොස් ඇත්තේ තත්පර 4ක කාල පරාසයක් ඇතුළතය. · ඒ පොසෝ ඩෙල් රයිමුන්ඩෝ දුම්රිය ස්ථානය (දුම්රිය අංක 21435) 7.38 ට පමණ දුම්රිය ස්ථානයෙන් දුම්රිය ගමන් කිරීම ඇරඹූ විටම බෝම්බ 2ක් පුපුරා ගියේය. · සැන්ටා ඉයුජීනියා දුම්රිය ස්ථානය (දුම්රිය අංක 21713) 7.38 ට ආසන්නව එක් බෝමබයක් පමණක් පුපුරා ගියේය. · කාල් ටේලෙස් (දුම්රිය අංක 17305)

ඇටොවා දුම්රිය ස්ථානයට 800m ක් දුරින් බෝමබ 4ක් දුම්රිය මැදිරි කිහිපයක දී පුපුරා ගියේ 7.39 ට පමණය.

පෙ.ව. 8.00 පමණ වන විට හදිසි සහන සේවකයන් සිද්ධිය වූ ස්ථානයට පැමිණීම ඇරඹිණි. සිද්ධියට ගොදුරු වූවන් 50ක් පමණ තුවාල ලබා ඇති අතර කිහිපදෙනෙ‍කු මිය ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි. පෙ.ව. 8.30 වන විට හදිසි ගිලන් රථ සේවා විසින් Daoiz y velarde හි රෝහල මෙම හදිසි අවස්ථාවට උචිත ලෙස ක්ෂණිකව සැකසීය. රෝහල් කරා බෝම්බ ප්‍රහාරයට ලක් වූවන් රැගෙන යාමට සහන සේවකයන්ට සිද්ධිය වූ අසල සිටි අයගෙන් හා ජනතාවගෙන් නොමඳ සහායක් හිමිවිය. 8.43 ට පමණ ගිනි නිවීමේ සේවකයන් සඳහන් කළේ එලි පොරසාහි ප්‍රහාරයෙන් 15ක් පමණ මිය ගොස් ඇති බවය. පෙ.ව. 9.00 වන විට එල්පොසොහි 20 ක් ද සැන්ටා ඉයුජිනියා සහ ඇටොඩා හි 10ක් පමණ මිය ගොස් ඇති බවට පොලීසිය විසින් තහවුරු කරන ලදී.

සිද්ධියෙන් 191 ක් මිය ගොස් ඇති අතර ඔවුන් රටවල් 17කට අයත් වේ. ස්පාඤ්ඤ‍ජාතිකයන් 142 ක් ද, රොමේනියානුවන් 16ක් ද, ඉක්වදෝර ජාතිකයන් 6ක් ද, පෝලන්ත ජාතිකයන් 4ක් ද, හංගේරියානුවන් 4ක්, පේරු ජාතිකයන් 3ක් ද, ඩොමිනිකානුවන් 2ක් කොළොම්බියානුවන් 2ක් ද, මොරොක්කෝ ජාතිකයන් 2ක් ද, යුක්‍රේන ජාතිකයන් 2ක් ද හොන්ඩ්‍රරාස් ජාතිකයන් 2ක්, සෙනගාල ජාතිකයන් 1ක් ද, කියුබානු, බ්‍රසීල, චිලී, පිලිපීන සහ ප්‍රංශ ජාතිකයන් එක් අයකු බැඟින් ලෙස මිය ගිය අය වර්ග කර ඇත. 1987 බාසිලෝනා හි සිදු වූ බෝම්බ ප්‍රහාරයට වඩා විශාල විනාශයක් මෙම ප්‍රහාරයන් සිදු වූ අතර දැන යුරෝපයේ සිදු වූ ඛේදජනකදායී සිදුවීමයි. මීට පෙර එවැනි සිදුවීමක් ලෙස යුරෝපයේ සිදු වී ඇත්තේ 1988 දී සිදු වූ “‍ලොකර්බි” හි බෝම්බ ප්‍රහාරය ලෙස සඳහන්ය.


බෝම්බ ප්‍රහාර පිළිබධ තවදුරටත් පරික්ෂණ[සංස්කරණය]

අප්‍රේල් 2 වන දින අධිවේගි දුම්රිය පථයක තිබී (AVE) 12 Kg බරැති Gona – 2Eco සහ පුපුරැවා හැරිමේ උපකරණයක් සහ 136m දිග වයර් රැහැන් සොයා ගන්නා ලදී. (කිසිම දෙයකට සම්බන්ධ නොවු වයර් රැහැන් වේ) ස්පාඥ්ඥ අධිකරණය මෙම සිදු වීම අධික්ෂණය නොකිරිමට තීරණය කර ඇති අතර එම නිසාම මෙම සැලැස්මේ නිර්මාතෘ කවුරැන්දැයි හෙළි නොවිණි. AVE සිදු වීමෙන් ටික වේලාවකට පසුව මැඩ්රිඩ්හි දකුණු දිග දිශාවේ පිහිටි තට්ටු ගොඩනැලිල්ලක් වනන ලෙගනේ (Legane’s) මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් භාවිතා කල කේන්ද්‍ර ස්තානය බවට හදුනා ගෙන ඇත. අප්‍රේල් 03වන ඉරිදා මෙම සිදු වීමට සැක කරන සැකකරැවන්ගෙන් මිසුහිසියානුවන් වන ඊමාල් සුගම් සෙර්හාන ්අබිඩෙල්මාජි සහ චීන ජාතිකයෙකු වන ජමාල් අහ්මිඩාන් නම් පුද්ගලයන් පොලිස් හදිසි වැටලීමකින් ඉහත ගොඩනැගිල්ල තුළ සිරවීය. රාත්‍රි 9.03ට පොලිස් නිළධාරින් කඩා වැදීමට කළ උත්සහය ව්‍යර්ථ කරමින් මෙම ත්‍රස්තවාදීන් තාදෙනා බෝම්බ පුපුරැවා ගනිමින් සිය දිවි හානි කර ගත් අතර එහි දි එක් පොලිස් නිළධාරියෙකු ද මරැමුවට පත් විය. විමර්ෂණ නිළධාරින් හෙලි කර ගත් කරැණත් නම් ඔවුන් සිය දිවි හානි කර ගැනීමට යොදා ගත් පුපුරණ ද්‍රව්‍යය මාර්තු 11ප්‍රහාරය සදහා යොදා ගන්නා ආකාරයේ පුපුරණ ද්‍රව්‍යය බවත් AVE දුම්රිය මාර්ගයේ සොයා ගත් පුපුරණ ද්‍රව්‍යයලට සමාන බවටත්ය.

අවසන් උපකල්පනය වුයේ ලෙගනේ සිද්ධියෙන් මිය ගිය පුද්්ගලයන්ම දුම්රිය බෝම්බ සිද්ධියට සම්බන්ධ බවටත් ඔවුන්ට 200 Kg පමණ බරැති පුපුරණ ද්‍රව්‍යය ලැබුණේ කෙසේද යන්න පිළිබදව පර්යේෂණ පැවැත්විය යුතු බවටත්ය. පර්යේෂණ තොරතුරැ වලින් අණාවරනය වුයේ එම පුපුරණ ද්‍රව්‍යය ලබා ගැනීමේ හැකියාවක් ඇති පතල්කරැවෙක්ගෙන් බවයි.

මාර්තු 11 වන දින ප්‍රහාරයට සම්බන්ධ 11 දෙනෙකුගෙන් 05 දෙනෙකුට පැන යාමට හැකියාව ලැබී ඇත. 2006 දෙසැම්බර් ABC වාර්තා කළ අන්දමට ETA විසින් පෙර අනතුරැ ඇගවීමක් ලෙස 2004 මාර්තු 11 සිද්ධිය පිළිබදව ස්පාඥ්ඥ අගමැති සපතෙරෝට දන්වා තිබුණේ ඔවුන්ගේ ඉල්ලීම් නොසලකා හැරියහොත් සිදුවන දෙය පිළිබදව දැනුවත් කිරිමටයි. එමෙන්ම ABC වාර්තාකරණ අන්දමට "ETA" වෙත ප්‍රහාරය පිළිබදව කිසිම සම්බන්ධයක් නොමැති බවයි.

2004 මාර්තු 11 ප්‍රහාරයෙන් පසුව ප්‍රංශයේ විජිපිරේට් සැලැස්ම තවදුරටත් වර්ධනය කර ඉහළ තලයකට ගෙන එන ලදී. ඉතාලිය තුළ රජය විසින් අවදානම් තත්වයත් / ඉහළ පෙර සුදානම් වීමේ තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.2004 දෙසැම්බර් මාසයේ දී ජෝසේ ලුවිස් රොඩ්ර්ගුවස් සපගෙරෝ ප්‍රකාශ කරන ලද්දේ මැඩ්රිඩ් ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධව පරිෂණක ගත කරන ලද සියළු තොරතුරැ මකා දමා ලිඛිත පිටපතක් පමණක් තබා ගත් බවයි.

වගකීම[සංස්කරණය]

ස්පාඤ්ඤ අධිකරණයට අනුව, අල්ඛයිඩා අදහස් වලින් පණ පෙවුනු මොරොක්කෝ, සිරියානු සහ ඇල්ජීරියානු නිදහස් මතධාරී මුස්ලිම් කණ්ඩායමක් සහ ගුආර්ඩියා සිවිල් සහ පොලිස් තොරතුරු දැනුම් දෙන්නන් ප්‍රහාරය දියත් කළ අය වශයෙන් සැක කරන ලදි. 2006 අප්‍රේල් 11 වන විට ජුවාන් ‍ඩෙල් ඔල්මෝ නම් විනිසුරු තුමා දුම්රිය බෝම්බයට සම්බන්ධ සැකකරුවන් 29 ට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේය.

ප්‍රහාරය එල්ල වූ දිනයේ අබු හෆ්ස් අල් - මස්රි බලකාය විසින් ප්‍රහාරය එල්ල කරන ලද්දේ අල් - කයිඩාව විසින් යැයි ප්‍රකාශ කළද එවැනි සම්බන්ධතාවයක් ගැන කරුනු හෙළි නොවීය. කෙසේ වෙතත් එක්සත් ජනපද නිලධාරීහු මෙම සංවිධානය විශ්වාසය තැබිය නොහැකි අපකීර්තිමත් සංවිධානයක් ලෙස සැලකූහ. 2007 අගෝස්තු මස අල් - කයිඩාව , 2004 මැඩ්රිඩ් බෝම්බ ප්‍රහාරය ගැන ආඩම්බර වන බව ප්‍රකාශ කළේය.

ද ඉන්ඩිපෙන්ඩන්ට් පත්‍රයට අනුව, ප්‍රහාරයට යොදා ගත් 'ගමන් මලු බෝම්බයේ' නිෂ්පාදකයින් ඒ සඳහා පුහුණුව ලබා ඇත්තේ ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් හි පුහුණු කඳවුරකදීය. ඒ සඳහා උපදෙස් දී ඇත්තේ මොරොක්කෝවේ රැඩිකල්වාදී ඉස්ලාම් භක්තික සටන් කණ්ඩායමක් විසි.

ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා වන ජාතික අනුස්මරණ ආයතනයට අනුව ප්‍රහාරය දියත් කර ඇත්තේ මොරොක්කානු ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් හා සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් කණ්ඩායමක් විසිනි.

මොහමඩියාන් හසන් ii විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙක් වූ මොහමඩ් ඩරින්ට අනුව මොරොක්කෝවේ සටන්කාමී කණ්ඩායමට ඇෆ්ඝනිස්ථානයේ අල්ඛයිඩා සංවිධානය සමග ඍජු සම්බන්ධයක් තිබුනි. ඩාරින්ට අනුව 1990 අවසානයේ එය ආරම්භ වීමේ සිට 2001 වන තෙක් සංවිධානයේ කාර්ය භාරය සීමා වූයේ මොරොක්කෝව තුල අල්ඛයිඩා සංවිධානයට සේවා හා භාණ්ඩ ලබා දීමේ කටයුතු සම්බන්ධයෙන් උදව් දීම, සාමාජිකයින්ට වාසය පිණිස ස්ථාන සැපයීම, ව්‍යාජ ලේඛණ සකස්කිරීම, මොරෝක්කෝ ජාතිකයින් සමග විවාහ වීමට අවස්ථාව සලසා දිම වැනි කරුණු වලටය. සැප්තැම්බර් 11 සිද්ධියෙන් පසු මොරොක්කෝ රාජ්‍යය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන කණ්ඩායමට එක් වූ බැවින් තම උපක්‍රම වෙනස් කොට එම රාජ්‍යය තුල ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සංවිධානයට සිදු විය.

රොජෙලිගෝ අලොස්ගෝ නම් විශාරදයා "අල්ඛයිඩාවේ ලෝක ව්‍යාප්ත ස්වභාවය සහ මැඩ්රිඩ් සිද්ධියේ සැකකරුවන් අතර සම්බන්ධයක් පරීක්ෂණ මගින් හෙළි වී තිබේ" යයි කියා සිටියේය.

ස්කොට් ඇලන් නමැති විද්වතා "අල්ඛයිඩාවට සම්බන්ධ සුලු සාක්ෂියක්වත් නැහැ. අප ඒ සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ සෝදිසියෙන් සිටිමු. ලෝකයේ සෑම පැත්තකින්ම ලැබෙන තොරතුරු වලින් අප දැනුවත්ව සිටිමු. එවන් කිසිවකට ඔවුන් සම්බන්ධ නැත." යනුවෙන් කියයි.

යුරෝපීය යුද්ධ පිළිබඳ බුද්ධි අංශ සහ ආරක්ෂක මධ්‍යස්ථානයට අනුව අන්තර්ජාතික ඉස්ලාම් ප්‍රජාව, මුස්ලිම් නොවන ජනතාව සමග සහයෝගයෙන් ජිවත් වන යුරෝපයේ, සිදු වු එකම ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියාව එම සිද්ධියයි.

නඩු විභාගය

මාර්තු 11 ප්‍රහාරය සම්බන්ධයෙන් විනිසුරු ජුආන් ඩෙල් ඔල්මෝ “අන්තර්ජාලය හරහා අදහස් උකහා ගත් දේශීය ඉස්ලාම් අන්තවාදීන් ” වශයෙන් විත්තිකරුවන් හඳුන්වමින් 11 දෙනෙකු වරදකරුවන් කළේය. මෙම කල්ලිය GIA හෝ මොරොක්කෝ ඉස්ලාමීය සටන්කාර කණ්ඩායම් නොවූහ. මෙම දේශීය කල්ලිය මත් ද්‍රව්‍ය ප්‍රවාහණය කරන්නන්ගෙන් සැදුම් ලත් අය වූහ. මොරොක්කෝ සම්භවයක් ඇති ඔවුන්ට අල් - ඛයිඩා කල්ලිය සමග දුරස්ථ සම්බන්ධතාවයක්ද තිබුනේය. මෙම කණ්ඩායම් පහළ පෙළේ සොරුන්ගෙන්, පොලීසියෙන් සහ ඇස්ටුරියා හි හිත මිත්‍රයින්ගෙන් කුඩා පරිමාන මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් උපයෝගී කර ගෙන පුපුරණ දුව්‍ය (ඩයිනමයිට් Goma – Z Eco) මිළ දී ගත්හ.

“මොරොක්කෝ හිත මිත්‍ර ‘කාර්ටජෙනා’ ගැන සටහන්වලින් මාර්තු 11 ප්‍රහාරය සඳහා වග කිව යුතු කණ්ඩායමේ නායකයින් ගැන පොලිසිය සෙවිල්ලෙන් සිටි බව පැහැදිලි වේ” යනුවෙන් එල් මුන්ඩෝ සඳහන් කළේය.


පොලිස් සෝදිසිය සහ තොරතුරු සපයන්නන්

බෝම්බ සිද්ධියෙන් පසුව ආරක්ෂක අංශවල කුමන අන්දමේ දුර්වලතාවයන් තිබුනේදැයි සෙවීම සඳහා කෙරුණු පරීක්ෂණවලදී පුද්ගලයින් වශයෙන් ඒ ඒ අයගේ නොසැලකිල්ල, පොලිසියේ විවිධ අංශ වල සම්බන්ධතාවයන්හි අඩු පාඩු යනාදිය තිබුණු බව පෙනී ගියේය. ඉස්ලාමීය අන්තවාදීන් සමග ගනුදෙනු කළ කණ්ඩායම ඉතා කුඩා වූ අතර සෝදිසි කටයුතු පවත්වා ගෙන ගිය මුත් ඔවුනට බෝම්බ ප්‍රහාරය වැලැක්විය නොහැකි විය. පුපුරන ද්‍රව්‍ය සැපයූ “ලිට්ල් මාෆියා” වට සම්බන්ධ වූ අපරාධකරුවන්ගෙන් ඇතැමෙකු පොලිස් තොරතුරු සපයන්නන් වූ අතර ඔවුන් නිලධාරීන්ට සැපයූ සමහර තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කෙරී තිබුනේ නැත.

බෝම්බ සිද්ධියට සම්බන්ධ ඇතැම් සැකකාර වැරදිකරුවන් 2001 සිට ස්පාඤ්ඤ පොලිසියේ සෝදිසියට භාජනය වෙමින් සිටියහ.

මතභේද

බෝම්බ සිද්ධියේ නිර්මාතෘවරුන් කවුදැයි යන්න ස්පාඤ්ඤය තුල විවාදයට භාජනය වූ කරුණක් විය. ස්පාඤ්ඤ අධිකරණ පරීක්ෂනවල පරස්පර විරෝධතා සහ නොගැළපීම් තිබෙන බව පැට්රියෝ පොපියුලර් (PP) සහ එල් මුන්ඩෝ සහ කැඩෙනා කෝප් රේඩියෝ ස්ටේෂන් වැනි මාධ්‍ය මගින් ප්‍රකාශ විය.

අතිරේක වශයෙන් බෝම්බ ප්‍රහාරය හා දින 3 කට පසුව පැවැත්වූ මහ මැතිවරණය අතර කාලය තුළ ඇති වූ සිද්ධීන් මත - විවාදාත්මක කරුණු ඇති විය.

ප්‍රතික්‍රියාවන්

බෝම්බ ප්‍රහාරයෙන් පසු එයට විරෝධය පල කිරීම සඳහා ස්පාඤ්ඤය පුරා වීදි පෙළපාලි පැවැත්වුනේය. සිද්ධියේ තරම වඩ වඩා පැහැදිළි වෙද්දී අන්තර් ජාතික ප්‍රතික්‍රියාවන්ද සැලකිය යුතු තරමට ඉහළ ගියේය.

ETA මැදිහත්වීම් පිළිබඳ දෝෂාරෝපණ එල්ල වීම[සංස්කරණය]

අටොචා දුම් රියපල,

ස්පාඤ්ඤයේ සිදු වූ බෝම්බ ප්හාරයට අදව එරට මාධ්යmයන් ඉක්මන් ප්ර_තික්රිශයා දැක්වූ අතර මාධ්ය්යන් මෙම සිද්ධියට ETA හි මැදිහත්වීමක් ඇති ලෙසට උපකල්පන ඉදිරිපත් කළහ. තවද රාජ්ය් නිළධාරීන් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හෙළි කිරීමට ද සූදානම් වෙමින් සිටියහ. මෙවැනි ඉක්මන් ප්රධතික්රිටයාවලට බලපෑවේ මෙම ප්රරහාරය එරට මහා මැතිවරණයට දින 3කට පෙර එල්ල වීම නිසාය. මෙම ප්රාහාරයට දේශපාලන අර්ථ කථනයක් ඇති බව හෙළිවීමත් යන සාධකයි. මෙම ක්රෑ්ර සංහාරය ඇමරිකානු 9/11 ප්රහහාරයට වසර 2 ½ ක් සපිරෙන දිනයේ දී එල්ල කිරීමෙන් එම ත්රසස්තවාදීන් මෙම ප්රහහාරය හා 9/11 ප්රහහාරය අතර සබඳතාවක් අවධාරණයට බලාපොරොත්තු වුවත් එවැන්නක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැක.

මැඩ්රිඩ් ප්රවහාරයෙන් කෙටි කලකින් පසුව ඉදිරිපත් නිල ප්ර කාශයන්ට අනුව මෙම ප්රතහාරයේ ප්ර්ධාන සැකකරු වූයේ ETA සංවිධානයයි. පසුව ලැබුණු සාක්ෂි අනුව මෙම සිද්ධියට මුස්ලිම් අන්තවාදීන් පිරිසක් සම්බන්ධ බවත් ඔවුන් “මොරොක්කෝ ඉස්ලාමීය සටන්කරුවන් කණ්ඩායම” නම් පාර්ශවයකට අයත් බව තහවුරු විය.

එසේ වුවත් මැඩ්රිඩ් හි බෝම්බ ප්රකහාර සිදු කිරීම පිළිබඳව ETA සංවිධානය සතුව ඉතිහාස‍ය් ඇත. ප්රහහාරය යුරෝපීය ත්රසස්තාවාදී සංවිධානයක් එදා මෙදා තුර සිදු කළ දරුණුතම ප්ර්හාරයයි. විශේෂඥයන් සඳහන් කරන ආකාරයට මෙම ප්රයහාරය හසුරුවා ඇති ආකාරය නිසා මෙය ද මුස්ලිම් අන්තවාදීන් පිරිසක‍ගේ ප්රකහාරයක ආකෘතියක් වන බවත්, මෙය “අල්කයිඩා” හි ප්ර්හාරයක් හෝ අල්කයිඩා සංවිධානය අනුගමනය කරන ETA හි නව සංවිධානයක් සිදු කළා විය හැක. තවද ETA සංවිධානය පුරුද්දක් ලෙස ඔවුන් විසින් බෝම්බ ප්රුහාරයක් සිදු කිරීමට ප්ර ථම ඒ පිළිබඳව ඉඟි පළ කරයි.

දේශපාලන විශ්ලේෂකයන්ට අනුව මෙම ප්රනහාරය ETA සංවිධානය විසින් සිදු කිරීමෙන් PP පක්ෂය නැවත පත්වීමට ධෛර්යය සැපයිය හැකි බවට මත පළ කර ඇත. නමුත් මෙම ප්රෂහාරයන් මඟින් හැඟී යන්නේ මෙවැනි ප්ර හාර අවම කළ හැක්කේ ත්රනස්ත විරෝධී “අස්තාර්” පාලනයෙන් බවය. අනෙක් අතින් මෙම ප්‍රහාරය ස්පාඤ්ඤ ඉරාක ගැටුම්වලට මැදිහත් වීමට සූදානම් වීමට ඉදිරිපත් වීමේ සෘජු ප්ර තිඵලයක් ලෙස විශ්වාස කළ හැක. නමුත් එම තීරණය ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව මේ තුරුත් අනුමත කර නැත.

පරීක්ෂණ කටයුතු

සියළු පුපුරණ උපාංග ගමන් මළු තුළ බහාලනු ඇතැයි විශ්වාස කෙරේ. මුහුණ ආවරණය කර ගත් තිදෙනෙකු පෙ.ව. 7ත් 7.10ත් අතර දී අල්කාලා ඩි හෙනරස් හිදී දුම්රියන් තුළට ගොස් ආපසු පිටව ඇති බවට පොලීසිය විසින් සොයා ගෙන ඇත. දුම්රිය ස්ථානයට පිටුපසින් නවතා තිබූ “රෙනෝට්” වර්ගයේ වෑන් රථයක් තුළින් පිපිරුම් උපකරණ, ජංගම දුරකථන සහ කටහඬ පට රැසක් සොයා ගෙන ඇත.

TEDAX හි (ස්පාඤ්ඥ පොලීසියේ බෝම්බ නිශ්ක්රීිය කිරීම පිළිබඳ විශේෂඥයන්) පලාත් ප්රAධානියකු 2004 ජුලි 12 වනදා සඳහන් කළේ මෙම පිපිරවීම් ඩයිනමයිට් යොදා ගෙන සිදු කළ එකක් නොවන බවත් එයට C3 හෝ C4 වැනි අමුද්ර ව්ය් යොදා ඇති බවය. අස්නා පරිපාලනය මිනිසුන් රහිත ප්රටබවයක් ප්රලකාශ කර සිටියේ ‍ප්ර හාරයේ දී යොදා ගන්නා ලද පුපුරන ද්රාව්යා වන්නේ ටිටඩින් බවයි.

TEDAX ප්රුධානියා ප්රේකාශ කළේ වෑන් රථයන් සොයා ගත් පුපුරණ උපාංග “ගෝමා 2 ඉකෝ [GOMA2ECO]වර්ගයට අයත් ඒවා බැව් පිපිරීම සිදු වූ දිනයේ දීම  දැන සිටි බවයි. දුම්රිය වලදී පුපුරා ගිය පුපුරන ද්රවව්ය වල අඩංගු දේ දැන ගැනීම අපහසු වන බව ඔහු ප්රාකාශ කර සිටියත්  අනෙක් අතින් ඔහු පැවසුවේ එය ඩයිනමයිට් වන බවයි. තීරක ජෙවියර් ගෝමෙස් බර්මියුඩස් මෙයට ප්රිතිචාර දැක්වූයේ “මෙය මට තේරුම් ගත නොහැකියි”යනුවෙනි.


පුපුරා නොගිය උපකරන පිළිබඳ පරික්ෂණය[සංස්කරණය]

මාර්තු 13 වැනි සෙනසුරාදා, මොරොක්කෝ ජාතිකයන් තිදෙනෙක් හා හින්දු ඉන්දියානුවන් දෛදෙනෙක් අල්ලා ගැනීමෙන් අනතුරුව එම ප්‍රහාර ඉස්ලාමික සංවිධානයකින් සිදුකරවූවන් බව තහවුරු විය. ඔවුන් 5 දෙනාගෙන් එක් අයකුට පමණක් (මොරොක්කෝ ජාතික ජැමල් සෝගම්ට) අභිචෝදනා එල්ල කරන ලදී.

Description of the bombings[සංස්කරණය]

Nationality Deaths
ස්පාඤ්ඤය Spain 142
රුමේනියාව Romania 16
Ecuador Ecuador 6
පෝලන්තය Poland 4
බල්ගේරියාව Bulgaria 4
පේරූ Peru 3
ඩොමිනිකන් ජනරජය Dominican Republic 2
Colombia Colombia 2
මෙරොක්කා්ව Morocco 2
යුක්‍රේනය Ukraine 2
[[File:|22x20px|border |alt=Honduras|link=Honduras]] Honduras 2
සැකිල්ල:Country data Senegal Senegal 1
කියුබාව Cuba 1
චිලි Chile 1
Brazil Brazil 1
ප්‍රංශය France 1
Philippines Philippines 1
Total 191

මරාගෙන මැරෙන සැකකරුවන්[සංස්කරණය]

2004 අප්‍රේල් මස 3 දින දකුණු මැඩ්රිඩ්හි ලෝගනාස් ප්‍රදේශයේ නිවසක විසූ අරාබි ජාතික ත්‍රස්තවාදීන් 4 දෙනෙකු බෝම්බ පුපුරවාගෙන මිය ගියේය. ඒ G.E.O (ස්පාඤ්ඤ විශේෂ පොලිස් කඩා වැදීමේ අංශය) නිලධාරියකු මරණයට පත් කරමින් හා තවත් පොලිස් භටයන් 11 තුවාල කරමිනි.මාධ්‍යය වාර්තාවලට හා සාක්ෂි වලට අනුව 5 සිට 8 දක්වා සැකකරුවන් ගණනක් එදින පලා ගොස් ඇත.

ඇටෝචා (Atocha) ස්ටේසමෙන් ආරක්ෂක අංශවලට හමුවූ සැකකටයුතු මල්ලක් පාලිත පිපිරවීමකටද අනතුරුව ටෙලෙස් දුම්රියෙන් හමුවූ පිපිරවුම් උපකරණ නැති උපකරණ දෙකක් ක්‍රියා විරහිත කිරීමටද හැකිවිය. එල් පේසෝ දුම්රිය ස්ථානයෙන් වෙලකාස් (Vellecas) පොලිස් ස්ථානයට ගෙන ආ තුන් වැනි පුපුරා නොගිය උපකරණය පසුව පරීක්ෂණ කටයුතු කිරීමට යොදාගත් ප්‍රධාන සාක්ෂිය බවට පත්විය. එල් පේසො බෝම්බය පිපිරවීමට සවිකර තිබු සංඥා දුරකථනය පැය 12 ක් ප්‍රමාදව කාල ගත කර තිබු නිසා එය පිපු‍රුණේ නැති බව පසුව සොයා ගන්නා ලදි.

Plaque in සිහිවටනය of the casualties in the 11-M ත්‍රස්ත ප්‍රහාරය in මැඩ්රිඩ්:
In memory of the victims of the attacks of 11 March 2004, who were transported to the field hospital established here in the Municipal Sports Centre of Daoiz y Velarde. As a token of sympathy from Madrid's citizens, and of gratitude for the courage and generosity of all the services and people who came to their aid.

කුමන්ත්‍රණ න්‍යාය[සංස්කරණය]

මෙම බෝම්බ ප්‍රහාර රජයේ ක්‍රමන්ත්‍රණයක කොටසක් බව පවසමින් රජය බලයෙන් නෙරපීමට, විරුද්ධ පක්ෂයේ අංශවන මහජන පක්ෂය (People's Party) ත්, සමහර "එල් මුන්ඩො”(El Mundo) වැනි පුවත්පත් ද කටයුතු කළේය. ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ බෝම්බ පිපිරවීමට සමාජවාදී පක්ෂය (Socialist Party - PSOE) ත්, ETA හා ආරක්ෂක අංශයේ සාමාජිකයනුත්, ජාතික හා විදේශ (Morocco) රහස් සේවාත් එකට එක්ව කටයුතු කළ බවයි. මෙම චෝදනාවලට උත්තර දෙන්නන් කියා සිටින්නේ මාර්තු 11වැනි දින සිදුකළ ප්‍රහාර වලට ETA හි යම් දායකත්වයක් තිබු බවයි. මැඩ්රිඩ් අවට ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී රඳවාගත් ETA සාමාජිකයන් සතුවූ වාහනයක 500 Kg පමණ වන පුපරණ ද්‍රව්‍යය තිබු බවත් එම රදවා ගැනීම(අත්අඩංගුවට ගැනීම) දුම්රිය බෝම්බයට දින 11 කට කලින් සිදුවු බවත් සනාථ වී තිබේ.

මැඩ්රිඩ් නඩුවිභාගය[සංස්කරණය]

මැඩ්රිඩ් දුම්රිය බෝම්බ පිපිරවීමට සම්බන්ධවීම සම්බන්ධයෙන් චූදිතයන් බවට පත් 29 දෙනාගේ නඩුවිභාගය 2007 පෙබරවාරි 15 වැනි දින ආරම්භ විය. එල් පයිස් ("El pais") ට අනුව උසාවිය සියලුම දොහි න්‍යායන් (conspiracy theories) එකින් එක නිෂ්ප්‍රභා කල අතර, ETA සමඟ එක්ව කළ බව යැයි පැවසු සියලු පිපිරවීම් (Bombings) පදනමක් නොමැති බව පෙන්වා දෙන ලදී. නඩුවිභාගය අතරතුර විත්තිකරුවන් තමන්ගේ කලින් ප්‍රකාශ හා සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරන ලදී. එල් මූන්ඩෝ ("El mundo") ට අනුව සූක්ෂම අයුරින් මෙම පහරදීම සිදුකළ පිරිස් නිදහස් වීම නිසා මැඩ්රිඩ් දුම්රිය පහරදීම සිදුකළේ කෙසේද? කුමක් සඳහා ද ? එය කළේ කවුද? හා එය සැලසුම් කළේ කෙ‍සේද? යන ප්‍රශ්න වලට පිළිතුරු තවමත් ලැබී නොමැත. තවද ස්පාඤ්ඤා උසාවිය මෙම පහරදීමට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍යය පිළිබඳව විද්‍යාත්මක වශයෙන් දුර්වල උපකල්පන වලට එළඹුණ බවත්, බෝම්බ පිපිරවීමට "අල්කයිඩා" සංවිධානයේ සෘජු බලපෑමක් නොමැති වග පැවසූ බවත්, "එල් මුන්ඩෝ" පවසයි. උසාවියේ ප්‍රකාශන නිසා මෙම පහරදීම පිළිබඳව කලින් කර තිබු නීත්‍යානුකූල පිටපත බොරුවක් බවට එළිදරව් කිරීමට උත්සාහ දරා ඇත. ශ්‍රාස්ත්‍රවේදී "ස්කොට් ඇට්‍රන්" (scott Atran) පවසා සිටින්නේ මැඩ්රිඩ් නඩුවිභාගය සම්පූර්ණයෙන්ම විහිළුවක් බවයි. ඇට්‍රන් මහතා විසින් මෙම සිදුවීම් මාලාව පිළිබඳව හොඳින් නිරීක්ෂණය කර නඩු විභාගය පිළිබඳව සවිස්තරව ලියනු ලැබ ඇත.

පළමු මාස කීපය තුළ දී නඩුවිභාගය හොඳින් සිදුවුනද, දේශපාලනික හා මාධ්‍ය අංශය අසාධාරණ ලෙස තමන්ට සලකන බව පවසා චූදිතයන් 29 දෙනාගෙන් 14 දෙනෙක් විසින් මැයි මාසයේදී උපවාසයක් අරඹන ලදී. විනිසුරුවරයා ජැවියර් ගෝමස් බර්මුඩස් (Javier Gomez Bermudez) නඩුවිභාගය නතර කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් මැයි මස 21 වන දින උපවාසකරුවෝ තම උපවාසය නතර කළහ. අවසාන නඩුවිභාගය 2007 ජූලි මස 2 වැනි දින පැවත්විණ.

මෙම දර්ශන වල පිටපත් හා වීඩියෝ datadiar.tv (ඩේටාඩියර් ටීවී) ඔස්සේ නැරඹිය හැකිය.

විනිසුරුවරයා විසින් 2004 මැඩ්රිඩ් දුම්රිය පිපිරවීමට සම්බන්ධ නඩුවිභාගයේ තීරණය ලබා‍දේ.

2007 ඔක්තොම්බර් 21 දින ස්පාඤ්ඤ ජාතික උසාවියෙන් මැඩ්රිඩ් නඩුවිභාගයේ අවසන් තීරණය ලබා දෙන ලදී. විත්තිකරුවන් 28 දෙනාගෙන් 21 දෙනෙකු සොරකම්වල පටන් මිනිමැරුම් දක්වා විවිධ වැරදි රැසකට වරදකරුවන් බවට ඔප්පු විය. විත්තිකරුවන් දෙදෙනෙකු වසර 40,000 කට වඩා සිරගත කිරීමට ස්පාඤ්ඤ නීතිය තීරණය කළද, පසුව එය අවුරුදු 40 දක්වා සීමා කරන ලදී.


සටහන්[සංස්කරණය]

|11 March 2004 Madrid train bombings Examination of unexploded devices |-