1 වන ආවර්තයේ මූලද්‍රව්‍යය

විකිපීඩියා වෙතින්

1 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි පළමුවන පේළියෙහි (හෝ ආවර්තයෙහි) පිහිටන රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. පළමුවන ආවර්තය, වගුවෙහි වෙනත් පේළි වලට වඩා අඩු මූලද්‍රව්‍යය සංඛ්‍යාවක්, එනම් දෙකක් සහිත වෙයි: හයිඩ්‍රජන් සහ හීලියම්. මෙම සන්නිවේශය, පරමාණුක ව්‍යුහයෙහි නවීනතම සිද්ධාන්තයන් වෙතින් පැහැදිලි කල හැක. පරමානුක ව්‍යුහයෙහි ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අනුව, 1s කාක්ෂිකය පිරවීම හා සමගින්, මෙම ආවර්තය අනුරූප වෙයි. පළමුවන ආවර්තයේ මූලද්‍රව්‍යයන් විසින් යුග නීතිය පිළිපැදෙන්නේ, ඒවායේ සංයුජතා කවචය සම්පූර්ණ කිරීමට අවශ්‍ය වන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පමණක් නිසාය. මෙම මූලද්‍රව්‍යයන් විසින් අවකාශ සැපයිය හැක්කේ උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකකට පමණක් වන අතර, එම දෙකම 1s කාක්ෂිකයෙහි වෙති. එබැවින්, පළමුවන ආවර්තය සතු විය හැක්කේ මූලද්‍රව්‍යයන් දෙකක් පමණි.

ආවර්තිත උපනතීන්[සංස්කරණය]

ආවර්තිතා වගුවෙහි අනෙකුත් සියළු ආවර්තයන් සතුව අවම වශයෙන් මූලද්‍රව්‍යයන් 8 ක් හෝ පවතින අතර, ආවර්තය හරහා ආවර්තිත උපනතීන් සැලකීම කෙරෙහි එය උපකාරී වෙයි. කෙසේවෙතත්, පළමුවන ආවර්තය සතුවන්නේ මූලද්‍රව්‍යයන් දෙකක් පමණක් වන බැවින්, එම සංකල්පය මෙහිදී යෙදිය නොහැකි වෙයි. කාණ්ඩයන් පහළට උපනතීන් සැලකීමේදී, 18 වන කාණ්ඩයෙහි ඉහළින්ම පවතින දර්ශීය උච්ච වායුවක් ලෙසින් හීලියම් පෙනී යන අතර, පහළ සාකච්ඡාව පරිදී, හයිඩ්‍රජන්හී රසායන විද්‍යාව අනුපම වන අතර, ඕනෑම කාණ්ඩයකට පහසුවෙන් පැවරිය නොහැක.

ආවර්තිතා වගුව තුල 1 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පිහිටුම[සංස්කරණය]

හයිඩ්‍රජන් සහ හීලියම් යන දෙකම s-ගණයෙහි පැවතියත්, ඒවායින් කිසිවක් හෝ අනෙකුත් s-කාණ්ඩ මූලද්‍රව්‍යයන් හා සමරූපි ලෙසින් නොහැසිරෙයි. අනෙකුත් s-කාණ්ඩ මූලද්‍රව්‍යයන් වෙතින් ඒවායේ හැසිරීම කෙතරම් වෙනස්දයත්, මෙම මූලද්‍රව්‍යයන් දෙක ආවර්තිතා වගුවෙහි කුමන ස්ථානයක තැබිය යුතුද යන්න පිළිබඳව සැලකිය යුතු අසම්මතියන් පවතියි.

හයිඩ්‍රජන් සමහරවිට ආවර්තිතා වගුවෙහි, ලීතියම්ට ඉහළින්,[1] කාබන්ට ඉහළින්,[2] ෆ්ලෝරීන්ට ඉහළින්,[2][3] ලිතියම් සහ ෆ්ලෝරීන් යන දෙකටම ඉහළින් (දෙවරක් දැක්වෙමින්),[4] හෝ කිසිදු කාණ්ඩයකට නොපවරමින් අනෙකුත් මූලද්‍රව්‍යයන්ට ඉහළින් [4] තැබෙයි.

සැමවිටම පාහේ, ආවර්තිතා වගුවෙහි නියෝන්ට (මෙය p-ගණයෙහි පිහිටයි) ඉහළින්, උච්ච වායුවක් ලෙසින් හීලියම් තැබුවද,[1] සමහරවිට එය බෙරිලියම් ඉහළින් තැබෙනුයේ සමරූපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිසාය.[5]

මූලද්‍රව්‍යයන්[සංස්කරණය]

රසායනික මූලද්‍රව්‍යය රසායනික ශ්‍රේණිය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය
1 H හයිඩ්‍රජන් ද්විපරමාණුක අලෝහය 1s1
2 He හීලියම් උච්ච වායුව 1s2

හයිඩ්‍රජන්[සංස්කරණය]

හයිඩ්‍රජන් විසර්ජන නලය
ඩියුටේරියම් විසර්ජන නලය

හයිඩ්‍රජන් (H) යනු, පරමාණුක ක්‍රමාංකයෙහි අගය 1 වන්නාවූ රසායනික මූලද්‍රව්‍යය වෙයි. සම්මත උෂ්ණත්වයෙහිදී සහ පීඩනයෙහිදී, හයිඩ්‍රජන් යනු, H2 යන අණුක සූත්‍රය සහිත, අවර්ණ, ගඳක් නොමැති, අලෝහමය, රසක් නොමැති, අතිශයින් දැවෙනසුළු ද්විපරමාණුක වායුවකි. 1.00794 amu, යන අගයැති පරමාණුක ස්කන්ධයක් සහිත හයිඩ්‍රජන්, සැහැල්ලුතම මූලද්‍රව්‍යය වෙයි.[6]

හීලියම්[සංස්කරණය]

හීලියම් විසර්ජන නලය


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "ඉන්ටර්නැෂනල් යූනියන් ඔෆ් පියෝ ඇන්ඩ් ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි > පීරියොඩික් ටේබල් ඔෆ් ද එලිමන්ට්ස්". IUPAC. සම්ප්‍රවේශය 2011-05-01.
  2. 2.0 2.1 ක්‍රොනින්, මාෂල් ඩබ්. (අගෝස්තු 2003). "ද ප්‍රොපර් ප්ලේස් ෆො හයිඩ්‍රජන් ඉන් ද පීරියොඩික් ටේබල්". ජර්නල් ඔෆ් කෙමිකල් එඩියුකේෂන්. 80 (8): 947–951. Bibcode:2003JChEd..80..947C. doi:10.1021/ed080p947.
  3. වින්සන්, ග්‍රෙග් (2008). "හයිඩ්‍රජන් ඊස් අ හැලජන්". HydrogenTwo.com. සම්ප්‍රවේශය ජනවාරි 14, 2012.
  4. 4.0 4.1 කයිස්, හර්බ්; ඇට්කින්ස්, පීටර් (නොවැම්බර්–දෙසැම්බර් 2003). "අ සෙන්ට්‍රල් පොසිෂන් ෆො හයිඩ්‍රජන් ඉන් ද පීරියඩික් ටේබල්". කෙමිස්ට්‍රි ඉන්ටර්නැෂනල්. ශුද්ධ සහ ව්‍යවහාරික රසායනික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංගමය. 25 (6): 14. සම්ප්‍රවේශය ජනවාරි 19, 2012.
  5. වින්ටර්, මාර්ක් (1993–2011). "ජැනට් පීරියඩික් ටේබ්ල්". වෙබ්එලිමන්ට්ස්. සම්ප්‍රවේශය ජනවාරි 19, 2012.
  6. "හයිඩ්‍රජන් – එනර්ජි". එනර්ජි ඉන්ෆර්මේෂන් ඇඩ්මිනිස්ට්‍රේෂන්. සම්ප්‍රවේශය 2008-07-15.

වැඩිදුර කියවීම්[සංස්කරණය]